මෙම ක‍්‍රීම් බොහෝවිට ෆාමසි, රූපලාවන්‍ය ද්‍රව්‍ය ඇති කඩ සහ Salon මගින් ලබාගත හැක. මෙම ක‍්‍රීම් වර්ග පාවිච්චි කරන විට මුල් දවස්වල සම පැහැපත්වී සමේ ඇති කැළල් නැතිවී සමට ‘සුදු’ පැහැයක් ලැබෙන බව පෙනී යන නිසා බොහෝ දෙනා ඉතා විශාල වශයෙන් මෙම ක‍්‍රීම් වර්ග දීර්ඝ කාලයක් පාවිච්චි කිරීමට නැඹුරු වී ඇත. නමුත් දීර්ඝ වශයෙන් පාවිච්චි කරන විට සමේ විවිධාකාර වෙනස්වීම් සිදුවේ. එයින් ප‍්‍රධානතම වෙනස්කම වන්නේ මුහුණේ කුරුළෑ ඇතිවීමයි. මෙම කුරුලෑ ක‍්‍රීම් පාවිච්චි කරන විටද එසේ නොමැතිනම් ක‍්‍රීම් පාවිච්චිකර නැවතූ විටද මතුවීමට ඉඩ ඇත. මෙම ක‍්‍රීම් වල ලක්‍ෂණයක් වන්නේ ඒවා සම ඇතුළත කුඩා වැලිකැට සේ අතින් ඇල්ලූ විට දැනීමයි. මෙම කුරුලෑ සාමාන්‍ය කුරුලෑවලට වඩා දීර්ඝ කාලයක් පවතින අතර ප‍්‍රතිකාර කිරීමටද අපහසුය.
අනෙක් ප‍්‍රධානම අතුරු ආබාධය වන්නේ මුහුණු අඳුරු පැහැ ගැන්වීමයි. මෙම ක‍්‍රීම් වර්ග කාලයක් පාවිච්චි කරන විට මුහුණේ සම අඳුරු පැහැයට පත්වන අතර සමහර විට තද කළු පැහැති පැල්ලම්ද මතුවේ. මුහුණ පිච්චුණු විකෘති ස්වභාවයක් ගන්නා අතර විටෙක දැවිල්ලද ඇති වේ.
අනෙක් ප‍්‍රශ්නය වන්නේ මුහුණේ ඇතිවන රතු පැහැයයි. මුහුණ අව්වට නිරාවරණය වූ විට රතු පැහැයට පත්වන අතර එම රතු පැහැය මුලදී ඇතිවී නැතිවී යන නමුත් සමහර විට එය දීර්ඝ කාලීනව පැවැතීමද පුළුවන.
මෙම ක‍්‍රීම් භාවිත කර නතර කළ විට මුහුණේ ඉහත සඳහන් කළ ලක්‍ෂණ වැඩිවන අතර නැවත එම ක‍්‍රීම් වර්ගයම ආලේප කළ විට එය මඟ හැරෙන නිසා බොහෝ දෙනෙක් නැවත නැවතත් එම ක‍්‍රීම් වර්ග භාවිතයට පෙළඹී ඇත.
එසේම කල්ගත වන විට ඇස්වටා කළු පැහැය තොල් කළු පැහැගැන්වීම සිදුවිය හැකි අතර දීර්ඝ කාලයක් භාවිත කිරීම නිසා ඇස්වල ආබාධ පවා ඇතිවිය හැක.
දීර්ඝ කාලයක් මෙම ක‍්‍රීම් භාවිත කිරීම මගින් සමේ රෝම වැඩිවීම සමහර විට දක්නට ලැබේ. මෙම අධික රෝම වර්ධනය එම ක‍්‍රීම් නැවතූවිට නැතිවී යයි.
මෙම ක‍්‍රීම් භාවිතයට බොහෝදෙනා පෙළඹී ඇත්තේ සුදුවීමට ඇති ආශාව නිසාය. මෙම ආශාව අපවැනි ඉරු එළිය අධිකව ලැබෙන රටකට සුදුසු නොවේ. අප රටේ ඇති හිරු එළියෙන් ආරක්‍ෂා වීමට ස්වභාවිකව ලැබී ඇති මෙලනින් වර්ණකය අපව හිරු එළියෙන් ආරක්‍ෂා කරයි. මෙම ක‍්‍රීම් වර්ග භාවිත කිරීමෙන් එම ආරක්‍ෂාව නොමැතිවීම නිසා සම පිළිස්සීමට පත්වේ.
මෙම ක‍්‍රීම් වර්ග නිසා සමේ ඇතිවන වෙනස්කම් නැති කිරීමට දීර්ඝ කාලයක් ප‍්‍රතිකාර කිරීමට සිදුවේ. එම ප‍්‍රතිකාර ඉතා ඉවසීමෙන් කළ යුතුය.
සම ‘සුදුවීම’ නොව, පැහැපත් නීරෝගි සමක් ලබාගැනීමට සෑම දෙනාම උත්සාහ කළ යුතුය. ඒ සඳහා වැදගත්ම දෙය වන්නේ ප‍්‍රමිතියෙන් යුතු සාමාන්‍ය සමට ගැලපෙන සමේ තෙතමනය රඳවාගන්නා ක‍්‍රීම් වර්ගයක් සහ අව් ආවරණ ක‍්‍රීම් වර්ගයක් භාවිත කිරීමයි.
තවත් සමහරුන්ට ප‍්‍රධාන ප‍්‍රශ්නය වන්නේ මුළු ඇෙඟ්ම පාට එක සමාන නොවීමයි. එහෙත් අප විසින් තේරුම්ගත යුත්තේ එය හිරු එළියට නිරාවරණය වීම නිසා සමේ ඇතිවන වෙනස්කම් ලෙසයි. අප වැනි රටක ජීවත්වන විට හිරු එළියට නිරාවරණය වන ප‍්‍රදේශ තද පැහැයක් ද ආවරණය වූ ප‍්‍රදේශ ලා පැහැයද ගැනීම සාමාන්‍ය දෙයකි.
Comments
Post a Comment