Skip to main content

බිව්වම වෙරිවෙන අරිෂ්ට!

ඖෂධ නිෂ්පාදනවල ඇති ගැටලු ගැන කතාබහේදී බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වන්නේ බටහිර ඖෂධය. ඒ ආයුර්වේදයට ඇති අවතක්සේරැවක් නිසා නොව මුදල් පිළිබඳ වැඩි තරගයට ලක්ව ඇති බටහිර වෛද්‍ය ක‍්‍රමයේදී ඖෂධ සමාගම්වල ස්වභාවය ගැන මැවෙන කතන්දර නිසාය. එහෙත් මේ වනවිට ආයුර්වේද ඖෂධ සම්බන්ධයෙන්ද වැඩි අවධානයක් යොමු කළ යුතු තත්ත්වයක් පැන නැගී ඇත. මේ බව කියන්නේ සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාමය. ඒ ඇතැම් දේශීය ආයුර්වේද නිෂ්පාදනවල නියමිත ප‍්‍රමාණය ඉක්මවා මධ්‍යසාර අන්තර්ගතව ඇති බවට වූ හෙළිදරව්වක් ද සමඟිනි. මීට අදාළ සොයාගැනීම කරනු ලැබෙන්නේ නාවින්න ආයුර්වේද පර්ෙය්ෂණායතනය විසිනි. සෞඛ්‍ය අමාත්‍යංශය පවසන ආකාරයට ආයුර්වේද නිෂ්පාදන සඳහා අනුමත කර ඇති මධ්‍යසාර ප‍්‍රමාණය ප‍්‍රතිශතයක් වශයෙන් 4.5෴ කි. එහෙත් ඇතැම් අලෙවිසැල්වල සමහර ඖෂධ නිෂ්පාදනවල මේ මට්ටම ඉක්මවා ගොස් තිබේ.

බටහිර ඖෂධ මෙන්ම ආයුර්වේද ඖෂධ නිෂ්පාදන අලෙවියද මේ වනවිට තිබෙන්නේ දිවයින පුරා පැතිර ගිය තත්ත්වයකය. අත් බෙහෙත් හැටියට පැවැති ඖෂධ පවා අද වනවිට වෙළෙඳපොළට එන්නේ විචිත‍්‍රවත් ඇසුරැම්වල ආකර්ශනීය මුහුණවරකිනි. මේ නිසා ප‍්‍රධාන නගර රුසකම රසායනාගාර නමින් යුත් අලෙවිසැල් රුසක්ම දැකගත හැකිය. රාජ්‍ය මට්ටමින් ගතහොත් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් පාලනය වන ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ ඖෂධ නිෂ්පාදනය සිදුවේ. එහෙත් වැඩි වශයෙන්ම වෙළෙඳපොළේ පවතින්නේ පෞද්ගලික ආයුර්වේද සමාගම්වල නිෂ්පාදනයි. මෙකී නිෂ්පාදන දැවැන්ත ව්‍යාපාර ලෙසින් මෙන්ම කුඩා කර්මාන්ත හැටියටද දැකිය හැකිය. කවරාකාරයෙන් නිෂ්පාදනය කළද එය සිදුවිය යුත්තේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය යටතේය.
එහෙත් අනවබෝධයත් කපටිකමත් යන හේතු නිසා මීට පරිබාහිරව සිදුකෙරෙන නිෂ්පාදනද නැත්තේ නොවේ. පීනසට අම්ලපිත්තයට බහුල ලෙස වෙළෙඳපොළේ දැකිය හැකි ඇතැම් ඖෂධ ඊට ප‍්‍රසිද්ධ උදාහරණයකි. අමාත්‍යංශය දැන් අවධානය යොමුකර ඇති මධ්‍යසාර ප‍්‍රශ්නය එන එක තැනක් වන්නේ එසේ නිෂ්පාදනය කෙරෙන අරිෂ්ටයි. ගුලි හෝ කල්කවලට මේ ප‍්‍රශ්නය බලපාන්නේ නැත. ඇතැම් කල්කවලට නම් අබිං පවා සුළු ප‍්‍රමාණයකින් අවශ්‍ය වේ. 

අරිෂ්ට වුවද පාවිච්චි කිරීමට නිශ්චිත කාලයක් තිබේ. සාමාන්‍යයෙන් නිෂ්පාදනය කර වසරක් හෝ වසර දෙකක් පමණ අරිෂ්ට කල්තබා ගත හැකිය. දේශීය වෛද්‍යවරැන් පවසන ආකාරයට අරිෂ්ට වසර තුන හතරක් කල්ගත වුවද පාවිච්චි කිරීමට ගත හැකි අවස්ථා තිබේ. ආයුර්වේද දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර කොමසාරිස් හා බොරුල්ල ආයුර්වේද රෝහලේ වෛද්‍ය ගොයුම්ප‍්‍රිය රණසිංහ මහතා මේ සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසකි.

&තරලසාර කියලා ඖෂධයක් අපි ඉස්සර හැදුවා. ඒකෙ ඇතැම් අවස්ථාවල මධ්‍යසාර ප‍්‍රතිශතය 70-90෴ දක්වාත් වැඩිවෙනවා. එතකොට මාත‍්‍රාව අඩුවෙනවා. උදාහරණයකට බිංදු තුනක් වගේ. බිංදු තුනයි කියන්නේ ඇඟිල්ලක පුරැකක් දාලා වැක්කෙරෙන එක බිංදුවටයි. අරිෂ්ටවල වුණත් මාත‍්‍රාව වෙනස් වෙනවා. සාමාන්‍ය මාත‍්‍රාව මේස හැඳි දෙකයි. ඒ කියන්නේ මිලි ලීටර් 60 යි. ඒක ලොකු මාත‍්‍රාවක් නෙවෙයි. ඇඟට යන ඇල්කොහොල් ප‍්‍රමාණය අඩුයි. ඇතැම් ඖෂධවල මධ්‍යසාර ඉබේ හැදෙනවා. මෙතැන ප‍්‍රශ්නයක් තිබෙන්නේ වෙළෙඳපොළේ ආවට ගියාට විකුණන්න තිබෙන එකෙයි. ඒ නිසා  ඕනෑම කෙනෙකුට අරිෂ්ට බෝතලයක් දෙන්න කියලා මිලදී ගන්න පුළුවන්. නැතිනම් මධ්‍යසාර ප‍්‍රමාණය නෙවෙයි කාරණය වෙන්නේ. ගත යුතු මාත‍්‍රාවයි.* 

වෛද්‍යවරයා පවසන ආකාරයට ප‍්‍රශ්නය වන්නේ ඖෂධ මිලදීගැනීම් සම්බන්ධයෙන් බටහිර ඖෂධවලට මෙන් වූ තද නීතිමය තත්ත්වයක් නැතිකමයි. ඒ තත්ත්වයට පිලිතුරක් තිබේද?
&දැනට අපි ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් සමඟ නීති සංග‍්‍රහය නමින් නව නීති සම්පාදනයක් කරමින් තිබෙන්නේ. එහි වැඩකටයුතු සීයට අනූවක් පමණම දැන් අවසානයි. වෛද්‍යවරයාගේ වට්ටෝරැවට පමණක් නිකුත් කළ යුතු ආයුර්වේද බෙහෙත් ගැන අපි එහි නීති සකසා තිබෙනවා. රස බෙහෙත් නමින් හඳුන්වන ගංජා, අබිං හා ඇල්කොහොල් අන්තර්ගත ඖෂධ ගැන එහි විශේෂයෙන්ම සඳහන් වෙනවා. එවිට වෛද්‍ය නිර්දේශයක් නැතිව ඖෂධ මිලදී ගැනීම් කරන්න බෑ.*

නම හෙළි කිරීමට අකැමැති ආයුර්වේද වෛද්‍යවරයෙකු පැවැසුවේ මෙම ප‍්‍රශ්නයේ තවත් පැතිකඩක් ද ඇති බවයි. මෙවැනි ප‍්‍රශ්න අනවශ්‍ය මට්ටමකින් උලුප්පා දැක්වීමට ඇතැම් බටහිර වෛද්‍ය විශේෂඥයන් කටයුතු කරන බවට ඔහු චෝදනා කළේය. විශේෂයෙන්ම ආයුර්වේද ඖෂධ දීර්ඝකාලීනව භාවිත කිරීම වකුගඩුවලට බලපාන්නේ යැයි යනුවෙන් පොදු ජනතාව අතර ප‍්‍රකට මතයද එසේ නිෂ්පාදනය කළ දුර්මතයක් බව ඔහුගේ අදහසයි. 

&මගේ සහෝදරයා බටහිර වෛද්‍යවරයෙක්. ඔහු පවා අපේ වෛද්‍ය ක‍්‍රමවේද අභියෝගයට ලක්වන අයුරිනුයි කතාකරන්නේ. ඖෂධ ගැන මූලික අවබෝධයක් ලැබුණාම වෛද්‍ය උපදෙස් නැතිව රසායනාගාරවලින් ඖෂධ මිලදී ගෙන භාවිත කිරීමත් මේකට එක හේතුවක්. අන්තිමේදී වැඩ වැරදිලා රජයේ රෝහලට ගියාම කියන්නේ අසවල් අරිෂ්ටෙ මෙච්චර කල් බිව්වා කියලයි. ඉස්සර නම් මෙවැනි ප‍්‍රශ්නවලදී අපි නිරැත්තර වුණා. ඒත් දැන් තත්ත්වය වෙනස්. ආයුර්වේදය ඉදිරියට යමින් තිබෙන්නේ විද්‍යාත්මක පර්ෙය්ෂණ සමඟයි. ඔය එල්ලවන බොහෝ චෝදනා පදනමක් නැති බව එයින් සනාථ කළහැකියි*. 

යක්කල ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සකුන්තලා මහත්මිය ද මේ සම්බන්ධයෙන් අධ්‍යයනයෙහි නිරත වී ඇත. ඇයගේ අදහස් මෙසේය. 

&ආචාර්ය බන්දුල වීරසූරිය නමැති වෛද්‍යවරයා මීට අදාළව අරිෂ්ට ආසව ගැන පර්ෙය්ෂණයක් කරලා තිබෙනවා. එයින් හෙළිදරවු වෙලා තිබෙන්නේ නියමිත ප‍්‍රමිතියට හදනවා නම් ප‍්‍රශ්නයක් නෑ කියලයි. අරිෂ්ට ආසව නිෂ්පාදනය කරන දේශීය ආයුර්වේද ක‍්‍රමයක් තිබෙනවා. අරිෂ්ට ගත යුතු මාත‍්‍රාවක් මෙන්ම කාලයක් තිබෙනවා. මේවා රෝගීන් දන්නේ නෑනෙ. අරිෂ්ට ආසව බොහෝවිට පාවිච්චි කරන්නේ ඖෂධවල සාරය ඉක්මනින්ම ශරීරයට උරාගැනීමටයි. එනිසා අරිෂ්ට නියම කරන්නේම නිශ්චිත කාලයකට පමණයි.
දිගටම දෙන්නේ නෑ. චූර්ණ, ගුලි, කල්ක, මෝදක යනාදී වශයෙන් ආයුර්වේදයේ ඖෂධ රුසක්ම තිබෙනවා. මාස අවුරැදු ගණන් අරිෂ්ට බොන්න කියලා ආයුර්වේද ග‍්‍රන්ථවල නෑ. ශරීර ශක්තිය අනුව සුදුසු නම් පමණයි ඒවා නියම කරන්නේ. බල අරිෂ්ට හොඳයි දසමුල හොඳයි කියලා සමහරැ අවුරැදු ගණන් බොනවා. ප‍්‍රමිතියකට හදපු අරිෂ්ට කියන්නේ ඉතාම ක‍්‍රියාකාරී සංස්කරණ ඖෂධයක් හැටියට අපිට හඳුන්වන්න පුළුවන්. අරිෂ්ට ආසව ගතයුත්තේ වෛද්‍ය උපදෙස් මතම පමණයි. මේ ප‍්‍රශ්න එන්නේ හිතුමනාපෙට කරන මිලදී ගැනීම් නිසයි.* 

කෙසේ වෙතත් අනුමත මධ්‍යසාර ප‍්‍රතිශතය ඉක්මවා නිපදවා ඇති ඖෂධ නිෂ්පාදනාගාර පරීක්ෂා කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විශේෂ කණ්ඩායමක් යොදා ඇති බව රාජිත සේනාරත්න ඇමැතිවරයා පවසයි. මේ සඳහා ආයුර්වේද වෛද්‍යවරැන්, ප‍්‍රජා ආයුර්වේද වෛද්‍යවරැන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරැන් මෙන්ම සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීහු ද ඇතුළත් වෙති

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...