Skip to main content

අමතක නොවන සුන්දර මතකය කඳුලක් කරන උපත් දෝෂ




දසමසක් කුස හොවා සිටි දරුපැටියා මෙලොව එළිය දකින අවස්ථාව දරුවකු පතන සෑම මවකගේම අමතක නොවන මතකයකි. මෙලොව සිටින සෑම මවකගේම ප‍්‍රාර්ථනය වන්නේ තම දරුවා නිරෝගීව දැකීමය. එහෙත් ඒ පැතුම් නොසිතූ ලෙස වියැකී යන අවස්ථා තිබේ. ඒ උපත් දෝෂ හේතුවෙනි. එනිසාම ඒ ගැන දැනුවත්වීමෙන් එවැනි ගැටලූ මගහරවා ගත හැකිය. මෙම සටහන ඒ පිළිබඳවය.
අපට බහුලව දක්නට ලැබෙන උපත් දෝෂ තිබේ. මෙහි දී ශරීර ව්‍යුහයේ සහ පරිවෘත්තිය ක‍්‍රියාවලියේ දෝෂ ඇතිවීම බෙහෙවින් දක්නට ලැබේ. එනම් උදාහරණ ලෙස දරුවාගේ ශරීරයේ කොටසක් නොසෑදීම හෝ වැරදි ලෙස සෑදීම, එය විකෘති ලෙස පිහිටීම යනාදිය සඳහන් කළ හැකිය. එසේම රසායනික ක‍්‍රියාවලියේ වෙනස්කම් නිසාත් එසේ වෙයි. එනම් හෘදයේ කපාට රෝග, කොඳු ඇට පෙළේ ගැටලූ වැනි දෑය. මේ හැර ශරීරයේ එන්සයිම වැරදි ලෙස සෑදීම නිසාත් උපදින දරුවාගේ බරපතළ දෝෂ ඇති වේ. මෙම තත්ත්වය වඩාත් බරපතළ වන්නේ එහිදී දරුවාගේ බාහිර ස්වරූපයෙන් රෝග ලක්ෂණ පහළ නොවීමයි.

කුස තුළ ආසාදන ඇති වුවහොත්
ගර්භිණී කාලයේ මවට ඇතිවන ජර්මන් සරම්ප රෝග නිසා ශරීරගත වන රුබෙල්ලා වෛරසයෙන් ගැබ තුළ වැඩෙන දරුවාට බරපතළ සංකූලතා ඇති වේ.
මේ හැර මවගේ රුධිරයේ රීසස් සාධකය සෘණ වීමෙන් රීසස් ධන සැමියකුගෙන් ලැබෙන දරුවාගේ රීසස් සාධකය ධනවීමෙන් බරපතළ ගැටලූ ඇති විය හැකිය. එසේම පළමු දරුවාට පසු උපදින දරුවන්ට කුසේදීම රුධිර ෙසෙල බිඳීම් ඇති වී විවිධ රෝග හා දෝෂ සහිත දරුවන් බිහිවිය හැකිය. එසේ නැතහොත් දරුවා කුස තුළ මියයයි.

ජානගත රෝග
මවට උපදින දරුවාට පරම්පරාවෙන් පරම්පරාවට යන ජානගත රෝග හා නෑදෑයන් අතර සිදුවන විවාහ නිසා x හා y යන ලිංගික වර්ණ දේහ මගින් ඇතිවන රෝග ද බලපෑ හැකිය. එසේම දරුවා කුස තුළ වැඞීමේදී උඩුතොල හා මුඛය නිසි ලෙස වර්ධනය නොවන අවස්ථා ඇති වේ. ඉන් උඩුතොල හා නාසය අතර පැළීමක් ඇති වේ. එවිට දරුවාට කිරි උරා බීමට නොහැකිය. ඇතැම් විට මෙය තල්ල දක්වා අභ්‍යන්තරයට සිදුර දිගු විය හැකිය. මෙය ද බරපතළ තත්ත්වයකි.

එන්.ටී.ඞී. රෝගයට ගොදුරුවීම
කොඳු ඇට පෙළේ හිඩැස් සහිතව උපදින දරුවෝ සිටිති. මෙම හිඩැස්වල වතුර ගෙඩි ඇති විය හැකිය. එසේම මෙම විකෘතිතා නිසා සුසුම්නා නළයක් ලෙස කොඳු ඇට තුළින් ගිලා බසී. මෙම දරුවන් බොහෝවිට කුස තුළදී මිය යයි. නැතහොත් උපන් විගස මිය යයි. ඉහත සඳහන් දෝෂවලට අමතරව දරුවාගේ හෘදයේ දෝෂ, මස්තිෂ්කයේ රෝග, අස්ථි දෝෂ, හා මන්ද මානසිකභාවය (Down syndrome) තයිරොයිඞ් හෝමෝන දෝෂ, ආහාර ජීර්ණ පද්ධතියේ ගැටලූ ආදී වශයෙන් බොහෝ රෝගාබාධ ඇති විය හැකිය.

ඉපදීමට පෙර රෝග හඳුනාගන්න
දරුවකු උපන් පසු රෝග ගැන හඳුනා ගැනීමට වඩා ඉපදීමට පෙර රෝග හඳුනා ගතහොත් ඉපදීමට පෙර බොහෝ දෝෂ නිවැරදි කර ගත හැකිය. එනිසා යම් අවදානමක් ඇති මවක් බියෙන් සැකෙන් පසුවී දරුවා ඉපදෙන තෙක් සිටිනවාට වඩා ඒ ගැන ඉපදීමට පෙර සැලකිලිමත් විය යුතුය.

අවදානම් මවුවරු කවුද?
ගැබිනි මවක් උසින් අඩු නම් ඇය සැලකිලිමත් විය යුතුය. එසේම බර අඩු වීම, බර වැඩි වීම, වයස වඩාත් අඩුවීම, වයස වඩාත් වැඩිවීම, මීට පෙර මළ දරු උපත් සිදුවීම, ගැබිනි සමයේ රුධිර වහනයක් සිදුවීම, රුධිර ගණය සෘණ මවක් නම්, විකෘති දරුවන් බිහි කර තිබේ නම්, ගැබෙහි වැඩෙන දරුවාගේ වර්ධනය වඩාත් බාල නම් මෙම මවුවරු අදානම් ගණයේ මවුවරු වේ.
ඉහත සඳහන් ගැටලූ නිසා සෑම කාන්තාවක්ම ගැබ් ගත් විට වෛද්‍යවරයාට තමා හා ගර්භය සම්බන්ධ තිබෙන ගැටලූ සියල්ල නිවැරදිව පැවසිය යුතුය.
මෙහි දී මවගේ අතීතයේ ගර්භ දෝෂ ආදිය දැනගත් විට වෛදවරයා ඉතා සැලකිලිමත් වේ. මෙහිදී යම් දෝෂයක් පවතී නම් වෛද්‍යවරයා වැඩිදුර පරික්ෂණ කරයි.
මෙහි දී රුධිර පරීක්ෂණ, ස්කෑන් පරීක්ෂණ ආදිය කරනු ඇත. එයින් දරු උපත සිදුවීමට පෙර බොහෝ උපත් දෝෂ හඳුනාගත හැකි වේ. සාමාන්‍යයෙන් ඩවුන් සින්ඩ්‍රෝම් දරුවකු ගැබ්ගෙන තිබේ නම් දරු ගැබට සිත 16 ක් වූ පසු මවගේ රුධිර පරීක්ෂණයක් කිරීමෙන් එම තත්ත්වය හඳුනාගත හැකිය.
මවකගේ ගැබෙහි වැඩෙන දරුවාගේ යම් දෝෂ සහිත තත්ත්වයක් පෙනේ නම් එය නිවැරදිව හඳුනා ගැනීමට ගර්භ තරලය පරීක්ෂා කිරීමෙන් බොහෝදුරට පුළුවන. මේ හැර දරුවාගේ ශාරීරික දෝෂ ස්කෑන් පරීක්ෂණ මගින් හඳුනාගත හැකිය.

උපත් දෝෂ නැති දරුවකු බිහි කරන්නේ කොහොමද?
කාන්තාවක් නිසි වයසේ දී විවාහවීම, දරුවකු පතන කාන්තාවක් ගැබ් ගැනීමට මාස තුනක පමණ සිට ෆෝලික් අම්ලය ගැනීම ඉතා සුදුසුය. එසේම පිළිසිඳ ගැනීමට මාස තුනකට පෙර රුබෙල්ලා එන්නත ලබාගත යුතුය. දියවැඩියා රෝගී කාන්තාවක් නම් රෝගය නිසි ලෙස පාලනය කර ගැබ් ගැනීමට සිතිය යුතුය. ස්ථුල කාන්තාවක් නම් නියමිත බර ළඟා කර ගත යුතුය. එසේම ගැබිනි සමයේ නිසි වෛද්‍ය උපදෙස් මත පමණක් ඖෂධ, විටමින් ලබා ගත යුතුය. ගැබ්ගත් පසු එක්ස් කිරණවලට භාජන නොවිය යුතුය.
ලේ ඥාති විවාහයෙන් වැළකිය යුතුය. පරම්පරාවේ උපත් දෝෂ සහිත දරුවන් සිටී නම් වෛද්‍ය උපදෙස් මත පරීක්ෂා කර එවැනි ගැටලූ තිබේ දැයි පරීක්ෂා කර ගැනීම ඉතාම සුදුසුය.
ඉහත සඳහන් අයුරින් දරුවකු පතන කාන්තාවක් සැලකිලිමත් වුවහොත් බොහෝ උපත් දෝෂ වළක්වා ගෙන නිරෝගී දරුවකු බිහි කළ හැකි වේ.

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...