Skip to main content

රුධිර කාන්දුකරණය

අපේ වකුගඩු යම් හෙයකින් අකර්මණ්‍ය වුව හොත් ශරීරයේ සමතුලිතතාවට බරපතළ ප්‍රශ්නයක් එල්ල වේ. එමෙන්ම රෝගියාටද විවිධ අපහසුතා ඇතිවේ. එවන් විටෙකදී වකුගඩු මගින් කෙරෙන කාර්යය යන්ත්‍රයක් ආධාරයෙන් යම් දුරකට හෝ ඉටු කිරීමට වෛද්‍යවරුන්ට හැකි වේ. එය රුධිර කාන්දුකරණය නමින් හැඳින්වේ. මෙම යන්ත්‍රයෙන් අපගේ වකුගඩු ක්‍රියාකාරීත්වයට සමානව රුධිරය පෙරීමක් සිදු වේ. කුඩා කේශනාලිකා විශාල ප්‍රමාණයක් එකතු වීමෙන් සාදා ඇති 'ඩයලයිසර්' මෙහි ඇති වැදගත් මෙන්ම ක්‍රියාකාරී ඒකකයයි.
ක්‍රියාකාරීත්වය -
රෝගියා තුළ සංසරණය වන රුධිරය නළ මාර්ගයෙන් යන්ත්‍රය ඇතුළට ඇද ගනී. මෙසේ රෝගියාගෙන් රුධිරය පිටතට ලබා ගැනීමට ඇතැම් අවස්ථාවලදී තාවකාලිකව විශාල ශිරාවකට යොදා ගන්නා බටයක් භාවිත කරයි. විශාල ශිරාවන් වශයෙන් බෙල්ලේ හෝ කලවා  පෙදෙසේ ඇති ශිරාවන් යොදා ගැනේ. මෙවැනි නළ කාලයක් පවත්වා ගැනීමට අවශ්‍ය වූ විටෙක පපුවට සම්බන්ධ කරයි.
බොහෝ විට දිගුකාලීන රුධිර කාන්දු පෙරණය සිදු කිරීමට ධමනියක් සහ ශිරාවක් බද්ධ කිරීමෙන් ඇති කරන විප්ටියුලාවක් අවශ්‍ය වේ. බොහෝ අවස්ථාවලදී මෙය සිදු කර ගනු ලබන්නේ රෝගියාගේ මැණික් කටුව හෝ අතේ වැලමිට ආශ්‍රිත කොටසේය.  ඒ ආශ්‍රිතව ඇති සම හිරිවැට්ට වීමෙන් අනතුරුව සිදු කරන කුඩා සැත්කමක් මගින් විස්ටියුලාව සාදා ගනී.
ඉහත යම් ක්‍රමයක් මගින් රෝගියා සහ යන්ත්‍රය සම්බන්ධ වූ පසු යන්ත්‍රය මගින් රුධිරයේ ඇති අනවශ්‍ය අපද්‍රව්‍ය ඉවත් කිරීම අරඹයි. මෙම යන්ත්‍රය හරහා ශරීරයේ පවතින අතිරික්ත ජලයද ඉවත් කර ගැනීමට පුළුවන.
ශරීරයේ සමතුලිතතාව පවත්වා ගැනීම සඳහා අවම වශයෙන් සතියකට පැය 12ක් පමණ මෙම ප්‍රතිකාරය සිදු කළ යුතුය. ඒ අනුව වරකට පැය 04 බැගින් සතියකට 03 පාරක් ප්‍රතිකාරය ලබා දේ.
රුධිර කාන්දුකරණය සිදු කිරීමෙන් බොහෝ අපහසුකම්වලින් තොරවූ සහනයක් රෝගියාට ලැබුණද වකුගඩු මගින් නිරතුරුව සිදු කරන සමස්ත කාර්යභාරයම යන්ත්‍රය මගින් ඉටු නොවේ.
විශේෂයෙන් හෝමෝන ක්‍රියාකාරීත්වය සහ අස්ථි පද්ධතිය සමතුලිතව පවත්වා ගැනීමට වකුගඩු මගින් ලැබෙන සහයෝගය යන්ත්‍රය මගින් නොලැබේ. මේ නිසා දීර්ඝ කාලීනව රුධිර කාන්දුකරණය සිදු කර ගන්නා රෝගීන්ට බලපාන අවදානම් තත්ත්ව ඇත. මොවුන් හෘදයාබාධ, අංශභාග වැනි තත්ත්ව ආදියට ගොදුරු වීමට ඇති අවකාසය වැඩිය. එසේම තාවකාලිකව නළ මගින් ප්‍රතිකාරය ලබා ගැනීමේදී ශරීරයට විසබීජ ඇතුළු වීමට පුළුවනි. එබැවින් වකුගඩු රෝගීන්ට දැනට ඇති ප්‍රතිකාර ක්‍රම අතුරින් වකුගඩු බද්ධ කිරීම  හොඳම විසඳුම ලෙස පිළි ගැනේ.

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...