Skip to main content

ල සියුදාද් බ්ලන්කා ධවල නගරය



හොන්ඩුරාස් යනු දකුණු ඇමෙරිකාවට එසේත් නැතිනම් ලතින් ඇමෙරිකාවට අයත් රාජ්‍යයකි. ගෞතමාලාවට, එල් සැල්වදෝරයට සහ නිකර්ගුවාවට පැති තුනකින් හොන්ඩුරාස් මායිම් වෙයි. අනෙක් පැත්තෙන් ඇත්තේ කැරිබියානු මුහුදය. හොන්ඩුරාස් වැසි වන්තරය අබිරහස් පිරුණු තැනකි. මෙම අඳුරු ගුප්ත අඳුරු වැසි වනාන්තරයේ සැඟවුණු රහස් බොහොමයකි.
ජනකතා සහ මිත්‍යා කතා අනුව, මේ වැසි වනාන්තරයේ සැඟවු​ණු යෝධ පුරවරයක් ඇත. මේ පුරය, කුඩා නගර කිහිපයකින් සැදුම් ලද්දකි. ‘ජගුවරයාගේ නගරය’ යනුවෙන් හැඳින්වෙන්නේ ඊට අයත් එක් නගරයකි. යෝධ පුරවරය, ‘සැඟවුණු ධවල පුරය’යන නමින් ද ‘වානර දෙවියන්ගේ පුරය’ යන නමින් ද හැඳින්වෙයි. ‘ජගුවරයාගේ නගරය’ සොයා ඝන වනාන්තරයේ ගවේෂණයක යෙදුණු ගවේෂණ කණ්ඩායමක් අපූරු සොයා ගැනීමකට දායක විය. ඔවුන්ට හමුවූයේ ඉතා වටිනා නිධානයකි. ඒ, නිධානය කාසි හෝ මුතු මැණික් හෝ නොවෙයි. ගවේෂණ කණ්ඩායම සොයා ගත්තේ සත්ව විද්‍යාඥයන්ට ආගන්තුක වූ නව සත්ව විශේෂ කිහිපයකි.
‘ජගුවරයාගේ නගරය’ ඇතැයි සැක කළ වනාන්තර ප්‍රදේශය ගවේෂණය කළ  කණ්ඩායමට ජීව විද්‍යාඥ ට්‍රොන්ඩ් ලාර්සන් අයත් විය. එම වනාන්තර ප්‍රදේශයෙන් සොයා ගැනීමට හැකිවුණු නව ශාක සහ සත්ව විශේෂ තමන් මවිතයට පත් කළ බව ට්‍රොන්ඩ් ලාර්සන් පවසා ඇත්තේ මහත් ආශාවෙනි. ‘මධ්‍යම ඇමෙරිකාවේ දකින්න ලැබුණු ජෛව විවිධත්වයෙන් බහුලතම ප්‍රදේශය මෙයයි. නව සත්ව විශේෂ පමණක් නොවෙයි, වඳවීමේ තර්ජනයට ලක් වුණැයි සැක කෙරෙන සත්ව හා ශාක විශේෂ ද අපට හමුවුණා’ යැයි ට්‍රොන්ඩ් ලාර්සන් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පවසා ඇත.
ට්‍රොන්ඩ් ලාර්සන් ඇමෙරිකන් ජීව විද්‍යාඥයෙකි. ගවේෂණයට ඔහු සමඟ වර්ජිනියා ජනපදය කේන්ද්‍ර කොට ගනිමින් පිහිටුවූ රාජ්‍ය නොවන සත්ව හා ශාක සුරැකීමේ සංවිධානයේ ජීව විද්‍යාඥයෝ රැසක් දායක වූහ. ගවේෂණ කණ්ඩායමට හොන්ඩුරාස් රජයේත් හමුදාවේත් සහාය නොඅඩුව හිමිවිය. හෙලිකොප්ටරවලින් වනාන්තරය අද්දරට ගිය කණ්ඩායම වනාන්තරයට පිවිසුණේ, හොන්ඩුරාස් හමුදාවේ ද සහාය ඇතිවය. වනාන්තරයේ මත් කුඩු ජාවාරම්කරුවන් ද සැඟවී ඔවුන්ගේ ජාවාරම් කරන බව පැවැසෙයි. ගවේෂණ කණ්ඩායමට හමුදාවේ ආරක්ෂාව හිමිවූයේ එහෙයිනි.
ශාක විශේෂ 180 ක්, කෘමි විශේෂ 250 කට වැඩි ප්‍රමාණයක් ද කුරුලු, උරගර සහ ක්ෂීරපායී වි​ශේෂ 198 ක් ද සොයා ගැනීමට ගවේෂණ කණ්ඩායම සමත් විය. ගංගාවකින් නව මත්ස්‍ය විශේෂයක්, දුර්ලභ සුදු පැහැති මුහුණක් සහිත වවුල් විශේෂයක් හමුවිය. මේ වවුල් විශේෂය හොන්ඩුරාස් රාජ්‍යයෙන් වඳ වී යන්න ඇතැයි අනුමාන කළ වවුල් විශේෂයකි.
මේ වවුලන් යළි හමුවී ඇත්තේ වසර 75 කට පසුවය. ඊට අමතරව අසාමාන්‍ය ලෙස ඇහිබැමක් ඇති පිඹුරු විශේෂයක් මෙන්ම රතු ඇස් ඇති ගස් ගෙම්බන් විශේෂයක් ද සොයා ගැනීමට ග​වේෂණ කණ්ඩායමට හැකිවිය.
මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් දිනෙන් දින පරිසර පද්ධති අහිමි වීමෙන් සතුන් සහ ශාක විශේෂ ලොවෙන් අතුරුදන් වෙද්දී, මෙවැනි සොයා ගැනීමක් කිරීමට හැකිවීම සතුටක් බව හොන්ඩුරාස් රාජ්‍යය කියයි. ශාක සහ සත්ව විශේෂ පමණක් නොව, හමුවුණු නව සත්ව හා ශාක විශේෂ ද සුරැකීම තම රජයේ අරමුණ වී ඇති බව හොන්ඩුරාස් රාජ්‍යය ​පවසා තිබේ. ඉදිරියේ දී වැසි වනාන්තරයේ නව සත්ව සහ ශාක සොයා ගවේෂණ සිදු කිරීමට බලාපොරොත්තු වන බව ද හොන්ඩුරාස් බලධාරීහු වැඩිදුරටත් කියා සිටිති.
සැඟවුණු ධවල පුරය ‘ල සියුදාද් බ්ලන්කා’ යන නමින් හැඳින්වෙයි. මෙය මධ්‍යම ඇමෙරිකාවට අයත් හොන්ඩුරාස් රාජ්‍යයේ නැගෙනහිර වැසි වනාන්තරය මැද ජනාවාස බිහිවී නිර්මාණය වුණු පුරාණ පුරවරයක් ලෙස විශ්වාස කෙරේ. මෙම පුරවරය මහ විශාල එකකි. පසුකාලීනව වනාන්තරය විසින් බිලි ගන්නා ලද මේ පුරය මීට පෙර සම්පූර්ණ වශයෙන් සොයා ගෙන තිබුණේ නැත. වනාන්තරවය් තැනින් තැන මේ පුරවරයේ යැයි සැක කෙරෙන විවිධ පුරාවිද්‍යාත්මක සාක්ෂි හමුවී ඇත.
ධවල පුරය ලෙස හැඳින්වෙන මෙම පුරාණ නගරයට තවත් නමක් ඇත. ඒ, වානර දෙවියන්ගේ නගරය යනුවෙනි. 16 වැනි සියවසේ ජනකතාවක වානර දෙවියන් සහ ඔහුගේ නගරය ගැන සඳහන් වෙයි. එම ජනතකාවලට අනුව, වානර දෙවියන් ආධිපත්‍ය පතුරුවා ඇත්තේ නගරයේ මනුෂ්‍යයන් බිය ගන්වමිනි. මිනීමස් කෑ මෙම වානර දෙවියන්ට සුරෑපී තරුණියන් විවාහ කර දී ඇත. වානර දෙවියන්ට විරුද්ධ වූ පිරිස් වානර දෙවියන්ට බිලි දී ඇත. වානර දෙවියන්ට බාර දුන් තරුණියන්ට අර්ධ මිනිස් අර්ධ වානර දරුවන් බිහිවුණු බව ජනකතාවල සඳහන් වෙයි.
වානර දෙවියන් ගැන කියද්දී, රාමායණයේ හනුමන්තා සිහියට නැගෙයි. හනුමන්තා වීරයෙකි. එපමණක් නොව, චීන සාහිත්‍යයේ ද සදා අමරණීය වානරයෙක් සිටී. ඒ, සන් වූ කොං ය. දෙව්ලොව කලබල කරමින් පසුව ත්‍රිපිටකය සොයා දඹදිව බලා වික්‍රමයකට එක් වුණු මෙම වානර රජුගේ වික්‍රම ඇතුළත් පොත් පෙළ සහ පසුව නිර්මාණය වූ රූපවාහිනී කතා, කාටූන් කතා සහ චිත්‍රපට ලොකු කුඩා කා අතරේත් ජනප්‍රියය.
ජනප්‍රිය ඇමෙරිකන් ලේඛක රයිඩර් හැගාඩ් බිහි කළ ඇලන් කෝටමේන් නමැති සුදු දඩයක්කරුගේ එක් වික්‍රමයක් වන්නේ ‘හියු හියු’ ය. ‘හියු හියු’ නවකතාවට පාදක වන්නේ අප්‍රිකාව මැද සැඟවුණු පුරයක කතාවය. මේ පුරයේ සිටින හියු හියු යෝධ නපුරු වානරයෙකි. හොලිවුඩය ජයගත් වානර රජකු වන්නේ ​කිං කොංග් ය. මහ මුහුද මැද සැඟවුණු ‘සකල් දූපත’ කිං කොංග්ගේ රාජධානියයි.
1927 දී මානව විද්‍යාඥ එදුවාද් කොන්සෙමියුස් සැඟවුණු ධවල පුරය සම්බන්ධයෙන් වාර්තාවක් සටහන් කළේය. ඒ, වනාන්තරය මැද පිහිටි මේ පුරවරයට අහම්ඹෙන් පය තබන්න ලැබුණු පුද්ගලයන්ගේ ඇසින් දුටු සාක්ෂි පාදක කර ගනිමිනි. පුරයේ සියලු ගොඩනැගිලි සහ නිවාස සුදු පැහැයෙන් යුක්ත යැයි ඔවුන් පවසා ඇත. සුදු හුණුගල් වැනි ගල් විශේෂයකින් නිවාස සහ ගොඩනැගිලි ඉදිකර තිබුණු බවත්, එම නිසා මුලු පුරවරයම සුදු පැහැයෙන් දිස්වුණු බවත්, එහෙයින් එය ධවල පුරය යන නමින් හැඳින්වෙන බවත්  මානව විද්‍යාඥ එදුවාද් කොන්සෙමියුස් සිය වාර්තාවේ සටහන් කර ඇත.
1939 දී වනාන්තරයේ වීර වික්‍රමයක යෙදුණු තියෝදෝර් මොර්දේ කියා සිටියේ තමන්ට ‘වානර දෙවියන්ගේ පුරය’ සොයා ගැනීමට හැකි වුණු බවය. කෙසේ නමුත් පුරය පිහිටි ස්ථානය පැවැසීමට පෙර මොර්දේ අබිරහස් අන්දමින් මියගිය බව පැවැසෙයි. මෝර්දේගේ සටහන් අනුව යමින් පසු කාලීනව බොහෝ දෙනෙක් වනාන්තරය මැද සැඟවුණු ‘ධවල පුරය’ සොයා ගවේෂණවල නියැලුණාහ. ඒත් නගරය සොයා ගැනීමට ඔවුන් සමත් වූයේ නැත. එමෙන්ම, තවමත් වානර දෙවියන්ගේ පුරවරය ගැන කිසිදු සාක්ෂියක් සොයා ගැනීමට කිසිවකු සමත් වී නැත

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...