Skip to main content

වයස නොයන රහස්

සැමදා තරුණව සිටීමේ රහස දැන ගන්න ඔබ කැමතිද ? එහෙමනම් වයසට යාම පමා කරන ඖෂධීමය ගුණයෙන් යුත් ආහාර මොනවාද යන්න දැන ගන්න... 
ඔයා වයසට යන්නේ නෑනේ.. එදා වගේමයි... මේ අයුරින් ඔබ ද පවසා ඇතුවාට සැක නැත.. සමහර දෙනෙක් අවුරුදු පනහ ඉක්මවා ගිය ද... ඔවුන් වෙතින් දිස් වන්නේ අවුරුදු තිහ හතළිහක පෙනුමකි... නීරෝගීය. ඔයාට මොන ප‍්‍රශ්න ද තියෙන්නේ.. ඔයා ගේ හිත හොදායි.. මෙවන් ආකාරයේ පිළිතුරුද ඔබ අසා ඇත... සැබවින්ම මේ ආකාරයෙන් තරුණ බව පෙන්වන හේතු අතර සිතට පමණක් ප‍්‍රධාන තැනක් ලබා දෙන්නේ නැත... ඒ සඳහා ආහාරද ප‍්‍රධාන වේ.. උදාහරණයක් ලෙස ගුජරාට් වැනි ප‍්‍රාන්ත වල ජිවත් වන මිනිසුන් ගේ සම කහ පැහැතිය. එයට හේතුව ඔවුන් නැවුම් කිරි ඇතුඵ පස්ගෝ රස, දිනපතා ආහාරයට ලබා ගන්නා අතර නිර්මාංස ජිවිත ගත කිරීමයි.
නීරෝගි බවෙන් තොර පංචකල්‍යාණයෙන් වැඩක් නැහැ
පංච කල්‍යාණයෙන් යුතුව නීරෝගි බව ආරක්ෂා කරමින් ජිවත්වීමට හැකිවීම මිනිසා ලද භාග්‍යයකි. නීරෝගී බවකින් තොර පංච කල්‍යාණයක් කිසි විටෙකත් හිමි නොවන අතර, අප සැම විටම උත්සාහ කළ යුත්තේ නීරෝගි බව ආරක්ෂා කර ගැනීමටය. එමඟින් පංච කල්‍යාණයෙන් යුත් සිරුරක් හිමි කර ගැනීමට අවස්ථාව ලැබේ. පංච කල්‍යාණ සම්පත්තියට දන්ත, චවි, මාංශ, කෙස් හා වයස් යන කොටස් පහ ඇතුළත් වේ. බාහිර වශයෙන් අලංකාරව පෙනෙන කොටස් වල මනා පෙනුම පවත්්වා ගැනීමට උත්සාහ කළ යුතු අතර, දන්ත, මාංශ, කේෂ, චවි යන ඒ්වා ආරක්ෂා වූ සැණින් වයස් කල්‍යාණය හෙවත් වයසට වඩා අඩුවෙන් වයස පෙනීම නිරායාසයෙන් ම සිදුවෙනු ඇත.
තරුණ කාලයේදී ආරම්භ කළොත්, වයසට ගියත් තරුණපෙනුම රැඳේවි
මෙම වයස් කල්‍යාණය ආරක්ෂා කර ගැනීමට ආයුර්වේදයේ තුළ මනා උපදෙස් රාශියක් ම ලබා දී ඇත. එහිදි සිරුරේ සියලූම පද්ධති වල නීරෝගි බව ආරක්ෂා කිරීම ප‍්‍රධාන කරුණයි. මේ සඳහා තරුණ කාලයේදී ම, අවශ්‍ය ක‍්‍රියා මාර්ග ලබා ගත යුතුව තිබේ. සිරුරේ සියලූ කොටස් වල වයසට යාම සමග ගෙවි යාම්, ක්ෂය වී යාම් නිරන්තරයෙන් සිදු වේ. නිසි පෝෂණයක් නොලැබීම, අධික වෙහෙසීම, සමහර රෝග, මානසික ආතතිය යන කරුණු සිරුරේ ගෙවි යාම වැඩි කරනු ඇත. මේ නිසා සිරුරට හිතකර ආහාර තුළින් නිසි පෝෂණයක් ලබා ගැනීම එම තත්ත්වය පාලනය කළ හැකි එක් ක‍්‍රියා මාර්ගයකි. වර්තමානය වන විට සමාජයේ වැඩි පිරිසක් අකලට මහලූවිම වැනි ලක්ෂණ බොහොමයක් පෙන්නුම් කරති. අකලට හිසකෙස් සුදු වීම, අකලට හිසකෙස් ගැළ වී යාම, අකලට දත් ගැළ වී යාම, අකලට ඇති වන සන්ධි රෝග, චලන අපහසුතා අකලට සම රැුලි වැටීම ඊට උදාහරණ කිහිපයකි.

කොළ කැඳ ඔසු පැන් දිනපතා පානය කරන්න
මෙලෙස වයසට යාමේ පෙනුම පමා කිරීමට නිසි පෝෂණය ලබා ගැනීම ඉතාමත් වැදගත්ය. තරබාරු බව හෝ කෙසග බව පවතී නම් එම තත්ත්වයන් ද දුරු කර ගැනීමත් අවශ්‍ය වේ. සැමදා තරුණ බව පවත්වා ගෙන යාමට ස්වාභාවික ආහාර වලින් ලැබෙන්නේ අපමණ වූ මෙහෙයකි. සමට මෙන්ම සිරුරේ බොහෝ කොටස් වලට හානි කරන ලූණු සහ තෙල් සහිත ආහාර භාවිතය අවම කළ යුතුය. සිරුරේ වර්ණය, හිසකෙස් වල වර්ධනයට වැදගත් වන කොළ කැඳ, ඔසු පැන් දිනපතා පානය කිරීම ඉතාමත් වැදගත්ය. එසේම සිරුරේ පැහැපත් බව තවදුරටත් ආරක්ෂා කර ගැනීමට කිරි ගිතෙල් ඇතුඵ පස්ගෝ රස දෛනිකව භාවිතා කරන්න. කිරි, ගිතෙල්, වෙඬරු, මෝරු, බටර් යන දාව්‍ය පස්ගෝ රසට ඇතුළත් වේ. මෙම ආහාර ලබා ගැනීමෙන් සිරුරට ශක්තිය ලැබෙන අතර, රන්වන් සමක් ලබා ගැනීමට උපකාරී වේ. තවද එමඟින් සමෙහි රැුලි වැටිම නවතා දමයි.
නෙල්ලි, අරළු තරුණ පෙනුම වැඩි කරයි
තවද සිරුරේ වයසක පෙනුම පමා කිරීමට ලබා ගත යුතු ඖෂධීය ඵළ වර්ග ගැන ද සඳහන් කර තිබේ. උදාහරණයක් ලෙස නෙල්ලි සහ අරළු වලට ලබා දී ඇත්තේ සුවිශේෂී ස්ථානයකි. මේවා දෛනිකව භාවිතා කිරිමත් අවශ්‍ය වේ. දිනපතා අවම වශයෙන් නෙල්ලි ගෙඩි තුන හතරක් වත් ආහාරයට ලබා ගැනීමෙන් වයසට යාම පමා කර ගත හැකිය. අරළු ද එම ශක්තිය ඇති පලතුරක් ලෙස ආයුර්වේදයේ සඳහන් වේ. එසේ වුවත්, මෙය මෙරට සමාජයේ භාවිතයට හුරුවක් වී නොමැත. සොයා ගැනීමට අපහසු නිසා අරඵ, පලතුරක් වශයෙන් ආහාරයට ලබා ගන්නා බව ද බොහෝ දෙනෙක් නොදනී. මෙහිදි අමු අරළු පලතුරක් ලෙස ආහාරයට ලබා ගත හැකි අතර, වියළි අරඵ නම් එහි කුඩු උණු වතුර සමග මිශ‍්‍ර කර පානයක් ලෙස ලබා ගත හැකිය. හාතාවාරිය අල දිනපතා කැඳක් ලෙස ආහාරයට ලබා ගැනීමෙන් වයසට යාමේ පෙනුම පමා කිරීමට හැකියාව පවතී. එසේම තල ආහාරයට ගැනීමෙන් ද තරුණ බව රැුකදේ.

රසායනික ප‍්‍රතිකාර
ආයුර්වේදයේ වයසට යාම පමා කිරීම රසායන ප‍්‍රතිකාර ලෙස හඳුන්වනු ලබයි. ඒ සඳහා සුවිශේෂී ප‍්‍රතිකාර මෙහි අන්තර් ගත වේ. මෙම ප‍්‍රතිකර්මය ආරම්භ කිරිමට පෙර පංචකර්ම ප‍්‍රතිකාර සිරුරට සිදු කළ යුතුව තිබේ. එය ප‍්‍රායෝගිකව කිසියම් කැප කිරීමක් සිදු කරමින් කළ යුතු ප‍්‍රතිකාර පද්ධතියකි. නමුත් එමගින් ලැබෙන ප‍්‍රතිඵළ ඉතා උසස් තත්ත්වයක පවතී. මේ සඳහා යොමු වන්නේ නම් වෛද්‍යවරයෙකුගේ උපදෙස් අවශ්‍ය වේ. එසේ වුවත්, ඉහත සඳහන් කරන ලද ආහාර වලින් ද මෙමගින් ලැබෙන ගුණය ලබා ගැනීමට හැකිය. ආහාර ගැනීමේදී ප‍්‍රමාණය ගැන විශේෂ අවධානයක් යොමු කිරීම වැදගත්ය. කුස ගින්න ඉතිරි වන පරිදි ආහාර ලබා ගැනීම, සිරුරේ මනා පෙනුමට හේතුවක් වන බව ආයුර්වේදයේ සඳහන් වේ. ඊට අමතරව හොඳින් ජලය පානය, මළ මූත‍්‍ර නිසි වේලාවට පිට කිරීම ද අවශ්‍ය කරුණු අතර පවතී. මස් මාංස ආහාරයට ලබා ගැනීම අවම කළ යුතුය. වයසට යාම පෙනුම පමා කිරීමට නිර්මාංශ ආහාර රටාව ඉතාමත් වැදගත් වේ. මස් මාංස ආහාරයට ගැනීමේදි අප සිරුරේ පේෂීන් ද වැඩෙන අතර, ප්‍රෝටීන ද වැඩිය. ඒවායේ නිෂ්පාදනය වී එන විෂ කොටස් සමේ පෙනුමට හානි කරය.

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...