එහෙත් ඇලෙක්‌සැන්ඩර් µaලෙමිං 1928 දී පෙනිසිලින් ප්‍රතිජීවකය සොයාගැනීමත් සමඟ ඇති වූ වෛද්‍ය විද්‍යාත්මක විප්ලවය මිනිසාගේ හිස සිට දෙපතුල දක්‌වා වූ අට අනූවක් රෝග පීඩා සඳහා විවිධාකාර පෙති, කරල්, සිරප් වර්ග නිෂ්පාදනයට අනුබල දෙන ලදි. මේවා බොහෝමයක් රසායනාගාර තුළ කෘත්‍රිම ව නිෂ්පාදිත ඖෂධ වර්ග ය. තව ද මේ බොහොමයකගේ සංයුතිය හෝ මානව සිරුර තුළ ක්‍රියා කරන ආකාරය පිළිබඳ ව රෝගීන් සතු දැනුම ඉතා අල්ප ය. කණගාටුවට කාරණය නම් මේවා රෝගීන්ට නියම කරන වෛද්‍යවරුන්ට පවා සමහර ඖෂධවල රසායනික ක්‍රියාකාරිත්වය හා සංයුතිය පිළිබඳ ව එතරම් පුළුල් අවබෝධයක් නො වීම ය. හතු පිපෙන්නා සේ දිනපතා එළිදකින ඖෂධ, වෛද්‍යවරුන් හට කඩිමුඩියේ බෙදා හරින්නන්ට ද ඒ සඳහා කාල වේලාවක් නැතිවා සේ ය.
ජගත් ප්‍රජාව තුළ මෙන් ම ශ්‍රී ලංකාව තුළ ද ඖෂධ අවභාවිතය, මිනිසාගේ ආයු කාලය දිගු කරනු වෙනුවට අකල් මරණයකින් අවසන් කිරීමට තුඩු දී ඇත. මෙහි දී සෞඛ්‍ය ක්ෂේත්‍රය මුහුණ දෙන ප්‍රධාන, එවැනි තත්ත්වයන් කිහිපයකි.
a). ප්‍රතිජීවක ඖෂධ අනිසි ලෙස භාවිතය.
b). වෛද්‍ය උපදෙස්‌වලින් තොර ව වේදනානාශක භාවිතය.
c). මානසික රෝගී තත්ත්වයන් පාලනයට යොදාගන්නා ඖෂධ මත්ද්‍රව්‍යයන් ලෙස අවභාවිතය.
d). ස්‌ටෙරොයිඩ කාණ්‌ඩයේ ඖෂධ තහනම් උත්තේජක ලෙස ලබාගැනීම.
e). ශාකසාර ඖෂධ හා ආලේපන අවභාවිතය.
මේ අතර ප්‍රධාන ය.
ප්‍රතිජීවක ඖෂධ (Antibiotics) අවභාවිතය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ජාත්‍යන්තර හා දේශීය සෞඛ්‍ය අංශ තුළ සැලකිල්ලක් ඇති වූයේ බොහෝ කලක සිට ය. කෙසේ නමුත් ඖෂධ නිෂ්පාදන සමාගම් තරගකාරී ලෙස ප්‍රතිජීවක හඳුන්වා දීම නිසා ජනතාව තුළ ද වෛද්‍ය වෘත්තිකයන් තුළ ද මේ පිළිබඳ ව ඇති වූයේ වැරැදි අවබෝධයකි.
උදාහරණයක් ලෙස ශ්වසන පද්ධතිය ආශ්‍රිත ව සෑදෙන සෙම්ප්‍රතිශ්‍යාව වයිරසයක් මඟින් ආසාදනය වන්නකි. එහෙත් ඉතා කුඩා ළදරුවන්ට පවා ප්‍රතිජීවක ලබා දීම මඟින් ඔවුන්ගේ සෞඛ්‍යයට එල්ල වන බලපෑම අතිමහත් ය. ද්විතීයික ව ඇති වන බැක්‌ටීරියා ආසාදන සඳහා පමණක් ප්‍රතිජීවක භාවිත කළ යුතු බව මේ වන විට තහවුරු කරගෙන ඇත. තව ද සමෙහි ඇති වන ආසාදන සහ බාහිර ශ්‍රවණ නාළයේ පැසවීම්වලට පවා ප්‍රතිජීවක ආලේපන වර්ග මිස, ප්‍රතිජීවක පෙති, කරල් ලබාදීමට ඉක්‌මන් නො විය යුතු බව ක්ෂුද්‍ර ජීව විද්‍යාඥයන්ගේ මතයයි.
ප්‍රතිජීවක ඖෂධ සඳහා අප මෙතරම් බිය විය යුතු ද? මෙය රෝගීන් සහ සාමාන්‍ය ජනයා තුළ ඇති වන සාධාරණ ගැටලුවකි. නිතර නිතර බැක්‌ටීරියා නො වන ආසාදන සඳහා ප්‍රතිජීවක භාවිතය තුළින් එම ඖෂධ සඳහා ප්‍රතිරෝධතාව (Antibiotic resistance) ඇති වීම මෙයට හේතුවයි. උදාහරණ ලෙස කුඩා දරුවන්ගේ මැද කනේ ඇති වන ආසාදන සඳහා අධි මාත්‍රාවෙන් ලබා දෙන ප්‍රතිජීවක මඟින් එම බැක්‌ටීරියා තුළ ඖෂධය සඳහා ප්‍රතිරෝධයක් ඇති වේ. එවිට නැවත නැවත ඇති වන බැක්‌ටීරියා ආසාදනවල දී ඖෂධය නිසි පරිදි ක්‍රියාත්මක නො වීම නිසා එම දරුවාට ජීවිතය පවා අහිමි විය හැකි ය.
මෙහි දී අනවශ්‍ය ලෙස ප්‍රතිජීවක ඖෂධ ලබා දීමට එරෙහි ව වෛද්‍යවරුන්ට හා රෝගීන්ට ම දොස් පැවරිය නො හැකි ය. මේ වන විට අප අකැමැත්තෙන් ම අප තුළට ප්‍රතිජීවක බලහත්කාරයෙන් ඇතුළු වෙමින් පවතියි. ඒ පශු සම්පත හරහා ය.
ගව, කුකුළු පාලනයේ දී බොහෝ ගොවිපොළ හිමියන් වතුරට සහ ආහාරවලට ද, එන්නත් ලෙස ද සතුන්ට ප්‍රතිජීවක අඩංගු සංයෝග ලබා දෙන බව ප්‍රසිද්ධ රහසකි. එබැවින් එවැනි සතුන්ගේ මස්, බිත්තර, කිරි ආහාරයට ගැනීම තුළින් මිනිසාට අහිතකර ප්‍රමාණවලින් ප්‍රතිජීවක ශරීරගත වේ.
වෛද්‍ය නිර්දේශයකින් තොර ව හෝ අධි මාත්‍රාවෙන් වේදනානාශක (pain killers) භාවිතය ද ප්‍රතිජීවක මෙන් ම අහිතකර ප්‍රතිඵල කැඳවයි. අප එදිනෙදා ඔසුසල්වලින් වෛද්‍ය උපදෙස් රහිත ව මිල දී ගන්නා (over thecounter drugs) පැරසිටමෝල්, ඇස්‌ප්‍රින් හා NSAIDS වර්ගයේ 'ඩයික්‌ලෝෆිනැක් සෝඩියම්' වැනි ඖෂධ මඟින් දීර්ඝකාලීන ව ඇති කරන හානිය අති මහත් ය.
එක් අතකින් මේවා නිදන්aගත වකුගඩු රෝග (chronic kidney diseases) ඇති කිරීමට සමත් වන අතර ආඝාතය (stroke) වැනි ස්‌නායු පද්ධතිය ආශ්‍රිත ආබාධ ඇති කිරීමට ද හේතු වේ. මේ වේදනානාශක අතර අහිංසක යෑයි මෙතෙක් සැලකූ - NSAIDS වර්ග ද ආහාර මාර්ගය ආශ්‍රිත තුවාල ඇති කිරීමට සමත් වන්නේ දීර්ඝකාලීන ව භාවිතයට ගැනීම නිසා ය. තව ද ශ්‍රී ලංකාවේ 'ඩෙංගි' රෝගීන් වෛද්‍ය උපදෙසින් තොර ව Diclofenac වැනි වේදනානාශක භාවිත කර මරණයට පත් වූ අවස්‌ථා ද වාර්තා වේ.
Opioids අඩංගු වේදනානාශක අධි මාත්‍රාවෙන් ගැනීම තුළින් මිනිස් මොළයේ සංවේදක ප්‍රදේශ (sensory areas) සහ පර්යන්ත ස්‌නායු අකර්මණ්‍ය කරන හෙයින් මේවා වෛද්‍ය උපදෙස් මත ම ලබාගත යුතු ය. අවාසනාවන්ත සිද්ධිය වන්නේ මේ වේදනානාශක බොහොමයක් වේදනාව තුරන් කළ ද කිසිදු රෝග මූලයක් (cause of disease) සුව නො කිරීමයි.
ඖෂධ අවභාවිතය ගැන විමසන අපට මානසික රෝගී තත්ත්වයන් පාලනයට යොදාගන්නා ඖෂධ ගැන සඳහන් නො කර ම බැරි ය. පාලනය කරගත නො හැකි එවැනි රෝගීන් සඳහා යොදාගන්නා ඉතා වටිනා ඖෂධ පවා අවභාවිත කිරීම මහත් ෙ€දවාචකයකි. මේවා බොහෝ විට මත්ද්‍රව්‍ය ලෙස භාවිතය හා අලෙවිය අප රට තුළ ද ජයට ම සිදු වේ. මේ යටතේ නිද්‍රකාරක (sedatives) ඖෂධ, උත්තේජක ඖෂධ මූලික වේ. මේවා වෛද්‍ය උපදෙස්‌වලින් තොර ව අධි මාත්‍රාවෙන් ගැනීම තුළින් මධ්‍ය ස්‌නායු පද්ධතිය ම (CNS) අඩපණ වී නිද්‍රdශීලී බව, වෙව්ලීම, කෑම අරුචිය වැනි ලක්ෂණ ඇති විය හැකි ය.
පොදුවේ 'නිදි පෙති' නමින් සාමාන්‍ය ජනවහරේ පවතින මේ ඖෂධ, සිය දිවි නසාගැනීමේ මාධ්‍යයක් ලෙස ද යොදාගැනීම හේතු කොටගෙන ඒවායේ ඖෂධ නාම හා වෙළෙඳ නාම මෙහි සඳහ්න නො කෙරෙයි.
එමෙන් ම මානසික ව ඇති වන විෂාදය වැනි තත්ත්වයන් සඳහා ලබා දෙන ඖෂධ වන Alprazolam, Diazepam හා Zolpidem ද අද වන විට අවභාවිතය හා ඔසුසල් මඟින් වෛද්‍යවරයාගේ තුණ්‌ඩුවක් නැති ව විවිධ ක්‍රම මඟින් මිල දී ගැනීමට ජනතාව පෙලඹී ඇත. මේ අතර පාසල් සිසුන් පවා සිටීම අහිතකර තත්ත්වයකි. මෙලෙස ඇබ්බැහි වූවන්ගේ ලක්ෂණ ලෙස හුස්‌ම ගැනීමේ අපහසුව, අමතක වීම, සමබරතාව නැති වීම වැනි දීර්ඝකාලීන අපහසුතා ඇති වන බව දක්‌නට ලැබේ. අධික ව ඇබ්බැහි වූවන් හට තද නිදිබර ස්‌වභාවය, සිහි නැති වීම හා මරණය පවා ඇති විය හැකි ය.
ජාත්‍යන්තර ක්‍රීඩා ක්ෂේත්‍රයේ මෙන් ම කලින් කල ශ්‍රී ලාංකේය ක්‍රීඩාවේ ද පුවත් මවන තවත් ඖෂධ අවභාවිතයකි, ස්‌ටෙරොයිඩ (Steroids) ඖෂධ අනිසි ලෙස යොදාගැනීම. මෙහි දී ඇන්ෙඩ්‍රාaජෙනික් ස්‌ටෙරොයිඩ (AndrogenicSteroids) අන්තර්ගත හෝමෝන, මුඛ මාර්ගයෙන් හෝ එන්නත් ලෙස ලබාගැනීමට ක්‍රීඩකයන් පෙලඹෙන අතර එමඟින් රුධිරයේ තිබෙන සාමාන්‍ය මට්‌ටමට වඩා වැඩි 'පුරුෂ හෝමෝන' (Testosterone) සාන්ද්‍රණයක් ඇති කරන බව සොයාගෙන ඇත.
මෙහි වක්‍ර අරමුණ වන්නේ සාමාන්‍ය ආහාර සහ ව්‍යායාම මඟින් වඩවාගත යුතු මාංශ පේශීන් හෝමෝන මඟින් අධි වර්ධනය කරගැනීමයි. එක් අතකින් මෙය සාධාරණ ව තරග වදින ක්‍රීඩකයන්ට අසාධාරණයක් වනවා සේ ම මේ 'තහනම් උත්තේජක' ලබාගන්නා ක්‍රීඩකයා ද අකාලයේ රෝගී වී මරණයට පත් වීමට මුලකි. මොවුන් බොහෝ විට අධි රුධිර පීඩනය, රුධිරගත මේද මට්‌ටම ඉහළ යැම සහ හෘද අකර්මණ්‍යතාවට ලක් වන බැව් සොයාගෙන ඇත.
අද ලෝකයේ නව ප්‍රවණතාවක් ව පවතින ශාකසාර ඖෂධ හා ආලේපන (Herbal products) ගැන ද කතා නො කර ම බැරි ය. ගමේ, තෙල් බෙහෙත් විකුණන්නාගේ සිට Facebook ඇතුළු සමාජ මාධ්‍ය ජාල ඔස්‌සේ අතොරක් නැති ව අලෙවි කෙරෙන මේ නිෂ්පාදන බොහෝ විට භාවිත කෙරෙන්නේ කිසිදු වෛද්‍ය අනුමැතියකින් තොර ව ය. ජාත්‍යන්තර ව මෙන් ම ලංකාව තුළ ද මේ ශාකසාර රූපලාවණ්‍ය ආලේපන පිළිබඳ විද්‍යාත්මක ප්‍රමිතිකරණයක් සිදු ව ඇත්තේ අල්ප වශයෙනි. බොහෝ නිෂ්පාදනවල ශාක සංඝටක අඩංගු වුව ද ඒවා කල් තබාගැනීමට, සුවඳ ගැන්වීමට යොදාගෙන ඇත්තේ බැර ලෝහ පවා අඩංගු රසායනික ද්‍රව්‍ය බව සොයාගෙන ඇත. මේවා කලක් භාවිත කිරීම චර්ම පිළිකා සඳහා අතවැනීමක් වේ.
එසේ ම ශරීරය කෙට්‌ටු කරගැනීම සඳහා යෑයි කියමින් වෙළෙඳපොළට එන බොහෝ ඖෂධ ද අධික ලාභයක් අපේක්ෂාවෙන් විවිධ හෝමෝන හා රසායනික ද්‍රව්‍ය එක් කර නිෂ්පාදනය කොට ඇත. මේවා ශරීරයේ පරිවෘත්තීය රටාව විකෘති කරන අතර අවසානයේ ශරීරය කෙට්‌ටු වුව ද, ඉතිරි වන්නේ රෝගී වූ සිරුරක් පමණි.
ඖෂධ අවභාවිතයේ ප්‍රතිවිපාක අවම කරගැනීමට ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාව පැනනැඟී ඇති මොහොතකි මේ. ඖෂධ නිෂ්පාදකයන්, වෛද්‍යවරුන්, ඖෂධවේදීන් මෙන් ම සාමාන්‍ය ජනයා ද මේ පිළිබඳ දැනුවත් විය යුතු අතර එහි දී විශාල මෙහෙයක් විද්‍යා සන්නිවේදකයන් ඇතුළු සමස්‌ත ජනමාධ්‍යවලට ද කළ හැකි ව තිබේ.
රෝග වැළඳුණ පසුව ඖෂධ පෙවීමේ කලාවට තිත තබා ඒවා ඇති වීම වැළැක්‌වීමට මීට වඩා අපගේ අවධානය යොමු කළ යුතු ව ඇත. ඖෂධ යනු මානව වර්ගයාගේ හිතසුව පිණිස සිටින ළබැඳි මිතුරෙකිෘ එම මිතුදම ඉදිරියටත්
Comments
Post a Comment