Skip to main content

ඔබයි ඖෂධයි ඖෂධ නිවැරැදි භාවිතයට අත්වැලක්‌




 

ඖෂධ - ආහාර අන්තර්ක්‍රියා

ඔබයි ඖෂධයි - 4 ලිපියෙන් අපි ශරීරය තුළ සිදු වන ඖෂධ ක්‍රියාකාරිත්වය පිළිබඳ අවබෝධයක්‌ ලබාගත්තෙමු. එලෙස ම ඖෂධ ම`ගින් උපරිම ප්‍රතිඵල ලබාගැනීමට නම්, ඒවා නිර්දේශ කරන ලද මාත්‍රාවෙන්, නියමිත කාල පරතරයෙන්, මුළු ප්‍රතිකර්ම කාලය පුරා ම ලබාගත යුතු බව වටහාගත්තෙමු.

මෙවර ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ,

1. ශරීරය තුළ ඖෂධ සහ ආහාර අතර ඇති විය හැකි අන්තර් ක්‍රියා පිළිබ`දව අවබෝධයක්‌ ලබා දීම

2. එක්‌ එක්‌ ඖෂධ වර්ග ආහාර, කැෆේන් (caffeine) සහ මද්‍යසාර (alcohol) සම`ග දක්‌වන ක්‍රියාකාරිත්වය පිළිබ`ද තොරතුරු ලබා දීමයි.


අප කන බොන දේවලට ඖෂධවල ක්‍රියාකාරිත්වය වෙනස්‌ කළ හැකි බව ඔබ දන්නවා ද?

අප ගන්නා ආහාර, තේ, කෝපි වැනි කැෆේන් අඩංගු පාන වර්ග සහ මද්‍යසාර (alcohol)වලට ඖෂධ සම`ග අන්තර් ක්‍රියා සිදු කිරීමටත් එම`ගින් අපේක්‌ෂිත ප්‍රතිඵල වෙනස්‌ කිරීමටත් හැකියාව පවතී.

බලාපොරොත්තු වන සුවය නො ලැබීමට අමතර ව, අතුරු ප්‍රතිඵල ඇති වීම සහ සමහර විට මාරාන්තික ප්‍රතික්‍රියා ඇති වීම ද සිදු විය හැකි ය. ඔබ සැම අවස්‌ථාවක ම මේ ප්‍රතික්‍රියා ඇසෙන් නො දකින බැවින්, විද්‍යාත්මක සාධක පදනම් කරගෙන ඉදිරිපත් කර ඇති, ඖෂධ-ආහාර අන්තර්ක්‍රියා ඇති වීමේ සම්භාවිතාවක්‌ සහිත අවස්‌ථා හ`දුනාගෙන එම ආහාර ඖෂධ ගැනීමේ දී නො ගැනීමට වගබලාගැනීම උචිත ම ක්‍රියාවයි. මේ ස`දහා වෛද්‍ය උපදෙස්‌ පිළිපැදීම, ඖෂධවේදීන් ගෙන් කරුණු විමසා දැනගැනීම සහ ඖෂධ ගැනීමට ප්‍රථම ඖෂධ ලේබලයේ ස`දහන් කරුණු කියවා තේරුම්ගැනීම ඉතා ම වැදගත් වේ.

එසේ ම සමහර අවස්‌ථාවල දී ඖෂධ ම`ගින් ඔබේ සිරුරේ සාමාන්‍ය ආහාර ජීර්ණය සහ අවශෝෂණය සිදු වන යාන්ත්‍රණය ද වෙනස්‌ කළ හැකි ය.

මේ ලිපියෙහි ස`දහන් වන සියලු ම නාමයන් ඖෂධ නාමයන් (Genericname) බව කරුණාවෙන් සලකන්න. වෙළෝද නාමයක්‌ (Brand name) ස`දහන් කරන්නේ නම් එය වරහන් තුළ ස`දහන් කරනු ලැබේ.

ඔබ ඔබේ ඖෂධ හ`දුනාගන්නේ වෙළෝද නාමයෙන් පමණක්‌ නම් මේ ලිපියෙහි තොරතුරු උකහාගැනීම අපහසු වනු ඇත. එබැවින් ඔබේ ඖෂධවල ඖෂධ නාමය සොයාගත යුතු ය.

ඖෂධයක ඖෂධ නාමය සොයාගන්නා ආකාරය අප විසින් ඔබයි - ඖෂධයි 1 ලිපියේ සවිස්‌තරාත්මකව ඉදිරිපත් කරන ලදි. පහත ස`දහන් කෙටි ස`දහන ඔබේ පහසුව ස`දහා එම ලිපියෙන් උපුටා දක්‌වන්නෙමු.

ඖෂධ නාමය ලෙස හ`දුන්වන්නේ ඖෂධයක්‌ හඳුනාගැනීමට භාවිත කරන ජාත්‍යන්තරව පිළිගත් නාමයයි. වෙළෙඳ නාමය ලෙස හඳුන්වන්නේ ඖෂධ නිෂ්පාදනය කරන සමාගම ම`ගින් ඖෂධයට ලබා දුන් නාමයයි. ඵම`ගින් එක ම ඖෂධය ස`දහා විවිධ නිෂ්පාදකයන් නිෂ්පාදන වෙළෙඳපොළට ඉදිරිපත් කර ඇති විට ඒ එකිනෙකාගේ නිෂ්පාදන වෙන් කර හඳුනාගත හැකි ය.

උදාහරණයක්‌ සලකා බලමු
 


ඖෂධ නාමය : Levothyroxine tablet BP 125mcg

වෙළෙඳ නාමය - කිහිපයක්‌ ම පැවතිය හැකි ය) : (Thyronorm, Thyromega, Thyvex,Thyoright, Thyrox, Thyronorm, Thyerolet)... ආදි වශයෙන් වේ.

ඖෂධ නාමය සහ වෙළෙඳ නාමය යන දෙක ම ඖෂධ ලේබලයේ සඳහන් වේ. කෙසේ වුව ද නාම දෙකෙහි පිහිටීම විවිධ ඖෂධවල පහත ස`දහන් පරිදි වෙනස්‌ විය හැකි ය.

උදාහරණ ලෙස,

තවමත් ඔබට ඔබ භාවිත කරන ඖෂධවල ඖෂධ නාමය සොයාගැනීම අපහසු නම්, ඔබේ වෛද්‍යවරයා ගෙන් හෝ ඖෂධවේදියා ගෙන් හෝ විමසා සිටින්න.


ඖෂධ ඔබේ ශරීරය තුළ ක්‍රියාත්මක වන ආකාරය වෙනස්‌ කළ හැකි සාධක මොනවා ද?

ආහාරපාන, මද්‍යසාරවලට අමතරව ඔබේ වයස, බර, ස්‌ත්‍රී-පුරුෂභාවය, රෝගී තත්ත්වයේ ස්‌වභාවය, ඖෂධයේ මාත්‍රාව, ඔබ ලබාගන්නා අනෙක්‌ ඖෂධ, විටමින් වර්ග, ආයුර්වේද ඖෂධ, පෝෂ්‍ය අතිරේකවලට ඔබේ ශරීරය තුළ ඖෂධයේ ක්‍රියාකාරිත්වය වෙනස්‌ කළ හැකි ය.

මීට අමතරව තේරුම්ගත යුතු වැදගත් ම කරුණ නම්, අප එකිනෙකාට වෙනස්‌ බවයි. එක ම ඖෂධ, ඔබේ පවුලේ අනෙක්‌ සාමාජිකයන් හෝ ඔබේ වයසේ වෙනත් පුද්ගලයකු තුළ හෝ ක්‍රියාත්මක වන ආකාරය එම ඖෂධ ඔබ තුළ ක්‍රියාත්මක වන ආකාරයට වඩා වෙනස්‌ විය හැකි ය. එබැවින් කිසි විටකත් අනෙක්‌ අය තුළ ඖෂධ ක්‍රියාත්මක වන ආකාරය මත ඔබ තීරණ නො ගත යුතු ය. උදාහරණයක්‌ ලෙස, ඖෂධයක්‌ වෙනත් අයකුට ආසාත්මික ප්‍රතික්‍රියා පෙන්වූ පමණින් ඔබට ද ආසාත්මික වනවා යෑයි සිතීම නිවැරැදි නො වේ. එසේ ම කෙනකුට ඇති නො වන අතුරු ආබාධ සමහර විට එම ඖෂධ භාවිතයෙන් ඔබට ඇති විය හැකි ය. අප විටමින් ලෙස ලබාගන්නා යකඩ ම`ගින් කෙනකුට මල බද්ධය ද, තවත් කෙනකුට මල පහ දියරමය ලෙස පිට වීම ද සිදු විය හැකි ය.


ඖෂධ ආහාර ගැනීමට පෙර හෝ ආහාර ගැනීමෙන් පසු හෝ භාවිත කිරීමට පවසන්නේ ඇයි?

සමහර ඖෂධ ඉතා ඉක්‌මනිනුත්, සමහර ඖෂධ ඉතා සෙමිනුත්, සමහර ඖෂධ ප්‍රශස්‌ත අන්දමිනුත්, සමහර ඖෂධ ඉතා දුර්වල පරිදිත් ක්‍රියා කිරීමට, කුස පිරී ඇති බව හෝ හිස්‌ ව ඇති බව හෝ බලපානු ලැබේ. එම නිසා ඖෂධ ලබාගත යුත්තේ හිස්‌ බඩට ද/empty stomach (කෑමට පැයකට පෙර හෝ කෑමෙන් පැය දෙකකට (2) පසු) ආහාර සම`ග ද/ withfood, එසේත් නැත්නම් කුස පිරී ඇති විට ද / fullstomach යන්න ඖෂධ ලබාගැනීමට පෙර විමසා දැනගන්න. මේ උපදෙස්‌ ඖෂධ ලේබලයේ ස`දහන් නො වන්නේ නම්, වෛද්‍යවරයා ගෙන් හෝ ඖෂධවේදියා ගෙන් හෝ විමසා සිටින්න.

උදාහරණයක්‌ ලෙස තයිරොක්‌සින් නැමති ඖෂධය, උදෑසන හිස්‌ බඩ (උදෑසන තේවලට ද ප්‍රථම) ගැනීමට උපදෙස්‌ දෙනු ලැබේ. ඒ ඇයි? තයිරොක්‌සින් නැමති ඖෂධය උපරිම ලෙස ශරීරයට අවශෝෂණය වීම සිදු වන්නේ ආමාශයේ ආම්ලිකතාව වැඩි විට ය. ආමාශයේ උපරිම ආම්ලිකතාවක්‌ පවතින්නේ කෑම ගැනීමට පෙර නිසා මේ ඖෂධය හිස්‌ බඩ ගැනීමට පවසයි. අනෙක්‌ කරුණ නම් තයිරොක්‌සින් යනු ශරීරයේ පරිවෘත්තීය ක්‍රියා ප්‍රශස්‌ත ව තබාගැනීමට ඉවහල් වන හෝමෝනයකි. එබැවින් මේ ඖෂධය ශරීරියට උදෑසන ම ලබා දුන් විට එම`ගින් දවස පුරා ක්‍රියාකාරී වීමට ඔබට අවශ්‍ය හෝමෝන මට්‌ටම ලබා දේ. සාමාන්‍යයෙන් රාත්‍රී කාලය වන විට ශරීරයේ ක්‍රියාකාරිත්වය ද අඩු වන බැවින්, ඒ වන විට රුධිරයේ තයිරොක්‌සින් මට්‌ටම ක්‍රමානුකූලව අඩු වනු ඇත. දැන් සිතා බලන්න, ඔබ තයිරොක්‌සින් ලබාගන්නේ තේ බීමෙන් පසුව හෝ ආහාර ගැනීමෙන් පසුව හෝ නම් ඖෂධය අවශෝෂණය වන්නේ අඩු ප්‍රමාණයකිනි. මෙය දවස පුරා ඔබට අවශ්‍ය ශක්‌තිය ලබා දීමට ප්‍රමාණවත් නො වෙයි. එසේ ම සිතන්න, ඔබ තයිරොක්‌සින් බොන්නේ දවල්ට හෝ රෑට හෝ නම් ඔබට ඖෂධය ශරීරයට ලැබෙන්නේ ශරීරයට එය අවම ලෙස උපයෝගී වන අවස්‌ථාවක ය.


ඖෂධ භාවිත කරන විට මද්‍යසාර (alcohol) භාවිත කළ හැකි ද?

ආහාර ලෙස මද්‍යසාර ද ඖෂධ ක්‍රියාකාරිත්වය වෙනස්‌ කිරීමට සමත් වේ. මද්‍යසාර සම`ග ඖෂධ පානය කිරීම, ඖෂධ භාවිත කළ පසු මද්‍යසාර ද පානය කිරීම හෝ මද්‍යසාර පානය කළ පසුව ඖෂධ භාවිත කිරීම අනුව ප්‍රතිඵල වෙනස්‌ වේ. මද්‍යසාර ම`ගින් ඖෂධවලින් සාමාන්‍යයෙන් ඇති කරන අතුරුඵලවලට අමතර ව වෙනත් අතුරුඵල ද, ඖෂධ සම`ග මාරාන්තික ප්‍රතික්‌රියා ද ඇති කළ හැකි ය. උදාහරණ ලෙස වේදනානාශක ඖෂධ (painkillers), විෂාදය හෙවත් ඩිප්රෙෂන් (Depres-sion) ඖෂධ සහ නින්ද ලබා දෙන ඖෂධ (sleeping pills) දැක්‌විය හැකි ය.

එබැවින් ඔබ මද්‍යසාර භාවිත කරන්නේ නම් ඒ පිළිබ`දව ඔබේ වෛද්‍යවරයා දැනුවත් කිරීම ඉතා ම වැදගත් වේ.


ඔබ භාවිත කරන ආහාරපානවල කැෆේන් (Caffaine) අන්තර්ගත බව දැනගන්නේ කෙසේ ද?

ශ්‍රී ලාංකික සාමාන්‍ය ජීවන රටාවේ අප බහුලව ම භාවිත කරන තේ පැන්, කෝපි ආදි පාන වර්ග කැෆේන් අඩංගු පාන වර්ග වේ. මීට අමතර ව සමහර ශක්‌තිජනක පාන වර්ග, කෝලා වර්ගයේ බීම, චොක්‌ලට්‌ සහ සමහර පැනි බීම වර්ගවල ද කැෆේන් අඩංගු වේ. කැෆේන් අඩංගු බව දැනගැනීමට ඇති නිවැරැදි ම ක්‍රමය භාවිත කිරීමට ප්‍රථම ලේබලය පරීක්‌ෂා කර බැලීමයි. කැෆේන් සහිත නම්, අඩංගු කොට ඇති ප්‍රමාණය ලේබලයේ ස`දහන් කරනු ලැබේ.

ඔබයි ඖෂධයි - 6 ලිපියේ පටන් විවිධ රෝග ස`දහා ප්‍රතිකාර ලෙස නිර්දේශ කරන සමහර ඖෂධ නම් වශයෙන් ගෙන ඒවා ආහාර, කැෆේන් සහ මද්‍යසාර සම`ග ඇති කළ හැකි අන්තර්ක්‍රියා ස`දහන් කරනු ලැබේ. මෙම`ගින් ඔබට දැනට පවතින රෝග තත්ත්වය හා ඒ ස`දහා භාවිත කරන ඖෂධ ඔස්‌සේ පරීක්‌ෂා කර, එම ඖෂධ සහ ආහාර, කැෆේන් සහ මද්‍යසාර අතර අන්තර්ක්‍රියා ඇත් දැයි අවබෝධ කරගත හැකි ය

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...