චර්චිල්ගේ ගෙදර තිබූ රන් වැසිකිළිය මහ දවල් උස්සලා....! පෝච්චියේ නිර්මාතෘ සොරකම ‘ජුවෙල් ඔෆ් ද ක‍්‍රවුන්’ චිත‍්‍රපටය හා සංසන්දනය
චර්චිල්ගේ ගෙදර තිබූ රන් වැසිකිළිය මහ දවල් උස්සලා....! පෝච්චියේ නිර්මාතෘ සොරකම ‘ජුවෙල් ඔෆ් ද ක‍්‍රවුන්’ චිත‍්‍රපටය හා සංසන්දනය කරයි...!!
දැඩි ආරක්ෂාවක් යටතේ ඇති ගොඩනැගිල්ලක සවි කර තිබූ ‘ඇමරිකා’ යනුවෙන් හැඳින්වෙන මෙම කලා කෘතිය බි‍්‍රතාන්‍ය පවුම් මිලියන 4.8 ක වටිනාකමින් යුතු වන අතර ඉකුත් සෙනසුරාදා (14දා* අලූයම් කාලයේදී එය සොරා ගෙන ගොස් තිබේ.
‘බ්ලෙන්හයිම්’ මාළිගයේ ප‍්‍රධාන විධායක නිලධාරී ඩොමිනික් හරේට අනුව මෙම සොරකම සිදුව ඇත්තේ ඉතා වේගවත්ව වැසිකිළි පෝච්චිය කඩා රැගෙන යෑමේ ක්ෂණික මෙහෙයුමක් විලසිනි.
මෙම රත‍්‍රන් වැසිකිළි පෝච්චිය 2017 වසරේදී ප‍්‍රසිද්ධියේ ඇමරිකානු ජනධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් මහතාට භාවිත කිරීම සඳහා ලබා දී තිබිණි. මෙම සොරකම සම්බන්ධයෙන් තේම්ස් වැලි පොලිසිය විසින් 66 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර පොලිස් පරීක්ෂණ නිලධාරී ජේස් මිල්නේට අනුව සොරුන් කණ්ඩායම වාහන දෙකකින් පැමිණ මෙම සොරකම සිදු කර තිබේ.
‘බ්ලෙන්හයිම්’ මාලිගාවේ ප‍්‍රදර්ශනය සඳහා සවි කර තිබූ රනින් නිම වූ අධික වටිනාකමකින් යුතු වැසිකිළි පෝච්චිය සුක්ෂම අයුරින් කිසියම් පිරිසක් විසින් සොරා ගෙන තිබෙනවා. එය සොයා ගැනීමට මේ වන විට පුළුල් පරීක්ෂණයක් දියත් කර ඇති අතර ඉතා ඉක්මනින් එම සොරුන් කණ්ඩායම අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පැමිණවීමට කටයුතු කරනවා’ පොලිස් පරීක්ෂක මිල්නේ පවසයි.
මෙම රන් වැසිකිළි පෝච්චිය ගලවා ගෙන යෑම හේතුවෙන් වින්ස්ටන්ට් චර්චිල් නිවසේ එය සවි කර තිබූ ස්ථානයේ අධික ජල කාන්දුවක් හට ගැනීම නිසා සොරකම සිදු වූ ඉකුත් සෙනසුරාදා දිනයේ එම ජල කාන්දුවට පිළියම් යෙදීම සඳහා ගොඩනැගිල්ල වසා දමා තිබූ අතර පසු දින (ඉරිදා * එය නැවත මහජන ප‍්‍රදර්ශනයට විවෘත කෙරිණි.
පොලිස් පරීක්ෂක මිල්නේට අනුව සොරුන් මේ වන විට කැරට් 18 ක රනින් නිපදවා ඇති සොරා ගත් වැසිකිළි පෝච්චිය උණු කර දිය කර තිබීමට වුව පිළිවන. පොලිසියට අනුව වැසිකිළි පෝච්චිය සවි කර තිබූ ‘බ්ලෙන්හයිම්’ මාලිගාවට අධි සුඛෝපභෝගී දැඩි ආරක්ෂාවක් යොදා තිබියදී මෙම කලා නිර්මාණය සොරා ගැනීම ගැටලූසහගතය.
මේ වන විට ‘බ්ලෙන්හයිම්’ මාළිගාව තුළ හා ඒ අවට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා තිබෙන අතර සොරුන් පිළිබඳ තොරතුරක් වෙතොත් ඒ පිළිබඳව පොලිසියට දැනුම් දෙන ලෙස මහජනතාව ද දැනුවත් කර ඇත.
මෙම රන් වැසිකිළි පෝච්චිය කලා නිර්මාණයක් ලෙස නිර්මාණය කර ඇත්තේ සංකල්ප මත පදනම් වූ සිත්තරෙකු වන ඉතාලි ජාතික මොරිසියෝ කැටලාන් විසිනි. මෙය ප‍්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කරන විටදී එය නැරඹීමට පැමිණෙන මහජනතාවට එක් අයෙකුට විනාඩි තුනක් බැගින් වූ කාලයක් එය භාවිත කිරීමට ද අවස්ථාව සලසා දී තිබිණි.
මෙම කලා නිර්මාණය ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නගරයේ ප‍්‍රදර්ශනය කරන විටදී ඉතා අධික ජනතාවක් එය නැරඹීමට පැමිණ තිබිණි. මෙම වැසිකිළි පෝච්චිය වින්ස්ටන්ට් චර්චිල් නිවස වන ‘බ්ලෙන්හයිම්’ මාළිගාවේ සවි කරන විටදී බ්ලෙන්හයිම් කලා පදනමේ නිර්මාතෘවරයා වන එඞ්වර්ඞ් ස්පෙන්සර් චර්චිල් මහතා ප‍්‍රකාශ කර සිටියේ මෙය ඉවත් කිරීම කෙනෙකුට පහසු ක‍්‍රියාවක් නොවන බවයි. මේ හේතුව නිසාම ඔහු එම වැසිකිළි පෝච්චියට පමණක් දැඩි රැුකවල් යොදා නොතිබූ බව හෙළි වී තිබේ.
සොරා ගැනුණු රන් වැසිකිළි පෝච්චියේ නිර්මාතෘ කැටලාන් ට මෙම සොරකම පිළිබඳව දැනුම් දුන් විටදී ඔහු එම පුවත එකවර විශ්වාස කර නැත. එය සත්‍යයක්දැයි කිහිපවරක් විමසා බැලීමෙන් අනතුරුව පුවත සත්‍ය බව තහවුරු කර ගත් කැටලාන් ප‍්‍රකාශ කර ඇත්තේ සිය කලා නිර්මාණය සොරා ගත් සොරුන් විශිෂ්ට ඝනයේ වැඩකරුවන් පිරිසක් බවයි. ඔහු එම සොරකම ප‍්‍රකට සිනමා කෘතියක් වන ‘ජුවෙල් ඔෆ් ද ක‍්‍රවුන්’ චිත‍්‍රපටය හා සංසන්දනය කර තිබේ. පසුව කැටලාන් මාධ්‍ය හරහා සොරුන්ට නිකුත් කළ පණිවිඩය වූයේ ‘හිතවත් සොරුනි, ඔබ මාගේ මෙම ප‍්‍රකාශය කියවන්නේ නම් ඔබලා මාගේ කලා කෘතියට කෙතරම් කැමතිදැයි යන්න හා රනින් නිමවූ වැසිකිළි පෝච්චියක් භාවිත කිරීමේ අත්දැකීම පිළිබඳව දැනගන්න කැමතියි’ යන්නයි.
Comments
Post a Comment