Skip to main content

පොඩ්ඩක් බොන අයට දියවැඩියා අවදානම අඩුයි

කිසිදා මත්පැන් පානය නොකරන අයට වඩා සතියකට දින තුනක් හෝ හතරක් මත්පැන් පානය කරන අයට දෙවන කාණ්ඩයේ දියවැඩියාව වැළඳීමේ ඉඩකඩ අඩු බව නවතම පර්යේෂණ වාර්තාවක සඳහන් වෙයි.
මෙම පර්යේෂණය මෙහෙයවූ ඩෙන්මාර්කයේ විශේෂඥයන් පවසන්නේ මිනිස් සිරුරේ රුධිරයෙහි අඩංගු සීනි ප්‍රමාණය පාලනය කිරීමෙහි ලා මද පමණින් වයින් පානය හිතකර වන බවය.කෙසේ නමුත් නිර්දේශිත ප්‍රමාණයට වඩා මත්පැන් පානය කිරීම හිතකර නොවන බව මෙම වාර්තාවේ අවධාරණය කර තිබේ.
මෙම පර්යේෂණය සඳහා 70,000ක් පමණ දෙනා සහභාගී කරගෙන ඇත. ඔවුන් මත්පැන් පානය ප්‍රමාණයන් සහ අවස්ථා ගණන පිළිබඳව හැදෑරීමෙන් අනතුරුව මෙම පර්යේෂණය සිදුකර තිබේ.
මහජන සෞඛ්‍ය විශේෂඥයන් අනතුරු ඇඟවීමක් කරමින් කියා සිටින්නේ මත්පැන් පානය හේතුවෙන් පිළිකා, හෘද රෝග සහ අක්මාවේ රෝග වැනි බරපතළ රෝග තත්වයන් කිහිපයක් ම ඇතිවිය හැකි බවය.පානය කරන මත්පැන් ප්‍රමාණය සහ අවස්ථා ගණන මත ප්‍රතිඵල රඳා පවතින බව මෙම පර්යේෂණය මෙහෙයවූ විද්‍යාඥයෝ පවසති.
පර්යේෂණයට සහභාගී වූ පිරිස වසර පහකට පසු පරීක්ෂා කර බැලීමේදී පෙනී ගොස් ඇත්තේ පිරිමින් 859 දෙනෙකුට සහ කාන්තාවන් 887 දෙනෙකුට පළමු හෝ දෙවන කාණ්ඩයේ දියවැඩියාව වැළඳී ඇති බවය.
සතියකට එක්වතාවක් ප්‍රමාණය ඉක්මවා මත්පැන් පානය කරන පිරිස සමඟ සංසන්දනය කිරීමේ දී සතියකට දින තුනක් හෝ හතරක් මද පමණින් මත්පැන් පානය කරන කාන්තාවන්ට දියවැඩියාව වැළඳීමේ අවදානම 32%කින් සහ පිරිමින්ට එම රෝගය වැළඳීමේ අවදානම 27%කින් අඩු වී ඇති බව, පර්යේෂණයට සහභාගී වූ සියලු දෙනා පරීක්ෂා කිරීමෙන් අනතුරුව නිගමනය කර තිබේ.
එමෙන්ම සියලුම මත්පැන් වර්ග එකම ප්‍රතිඵලය ගෙන නොදෙන බවත් වයින් පානය මෙහි දී වඩා හිතකර වන බවත් මෙම වාර්තාවේ සඳහන් වෙයි.
සාමාන්‍ය වෛද්‍ය නිර්දේශය වන්නේ සතියකට මද්‍යසාර ඒකක (Units) 14කට වඩා වැඩි ප්‍රමාණයක් පානය නොකළ යුතු බවය. මෙය සාමාන්‍ය වශයෙන් සමාන වන්නේ සතියකට බීර පයින්ට් හයකට ය. අඩු සාන්ද්‍රනයෙන් යුත් වයින් නම් කුඩා ප්‍රමාණයේ වීදුරු 10කට ය.
මෙම ප්‍රමාණය කොටස් වශයෙන් සතියේ දින තුනක් හෝ හතරක් ඇතුළත පානය කළ යුතු බවත් අතරමැද මද්‍යසාරයෙන් තොර දිනයක් හෝ දෙකක් ගත කළ යුතු බවත් වෛද්‍යවරු පවසති.
නිර්දේශිත මද්‍යසාර ප්‍රමාණය සතියකට දින තුන හතරක් ඇතුළත කොටස් වශයෙන් පානය කිරීම හේතුවෙන් හෘද රෝග ඇතිවීමේ අවදානමද අඩුවන බව වෛද්‍ය මතයයි.
කෙසේ නමුත් මද්‍යසාර කුමන ප්‍රමාණයක් හෝ පානය කිරීම වෙනත් රෝග තත්වයන් 50කට පමණ හේතුකාරක වන හෙයින් මත්පැන් පානය යෝග්‍ය බවට අනුමත කළ නොහැකි යැයි වෛද්‍යවරු අවධාරණය කරති.

Comments

Popular posts from this blog

7 Riveting Facts about the Kandos Man – Upali Wijewardene

Source:  abpic.co.uk  Written by – Ranuli at Omebiz Philip Upali Wijewardene, better known as Upali Wijewardene was one of the most flamboyant and prominent businessman with an empire that not only dominated the Sri Lankan business landscape but also went global. He was Sri Lanka’s first homegrown tycoon and the founder and Chairman of Upali Group, Sri Lanka’s first multi-national business. Upali Wijewardene kick-started his career as a management trainee at Lever Brothers (now known as  Unilever ) where he managed to lock down the job simply based on his basic dining etiquette. However, due to a disagreement with the Chairman of the company, Upali left his job at Lever Brothers. Following the death of his uncle, the Late Senator Sarath Chandradasa, Upali took over  Kandos  with the substantial shares that were allocated to him. The company struggled with the lack of sales, Upali modernized the production process boosting their sales off the charts. Kando...

2වැනි කැරැල්ලේ නියඟයට වැහි වළාවක්වූ මියයන ලොවක නොමියන සිසු විරුවෝ

ආණ්ඩුවේ වෙඩි උණ්ඩයකට ගොදුරුව ප්‍රථමවරට සරසවි සිසුවෙක් මියගියේ 1976 නොවැම්බර් 12වැනිදාය. පේරාදෙණිය සරසවියේ මණ්ඩපාධිපතිවරයාගේ අත්තනෝමතික ක්‍රියා පිළිවෙතට එරෙහිව විරෝධය දැක්වීමේදී එසේ මියගියේ ඩබ්ලිව්. එම්. රෝහණ වීරසූරියයි. කුරුණෑගල උහුමීය දිළිදු ගොවි පවුලක දෙවැන්නා ලෙස උපන් රෝහණ වීරසූරියට සොහොයුරන් සිව් දෙනෙකු විය. වසර 1934දී පිහිටුවන ලද මුදුන්න මහා විද්‍යාලයෙන් සරසවි වරම් ලද ප්‍රථම ශිෂ්‍යයාද ඔහුය. සරසවි සිසුවෙකු දෙවන වරට ඝාතනයට ලක්වූයේ 1984 ජුනි 19වැනිදාය. ඒ පේරාදෙණිය සරසවියේ වෛද්‍ය පීඨයේ දෙවන වසරේ සිසුවෙකු වූ හේවබුලත්කන්දගේ පත්මසිරි අබේසේකර ශිෂ්‍යයාය. මාකස් නේවාසිකාගාරයේ නැවතී සිටි වෛද්‍ය සිසු පත්මසිරි  ඒ වනවිට වෛද්‍ය පීඨයේ දෙවන වසරේ විභාගයෙන් සහ නැවත පෙනීසිටීමේ විභාගයෙන්ද අසමත්වී සිටියද යළි විභාගයට පෙනී සිටීම සඳහා සූදානම්ව සිටි අයෙකි.  එයට පාදක වූයේ වෛද්‍ය පීඨයේ සිඩ්නි ජයරත්න(වෛද්‍යවරයෙකු වශයෙන් කටයුතු කිරීමේදී සිඩ්නි පසු කලෙක හෘදයාබාදයකින් මියගිය අතර නුවර මහාමායා විදුහලේ අධ්‍යාපනය ලත් ඔහුගේ දියණිය අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ශ්‍රී ලංකාවේ තෙවන ස්ථානයට පසුකලෙක පත්විය) ඇතුළ...

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...