Skip to main content

සුදු වෙන්නේ බලාගෙනය

අද කාලයේ බොහෝ තරුණ තරුණියන් අතර ‘සුදු’ වීමට ඇති ආශාව නිසා විවිධාකාරයේ ආලේපන සහ පෙති සඳහා නැඹුරු වීමක් දක්නට ලැබේ. මෙම රසායන ද්‍රව්‍ය පෙති, කරල් සහ එන්නත් ලෙසින් ලබාගත හැකිය. මෙම ද්‍රව්‍යයන් අතරින් බහුලවම භාවිත වන්නේ ක‍්‍රීම් වර්ගයයි.
 
 මෙම ක‍්‍රීම් බොහෝවිට ෆාමසි, රූපලාවන්‍ය ද්‍රව්‍ය ඇති කඩ සහ Salon මගින් ලබාගත හැක. මෙම ක‍්‍රීම් වර්ග පාවිච්චි කරන විට මුල් දවස්වල සම පැහැපත්වී සමේ ඇති කැළල් නැතිවී සමට ‘සුදු’ පැහැයක් ලැබෙන බව පෙනී යන නිසා බොහෝ දෙනා ඉතා විශාල වශයෙන් මෙම ක‍්‍රීම් වර්ග දීර්ඝ කාලයක් පාවිච්චි කිරීමට නැඹුරු වී ඇත. නමුත් දීර්ඝ වශයෙන් පාවිච්චි කරන විට සමේ විවිධාකාර වෙනස්වීම් සිදුවේ. එයින් ප‍්‍රධානතම වෙනස්කම වන්නේ මුහුණේ කුරුළෑ ඇතිවීමයි. මෙම කුරුලෑ ක‍්‍රීම් පාවිච්චි කරන විටද එසේ නොමැතිනම් ක‍්‍රීම් පාවිච්චිකර නැවතූ විටද මතුවීමට ඉඩ ඇත. මෙම ක‍්‍රීම් වල ලක්‍ෂණයක් වන්නේ ඒවා සම ඇතුළත කුඩා වැලිකැට සේ අතින් ඇල්ලූ විට දැනීමයි. මෙම කුරුලෑ සාමාන්‍ය කුරුලෑවලට වඩා දීර්ඝ කාලයක් පවතින අතර ප‍්‍රතිකාර කිරීමටද අපහසුය.
 
 අනෙක් ප‍්‍රධානම අතුරු ආබාධය වන්නේ මුහුණු අඳුරු පැහැ  ගැන්වීමයි. මෙම ක‍්‍රීම් වර්ග කාලයක් පාවිච්චි කරන විට මුහුණේ සම අඳුරු පැහැයට පත්වන අතර සමහර විට තද කළු පැහැති පැල්ලම්ද මතුවේ. මුහුණ පිච්චුණු විකෘති ස්වභාවයක් ගන්නා අතර විටෙක දැවිල්ලද ඇති වේ.
 
 අනෙක් ප‍්‍රශ්නය වන්නේ මුහුණේ ඇතිවන රතු පැහැයයි. මුහුණ අව්වට නිරාවරණය වූ විට රතු පැහැයට පත්වන අතර එම රතු පැහැය මුලදී ඇතිවී නැතිවී යන නමුත් සමහර විට එය දීර්ඝ කාලීනව පැවැතීමද පුළුවන.
 
 මෙම ක‍්‍රීම් භාවිත කර නතර කළ විට මුහුණේ ඉහත සඳහන් කළ ලක්‍ෂණ වැඩිවන අතර නැවත එම ක‍්‍රීම් වර්ගයම ආලේප කළ විට එය මඟ හැරෙන නිසා බොහෝ දෙනෙක් නැවත නැවතත් එම ක‍්‍රීම් වර්ග භාවිතයට පෙළඹී ඇත.
 
 එසේම කල්ගත වන විට ඇස්වටා කළු පැහැය තොල් කළු පැහැගැන්වීම සිදුවිය හැකි අතර දීර්ඝ කාලයක් භාවිත කිරීම නිසා ඇස්වල ආබාධ පවා ඇතිවිය හැක.
 
 දීර්ඝ කාලයක් මෙම ක‍්‍රීම් භාවිත කිරීම මගින් සමේ රෝම වැඩිවීම සමහර විට දක්නට ලැබේ. මෙම අධික රෝම වර්ධනය එම ක‍්‍රීම් නැවතූවිට නැතිවී යයි.
 
 මෙම ක‍්‍රීම් භාවිතයට බොහෝදෙනා පෙළඹී ඇත්තේ සුදුවීමට ඇති ආශාව නිසාය. මෙම ආශාව අපවැනි ඉරු එළිය අධිකව ලැබෙන රටකට සුදුසු නොවේ. අප රටේ ඇති හිරු එළියෙන් ආරක්‍ෂා වීමට ස්වභාවිකව ලැබී ඇති මෙලනින් වර්ණකය අපව හිරු එළියෙන් ආරක්‍ෂා කරයි. මෙම ක‍්‍රීම් වර්ග භාවිත කිරීමෙන් එම ආරක්‍ෂාව නොමැතිවීම නිසා සම පිළිස්සීමට පත්වේ.
 
 මෙම ක‍්‍රීම් වර්ග නිසා සමේ ඇතිවන වෙනස්කම් නැති කිරීමට දීර්ඝ කාලයක් ප‍්‍රතිකාර කිරීමට සිදුවේ. එම ප‍්‍රතිකාර ඉතා ඉවසීමෙන් කළ යුතුය.
 
 සම ‘සුදුවීම’ නොව, පැහැපත් නීරෝගි සමක් ලබාගැනීමට සෑම දෙනාම උත්සාහ කළ යුතුය. ඒ සඳහා වැදගත්ම දෙය වන්නේ ප‍්‍රමිතියෙන් යුතු සාමාන්‍ය සමට ගැලපෙන සමේ තෙතමනය රඳවාගන්නා ක‍්‍රීම් වර්ගයක් සහ අව් ආවරණ ක‍්‍රීම් වර්ගයක් භාවිත කිරීමයි.
 
 තවත් සමහරුන්ට ප‍්‍රධාන ප‍්‍රශ්නය වන්නේ මුළු ඇෙඟ්ම පාට එක සමාන නොවීමයි. එහෙත් අප විසින් තේරුම්ගත යුත්තේ එය හිරු එළියට නිරාවරණය වීම නිසා සමේ ඇතිවන වෙනස්කම් ලෙසයි. අප වැනි රටක ජීවත්වන විට හිරු එළියට නිරාවරණය වන ප‍්‍රදේශ තද පැහැයක් ද ආවරණය වූ ප‍්‍රදේශ ලා පැහැයද ගැනීම සාමාන්‍ය දෙයකි.

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...