Skip to main content

ගෝලීයකරණය වූ දේශගුණ විපර්යාස තුළ බලපෑමට ලක්‌ වන ශ්‍රී ලංකික සමාජ ආර්ථික පසුතලය



ගෝලීයකරණය ලොව සැම දෙයක්‌ ම ගෝලීය බවට පත් කරයි. ඒ අප සැම අයකු ම දන්නා පාරිභෝගික භාණ්‌ඩ, ජාත්‍යන්තර සේවාවන් හා අදහස්‌ පමණක්‌ නො වේ. පාරිසරික බලපෑම් ද ඒ අතර වේ. දේශගුණ විපර්යාස ද එවැන්නක්‌ වන අතර එය ගෝලීයකරණයේ ඌරුව ගනිමින් පරිපාලන මායිම් නො සලකා ලෝකයට ම බලපෑම් කරමින් සිටී.

ඒ අනුව මේ ලිපියෙන් උත්සාහ කරනුයේ මෑත කාලීනව වඩාත් කතා බහට ලක්‌ වන දේශගුණික විපර්යාස පිළිබඳව සාකච්ඡා කිරීමට ය. වඩා ප්‍රදේශීය ප්‍රවේශයක්‌ ලබා දෙමින් මෙහි දී අවධානයට ලක්‌ කරනුයේ ශ්‍රී ලංකාව පිළිබඳව වන අතර ඒ අනුව මෙරට සමාජ ආර්ථික පසුතලයට වන බලපෑම් මෙහි දී අධ්‍යයනයට ලක්‌ කෙරේ. ලිපියේ මූලාරම්භය ලෙස දේශගුණ විපර්යාස යනු කුමක්‌ දැයි හ`දුනාගැනීම වටී. සරලව දැක්‌වූ විට දේශගුණ විපර්යාස යනු ලොව පුරා පවතින දේශගුණික ප්‍රපංචවල වෙනස්‌ වීමක්‌ ලෙස සඳහන් කළ හැකි ය. එහි ප්‍රමුඛ ගාමක බලවේගය ගෝලීය උෂ්ණත්වය වෙනස්‌ වීමයි. ඊට ප්‍රධාන හේතුවක්‌ ලෙස උෂ්ණත්වය දේශගුණ මූලයක්‌ වීම අවධාරණය කළ හැකි ය. ගෝලීය උෂ්ණත්වය වෙනස්‌ වීම හරහා ඒ යටතේ පාලනය වන කාලගුණික තත්ත්වයන් වෙනස්‌ වීමත්, එම වෙනසේ දිගු කාලීන සාමාන්‍යකරණයක්‌ ලෙස දේශගුණික වෙනස්‌ වීමත් අත්දැකිය හැකි ය. මෑත වර්ෂවල ගෝලීය උෂ්ණත්වය වර්ධනය වීමේ ප්‍රවණතාවක්‌ හ`දුනාගත හැකි වූ අතර 2016 වසර ලොව උණුසුම් ම වර්ෂය ලෙස වාර්තා විය. 2018 වන විට වාර්ෂික සාමාන්‍ය උෂ්ණත්වයේ විචලනය සෙල්සියස්‌ අංශක 0.8ක්‌ ලෙස වාර්තා වේ. මේ සමග වෙනස්‌ වන සියලු ම දේශගුණික ක්‍රියාවලි ආන්තික මට්‌ටමක්‌ කරා යා හැකි අතර වර්ෂණ ක්‍රියාවලිය, සුළං රටා ආදී දේශගුණ ක්‍රියාවලි ආන්තික ආකාරයකින් සමාජ ආර්ථික පසුතලයට සම්බන්ධ වනුයේ උපද්‍රව හෝ ආපදා මට්‌ටමිනි.

ශ්‍රී ලංකාවේ වර්ෂාපතනයේ විචලතා අධ්‍යයනයේ දී කාලීනව ලැබෙන වර්ෂාපතනයේ ඉහළ යැම් හ`දුනාගෙන ඇත. ඒ අනුව කෙටි කාලයකින් ආන්තික ලෙස ඇද හැළෙන මෝසම් වර්ෂාව වැනි කාලීන වර්ෂාපතනයන් නිසා ප්‍රේරණය වන නාය යැම් හා ගංවතුර ආපදා සුලබ වී ඇත. පසුගිය කාලයේ මෙරට සිදු වූ නාය යැම් හා ගංවතුර තත්ත්වයන් එම ප්‍රදේශවල සමාජ ආර්ථික පසුතලයන්ට අහිතකර ලෙස හානි කළ අතර, ජීවිත හා දේපළවලට වූ දැඩි අලාභ හානිය තුළ ආපදාවට පාත්‍ර වූවන් ඉතා අස්‌ථාවර තත්ත්වයට පත් විය. ඔවුන් කාලයක්‌ තිස්‌සේ ගොඩන`ගාගත් සමාජ ස්‌ථාවරත්වය බිඳ වැටී වෙනත් පාර්ශ්ව මත යෑපීමට සිදු වූ අතර ශ්‍රී ලංකාව සුබසාධන පරමාර්ථ හා සංස්‌කෘතික හැදියාව පිළිබඳ අවධානය යොමු කළ රටක්‌ ලෙස සැම අවස්‌ථාවක දී ම ආපදාවක වින්දිතයන්ට පහසුකම් සම්පාදනයට යොමු වීම මානුෂීය මට්‌ටමින් ප්‍රශංසනීය වුව ද ඉදිරි සංවර්ධන ක්‍රියාකාරකම්වලට ඒ ඔස්‌සේ ප්‍රතිරෝධයක්‌ නිර්මාණය වේ. මන්ද මෙරට තවමත් සංවර්ධනය වෙමින් රටක්‌ හා එතරම් ශක්‌තිමත් නො වූ ආර්ථිකයක්‌ ඇති බැවිනි.

ජල හි`ගයක්‌ තුළ සමාජ ආර්ථික පසුබිම සාධනීය මට්‌ටමකින් පවත්වාගැනීම ගැටලුකාරී ය. එය නිය`ගය වැනි ආපදාවක්‌ දක්‌වා වර්ධනය විය හැකි තත්ත්වයකි. ලෝක දේශගුණික විචලතාවලට සමගාමී ව දිවයිනේ උතුරු නැෙ`ගනහිර ප්‍රදේශ වල විටින් විට වාර්තා වූ වියළි කාලගුණය තුළ ප්‍රදේශයේ ප්‍රධාන ආර්ථික ක්‍රියාකාරකම වන වී ඇතුළු කෘෂිකාර්මික නිෂ්පාදනවලට දැඩි බලපෑම් එල්ල විය. එය එම ප්‍රදේශයේ සමාජ ආර්ථික පසුතලයේ නිශේධනීය භාවයන් වර්ධනයට තුඩු දිනි. එසේ ම 2018/2019 කාලයේ මහ කන්නය තුළ ඉහළ අස්‌වනු ලබාගැනීමට ප්‍රධාන හේතුවක්‌ ලෙස දේශගුණයේ ආන්තික තත්ත්වය පිටිවහලක්‌ වූ බව දැක්‌වේ. ඒ අනුව බොහෝ අවස්‌ථාවල කෘෂි නිෂ්පාදනවල උච්චාවචනයන් උදෙසා අදාළ කාල වකවානුව තුළ පවතින දේශගුණික පසුබිම හේතුවක්‌ වන බව පැහැදිලි ය. දේශගුණික විපර්යාස නිසා ඉතා අවදානමට ලක්‌ වන කෘෂිකාර්මික භෝග වගා ක්‍රමයක්‌ ලෙස ලෙස වර්ෂාපෝෂිත කෘෂිකර්මය දැක්‌විය හැකි ය. විශේෂයෙන් මෙරට තෙත් කලාපයේ වී නිෂ්පාදනය මීට හොඳ නිදසුනක්‌ වන අතර ස්‌වාරක්‌ෂක තොග ලෙස පවත්වාගත හැකි තෙත් කලාපයේ වී අස්‌වනු බොහෝ විට විනාශ වනුයේ අනපේක්‌ෂිත වර්ෂාපතන විචලතා මඟිනි. තෙත් කලාපයේ අධික වැසි මත වගා බිම් ජලයෙන් යට වීම, ගොයම් ශාක ඇද වැටී අස්‌වනු හානි වීම ආදිය හ`දුනාගත හැකි ය.

ලෝකයේ වෙරළාසන්න කලාපයන් දේශගුණ විපර්යාස තුළ වඩා අවදානමට පාත්‍ර වනසුලු භූගෝලීය ප්‍රදේශ ලෙස හ`දුනාගැනෙයි. ගෝලීය උෂ්ණත්ව වෙනස්‌කම් මත සමුද්‍ර ජල මට්‌ටමේ සිදු වන ඉහළ යැම යන භෞතික සාධකය මෙන්ම බොහෝ විට වෙරළ කලාපයේ ජීවත් වන ජනතාවගේ දරිද්‍රතාව මානුෂ සාධකයක්‌ ලෙස මෙහි දී කැපී පෙනේ. මෙවැනි ජනතාවගේ අස්‌ථාවර ඉදිකිරීම් හා ඔවුන් බොහෝ විට නිරත වන ධීවර කර්මාන්තය ඇතුළු ප්‍රාථමික ආර්ථික ක්‍රියාකාරකම් යන ද්විත්වය ම දේශගුණ විපර්යාස තුළ අවදානමට ලක්‌ වේ. මෙවැනි පිරිසට ආපදාවක්‌ තුළින් නැ`ගී සිටීමේ ආර්ථික ස්‌වශක්‌තිය අවම වීම එම ජනාතාවගේ සමාජ ආර්ථික පැවැත්මට තවදුරටත් බාධා කරයි. ලයිබීරියාව මෙවැනි තත්ත්වයක්‌ බලපවත්වන රටකට ගෝලීය නිදසුනකි. ශ්‍රී ලංකාවේ ද බටහිර හා නිරිත වෙරළ තීරයේ ව්‍යාප්ත වූ, විශේෂයෙන් අගේ්‍රශ නාගරීකරණය තුළ නිර්මිත අවිධිමත් වෙරළාසන්න ජනාවාස තීරු කොළඹ අගනගරය ආසන්න ව දැකිය හැකි අතර මෙවැනි ජනසංකේන්ද්‍රන තුළ වෙරළට ආසන්න ම ප්‍රජාවේ බොහෝ විට දිස්‌ වනුයේ ද ඉහත අස්‌ථාවර සමාජ ආර්ථික පසුබිම ය. මීට අමතරව කුණාටු වැනි උපද්‍රවවල දී ද වෙරළ කලාපයන් බොහෝ දුරට අවදානමට ලක්‌ වේ.

නාගරික ජනාවාස ආශ්‍රිත ව පවතින කෘත්‍රිම ඉදි කිරීම් සහිත පරිසරය එම ප්‍රදේශවල උෂ්ණත්වය ඉහළ යැමට හේතු වේ. මෙවැනි තාප කේන්ද්‍ර නිර්මාණ තවදුරටත් අවිධිමත්ව ඉදි වන ඉදිකිරීම් මත ඉහළ යා හැකි ය. තවත් අතකින් පවතින දේශගුණ විපර්යාස නිසා වර්ධනය වන උෂ්ණත්වය එම තාප කේන්ද්‍ර තුළට තවදුරටත් ග්‍රහණය විය හැකි ය. මේ නිසා නගරයේ නේවාසික හා නේවාසික නො වන ප්‍රජාවට විවිධ බලපෑම් එල්ල වේ. උෂ්ණාධික මෙවැනි පරිසරයක දිනපතා දැඩි මාර්ග තදබදයක මෙන්ම පොදු ප්‍රවාහන මාධ්‍ය අභ්‍යන්තරයේ ද සිර වෙමින් ගමන් කරන විට ශාරීරිකව හා මානසිකව පීඩා ඇති වේ. විඩාබර මෙවැනි පරිසරවල දී ඔවුන්ගේ ඵලදායිතාව පහළ යා හැකි අතර ශ්‍රමිකයන් හරහා ලබා දිය හැකි සේවාවන් අකාර්යක්‌ෂම විය හැකි ය. එය ඔවුන්ගේත් ඉන්පසු නගරයේ සේවාවන් භුක්‌ති විඳින පර්යන්තයේ ප්‍රජාවගේත් සමාජ ආර්ථික පසුතලයන් පසුගාමී කරවීමට හේතු වේ.

දේශගුණ විපර්යාස තුළ සිදු වන ආන්තික කාලගුණික තත්ත්වයන් නිසා බලශක්‌ති නිෂ්පාදනයට බාධා විය හැකි ය. වඩාත් අවදානමකට පත් වනුයේ ජල විදුලි නිෂ්පාදනය වැනි ප්‍රාථමික බලශක්‌ති මූලයන් ය. ශ්‍රී ලංකාවේ බලශක්‌ති නිෂ්පාදනය තුළ ෆොසිල ඉන්ධනවලට පසු ප්‍රමුඛ දායකත්වය ලබා දෙනුයේ ජලය වන අතර මෙරට ජාතික විදුලි බල නිෂ්පාදන බලාගාර පද්ධතියේ විශාල ප්‍රමාණයක ජල විදුලි බලාගාර ජාලයකි. වර්ෂාව හි`ග කාලවල දී ඇති වන ජල මට්‌ටම පහළ යැම හරහා විටින් විට සිදු වන විදුලි බල කප්පාදුව පිළිබඳව මෙරට ජනතාවට වසර කිහිපයක ම අත්දැකීම් පවතින අතර එවැනි විදුලිය බිඳ වැටීම් තුළ නිෂ්පාදන අංශය ඇතුළු ආර්ථික ක්‍රියාකාරකම් පසුගාමී වේ. මීට අමතර ව සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගැනීමේ සංරෝධක ද නිර්මාණය වෙමින් සමාජ ආර්ථික වශයෙන් දැඩි බලපෑමක්‌ එල්ල කරයි.

මේ අනුව දේශගුණ විපර්යාස තුළ වන සමාජ ආර්ථික බලපෑම සමස්‌ත මට්‌ටමින් හා ප්‍රාදේශීය මට්‌ටමින් විවිධ සමාජ ආර්ථික පසුතලයන් පසුගාමී කරමින් පැතිර තිබීම හ`දුනාගත හැකි ය. මෙවැනි තත්ත්ව කළමනාකරණයට මේ වන විට විවිධ අංශ මැදිහත් වන අතර ඒ පිළිබඳව දීර්ඝව මෙහි දී විස්‌තර නොකර ද සැකෙවින් යමක්‌ කීම වැදගත් ය. දේශගුණ විපර්යාස හා එහි බලපෑම පිළිබඳ පුළුල් අවබෝධයක්‌ සමාජයේ සැම ස්‌ථරයකට ම ලබා දීම සුදුසු වන අතර මෙරට ක්‍රියාත්මක වන දේශගුණ විපර්යාස පිළිබඳ ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය හා රාජ්‍ය නො වන ආයතන ගණනාවක්‌ අද වන විට එම කර්තව්‍යය උදෙසා විවිධ අයුරින් දායක වේ. විශේෂයෙන් තවදුරටත් තිරසාර පුනර්ජනනීය බලශක්‌ති ප්‍රභවයන් ප්‍රචලිත කිරීම තුළ එක්‌ අතකින් දේශගුණ විපර්යාස උදෙසා ඉවහල් වන ගෝලීය උෂ්ණත්වය ඉහළ දමන ෆොසිල ඉන්ධන දහනය අවම වීමත්, තවත් අතකින් දේශගුණික විපර්යාස තුළ විචලනය වන ප්‍රාථමික බලශක්‌ති මූලාශ්‍රවල ධාරිතාව නිසා අවදානමට ලක්‌ ලක්‌ වන සමාජ ආර්ථික ක්‍රියාවලි ද මේ ඔස්‌සේ යාමනය වේ.

විශේෂයෙන් තමා ජීවත් වන පරිසරය සුරක්‌ෂිත කරගැනීම අරබයා සැම අයකුට ම පවතින වගකීම මෙහි දී අවධාරණයට ලක්‌ කිරීම වැදගත් වන අතර දැනටමත් ගෝලීයකරණය වූ දේශගුණ විපර්යාස නිසා අවදාමට ලක්‌ නො විය හැකි සීමාවන් යථාර්ථයේ නො පැවතීම සුවිශේෂී ලෙස සැලකීම සුදුසු ය. ඒ අනුව වඩා යහපත් ජන සමාජයක්‌ හා තිරසාර අනාගතයක්‌ උදෙසා "ගෝලීය ප්‍රවාහයකට ගැළපෙන දේශීය සූදානම" දේශගුණ විපර්යාසවලට ද සම්බන්ධ කරගැනීම කාලීනව ඉතා වැදගත් ය.

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...