Skip to main content

විටමින් - සී අඩු වුණොත් ?

ආචාර්ය චන්දිමා විජේගුණවර්ධන

වර්තමානයේ ඇති විටමින් අතුරින් විටමින් සී යනු ජනප්‍රිය නාමයකි. Ascrobic acid යනුවෙන් හඳුන්වන්නේද  විටමින් සී වේ. මිනිස් සිරුරේ සෛලවලට සේම සතුන්ගේ සිරුරේ සෛලවලටද විටමින් සී අවශ්‍යතාව පැන නගී. ඒවා සිරුර තුළද නිෂ්පාදනය කෙරේ. ඊට අමතරව අප ලබා ගන්නා ආහාර මගින්ද මෙම විටමිනය සිරුරට එකතු වේ. වයස සේම ගැහැණු , පිරිමි බෙදීම අනුවත් කිරි දෙන මවුවරු සේම ගැබිණි මවුවරුන්ටද අවශ්‍ය විටමින් සී ප්‍රමාණය වෙනස් වේ. 

සෞඛ්‍ය කෙරෙහි බලපැවැත්ම
ඉන්ද්‍රිය රැකවරණය සේම lipo protein molecules කියන මේද විශේෂය ආරක්ෂා කරමින් සිරුර අභ්‍යන්තරයේ විස හරණය කරයි.

විටමින් සී අඩු වීමෙන් හට ගන්නා රෝග
scury ආසාදනය, විදුරුමස්වලින් ලේ වහනය වීම, සම අවපැහැ වීම, තුවාල සුව වීමට කල් ගත වීම, සුව නොවී පැවතීම, ස්නායු පද්ධතියේ ඇති අපහසුතා සහ බිඳ වැටීම්, සාමාන්‍ය උණ තත්ත්වය, සෙම්ප්‍රතිශ්‍යා ආසාදනය ඇතුළත්ව වණ වීම්, අසාත්මිකතා, ඇදුම රෝගය, බ්‍රොන්කයිටීස්, පෙණහලුවල ආරක්ෂාවටද විටමින් සී අවශ්‍ය වේ. 
එසේම නහර ආශ්‍රිත සියලුම රෝග, හෘදයාබාධ ඇතුළත්ව ඇටමිදුළු ආශ්‍රිත රෝග, පිළිකා, ඇස් අමාරු, තෛරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත තත්ත්ව, අක්මාව ආශ්‍රිත ඇති සියලු රෝග සඳහා විටමින් සී සෘජුවේම බලපායි. 
ඉහත රෝගවලින් පෙළෙන පුද්ගලයන් විටමින් සී වැඩිපුර ලබා ගැනීම සුදුසුයි. මීට අමතරව මුහුණේ ඇතිවන ඇක්මී තත්ත්වයටත්, මතට ඇබ්බැහි වූ පුද්ගලයන්ටත් විටමින් සී සුදුසුයි. 
ඔට්සම්, කුඩා දරුවන් මානසික ආතතියෙන් පෙළෙන විය, දියවැඩියා පුද්ගලයන්, මළ බද්ධයට, පාකින්සන් රෝගීන්හට විටමින් සී අවශ්‍යතාව ඉහළයි. 

විටමින් සී අහිතකර තත්ත්වය
විටමින් සී වැඩිපුර ගැනීමෙන් මුත්‍රා ආශ්‍රිත රෝග සෑදේ. විශේෂයෙන් යූරින් ඇසිඩ්  සහ වකුගඩුවේගල් හට ගැනීමේ අවස්ථා ඇති කරයි. එසේම osmotic diarrhoea . මෙය වරින් වර බඩ බුරුල්ව යාමේ තත්ත්වයයි. තරුණ පරපුර අතර සුලභව දැකිය හැකිය. එහි ප්‍රතිඵලයක් ලෙස වැඩිපුර වාර ගණනක් සිදුවේ. 
යම් පුද්ගලයෙකුගේ සිරුරට දිනකට ඇවැසි යකඩ ප්‍රමාණය ආහාර මගින් රුධිරයේ තැම්පත් කිරීම විටමින් සී මගින් ඉටු වේ. එබැවින් ඇනීමියා, යකඩ ඌනතාවෙන් පෙළෙන ළමයින්ට, කාන්තාවන්ට විටමින් සී අවශ්‍යතාව සපුරා ගත හැකිය. 
අතුරු ආබාධ ඇති වන්නේ ඔබ දිගුකාලීනව විටමින් සී පෙත්තක් ලෙස භාවිත කළ හොත් පමණි. ඒත් ආහාර මගින් මෙම අවශ්‍යතාව සපුරා ගත්තාට වරදක් නැත. ආහාර පිසීමේදී කිසිම එළවළුවක් විනාඩි 20ක් 30ක් අතර දිගු කාලයක් පුරා තම්බා නොගත යුතුයි. එහිදී ඒවායේ පෝෂණ ගුණයද වියැකේ. 
දිනකට වැඩි වාර ගණනක් දුම් බොන පුද්ගලයන්ගේ සිරුරේ වේගයෙන් විටමින් සී අඩුවේ. සමහර පුද්ගලයන්ගේ රුධිරයේ යකඩ වැඩිවීමේ අවස්ථාද රතු රුධිරානු මට්ටම ඉහළ යන අවස්ථාද ඇතිවේ. එවැනි අය විටමින් සී වැඩිපුර ගැනීමේදී පරෙස්සම්  විය යුතුය. 

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...