Skip to main content

ඉන්ජෙක්ෂන් ගහපු කාලෙ ඉවරයි

එන්නත් කටු යොදා ගෙන ඖෂධ ශරීරගත කිරීම තවදුරටත් අවශ්‍ය නොවන නව නිපැයුමක් දැන් හඳුන්වා දී තියෙනවා. ඔබට තියෙන්නේ වෛද්‍යවරයා නියම කරන පැලැස්තරය සමෙහි අලවා ගැනීමයි. මේ නව ක්‍රමය ඇමරිකාවේ මැසචුසෙට්ස් විශ්ව විද්‍යාලයේ නව සොයා ගැනීමක්. ඒ පිළිබඳව එහි පර්යේෂකයන් කියන්නේ මේ නව ක්‍රමයෙන් ක්ෂුද්‍ර ඉඳිකටු තුඩු සහිත ‘පච්චයක්’ වැනි පැලැස්තරයක් යොදා ගෙන වඩාත් ආරක්ෂිතව, වේදනා රහිතව අනාගතයේ දී එන්නත් ලබා දිය හැකි බවයි.
ඔවුන් කියන විදියට ඒඞ්ස් වැනි රෝග තත්වයන් ඇති කරන එච්අයිවී ආසාදනවලදී සාමාන්‍යයෙන් එන්නත් දීමේ ක්‍රමයෙන් සිදු වන අවදානමට මුහුණ නොදී මේ නව ක්‍රමයෙන් ඩීඑන්ඒ එන්නත පහසුවෙන් ලබා දිය හැකි බවයි. ‘මයික්‍රොනීඞ්ල් පච්ච’ යනුවෙන් හැඳින්වෙන මේ නව ක්‍රමයේ පැලැස්තරය තනා ඇත්තේ බහුඅවයවික ස්තර ගණනාවක් ඇති ඩීඑන්ඒ එන්නතක් ඇතුළත් කරලයි.
මේ බහුඅවයවික පටල, ‘මයික්‍රොනීඞ්ල්’ (ඉසියුම් ඉඳිකටු තුඩු) භාවිත කරමින් සමට මිලිමීටර් බාගයක් යටින් තැන්පත් කළ හැකියි. අපිචර්මයේ පිහිටි ප්‍රතිශක්ති සෛලවලට ඩීඑන්ඒ ලබා දෙන්නට ඒ ගැඹුර ප්‍රමාණවත්. අපට වේදනාව දැනෙන සමෙහි ස්නායු තුඩු තියෙන්නේ ඊට වඩා පහළින් නිසා මේ ‘මයික්‍රොනීඞ්ල්’ පච්චයේ ඇති ඉතා සියුම් ඉඳිකටු තුඩු ඒවායෙහි ගෑවෙන්නේ නෑ. ඒ නිසා වේදනාව දැනෙන්නේ නැහැ.
සම යට දී මේ බහුඅවයවික පටල එහි ඇති ජලය මිශ්‍ර වීම නිසා අනුක්‍රමයෙන් දිය වී දින හෝ සති ගණනාවක් තිස්සේ එහි අන්තර්ගත කර ඇති එන්නත සිරුර තුළට මුදා හැරෙනවා. බහුඅවයවික පටලය බිඳුණු පසු ඒ බහුඅවයවික කොටස් ඩීඑන්ඒ රැහැන් සමග දැවටී ඒවා ආරක්ෂා කර ගනිමින් ඒවාට සෛල තුළට රිංගා ගැනීමට උදවු කරනවා. මේ ඉසියුම් ඉඳිකටු තුඩු සහිත පැලැස්තරය සම මත ඇල වූ සැණෙන් එහි ඇති ඖෂධය ශරීර ගත වෙන්න පටන් ගන්නවා. ඒක ‘පච්චයක්’ වැනි දෙයක් ඇති කරනව වගෙයි.
මේ ඉසියුම් ඉඳිකටු තුඩු සැලසුම් කරන්න පුළුවන් සමෙහි ඉහළම ස්තර පමණක් විනිවිද යන විදියට. එතකොට ස්නායු අන්ත හා රුධිර නාළවලට ඒවා ළං වෙන්නේ නැහැ. කිසිම වේදනාවක් දැනෙන්නේ නැහැ, අධස්චර්මීය (පිට හමට යටින් වූ) කොටසට එන්නත් කිරීමට ගන්නා ඉන්ජෙක්ෂන් කටුවලින් වගේ. “මේවා භාවිත කරන විට සිරින්ජ අවශ්‍ය වන්නේත් නැහැ.” යැයි මහාචාර්ය ඩැරල් අර්වින් කියනවා. ඔහු මැසචුසෙට්ස් තාක්ෂණික විශ්ව විද්‍යාලයේ ජෛව විද්‍යා ඉංජිනේරු හා වාස්තවික විද්‍යා ඉංජිනේරු අංශයේ මහාචාර්යවරයෙක්. “ඔබට කරන්න තියෙන්නේ මිනිත්තු කීපයක් මේ පැලැස්තරය අලවා තබා එය ඉවත් කිරීම පමණයි. එවිට ඖෂධ කොටස සහිත බහුඅවයවික පටලය සමට කා වැදී පවතිනවා.” ඔහු කියනවා. පර්යේෂකයන් කියන විදියට මේ ‘මයික්‍රොනීඞ්ල් පච්ච’ දැනට භාවිත කෙරෙන්නේ නව පරම්පරාවක ඩීඑන්ඒ එන්නත් සිරුරු ගත කිරීමට පමණයි.
වර්තමානයේ භාවිත වන එන්නත් සිරුර තුළ ප්‍රතිශක්තිය වර්ධනය වීමට උදවු වෙන්නේ ආක්‍රමණශීලී වෙතැයි සැලකෙන රෝග කාරකවලට ප්‍රතිශක්ති පද්ධතියට නිරාවරණය කිරීමෙනුයි. විද්‍යාඥයන්  දැන් සංවර්ධනය කර ගෙන යනවා ඩීඑන්ඒ එන්නතක් ස්පර්ශයෙන් බෝවෙන රෝගවලට. ඒ අනුව ඒවා එන්නත් කළ අයගේ සිරුරු තුළ ආක්‍රමණශීලී රෝග සඳහා අනතුරු හැඟවිය හැකි අණු නිපදවෙනවා. ඒවා හඳුනා ගෙන වඩා ඉක්මනින් ඒවාට එරෙහිව ක්‍රියාත්මක වීමට සිරුරේ ප්‍රතිශක්ති පද්ධතියට හැකි වෙනවා. මෙය සම්ප්‍රදායික එන්නත්වලට වඩා ඉතාමත් කාර්යක්ෂමයි.  කෙසේවෙතත්, පර්යේෂකයන්ට අධික ලෙස වෙහෙසෙන්නට සිදු වුණා, වඩාත් සාර්ථකව මේ එන්නත් සිරුරු ගත කළ හැකි ක්‍රමවේදය සොයා ගන්න. ඒ සඳහා දැන් ඔවුන් විදුලි දහරක් භාවිත කරනවා.
විද්‍යාඥයන් මේ පැලැස්තර රීසස් වඳුරන්ට යොදා පරීක්ෂා කර බැලුවා, මේ ඩීඑන්ඒ එන්නත දුන් පසු කොයිතරම් ප්‍රෝටීන් ප්‍රමාණයක් ඒ සතුන් තුළ නිපදවෙනවාද කියා. ඒ වඳුරන්ගේ සිරුරු තුළ කලින් සාමාන්‍ය අධස්චර්මීය ඉඳිකටු යොදා ගෙන දෙන එන්නතට වඩා 140 ගුණයකින් ප්‍රෝටීන් නිපදවෙන බව හෙළි වුණා. “මේ ඉසියුම් ඉඳිකටු තුඩු සහිත පැලැස්තරය හරියට බළල් දිවක් වගේ තමයි, අතට දැනෙන්නේ.” යැයි එහි එක් පර්යේෂකයකු වූ පීටර් ඩිමුත් කියනවා. ඔහුත් මැසචුසෙට්ස් තාක්ෂණික විශ්ව විද්‍යාලයේ ජෛව විද්‍යා ඉංජිනේරු හා වාස්තවික විද්‍යා ඉංජිනේරු අංශයේ විද්‍යාඥයෙක්. “අපට මේ ක්‍රමයෙන් එන්නත දෙන ආකාරය කෙළින් ම පාලනය කරන්න පුළුවන්. එන්නත ශරීර ගත කරන කාලය හා ප්‍රතිශක්තිය වර්ධනය කර තබා ගත යුතු කාලය නිශ්චිතව පවත්වා ගෙන යන්න පුළුවන්, පැරණි ක්‍රමයට වඩා සාර්ථකව.” යනුවෙන් පීටර් ඩිමුත් වැඩිදුරටත් කියනවා.

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...