රුධිර නාළ අවහිරවීම නිසා බයිපාස් නම් සැත්කම කළ යුතු යයි වෛද්‍යවරු නියම කළ රෝගීන් ද හෘදයාබාධ රෝගීන් ද නිට්ටාවට සුව කිරීම හෙළ වෙදකමෙන් කළ හැකි බව මට ස්ථීරවම පැවැසිය හැකිය. එසේම වකුගඩු, පිළිකා, දියවැඩියා ආදී රෝග ද පාරම්පරික හෙළ වෙදකමෙන් සුව කළ හැකි බවත් අප අත් දැකීමෙන් දන්නා දෙයකි.
මේදය අධික ආහාර වැඩියෙන් ගැනීමත් ලේ කෝප වන ආහාර වැඩියෙන් ගැනීමත් නිසාද රුධිර නාල අවහිර වීම සිදු වෙයි. ඒ වගේම නිතර කනගාටුවෙන් සිටින නිතර තැති ගන්නා සුළු මොළය වෙහෙසා වැඩ කරන අධික තරබාරු අයටද මත් පැන් දුම් වැටි භාවිත කරන අයටත් වෙහෙස නොවන අයටද ස්ත‍්‍රී පුරුෂ බේදයකින් තොරව රුධිර නාල බිත්ති ඝන වීම සිදු වන්නට ඉඩ ඇත.
රුධිර නාලවල එවැනි අසාමාන්‍ය තත්ත්වයන් ඇති වූ විට පහළ වන රෝග ලක්ෂණ අතරට හිසේ බර ගතිය, කරකැවිල්ල, කන්වල ‘‘හෝ’’ ශබ්දය, මුහුණ ඉදිමුණ ස්වභායත් සමග රත් පැහැ වීම, කම්මැළි ගතියක්් ඇති වීම හා වෙහෙස දැනීම එසේම උදේ කාලයේදී හිස පිටුපස කොටසේ කැක්කුමක් ඇති වීම කල්පනා ශක්තිය අඩු වීම අත් පා හිරිය මස් පෙරලීම ද ආදියයි.
මෙලෙස රුධිර නාළවල විකෘති ස්වභාවය නිසා බොහෝ දෙනෙක් හෘදයාබාධ වලින්ද මොළය අභ්‍යන්තර ලේ වහනයෙන් ද මරණයට පත් වෙති. අපේ පාරම්පරික වෙදකමේ රෝග රැුසකට මුල් වන රුධිර සංසරණය ක‍්‍රමවත් කරන ඉතා වටිනා ඔෘෂධ තිබෙන අතර ඒවා ක‍්‍රමවත්ව නිසියාකාරව පාවිච්චි කිරීමෙන් බොහෝ රෝග සුවකර වීමට හැකියාව ඇති බව අප අත්දැකීමෙන් දන්නා දෙයකි.
කිව යුතු වැදගත්ම කරුණ වන්නේ ලෙඩ හදා ගැනීම පහසුයි සුව කර ගැනීම අමාරුය යන්නය. එම නිසා වා පිත් සෙම කෝප කරවන ආහාර වලින්ද පුරුදු වලින්ද මිදි සිත ගත දෙකම පිරිසිදු ජීවිතයක් ගෙන යාමට ඕනෑම අයකුට හරිම පහසුය.
කිව යුතු වැදගත්ම කරුණ වන්නේ ලෙඩ හදා ගැනීම පහසුයි සුව කර ගැනීම අමාරුය යන්නය. එම නිසා වා පිත් සෙම කෝප කරවන ආහාර වලින්ද පුරුදු වලින්ද මිදි සිත ගත දෙකම පිරිසිදු ජීවිතයක් ගෙන යාමට ඕනෑම අයකුට හරිම පහසුය.
Comments
Post a Comment