Skip to main content

ඉක්මනට බැඳලා දරුවන් පමා කරන්නේ ඇයි?



විවාහක කාන්තාවක් ගැබ් ගැනීම යුවළකට ඉතා සුබ ආරංචියකි. එහෙත් විවිධ හේතු නිසා ගැබ් ගැනීම් ප‍්‍රමාද කරන අඹුසැමි යුවළ අද පෙරට වඩා දක්නට ලැබේ. මෙයින් ගැබ් ගැනීම් පමා විය හැකි අතර සමහරුන්ට එය සිහිනයක්බවට පත්වන අවස්ථා ද තිබේ.

සාමාන්‍යයෙන් කාන්තාවක් ගැබ් ගැනීමට ඉතාම සුදුසු වයස වන්නේ වයස අවුරුදු 20 - 35 අතර කාලයයි. වයස අවුරුදු 35 න් පසු කාන්තාවකගේ ගැබ් ගැනීමේ සම්භාවිතාව අඩු වේ. එසේම උපදින දරුවාගේ ගැටලූ ඇතිවීමේ සම්භාවිතාවද වැඩි වේ. විශේෂයෙන් ‘ඩවුන් සින්ඩ්‍රෝම්’ වැනි දරුවන් බිහිවීමේ අවස්ථාව වැඩිය. එනම් වයස අවුරුදු 35 - 40 කාලයේ ගැබ් ගැනීමෙන් උපදින දරුවාට මෙම ගැටලූ ඇතිවීම බෙහෙවින් වැඩිය.

නිසි කලට දරුවකු ගැබ් ගැනීමෙන් මවත් දරුවාත් නිරෝගී වෙයි. එමෙන්ම මවුපියන් මහලූවීමට පෙර දරුවන්ගේ දරුවන් බැලීමට පවා පුළුවනි. එසේම දරුවකු සිටීම යුවළක් පවුලක්බවට පත් කිරීමක් ද වේ. එනිසා විවාහක යුවළක් පවුලේ ආර්ථික ගැටලූ, අධ්‍යපන අවශ්‍යතා වැනි අනෙකුත් ප‍්‍රශ්න කොතෙක් තිබුණත් නිසි වයසට දරුවකු ගැන සිතීම ඉතාම වැදගත්ය. සාමාන්‍යයෙන් කාන්තාවක් ගැබ් ගැනීමට ඉතාම සුදුසු වයස වන්නේ වයස අවුරුදු 20 - 35 අතර කාලයයි. වයස අවුරුදු 35 න් පසු කාන්තාවකගේ ගැබ් ගැනීමේ සම්භාවිතාව අඩු වේ. එසේම උපදින් දරුවාගේ ගැටලූ ඇතිවීමේ සම්භාවිතාවද වැඩි වේ. විශේෂයෙන් ‘ඩවුන් සින්ඩ්‍රෝම්’ වැනි දරුවන් බිහිවීමේ අවස්ථාව වැඩිය. එනම් වයස අවුරුදු 35 - 40 කාලයේ ගැබ් ගැනීමෙන් උපදින දරුවාට මෙම ගැටලූ ඇතිවීම බෙහෙවින් වැඩිය. මේ හැර ගැබ් ගැනීම් පමා කරන විට වයසට යාම නිසා මවට සෑදෙන රෝගත් දරුවාට බලපෑ හැකිය. එසේම එවැනි රෝග නිසාත් ගැබ් නොගැනීමට පුළුවන. උදාහරණ වශයෙන් මවට දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි රෝග සඳහන් කළ හැකිය. මව මෙවැනි රෝගයකින් පෙළෙයි නම් එය මවටත් දරුවාටත් දෙදෙනාගේම සෞඛ්‍යයට බලපායි. එසේම උපදින දරුවා ආබාධිතවීමේ සම්භාවිතාව වැඩි වේ. අඩු බර දරු උපත් ද, මළ දරු උපත් සිදුවීමටත් හේතු වේ.

ගැබ් ගැනීමට පෙර
මේ නිසා අවුරුදු 35 න් පසු විශේෂයෙන් පළමු ගැබ් ගැනීමක් නම් පහත සඳහන් කරුණු ගැන සැලකිලිමත් විය යුතුය.
ගැබ් ගැනීමට මාස තුනකට පෙර පටන් ෆෝලික් අම්ලය පෙති එකක් දිනපතා ගන්න.
ගැබ් ගැනීමට පෙර දියවැඩියාව, අධිරුධිර පීඩනය, තැලසීමියා වැනි රෝගයකින් පෙළෙන්නේ දැයි පරීක්ෂා කර ගත යුතුය.
ගැබ් ගන්නා කාන්තාවගේ BMI අගය එනම් ශරීර ස්කන්ධ දර්ශකය ගැන සැලකිලිමත් විය යුතුය. බර වැඩි කාන්තාවක්නම් අඩු කර ගැනීමටත්, බර අඩු කාන්තාවක් නම් නිසි බර සකසා ගැනීමටත් උනන්දු විය යුතුය.
අපස්මාරය වැනි රෝගයකින් පෙළෙයි නම් ගැබ් ගැනීමට පෙර තමන් ගන්නා ඖෂධ වෙනස් කරගත යුතුය. ඒ එවැනි නිදන්ගත රෝග සඳහා ගන්නා සමහර ඖෂධ ගැබ් ගත්තාට පසු දරුවාට හානිකර ලෙස බලපාන නිසාය. එසේ ගැබ් ගත් පසු පෙර පරිදිම ඖෂධ ගැනීමෙන් ගැබෙහි වැඩෙන කලලයේ ස්නායුවලට බලපායි. එහෙත් බෙහෙත් නතර කළ යුතු නැත. රෝගයට බෙහෙත් ගත යුතු මුත් එය වෙනස් කිරීම හෝ මාත‍්‍රාව වෙනස් කිරීමට සිදුවනු ඇත.
ගැබ් ගැනීමට පෙර දියවැඩියා රෝගයෙන් පෙළෙන කාන්තාවක් නම් HbA1c නම් රුධිරයේ සීනි පරීක්ෂා කරන පරීක්ෂාව කර එහි අගය අඩුම වශයෙන් ‘6’ ට අඩු කර ගත යුතුය. අධි රුධිර පීඩනයෙන් පෙළෙන කාන්තාවක් නම් ගැබ් ගැනීමට පෙර එය පාලනය කරගත යුතුය.
වකුගඩු වැනි රෝගයකින් පෙළෙයි නම් එය නිසි කලට පාලනය කර වෛද්‍ය උපදෙස් මත ගැබ් ගැනීම අනිවාර්යෙන්ම සිදුවිය යුතුය. මෙම ඉහත සඳහන් ගැටලූවලින් පෙළෙන කාන්තාවක් ගැබ් ගත් පසු විශේෂ අවදානම් සහිත මවුවරුන් ලෙස නම් කර ඔවුන් විශේෂ පරීක්ෂණ සඳහා යොමු කරනු ඇත.

දරු ප‍්‍රසූතිය සිදු කරන ආකාරය
මෙසේ ඉහත ගැටලූ සහිත කාන්තාවකට දරු ප‍්‍රසූතිය සාමාන්‍ය ලෙසට වුවත් සිදුකළ හැකිය. එහෙත් එය වෛද්‍යවරයා පරීක්ෂා කර තීරණය කළ යුතු වේ. මෙවැනි මවක් කොතෙක් ඉල්ලා සිටියත් සිසේරියන් සැත්කම හෝ සාමාන්‍ය ප‍්‍රසූතිය හෝ අනෙකුත් ක‍්‍රමවලින් ප‍්‍රසූතිය සිදු කිරීමට වෛද්‍යවරයා එකඟ නොවේ. එය මවගේ තත්ත්වය අනුව වෛද්‍යවරයා තීරණය කළ යුත්තකි.


ගැටලූවක් නම් පහසුකම් ඇති රෝහලකට යන්න
මවගේ වයස, රෝග තත්වය හෝ යම් ගැටළු සහගත බවක් නිසා විශේෂ අවදානම් සහිත මවක් නිසා එම මව දරු ප‍්‍රසූතිය සඳහා නාරි හා ප‍්‍රසව විශේෂඥ වෛද්‍යවරයෙකු සේවය කරන රෝහලකට යා යුතුය. එහිදී එතරම් ගැටලූ සහගත නැත්නම් මවගේ පහසුව සඳහා වෙනත් රෝහලකට මාරු කරනු ඇත.


වැඩිම මවු මරණ හදවත් රෝග නිසයි
දරු ප‍්‍රසූතියේදී මෙරට මවු මරණ සිදුවීම ඉතාම අඩුය. එහෙත් තවමත් එවැනි දෑ වාර්තාවන්නේ හදවත් රෝගී කාන්තාවන් ගැබ් ගැනීම මගිනි. එවැනි කාන්තාවක් ගැබ් ගත් පසු මුල් කාලයේ සිටම දැඩි සත්කාර ඒකකයක් සහිත, විශේෂඥ වෛද්‍යවරුන් සේවය කරන රෝහලකට යා යුතුය. ඒ ගැබ් ගැනීමෙන් පසු හෘද ගැටලූ තවත් වැඩිවන නිසාය.
එසේම සමහර කාන්තාවන්ට ගැබ් ගැනීම සුදුසු නැත යැයි හෘද රෝග වෛද්‍යවරු උපදෙස් දී තිබෙන අවස්ථා තිබේ. එහෙත් එවැනි දේ ස`ගවාගෙන සිට ගැබ් ගන්නා අවස්ථා තවමත් අපේ සමාජයේ බහුලව දක්නට ලැබේ. එය ඉතාම බරපතළ ගැටලූවකි. සමහර අවස්ථාවලදී කාන්තාවගේ සැමියා රෝගී කාන්තාවක් බව හඳුනාගන්නේ දරුවකු ගැබ්ගත් පසුවය. ඒ බොහෝවිට ඔවුන්ගේ මවුවරු දියණිය රෝගියකුබව සඟවා විවාහ සිදුකරන නිසාය. මෙයින් පවුල් ප‍්‍රශ්න පවා ඇති වේ. එය එදා මෙන්ම අදත් දක්නට ලැබෙන්නකි. එනිසා හෘද රෝගී කාන්තාවකට ගැබ් ගැනීම නුසුදුසු යැයි වෛද්‍ය අවවාද දී තිබේ නම් ගැබ් ගැනීම සුදුසු නැත. මෙවැනි දේ සඟවා දියණීවරු විවාහ කරදීම ඉතාම වැරදි ක‍්‍රියාවකි. එයින් මවුපියන්ට තම දියණිය අකාලයේ අහිමිවීමටත්, තරුණ සැමියකුට බිරිඳ අහිමිවීමටත්, මවක අහිමි දරුවකු ලොව තනිවීමටත් ඉඩ තිබේ.


Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...