Skip to main content

සන්ෆලවර් නම හැදුවේ ක්ලැරන්ස් විජේවර්ධන..... අද ප‍්‍රසංගවල මිනිස්සු නටන්නේ සද්දෙට.... සන්ෆලවර් ඉඳල සහරා හදපු අර්නි පීරිස්

සහරා හැදුවේ බන්චිගෙයි ලූෂන්ගෙයි වුවමනාවට
arani222ඔහු මෙරට කණ්ඩායම් සංගීත කලාවේ දැවැන්ත චරිතයක්, ඒ වගේම පෙරළිකාරයෙක්. සංගීත භාණ්ඩ රැසක් ඔහුට වාදනය කිරීමේ හැකියාවක් තියෙනවා. කාලයක් මොහුට කිව්වේ බේස් කිං කියලා. හේ වෙන කවුරුත් නොවෙයි. රටක් කතා කළ සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමේ ආරම්භක සාමාජිකයෙක් වන අර්නි පීරිස්. කාලෙකට පස්සේ අපි අර්නිව සොයාගෙන ජාඇල මිලේනියම් සිටිහි පිහිටි ඔහුගේ නිවහනට ගොඩවැදුණා. ඒ ආගිය තොරතුරු වගේම වර්තමානයේ ඔහු මොනවද කරන්නේ කියලා සොයා බලන්න.
 
 අර්නි පීරිස්ගේ පියාත් සංගීතයට සම්බන්ධයි නේද?
 
 ඔව්. මගේ තාත්තා ලංකාවේ පළවැනි සිංහල බෑන්ඞ් මාස්ටර්. එංගලන්තයේ ගිහින් තමයි ඉගෙනගෙන ඇවිත් තියෙන්නේ. අපට ඒ දැනුම නෑ.
 
 ඔබේ පාසල් කාලයට ගියොත්
 
 මුලින්ම පාසල් ගියේ කඳාන ද මැසනද් විiාලයට. ඊට පසුව වෙන්නප්පුව ජෝසප් වාස් විiාලයට. පාසල් කාලයේ මම සංගීතය හැදෑරුවේ නැහැ. පාසලෙන් සමුගත්තාට පස්සේ තමයි වෙන්නප්පුව කොන්වන්ට් එකේ සිස්ටර් එලිසබෙත්ගෙන් සංගීත විෂය සහ ප‍්‍රායෝගික දැනුම ලබාගත්තේ.
 
 ඒ කාලෙමද සංගීතයට යොමු වුණේ
 
 ඒ කාලෙම තමයි මම සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමට සම්බන්ධ වුණේ. ඊට කලින් මම ස්පයිඩර් කියලා බෑන්ඞ් එකක හිටියා. පාසල් කාලයෙත් මම සංගීත කණ්ඩායමක් හදාගෙන හිටියා. ඔය අතරේ මම ලීඞ් ගිටාර් තමයි වාදනය කළේ.
 
 ඊට පස්සේ
 
 එතැනින් පස්සේ මම මොරටුවේ කට්ටියක් එක්ක හබරණ ලොජ් හෝටලයේ සංංගීත කණ්ඩායමක රිදම් ගිටාර් වාදනය, ඩ‍්‍රම්ස් වාදනය වගේම බේස් ගිටාරුත් වාදනය කළා.
 
 අර්නි පීරිස් දක්‍ෂ පියානෝ වාදන ශිල්පියෙක් නේද?
 
 ඔව් මම ඒ කාලේ සිස්ටර්ගෙන් ඉගෙන ගත්ත හින්දා ඒ පැත්තට වැඩි නැඹුරුවක් තිබුණා.
 
 හබරණ ලොජ් හෝටලයේදී එකතු වුණ පිරිස ගැන කතා කළොත්?
 
 නීල්, මම, ලූෂන්, බන්චි, නෙල්සන් එතකොට ඕගන් එක ගැහැව්වේ මම බන්චි ගැහැව්වේ බේස් ගිටාරය. ඔහොම ඉන්නකොට එල්. ටී. ටී. ඊ. කලබල ආවා. ඊට පස්සේ විදේශිකයෝ නැතිව ගියා. අන්තිමේ අපිට ගෙවල්වලට එන්න සිද්ධ වුණා. ගෙදර ආවාට පස්සේ අපිට කරන්න දෙයක් නැතිව ගියා. ටුවරිස්ලා නැති හින්දා ඉංගී‍්‍රසි සින්දු කියන්න තැනකුත් නැහැනේ. පස්සේ අපි සිංහල සින්දු කියන්න පටන් ගත්තා. ඒක අපිට හොඳ අවස්ථාවක් වුණා. ඒ කාලේ ෆෝචූන්, සුපර් ස්ටාර්, ජයතිස්ස හෙට්ටිආරච්චිගේ සියැක් හිටියා.
 
 මම මේ කියන්නේ ඒ කාලේ තිබුණ ජනපි‍්‍රය සංගීත කණ්ඩායම්. මේ කණ්ඩායම් සියල්ලටම වඩා අපේ කණ්ඩායම ලොකු වෙනසක් වුණා. මොකද අපි ඒ කාලේ වැඩිපුර බටහිර ගීත ගායනා කළා. ඒක හරි වෙනසක් වුණා. කවුරුත් ඒ වැඬේ කරපු නැති හින්දා සන්ෆ්ලවර් කියන නම හරි ඉක්මනට ජනපි‍්‍රය වුණා.
 
 සන්ෆ්ලවර් නම හැදුණ විදිහ ගැනත් කතා කරමු නේද?
 
 හබරණ හෝටලයේ අපි ප්ලේ කළේ වාසුදේව නානායක්කාරගේ මල්ලි කෙනෙක් ඉන්නවා නිල්මිණි නානායක්කාර කියලා එයාගේ බෑන්ඞ් එකේ තමයි අපි ප්ලේ කළේ. බෑන්ඞ් එකේ නම ටුවාලයිට්. පස්සේ ටුවාලයිට් එක්ක එහේ මෙහේ ප‍්‍රසංගවල සින්දු ප්ලේ කරන කොට අපිට හම්බ වුණා ක්ලැරන්ස්ව පස්සේ අපිට ක්ලැරන්ස් ගෙදරට එන්න කියලා ආරාධනා කළා. අන්තිමේ අපි ඔහුගේ ගෙදර ගියා.
 
 ඒ කොහේද?
 
 උඩහමුල්ලේ තියෙන ඔහුගේ ගෙදර. මමයි ලූෂනුයි එහේ නතරවෙලා හිටියා.
 
 ඒ කියන්නේ ක්ලැරන්ස් විජේවර්ධන ඔබේ හොඳ මිත‍්‍රයෙක්.
 
 මිත‍්‍රයෙක් කියන්න බැහැ. අයියා කෙනෙක් කිව්වොත් තමයි හරියටම හරි අපි කියන්නේ ක්ලැරන්ස් අයියා කියල. ක්ලැරන්ස්ලාගේ ගෙදරට හැරෙන වයි හන්දියේ ලොකු බිල්ඩිමක් තියෙනවා. ඒකේ නමත් සන්ෆ්ලවර් කියල. මම හිතන්නේ ඒ හින්දා වෙන්න ඇති ක්ලැරන්ස් අයියා නීල්ට කිව්වේ ඔයාලගේ බෑන්ඞ් එකට සන්ෆ්ලවර් කියලා නම දාන්න කියලා. එහෙමයි වුණේ.
 
 අන්තිමේ ඒ නම ස්ථිර වුණා.
 
 ක්ලැරන්ස් අයියා කිව්වා එස් අකුරනේ. සරස්වතී දේවිය ගේ. ඒ හින්දා සන්ෆ්ලවර් නම හොඳයිනේ. කොහොමහරි නීලූත් ඒ නමට කැමැති වුණා.
 
 අවසානයේ මේ නම රටේම දන්න කියන නමක් බවට පත් වුණා?
 
 අම්මෝ ඒ කාලේ සන්ෆ්ලවර් බෑන්ඞ් එකට එපා වෙන්න වැඩ හම්බ වුණා. මම අයින් වුණෙත් එපාවෙලානේ. මාසෙට දවස් තිහ නීල් වැඩ හතළිහක් විතර ගන්නවා. ඒක අපිට කරන්න බැහැ. සන්ෆ්ලවර් කියන්නේ බෑන්ඞ් එකක් මොකද බෑන්ඞ් එකේ අය වැඩක් භාර ගත්තොත් ඒ පහ හය ඒ වැඬේට යන්නම ඕනෑ.
 
 ඔබ සන්ෆ්ලවර් කණ්ඩායමෙන් ඉවත් වුණේ කලකිරිලාද?
 
 ඔව්. ඔව්. මම නීල්ට කිව්වා මෙහෙම වැඩ කරන්න බැහැ කියලා. මම ඔහුට කිව්වා සුනිල් වැඩ කරන විදිහට අපි කරමු කියලා. එහෙම කරන්න බැහැ කියලා ඒ වෙලාවේ නීල් කිව්වා. මම කිව්වා එහෙනම් මට කරන්න දෙයක් නැහැ. මම අයින් වෙනවා කියලා.
 
 ඔබ සන්ෆ්ලවර් දාලා යන්නේ ඒ නම ජනපි‍්‍රයම කාලේ?
 
 ඔව් ජනපි‍්‍රය හින්දනේ වැඩ වැඩි වුණේ.
 
 ඔබ කණ්ඩායම දාලා යන කොට හිටපු පිරිස මතක් කළොත්?
 
 අතුල, අයිවෝ, කි‍්‍රස්ටෝපර්, නීල්, මහින්ද සිල්වා, නෙල්සන් තමයි හිටියේ.
 
 ඒ කාලේ සන්ෆ්ලවර් කණ්ඩායමට ලැබුණ ප‍්‍රතිචාර ගැන කතා කළොත්?
 
 ඉහළම ප‍්‍රතිචාර ලැබුණා. මට හිතෙන්නේ අපි ඉංගී‍්‍රසි සින්දු කියපු හින්දා තමයි සන්ෆ්ලවර් නම මේ තරම් ජනපි‍්‍රය වුණේ. අපි මිනිස්සුන්ට ලොකු දෙයක් කරපු හින්දා තමයි මේ නම මේ තරම් ජනපි‍්‍රය වුණේ. මට කලින් හොඳ බොක්ස් ගිටාර්ස්ලා දෙන්නෙක් හිටියා.
 
 සන්ෆ්ලවර් දාල යන්න එපා කියලා නීල් කිව්වේ නැද්ද?
 
 කිව්වා කිව්වා ඒ වුණාට මට ඒ වැඬේ කරන්න බැහැනේ. මම කිව්වේම අපි මනුෂ්‍යයෝ. මේ විදියට වැඩ කරන්න බැහැ කියලයි.
 
 කාලයක් ඔබව බේස් කිං කියලත්
 
 හැඳින්වූවා නේද?
 
 මම කිව්වේ හුඟාක් අය බොක්ස් ගිටාරයෙන් අලූත් දෙයක් කළේ නැහැ. මම යමක් කරපු නිසා තමයි එහෙම කියනවා ඇත්තේ.
 
 මෑතක පැවති ප‍්‍රසංගයකදී අතුල ඔබට කියනවා මේ ඉන්නේ මගේ ගුරුවරයා කියලා?
 
 ඒ කාලේ අතුල පොඩියිනේ. මම හිතන්නේ අතුල ඉස්කෝලේ යනවා කෝඞ්ස් එහෙම මගෙන් අහගන්නවා.
 
 ඔබෙන් ඉගෙන ගත් අය ගැනත් කතා කළොත්?
 
 ඔව්. ඔව් හිටියා හිටියා. මම පන්ති දාලා ඉගැන්නුවේ නැහැනේ ගෙදරට ඇවිත් ඇහැව්වොත් මම දන්න යමක් කියල දෙනවා.
 
 සන්ෆ්ලවර්වලින් ඉවත් වුණ ඔබ ඊට පස්සේ අර්නි පීරිස් ප‍්‍රමුඛ සහරා සංගීත කණ්ඩායම පටන් ගන්නවා?
 
 මම සන්ෆලවර් සංගීත කණ්ඩායමෙන් ඉවත් වුණේ වැඩ වැඩිවෙලා එපාවෙලානේ. ගෙදරට වෙලා නිකං හිටියා. තනියම වැඩ කරන්න පුළුවන් විදුලි ඕගනයක් ගෙනාවා. මම ඒකෙ වැඩ කර කර ඉන්නකොට අපේ ගෙදරට දවසක් ලූෂන් ඇවිත් කිව්වා අපි තුන්දෙනෙක් නිකං ඉන්න එක අපරාධයක් කියලා. බන්චිත් හිටියා. මමත් කල්පනා කළා අපි තුන්දෙනෙක් ගෙදරට වෙලා නිකං ඉන්න එකේ මොකක් හරි කරමු කියලා. ඒ හින්දා තමයි සහරා බෑන්ඞ් එක පටන් ගත්තේ. පටන් ගත්තට වැඩක් නැහැ. ඒ දෙන්නා එන්නේ නැහැ. ලූෂන්ගෙයි බන්චිගෙයි කිසිම වගකීමක් නැහැ. මට එහෙම කරන්න බැහැ.
 
 අර්නි පීරිස් දැන් සහරා සංගීත කණ්ඩායමෙන් ඉවත්වෙලාද?
 
 නැහැ ඩ‍්‍රම්ස් වාදක මිලාන්ට බෑන්ඞ් එක කරන්න භාර දුන්නා. ඉඳලා හිටලා යනවා තවමත් ඔවුන් බෑන්ඞ් එක කරන්නේ අර්නි පීරිස් ප‍්‍රමුඛ සහරා කියලා නම වෙනස් කරලා නැහැ. හැම ප‍්‍රසංගයකටම මම සහභාගි වෙන්නේ නැහැ. ඉඳලා හිටලා ප‍්‍රසංගයකට ගිහින් එනවා. මොකද මම දැන් තියෙන ඝෝෂාවටයි. දැන් තියෙන සින්දුවලටයි කැමැති නැහැ.
 
 බීට් බෑන්ඞ් ගැන අද වෙනකොට මොකද හිතෙන්නේ?
 
 බීට් බෑන්ඞ්වල නෙමෙයි අද වෙනකොට අවුල තියෙන්නේ. දැන් අවුල තියෙන්නේ සින්දුවලයි. සවුන්ඞ්වලයි නැතුව මේ බෑන්ඞ්වල ප්ලේ කරන අයගේ අවුලක් නැහැ. ෂෝඑක අහද්දි හරි කැතයි පහුවදාට සීඞී එක අහද්දි හරි ලස්සනයි. එහෙම කොහොමද වෙන්නේ. ඒ කියන්නේ ප්ලේයර්ස්ලා වැඬේ අවුල් කරල නැහැ. සවුන්ඞ් ස්පීකර්ස්වලයි අවුල තියෙන්නේ.
 
 ආපහු බීට් බෑන්ඞ් එකක් පටන් ගන්න අදහසක් නැද්ද?
 
 මම ආසයි. බීට් බෑන්ඞ් එකක් කරන්න ආසයි. දැන් තියෙන සවුන්ඞ්වලින් කරන්න බැහැ ඒකට එහෙම නම් හොඳ සවුන්ඞ් අරගෙන වැඬේට බහින්න ඕනෑ.
 
 ඔබ ඔහොම කිව්වට ඔබත් සමග වැඩ කළ සමකාලීනයන් අදටත් බීට් බෑන්ඞ් කලාවේ ඉන්නවා?
 
 ඉන්නවා ඉන්නවා හිටියට ඔබට දැන් තේරෙන්නේ නැද්ද ඔබ ප‍්‍රසංගයක් නරඹන්න ගියහම ඔයාට මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ කියලා.
 
 එදා ප‍්‍රසංගවලට තිබුණ රසික ආදරය අද තියෙන ප‍්‍රසංගවලට නැහැ. එහෙමද?
 
 ආදරය නැහැ ආදරය නැති වෙන්නේ මිනිස්සුන්ට සින්දු ඇහෙන්නේ නැහැනේ. අද ප‍්‍රසංගවල මිනිස්සු නටන්නේ සද්දෙට. ඉස්සර මිනිස්සු එහෙම නෙමෙයි. සින්දුවක් අහගෙන සින්දුවට නටනකොට ඒ සින්දුවේ තියෙන කෝරස් වර්ස් කියන වෙනස්වීම්වලට නැටුමෙන් තාලය අල්ලනවා.
 
 දැන් මොකද කරන්නේ
 
 දැන් මම ඒකපුද්ගල වාදකයෙක් ඒක මම ආසා දේ.
 
 රටක් හොල්ලපු සන්ෆ්ලවර් කණ්ඩායම අද සීසීකඩ විසිවෙලා. මොකද ඒ ගැන හිතෙන්නේ?
 
 කිසිම දෙයක් සදාකාලික නැහැනේ. ඔබ ඔය කියන්නේ සන්ෆ්ලවර් කියන නාමයෙන් සන්ෆ්ලවර් එකේ හිටපු සේරමලා ඉන්නවා.
 
 ඉතිං මේ පිරිස එකතු කරලා ආපහු පරණ සන්ෆ්ලවර්ස් ප‍්‍රසංගයක් කළොත් නරකද?
 
 කෙරුවට කමක් නැහැ ඒක හරියට කරන්න ඕනෑ මම කියන්නේ ෆිල්ටර් වෙන්න ඕනෑ එදා කාලේ හිටපු රසිකයෝ විතරයි එන්න ඕනෑ අද ඉන්න අය කවුරුත් එන්න ඕනෑ නැහැ. ප‍්‍රසංගය බලන්න එන පිරිස ෆිල්ටර් වෙන්න ඕනෑ. අද ඉන්න අයට මේක ගැලපෙන්නේ නැහැ.
 
 ඇයි ඔබ එහෙම කියන්නේ තවමත් සන්ෆ්ලවර් නමට මිනිස්සු ආදරෙයි.
 
 එදා හිටපු නායකයෝ, සංගීත භාණ්ඩ සියල්ල තිබිය යුතුයි. විශේෂයෙන් ඒ කාලේ තිබුණ ස්පීකර්ස් තිබිය යුතුයි. මම මේ කියන්නේ අවුරුදු දහඅටේ විස්සේ ළමයින්ට ඉස්සර සින්දු දැන් ඉන්න අය දන්නේ නැහැනේ.
 
 නීල් වර්ණකුලසූරියව දැන් හමුවෙන්නේ නැද්ද?
 
 මට හමුවුණා පෙබරවාරි මාසයේ. සන්ෆ්ලවර් ප‍්‍රසංගයක් තිබුණා. මම ඒකට ගිහින් බොක්ස් ගිටාර් එකක් ගහලා සින්දු තුනක් කිව්වා.
 
 ඔබ නිර්මාණය කළ ගීත ගැනත් කතාකරමු නේද?
 
 සන්ෆ්ලවර් ඉන්දැද්දි මම ගොඩක් සින්දු හදලා නැහැ. සන්ෆ්ලවර් ඉන්නැද්දි සවාරිය කැසට් එකේ හුඟාක් සින්දු මම හැදුවා. ඒ වගේම මමයි, නෙල්සන්, නීල්, අතුල එකතුවෙලා ගීත හැදුවා ඊට අමතරව දැන් ඔය ජනපි‍්‍රය වුණ සෙබලාණෙනි ගීතය හැදුවේ මායි නීලූයි එකතුවෙලා ඒක සෙබළාණෙනි නෙමෙයි ගීතය. මේක සොයුරාණෙනි කියන නමයි තිබුණේ.
 

Comments

Popular posts from this blog

7 Riveting Facts about the Kandos Man – Upali Wijewardene

Source:  abpic.co.uk  Written by – Ranuli at Omebiz Philip Upali Wijewardene, better known as Upali Wijewardene was one of the most flamboyant and prominent businessman with an empire that not only dominated the Sri Lankan business landscape but also went global. He was Sri Lanka’s first homegrown tycoon and the founder and Chairman of Upali Group, Sri Lanka’s first multi-national business. Upali Wijewardene kick-started his career as a management trainee at Lever Brothers (now known as  Unilever ) where he managed to lock down the job simply based on his basic dining etiquette. However, due to a disagreement with the Chairman of the company, Upali left his job at Lever Brothers. Following the death of his uncle, the Late Senator Sarath Chandradasa, Upali took over  Kandos  with the substantial shares that were allocated to him. The company struggled with the lack of sales, Upali modernized the production process boosting their sales off the charts. Kando...

2වැනි කැරැල්ලේ නියඟයට වැහි වළාවක්වූ මියයන ලොවක නොමියන සිසු විරුවෝ

ආණ්ඩුවේ වෙඩි උණ්ඩයකට ගොදුරුව ප්‍රථමවරට සරසවි සිසුවෙක් මියගියේ 1976 නොවැම්බර් 12වැනිදාය. පේරාදෙණිය සරසවියේ මණ්ඩපාධිපතිවරයාගේ අත්තනෝමතික ක්‍රියා පිළිවෙතට එරෙහිව විරෝධය දැක්වීමේදී එසේ මියගියේ ඩබ්ලිව්. එම්. රෝහණ වීරසූරියයි. කුරුණෑගල උහුමීය දිළිදු ගොවි පවුලක දෙවැන්නා ලෙස උපන් රෝහණ වීරසූරියට සොහොයුරන් සිව් දෙනෙකු විය. වසර 1934දී පිහිටුවන ලද මුදුන්න මහා විද්‍යාලයෙන් සරසවි වරම් ලද ප්‍රථම ශිෂ්‍යයාද ඔහුය. සරසවි සිසුවෙකු දෙවන වරට ඝාතනයට ලක්වූයේ 1984 ජුනි 19වැනිදාය. ඒ පේරාදෙණිය සරසවියේ වෛද්‍ය පීඨයේ දෙවන වසරේ සිසුවෙකු වූ හේවබුලත්කන්දගේ පත්මසිරි අබේසේකර ශිෂ්‍යයාය. මාකස් නේවාසිකාගාරයේ නැවතී සිටි වෛද්‍ය සිසු පත්මසිරි  ඒ වනවිට වෛද්‍ය පීඨයේ දෙවන වසරේ විභාගයෙන් සහ නැවත පෙනීසිටීමේ විභාගයෙන්ද අසමත්වී සිටියද යළි විභාගයට පෙනී සිටීම සඳහා සූදානම්ව සිටි අයෙකි.  එයට පාදක වූයේ වෛද්‍ය පීඨයේ සිඩ්නි ජයරත්න(වෛද්‍යවරයෙකු වශයෙන් කටයුතු කිරීමේදී සිඩ්නි පසු කලෙක හෘදයාබාදයකින් මියගිය අතර නුවර මහාමායා විදුහලේ අධ්‍යාපනය ලත් ඔහුගේ දියණිය අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ශ්‍රී ලංකාවේ තෙවන ස්ථානයට පසුකලෙක පත්විය) ඇතුළ...

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...