Skip to main content

අමතක නොවන සුන්දර මතකය කඳුලක් කරන උපත් දෝෂ




දසමසක් කුස හොවා සිටි දරුපැටියා මෙලොව එළිය දකින අවස්ථාව දරුවකු පතන සෑම මවකගේම අමතක නොවන මතකයකි. මෙලොව සිටින සෑම මවකගේම ප‍්‍රාර්ථනය වන්නේ තම දරුවා නිරෝගීව දැකීමය. එහෙත් ඒ පැතුම් නොසිතූ ලෙස වියැකී යන අවස්ථා තිබේ. ඒ උපත් දෝෂ හේතුවෙනි. එනිසාම ඒ ගැන දැනුවත්වීමෙන් එවැනි ගැටලූ මගහරවා ගත හැකිය. මෙම සටහන ඒ පිළිබඳවය.
අපට බහුලව දක්නට ලැබෙන උපත් දෝෂ තිබේ. මෙහි දී ශරීර ව්‍යුහයේ සහ පරිවෘත්තිය ක‍්‍රියාවලියේ දෝෂ ඇතිවීම බෙහෙවින් දක්නට ලැබේ. එනම් උදාහරණ ලෙස දරුවාගේ ශරීරයේ කොටසක් නොසෑදීම හෝ වැරදි ලෙස සෑදීම, එය විකෘති ලෙස පිහිටීම යනාදිය සඳහන් කළ හැකිය. එසේම රසායනික ක‍්‍රියාවලියේ වෙනස්කම් නිසාත් එසේ වෙයි. එනම් හෘදයේ කපාට රෝග, කොඳු ඇට පෙළේ ගැටලූ වැනි දෑය. මේ හැර ශරීරයේ එන්සයිම වැරදි ලෙස සෑදීම නිසාත් උපදින දරුවාගේ බරපතළ දෝෂ ඇති වේ. මෙම තත්ත්වය වඩාත් බරපතළ වන්නේ එහිදී දරුවාගේ බාහිර ස්වරූපයෙන් රෝග ලක්ෂණ පහළ නොවීමයි.

කුස තුළ ආසාදන ඇති වුවහොත්
ගර්භිණී කාලයේ මවට ඇතිවන ජර්මන් සරම්ප රෝග නිසා ශරීරගත වන රුබෙල්ලා වෛරසයෙන් ගැබ තුළ වැඩෙන දරුවාට බරපතළ සංකූලතා ඇති වේ.
මේ හැර මවගේ රුධිරයේ රීසස් සාධකය සෘණ වීමෙන් රීසස් ධන සැමියකුගෙන් ලැබෙන දරුවාගේ රීසස් සාධකය ධනවීමෙන් බරපතළ ගැටලූ ඇති විය හැකිය. එසේම පළමු දරුවාට පසු උපදින දරුවන්ට කුසේදීම රුධිර ෙසෙල බිඳීම් ඇති වී විවිධ රෝග හා දෝෂ සහිත දරුවන් බිහිවිය හැකිය. එසේ නැතහොත් දරුවා කුස තුළ මියයයි.

ජානගත රෝග
මවට උපදින දරුවාට පරම්පරාවෙන් පරම්පරාවට යන ජානගත රෝග හා නෑදෑයන් අතර සිදුවන විවාහ නිසා x හා y යන ලිංගික වර්ණ දේහ මගින් ඇතිවන රෝග ද බලපෑ හැකිය. එසේම දරුවා කුස තුළ වැඞීමේදී උඩුතොල හා මුඛය නිසි ලෙස වර්ධනය නොවන අවස්ථා ඇති වේ. ඉන් උඩුතොල හා නාසය අතර පැළීමක් ඇති වේ. එවිට දරුවාට කිරි උරා බීමට නොහැකිය. ඇතැම් විට මෙය තල්ල දක්වා අභ්‍යන්තරයට සිදුර දිගු විය හැකිය. මෙය ද බරපතළ තත්ත්වයකි.

එන්.ටී.ඞී. රෝගයට ගොදුරුවීම
කොඳු ඇට පෙළේ හිඩැස් සහිතව උපදින දරුවෝ සිටිති. මෙම හිඩැස්වල වතුර ගෙඩි ඇති විය හැකිය. එසේම මෙම විකෘතිතා නිසා සුසුම්නා නළයක් ලෙස කොඳු ඇට තුළින් ගිලා බසී. මෙම දරුවන් බොහෝවිට කුස තුළදී මිය යයි. නැතහොත් උපන් විගස මිය යයි. ඉහත සඳහන් දෝෂවලට අමතරව දරුවාගේ හෘදයේ දෝෂ, මස්තිෂ්කයේ රෝග, අස්ථි දෝෂ, හා මන්ද මානසිකභාවය (Down syndrome) තයිරොයිඞ් හෝමෝන දෝෂ, ආහාර ජීර්ණ පද්ධතියේ ගැටලූ ආදී වශයෙන් බොහෝ රෝගාබාධ ඇති විය හැකිය.

ඉපදීමට පෙර රෝග හඳුනාගන්න
දරුවකු උපන් පසු රෝග ගැන හඳුනා ගැනීමට වඩා ඉපදීමට පෙර රෝග හඳුනා ගතහොත් ඉපදීමට පෙර බොහෝ දෝෂ නිවැරදි කර ගත හැකිය. එනිසා යම් අවදානමක් ඇති මවක් බියෙන් සැකෙන් පසුවී දරුවා ඉපදෙන තෙක් සිටිනවාට වඩා ඒ ගැන ඉපදීමට පෙර සැලකිලිමත් විය යුතුය.

අවදානම් මවුවරු කවුද?
ගැබිනි මවක් උසින් අඩු නම් ඇය සැලකිලිමත් විය යුතුය. එසේම බර අඩු වීම, බර වැඩි වීම, වයස වඩාත් අඩුවීම, වයස වඩාත් වැඩිවීම, මීට පෙර මළ දරු උපත් සිදුවීම, ගැබිනි සමයේ රුධිර වහනයක් සිදුවීම, රුධිර ගණය සෘණ මවක් නම්, විකෘති දරුවන් බිහි කර තිබේ නම්, ගැබෙහි වැඩෙන දරුවාගේ වර්ධනය වඩාත් බාල නම් මෙම මවුවරු අදානම් ගණයේ මවුවරු වේ.
ඉහත සඳහන් ගැටලූ නිසා සෑම කාන්තාවක්ම ගැබ් ගත් විට වෛද්‍යවරයාට තමා හා ගර්භය සම්බන්ධ තිබෙන ගැටලූ සියල්ල නිවැරදිව පැවසිය යුතුය.
මෙහි දී මවගේ අතීතයේ ගර්භ දෝෂ ආදිය දැනගත් විට වෛදවරයා ඉතා සැලකිලිමත් වේ. මෙහිදී යම් දෝෂයක් පවතී නම් වෛද්‍යවරයා වැඩිදුර පරික්ෂණ කරයි.
මෙහි දී රුධිර පරීක්ෂණ, ස්කෑන් පරීක්ෂණ ආදිය කරනු ඇත. එයින් දරු උපත සිදුවීමට පෙර බොහෝ උපත් දෝෂ හඳුනාගත හැකි වේ. සාමාන්‍යයෙන් ඩවුන් සින්ඩ්‍රෝම් දරුවකු ගැබ්ගෙන තිබේ නම් දරු ගැබට සිත 16 ක් වූ පසු මවගේ රුධිර පරීක්ෂණයක් කිරීමෙන් එම තත්ත්වය හඳුනාගත හැකිය.
මවකගේ ගැබෙහි වැඩෙන දරුවාගේ යම් දෝෂ සහිත තත්ත්වයක් පෙනේ නම් එය නිවැරදිව හඳුනා ගැනීමට ගර්භ තරලය පරීක්ෂා කිරීමෙන් බොහෝදුරට පුළුවන. මේ හැර දරුවාගේ ශාරීරික දෝෂ ස්කෑන් පරීක්ෂණ මගින් හඳුනාගත හැකිය.

උපත් දෝෂ නැති දරුවකු බිහි කරන්නේ කොහොමද?
කාන්තාවක් නිසි වයසේ දී විවාහවීම, දරුවකු පතන කාන්තාවක් ගැබ් ගැනීමට මාස තුනක පමණ සිට ෆෝලික් අම්ලය ගැනීම ඉතා සුදුසුය. එසේම පිළිසිඳ ගැනීමට මාස තුනකට පෙර රුබෙල්ලා එන්නත ලබාගත යුතුය. දියවැඩියා රෝගී කාන්තාවක් නම් රෝගය නිසි ලෙස පාලනය කර ගැබ් ගැනීමට සිතිය යුතුය. ස්ථුල කාන්තාවක් නම් නියමිත බර ළඟා කර ගත යුතුය. එසේම ගැබිනි සමයේ නිසි වෛද්‍ය උපදෙස් මත පමණක් ඖෂධ, විටමින් ලබා ගත යුතුය. ගැබ්ගත් පසු එක්ස් කිරණවලට භාජන නොවිය යුතුය.
ලේ ඥාති විවාහයෙන් වැළකිය යුතුය. පරම්පරාවේ උපත් දෝෂ සහිත දරුවන් සිටී නම් වෛද්‍ය උපදෙස් මත පරීක්ෂා කර එවැනි ගැටලූ තිබේ දැයි පරීක්ෂා කර ගැනීම ඉතාම සුදුසුය.
ඉහත සඳහන් අයුරින් දරුවකු පතන කාන්තාවක් සැලකිලිමත් වුවහොත් බොහෝ උපත් දෝෂ වළක්වා ගෙන නිරෝගී දරුවකු බිහි කළ හැකි වේ.

Comments

Popular posts from this blog

7 Riveting Facts about the Kandos Man – Upali Wijewardene

Source:  abpic.co.uk  Written by – Ranuli at Omebiz Philip Upali Wijewardene, better known as Upali Wijewardene was one of the most flamboyant and prominent businessman with an empire that not only dominated the Sri Lankan business landscape but also went global. He was Sri Lanka’s first homegrown tycoon and the founder and Chairman of Upali Group, Sri Lanka’s first multi-national business. Upali Wijewardene kick-started his career as a management trainee at Lever Brothers (now known as  Unilever ) where he managed to lock down the job simply based on his basic dining etiquette. However, due to a disagreement with the Chairman of the company, Upali left his job at Lever Brothers. Following the death of his uncle, the Late Senator Sarath Chandradasa, Upali took over  Kandos  with the substantial shares that were allocated to him. The company struggled with the lack of sales, Upali modernized the production process boosting their sales off the charts. Kando...

2වැනි කැරැල්ලේ නියඟයට වැහි වළාවක්වූ මියයන ලොවක නොමියන සිසු විරුවෝ

ආණ්ඩුවේ වෙඩි උණ්ඩයකට ගොදුරුව ප්‍රථමවරට සරසවි සිසුවෙක් මියගියේ 1976 නොවැම්බර් 12වැනිදාය. පේරාදෙණිය සරසවියේ මණ්ඩපාධිපතිවරයාගේ අත්තනෝමතික ක්‍රියා පිළිවෙතට එරෙහිව විරෝධය දැක්වීමේදී එසේ මියගියේ ඩබ්ලිව්. එම්. රෝහණ වීරසූරියයි. කුරුණෑගල උහුමීය දිළිදු ගොවි පවුලක දෙවැන්නා ලෙස උපන් රෝහණ වීරසූරියට සොහොයුරන් සිව් දෙනෙකු විය. වසර 1934දී පිහිටුවන ලද මුදුන්න මහා විද්‍යාලයෙන් සරසවි වරම් ලද ප්‍රථම ශිෂ්‍යයාද ඔහුය. සරසවි සිසුවෙකු දෙවන වරට ඝාතනයට ලක්වූයේ 1984 ජුනි 19වැනිදාය. ඒ පේරාදෙණිය සරසවියේ වෛද්‍ය පීඨයේ දෙවන වසරේ සිසුවෙකු වූ හේවබුලත්කන්දගේ පත්මසිරි අබේසේකර ශිෂ්‍යයාය. මාකස් නේවාසිකාගාරයේ නැවතී සිටි වෛද්‍ය සිසු පත්මසිරි  ඒ වනවිට වෛද්‍ය පීඨයේ දෙවන වසරේ විභාගයෙන් සහ නැවත පෙනීසිටීමේ විභාගයෙන්ද අසමත්වී සිටියද යළි විභාගයට පෙනී සිටීම සඳහා සූදානම්ව සිටි අයෙකි.  එයට පාදක වූයේ වෛද්‍ය පීඨයේ සිඩ්නි ජයරත්න(වෛද්‍යවරයෙකු වශයෙන් කටයුතු කිරීමේදී සිඩ්නි පසු කලෙක හෘදයාබාදයකින් මියගිය අතර නුවර මහාමායා විදුහලේ අධ්‍යාපනය ලත් ඔහුගේ දියණිය අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ශ්‍රී ලංකාවේ තෙවන ස්ථානයට පසුකලෙක පත්විය) ඇතුළ...

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...