Skip to main content

වකුගඩු රෝග හඳුනා ගන්නා මූලික පරීක්ෂණ

කිසිඳු රෝගයක් මතුපිටින් නිරීක්ෂණය කොට තහවුරු කිරීම නිවැරැදි පිළිවෙත නොවෙයි. රෝගීන් ඖෂධ පවා ලබා ගත යුත්තේ වෛද්‍ය නිර්දේශයට යටත්ව විය යුතු අතර රෝගය නිශ්චිතවම අනාවරණය කර ගැනීමෙනි.
වකුගඩු රෝගය පිළිබඳව විමසීමේදීද මූලික ලක්ෂණ පෙන්නුම් කළ වහාම විවිධ පර්යේෂණ මගින් රෝගී තත්ත්වය අනාවරණය කර ගත හැකිය. වකුගඩු රෝග හඳුනා ගැනීමට යොදා ගන්නා පරීක්ෂණ කිහිපයකි. ඒවා රුධිර, මුත්‍ර, ස්කෑන් යනුවෙන් කොටස් 03ක් යටතේ වර්ග කෙරේ.
රුධිර පරීක්ෂණ -
ලේ පරීක්ෂණය යනුවෙන්ද හැඳින් වෙන්නේ මෙයයි. serum creatinine සහ  estimated glomentar filtration යනුවෙන් පරීක්ෂණ වර්ග 02කි.
serum creatinine -
ක්‍රියැටිනීන් යනු මාංශපේශී ක්‍රියාකාරීත්වයෙන් රුධිරයට එකතු වන සංඝටකයකි. වකුගඩුවේ නිසි ක්‍රියාකාරීත්වය මත මෙය රුධිරයේ ස්ථාවර මට්ටමක පවත්වා ගනී. සාමාන්‍යයෙන් මෙම අගය 0.5-1.5mg /dl  සහ  44-132micromol /l වේ.
estimated glomentar filtration rate-
මෙයින් වකුගඩුවේ පෙරීමේ කාර්යය නිර්ණය කෙරේ. එනම් සීරම් ක්‍රියැටිනීන්  අගයේ ඇති වන වෙනස්කම් නිසා වකුගඩුවේ පෙරීමේ ක්‍රියාකාරීත්වය නිර්ණය කිරීමට යොදා ගන්නා ගණනය කිරීමකි.මෙයින් විනාඩියකට රුධිරය කොපමණ මිලි ලීටර් ප්‍රමාණයක් වකුගඩුවෙන් පෙරෙනවාද යන්න සොයා බැලේ. සාමාන්‍ය පුද්ගලයකුගේ මෙම අගය 90-120 ml/min වේ.
මුත්‍ර පරීක්ෂණය -
මුත්‍රවල ඇති ප්‍රෝටීන්, ග්ලූකෝස්, රතු රුධිරාණු, සුදු රුධිරාණු වැනි සංඝටක නිර්ණය කෙරේ.
ස්කෑන් පරීක්ෂණ - ultra sound scan
වකුගඩු රෝගයක් ඇති හෝ නැතිද යන්නත් , එවන් රෝගයක් දිගු කලක් පවතීද යන්නත්, මුත්‍ර පෙරීමේ අවහිරතා මෙන්ම මුත්‍රවල ගල්, මුත්‍රාශයේ ක්‍රියාකාරීත්වය , පුරුෂ පක්ෂයේ පුරස්ථි ග්‍රන්ථිවල ස්වභාවය වැනි තොරතුරු රැසක් මෙමගින් සොයා ගත හැකිය.
ct scan -
වකුගඩුවල ගල් පවතින අවස්ථාවලදීත් , මුත්‍ර පෙරීමේදී සිදුවන අවහිරතා හඳුනා ගැනීම සඳහාද ඇතැම්විට මෙය උපකාරී වේ.
DTPA - diethyl enetriamine pentaacetic acid -
ශරීරයෙහි ඇති වකුගඩු දෙකෙහිම පෙරීමේ ක්‍රියාකාරීත්වය නිර්ණය කරන පරීක්ෂණයකි. එක් වකුගඩුවක් පමණක් දුර්වලයැයි සැක කෙරෙන අවස්ථාවලදී මෙය යොදා ගැනේ.
වකුගඩු බයොප්සි පරීක්ෂණය - renal biopsy
මෙය සිදු කිරීමට නිර්දේශ කරන ආසන්නතම හේතු මෙසේය.
01) වකුගඩුවේ ප්‍රදාහ ඇති විටෙක
02) වකුගඩු අකරණිය ඇති වීමට හේතු නිර්ණය කිරීමෙදී
03) වකුගඩුවෙන් ප්‍රෝටීන පිටවීමේදී
04) රතු රුධිරාණු වකුගඩුවෙන් පිටවන අවස්ථාවලදී
අල්ට්‍රා සවුන්ඩ් නම් උපකරණයෙන් වකුගඩුව දෙස බලමින් සිහින් දිග කටුවක් භාවිතයෙන් හැරිවැට්ටවීම මගින් මෙය සිදු කෙරේ. මෙයාකාරයට වකුගඩුවෙන් ලබා ගන්නා කුඩා කැබැලි අන්වීක්ෂය මගින් පරීක්ෂා කර නිගමනයක් ලබා ගැනේ.

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...