Skip to main content

නීරෝගී නම් මෙන්න වාසි

ඔබ කෑම පාලනය කරනවා යැයි කියමු. එසේත් නැතිනම් පෝෂදායී සමබල ආහාර ඔබේ ආහාරවේලට දිනපතා එක් කර ගන්නවා යැයි කියමු. එසේ කිරීමෙන්, ඔබට ලැබෙන වාසි අතිමහත්ය. එයින් ඔබේ බර අඩු වෙනවා පමණක් නොවේ.
සිරුරට හිතකර ආහාර රටාවකට හුරුවීමෙන් ඔබේ සිරුරේ වෙනස්කම් පවා ඔබට දකින්න ලැබේවි. දීර්ඝ කාලීන වුවත් කෙටි කාලීන වුවත් එම වෙනස්කම් ඔබ කායිකව මෙන්ම මානසිකව ද ප්‍රබෝදමත් කරනු ඇත.
ආහාර පාලනය කිරීමෙන් සහ පෝෂ්‍යදායී ආහාර සිරුරට ලබා දීමෙන් ඔබේ ශක්තිය වර්ධනය වෙයි. රුධිරයේ සීනි මට්ටම නිසි ලෙස පවත්වාගෙන යෑමට හැකිවෙයි. දවස පුරාම අලසකමින් තොරව, දෛනික රාජකාරි ඉටු කර ගැනීමට ඔබට හැකිවනු ඇත. සවස්වරුවේ විඩාබර හෝ නිදිමත ගතියක් හෝ නොදැනෙනු ඇත.
නීරෝගී සමකට සහ නීරෝගී නියපොතුවලට ද නිවැරදි ආහාර ඔබට මහෝපකාරී වනු ඇත. සමබල ආහාරවේලක විටමින් සහ ඛනිජ ලවන යහමින් අඩංගුය. සින්ක් සහ කොපර් යනු ඔබේ හිසකෙස් නිරෝගීව වර්ධනයට අවශ්‍ය සාධකයකි. පැහැපත් සමක් ඇත්නම්, ඔබට දිඳුළන පෙනුමක් ද හිමි වෙයි. කිරි ආශ්‍රිත නිෂ්පාදනවල සහ මස්වල මෙම පෝෂණ කොටස් අන්තර්ගත වෙයි. බී විටමින් වර්ග, විශේෂයෙන් බී 6 සහ බී 12 යන විටමින් සහ ෆෝලික් අම්ල හිස් කබලට සහ හිස කෙස්වලට අවශ්‍ය රුධිරය සැපැයීම සිදු කරයි. හිස කෙස් නිරෝගීව වර්ධනය වෙයි. මස් ආහාර, මාලු, බිත්තර, කිරි ආහාරවල මෙන්ම ඇතැම් කිරි ආහාර සහ උදෑසන සීරියල් වර්ගවල ද මෙම පෝෂ්‍ය කොටස් ඇතුළත් වෙයි.
නීරෝගී සුවබර හදවතක් සඳහා තෙල් සහිත මාලු ආහාරයට ගැනීම ගුණදායක වෙයි. කෙලවල්ලා, සැමන්, මැකරල් වැනි මාලු උදාහරණ ලෙස දැක්විය හැකිය. නවතම පර්යේෂණවලින් හෙළි වී ඇත්තේ, තෙල් සහිත මෙවැනි මත්ස්‍ය ආහාර සතියකට වරක් හෝ ආහාරයට එක් කර ගැනීමෙන් හෘද රෝග අවම කරගත හැකි බවය. එය සිදුවන්නේ කෙසේද යන්න පැහැදිලි නොවුවත්, ඔමේගා 3 අම්ලවලින් රුධිරයේ ට්‍රයිග්‍රිසොරයිඞ් පාලනය සිදුවෙයි. රුධිරයට අහිතකර අන්දමින් මේදය එක් වීමන් සිදු නොවේ. එමගින් හෘද රෝග අවම වෙන බවනවතම පර්යේෂවලින් හෙලි වී ඇත.
සමබල නිරෝගී ආහාර වේලක් ගන්නේ නම්, එය ඔබේ සිරුරේ ප්‍රතිශක්තිය වැඩි කරනු ඇත. පලතුරු සහ එළවලුවල බහුලව අඩංගු වන්නේ විටමින් සී ය. විටමින් සී ඔබේ සිරුරේ ප්‍රතිශක්තිය වැඩි කරයි. එය පිළිකාවලින් සහ හෘද රෝගවලින් ඔබ ආරක්ෂා කරනු ඇත. ඔබේ සිරුරට ඇතුළු වන විස ද්‍රව්‍ය සහ සංඝටක නැසීම සිදුවන්නේ විටමින් සී මගිනි. පිළිකා ඇතිවන්නේ සිරුරේ ඩී.එන්.ඒ. අනුවලට සිදුවන හානි මුල්කොට ගනිමිනි. එවැනි හානි අවම කිරීමට ද විටමින් සී උපකාරී වෙයි. විටමින් සී සිරුරට ලබා ගැනීමේ හොඳම ක්‍රමය නම් ඇඹුල් පලතුරුය.
නීරෝගීව සිටීමට නම් අස්ථි සවිමත් විය යුතුය. අස්ථි සවිමත් කර ගැනීමට නම්, ඔබේ ආහාරවේල හරහා සිරුරට අවශ්‍ය ප්‍රමාණයට කැල්සියම් ලැබිය යුතු වෙයි. ඔස්ටියෝපොරෝසස් එසේත් නැතිනම් අස්ථි දුර්වල වීමේ රෝග මඟ හරවා ගැනීමට හැකි වන්නේ එමගිනි.
මේද අඩු ඇතැම් චීස් වර්ග සහ යෝගට් වැනි කිරි ආශ්‍රිත ආහාරවල බහුලව කැල්සියම් අඩංගු වෙයි. එපමණක් නොව, මේද අඩු කිර වීදුරුවක් දිනපතා පානය කරන්නේ නම් එය ද වාසියකි. ඔබ කිරි ආශ්‍රිත නිෂ්පාදන අප්‍රිය කරන්නකු නම්, ඒ ගැන කනස්සල්ලට පත් විය යුතු නැත. කැල්සියම් බහුල තවත් බොහෝ ආහාර වර්ග ඇත. ටෝෆූ, සෝයා, සැමන්, නිවිති, කොට්ටම්බා, බොකටු ගෝවා ආදිය එවැනි ආහාර වර්ගය. කොළ පැහැ එළවලු බොහොමයක කැල්සියම් අඩංගු වෙයි. එපමණක් නොව, මේවායින් බොහොමයක විටමින් ඩී ද අන්තර්ගත වෙයි. දිනපතා සිරුරට අවශ්‍ය කැල්සියම් උරා ගැනීමට උපකාරී වන්නේ විටමින් ඩී ය.
ආහාර පාලනය සහ සමබල ආහාර අනුභවය මගින් නියමිත බර පවත්වා ගෙන යෑමට හැකි වෙනවා පමණක් නොව, දියවැඩියාව ද පාලනය වෙයි. මේද සහිත ආහාර, ලුණු සහ සීනි අඩංගු ආහාර පාලනය කිරීම හෝ අඩු කිරීම මින් මෙය පහසු වෙයි.
නැවුම් පලතුරු සහ එළවලු වර්ග ආහාරයට එක් කර ගැනීමෙන් ඔබේ ජීර්ණ පද්ධතිය ද නිසි ලෙස ක්‍රියාකාරී වෙයි. ආහාර ජීර්ණයේදී පෝෂ්‍ය කොටස් නිසි ලෙස සිරුරට උරා ගනිමින්, ඉතිරිය නිසි පෙස බැහැර වීම සිදුවිය යුතුය. ඒ අනුව, බඩවැල් ආශ්‍රිත පිළිකා, අර්ශස් වැනි රෝග තත්ත්වයන් මඟ හරවා ගැනීමට හැකිවෙයි.
කාන්තාවන්ට ඇති ප්‍රධානතම ගැටලුවක් නම්, අනවශ්‍ය ආකාරයට මේද තැම්පත් වී සිරුරේ මනා හැඩය නැතිවී යෑමය. මෙය කාන්තාවන් බොහෝ දෙනකුට ඇති ගැටලුවකි. ඒත් සමබල නිරෝගී ආහාර මගින් මෙය නැතිකර ගැනීමට හැකිවෙයි. අනශ්‍ය මේද තැම්පත් වීම පමණක් නොව, එල්ලා වැටෙන අනවශ්‍ය මස්පිඬු ද නැති කර ගැනීමට හැකි වනු ඇත

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...