Skip to main content

හෘද රෝග වැඩි ඇයි ?

හෘදය වස්තුවේ හිතකර පැවැත්ම නිරෝගී සෞඛ්‍යයක් පවත්වා ගැනීම කෙරෙහි බොහෝසේ බලපායි. ඒත් හෘද රෝග අවදානම දිනෙන් දින වැඩිවෙනවා මිස අඩු නොවේ. ඇමෙරිකාවේ පමණක් හෘද රෝගවලින් මිය යන සංඛ්‍යාව වසරකට මිලියනයක් පමණවේ. හෘදය වස්තුවේ බිත්ති තුළින් දිනකට රුධිරය විශාල ප්‍රමාණයක් පොම්ප කිරීම පැය 24 පුරාම සිදුවේ. 
හෘදය වස්තුවේ දකුණු පැත්තේ ඇති මාංශ අපිරිසුදු රුධිරය එකතු කරමින් පෙනහලුවලට මුදා හරී. මෙහිදී පෙනහලු සහ හෘදය වස්තුව අතර ගෑස් හුවමාරුවක් සිදුවේ. මෙය ඉතා සංවේදනීය සහ සූක්ෂ්ම ආකාරයට සිදුවේ. හෘදය වස්තුවේ වම් පැත්තේ ඇති මාංශ පේශී පිරිසුදු රුධිරය එකතු කරමින් පෙනහලුවලට මුදා හරී. මෙකී රුධිරය ශරීරයට මුදා හැරෙන රුධිරයයි.
හෘදය වස්තුවේ පහළ ඇති lower ventricles  ගණකම් සහ ශක්තිමත් බවින් වැඩියි. ඉහළ ඇති ධමනිවලට artria වඩා වම් පැත්තේ ඇති ventricles වටා ඇති මාංශ පේශී බිත්ති දකුණු පැත්තේ බිත්තිවලට වඩා ගණකම් බවින් වැඩිය. ඊට හේතුව වන්නේ ශරීරයේ systemic circulation සඳහා රුධිරය විශාල ප්‍රමාණයක් නිරන්තරයෙන් මුදා හැරීමට හෘදය වස්තුවට දැඩි තෙරපීමක් කිරීමට සිදුවන නිසයි.
බොහෝවිට හෘදය වස්තුව අක්‍රිය වීමට හේතු වන්නේ දකුණු හෘදය වස්තුවට අවශ්‍ය රිද්මයානුකූල ලේ ප්‍රමාණය පොම්ප කිරීමට නොහැකි වීමයි. එය බොහෝවිට දකුණු හෘදය වස්තුවේ ඇති මාංශ පේශී ඉතා දුර්වල වීම හෝ නිසි ක්‍රියාවලියට වැඩ කිරීම අත් හරින විට සිදු වේ. මෙම අත් හැරිම සිදු වූ විට හදවත අක්‍රිය වේ. එබැවින් මෙවන් හේතු ඇති රෝගීන්ගේ ජීවිතවලට බෙහෙත් මගින් හෘදය වස්තුව නිසි ක්‍රියාවලියේ තබා ගැනීමට උපකාර අවශ්‍ය වේ.
කෙටි හුස්ම ගැනීම , දරුණුව දැනෙන මහන්සිය, කකුලේ ඇති වන ඉදිමීම, හෘද රෝගයකට සිරුර මුහුණ දෙනවාදැයි කල්තියා දනවන සාධකයි. එහෙත් මෙම සියලු  හඳුනා ගැනීම් වෙනත් රෝග සඳහාද ඇති විය හැකියි.  මෙම රෝග ලක්ෂණ ඇත්නම් සුදුසු වෛද්‍යවරයකු ලවා පරීක්ෂා කොට ස්ථිර කර ගත හැකියි. ක්ෂණිකව හදවත් බිඳ වැටීම වැඩි විය හැකියි. එවිට එය ක්ෂණිකව සිදුවූ හදවත් බිඳ වැටීමක් ලෙස නිර්වචනය කළ හැකිය. මෙම රෝග ලක්ෂණ කාලයක් තිස්සේ අඩු වැඩි වෙමින් පැවතී තිබී හෘදය වස්තුව බිඳ වැටේ. එය chronic heart failure වශයෙන් හැඳින්වේ

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...