Skip to main content

චර්චිල්ගේ ගෙදර තිබූ රන් වැසිකිළිය මහ දවල් උස්සලා....! පෝච්චියේ නිර්මාතෘ සොරකම ‘ජුවෙල් ඔෆ් ද ක‍්‍රවුන්’ චිත‍්‍රපටය හා සංසන්දනය


 charchil111බි‍්‍රතාන්‍යයේ සිටි කීර්තිමත් අගමැතිවරයකු වන ශ‍්‍රීමත් වින්ස්ටන්ට් චර්චිල්ගේ උපන් නිවස වන බි‍්‍රතාන්‍යයේ ඔක්ස්ෆර්ඞ්ෂයර් හි වුඞ්ස්ටොක් ප‍්‍රදේශයේ පිහිටි ‘බ්ලෙන්හයිම්’ මාලිගාවේ සවි කර තිබූ අගනා කලා නිර්මාණයක් ලෙස සැළකෙන කැරට් 18 රත්තරනින් නිපදවූ රත‍්‍රන් වැසිකිළි පෝච්චිය (ටොයිලට්* සංවිධානාත්මක සොර කල්ලියක් විසින් සොරකම් කිරීමේ පුවත පසුගිය සතියේ ලොව බොහෝ මාධ්‍යවල ප‍්‍රධාන පුවත විය.
 
 දැඩි ආරක්ෂාවක් යටතේ ඇති ගොඩනැගිල්ලක සවි කර තිබූ ‘ඇමරිකා’ යනුවෙන් හැඳින්වෙන මෙම කලා කෘතිය බි‍්‍රතාන්‍ය පවුම් මිලියන 4.8 ක වටිනාකමින් යුතු වන අතර ඉකුත් සෙනසුරාදා (14දා* අලූයම් කාලයේදී එය සොරා ගෙන ගොස් තිබේ.
 
 ‘බ්ලෙන්හයිම්’ මාළිගයේ ප‍්‍රධාන විධායක නිලධාරී ඩොමිනික් හරේට අනුව මෙම සොරකම සිදුව ඇත්තේ ඉතා වේගවත්ව වැසිකිළි පෝච්චිය කඩා රැගෙන යෑමේ ක්ෂණික මෙහෙයුමක් විලසිනි.
 
 මෙම රත‍්‍රන් වැසිකිළි පෝච්චිය 2017 වසරේදී ප‍්‍රසිද්ධියේ ඇමරිකානු ජනධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් මහතාට භාවිත කිරීම සඳහා ලබා දී තිබිණි. මෙම සොරකම සම්බන්ධයෙන් තේම්ස් වැලි පොලිසිය විසින් 66 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර පොලිස් පරීක්ෂණ නිලධාරී ජේස් මිල්නේට අනුව සොරුන් කණ්ඩායම වාහන දෙකකින් පැමිණ මෙම සොරකම සිදු කර තිබේ.
 
 ‘බ්ලෙන්හයිම්’ මාලිගාවේ ප‍්‍රදර්ශනය සඳහා සවි කර තිබූ රනින් නිම වූ අධික වටිනාකමකින් යුතු වැසිකිළි පෝච්චිය සුක්ෂම අයුරින් කිසියම් පිරිසක් විසින් සොරා ගෙන තිබෙනවා. එය සොයා ගැනීමට මේ වන විට පුළුල් පරීක්ෂණයක් දියත් කර ඇති අතර ඉතා ඉක්මනින් එම සොරුන් කණ්ඩායම අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පැමිණවීමට කටයුතු කරනවා’ පොලිස් පරීක්ෂක මිල්නේ පවසයි.
 
 මෙම රන් වැසිකිළි පෝච්චිය ගලවා ගෙන යෑම හේතුවෙන් වින්ස්ටන්ට් චර්චිල් නිවසේ එය සවි කර තිබූ ස්ථානයේ අධික ජල කාන්දුවක් හට ගැනීම නිසා සොරකම සිදු වූ ඉකුත් සෙනසුරාදා දිනයේ එම ජල කාන්දුවට පිළියම් යෙදීම සඳහා ගොඩනැගිල්ල වසා දමා තිබූ අතර පසු දින (ඉරිදා * එය නැවත මහජන ප‍්‍රදර්ශනයට විවෘත කෙරිණි.
 
 පොලිස් පරීක්ෂක මිල්නේට අනුව සොරුන් මේ වන විට කැරට් 18 ක රනින් නිපදවා ඇති සොරා ගත් වැසිකිළි පෝච්චිය උණු කර දිය කර තිබීමට වුව පිළිවන. පොලිසියට අනුව වැසිකිළි පෝච්චිය සවි කර තිබූ ‘බ්ලෙන්හයිම්’ මාලිගාවට අධි සුඛෝපභෝගී දැඩි ආරක්ෂාවක් යොදා තිබියදී මෙම කලා නිර්මාණය සොරා ගැනීම ගැටලූසහගතය.
 
 මේ වන විට ‘බ්ලෙන්හයිම්’ මාළිගාව තුළ හා ඒ අවට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා තිබෙන අතර සොරුන් පිළිබඳ තොරතුරක් වෙතොත් ඒ පිළිබඳව පොලිසියට දැනුම් දෙන ලෙස මහජනතාව ද දැනුවත් කර ඇත.
 
 මෙම රන් වැසිකිළි පෝච්චිය කලා නිර්මාණයක් ලෙස නිර්මාණය කර ඇත්තේ සංකල්ප මත පදනම් වූ සිත්තරෙකු වන ඉතාලි ජාතික මොරිසියෝ කැටලාන් විසිනි. මෙය ප‍්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කරන විටදී එය නැරඹීමට පැමිණෙන මහජනතාවට එක් අයෙකුට විනාඩි තුනක් බැගින් වූ කාලයක් එය භාවිත කිරීමට ද අවස්ථාව සලසා දී තිබිණි.
 
 මෙම කලා නිර්මාණය ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නගරයේ ප‍්‍රදර්ශනය කරන විටදී ඉතා අධික ජනතාවක් එය නැරඹීමට පැමිණ තිබිණි. මෙම වැසිකිළි පෝච්චිය වින්ස්ටන්ට් චර්චිල් නිවස වන ‘බ්ලෙන්හයිම්’ මාළිගාවේ සවි කරන විටදී බ්ලෙන්හයිම් කලා පදනමේ නිර්මාතෘවරයා වන එඞ්වර්ඞ් ස්පෙන්සර් චර්චිල් මහතා ප‍්‍රකාශ කර සිටියේ මෙය ඉවත් කිරීම කෙනෙකුට පහසු ක‍්‍රියාවක් නොවන බවයි. මේ හේතුව නිසාම ඔහු එම වැසිකිළි පෝච්චියට පමණක් දැඩි රැුකවල් යොදා නොතිබූ බව හෙළි වී තිබේ.
 
 සොරා ගැනුණු රන් වැසිකිළි පෝච්චියේ නිර්මාතෘ කැටලාන් ට මෙම සොරකම පිළිබඳව දැනුම් දුන් විටදී ඔහු එම පුවත එකවර විශ්වාස කර නැත. එය සත්‍යයක්දැයි කිහිපවරක් විමසා බැලීමෙන් අනතුරුව පුවත සත්‍ය බව තහවුරු කර ගත් කැටලාන් ප‍්‍රකාශ කර ඇත්තේ සිය කලා නිර්මාණය සොරා ගත් සොරුන් විශිෂ්ට ඝනයේ වැඩකරුවන් පිරිසක් බවයි. ඔහු එම සොරකම ප‍්‍රකට සිනමා කෘතියක් වන ‘ජුවෙල් ඔෆ් ද ක‍්‍රවුන්’ චිත‍්‍රපටය හා සංසන්දනය කර තිබේ. පසුව කැටලාන් මාධ්‍ය හරහා සොරුන්ට නිකුත් කළ පණිවිඩය වූයේ ‘හිතවත් සොරුනි, ඔබ මාගේ මෙම ප‍්‍රකාශය කියවන්නේ නම් ඔබලා මාගේ කලා කෘතියට කෙතරම් කැමතිදැයි යන්න හා රනින් නිමවූ වැසිකිළි පෝච්චියක් භාවිත කිරීමේ අත්දැකීම පිළිබඳව දැනගන්න කැමතියි’ යන්නයි.

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...