Skip to main content

හෘදයාබාධයක් හඳුනා ගන්නේ කොහොමද


ආචාර්ය චන්දිමා විජේගුණවර්ධන පැහැදිලි කරයි

ශරීරයේ ඉතා වැඩි වැඩ කොටසක් කරන හදවත නිරෝගීව තබා ගැනීම යහපත් සෞඛ්‍යයකට මංපෙත් විවර කිරීමකි. ශරීරය තුළ හෘදයේ ක්‍රියාකාරීත්වය කිසි විටෙක නැවැත්විය නොහැකියි. හෘදයට වැඩිපුර වැඩ කළායැයි කෙදිනකවත් නිවාඩු ගත නොහැකියි. ශරීරයේ සැතපුම් 60000ක් පමණ දිනපතා රුධිරය පොම්ප කරන හෘද වස්තුව නොනවත්වා රාජකාරියේ යෙදෙයි. සියලුම රුධිර බින්දු හෘද වස්තුව මඟින් පොම්ප කර ශරීරයට මුදා හැරේ.
අද රිය අනතුරු, යුද මරණවලටත් වඩා හදවත් රෝග නිසා මිය යන ප්‍රතිශතය ඉහළ ගොස් ඇත. හෘදයාබාධවලට ගොදුරු වී පසුතැවෙනවාට වඩා කල්තියා හඳුනාගැනීමෙන් ඉන් ආරක්ෂා විය හැක.
හෘදයාබාධයක් හඳුනා ගන්නේ කෙසේද?
පපුවේ මැදින් සියුම් වේදනාවක් ඇරැඹේ. එය පෙනහලු 02කට මැද්දෙන් පටන් ගනී. එය පපුව තෙරපෙන්නාක් මෙනි. ක්‍රම ක්‍රමයෙන් වේදනාව වැඩි වී වම් අත පහළට හෝ හක්ක දෙසට විහිදී යා හැකිය. දිගින් දිගටම දැනෙන වේදනාව පිට පැත්තේ උරපත් ඇට 02 අතරටද විහිදේ. එනම් ශරීරයේ කොඳු නාරටිය පිටුපස  පෙදෙසටත් ව්‍යාප්ත විය හැකි බවයි. බඩේ දැවිල්ලක් ලෙස දැනීමක් ඇති විය හැකියි. මීට සමගාමීව දැඩි හිසරද ගතියක්, වමනය සහ ඔක්කාර ගතියක් දැනේ. පපුවේ ගැස්ම වැඩි වේ. හුස්ම ගැනීමේ අපහසුවක් දැනේ. අධිකව දහදිය දමයි.
හෘද රෝගයක් ඇති වීමට බලපාන ප්‍රධාන සාධක
දුම්පානය
දිනපතාම දුම්පානය කරන පිරිස් නොදැනුවත්වම සිරුරට එකතු කර ගන්නා නිකොටින් ප්‍රමාණය ඉහළ යයි. මේවා නහරවල බැඳී කාලයක් මුලුල්ලේම දුම්පානයේ යෙදීම නිසා
නිකොටින් පෙනහලු දක්වා බැඳෙන්නට පුලුවනි. හෘද වස්තුවේ පැවැත්මට මෙය සුබදායී නොවේ.
අධික කොලෙස්ටට්‍රෝල්
ශරීරයේ ඇති සියලුම ඛනිජ, විටමින්,මේදය සහ ලුණු ප්‍රවාහනය කරන්නේ රුධිරයයි. මෙහිදී මේදය වැඩි නම් ඒවා නහරවල තැම්පත් වේ. සමහර විට යම් යම් ස්ථානවල වැඩිපුර තැම්පත් වේ. නහර වක්‍ර වීම නිසා හෘදය මඟින් රුධිරය පොම්ප කිරීම අඩපණ කරයි. සමහර මේදය එක්තැන් වූ ස්ථාන පිපිරීමෙන් රුධිරය ගණ වේ. රුධිර කැටි ඇති වීමද හෘද රෝගවලට හොඳ මූලාරම්භයකි.
ස්ථුලතාව
සිරුරේ මේදය තැම්පත් වීම සහ කාබෝහයිඩ්ඩ්‍රේට් අඩංගු ආහාර වැඩිපුර ගැනීම නිසාත් ඇඟේ බර වැඩි වේ.
අධි රුධිර පීඩනය
පිටතින් ලබා ගන්නා ආහාරවල ලුණු වැඩි වීම නිසා සිරුරේ අභ්‍යන්තරයේ නිෂ්පාදනය කරන ලුණු ප්‍රතිශතය වැඩි වීමෙන් අධි රුධිර පීඩනය ඇතිවේ. හදවතේ පීඩනය වැඩි වීමෙන් සෑම විනාඩියකටම හදවතට ඇතුලු වන රුධිර බින්දු ප්‍රමාණය වැඩි වීමෙන් හදවත රෝගාතුර වේ.
කායික ව්‍යායාම අඩු වීම
දියවැඩියාව -මෙකී රෝගීන්ගේ රුධිරය බරින් වැඩි වීම නිසා ශරීරයේ ගමන් කරන්නේ ඉතා මන්දගාමී ස්වරූපයකිනි. සමහර රෝගීන්ගේ රුධිර නාල බිත්ති බර වීම නිසා පුපුරා යයි. එය හෘදය වස්තුවට සුබදායී වේ.
මානසික අසහනය
සිත් කම්පන, වෛරී සහගත හැඟුම්, කළහ,අමනාපකම්, හෘද රෝග ඇති වීමට තෝතැන්නකි.
ජන්ම ප්‍රවේනිය
තම පවුලේ සාමාජිකයකුට හෝ ලේ ඥාතියකුට හෘද රෝග ඇත්නම් තමන්ටද එය වැළඳීමේ අවකාසය ඇත.
මීට අමතරව මෘදු ජලය භාවිත කිරීම, උපත් පාලන පෙති භාවිතය, අධික කෝපි පානය, උපත් බර අඩු වීම වැනි අප්‍රධාන සාධකද බලපානු ලැබේ.

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...