දරුඵල ගෙනදෙන බෙහෙත් වර්ග තුනක්
වෛi කෞමදි කරුණාගොඩ - කාන්තාවන්ට දරුඵල ප‍්‍රමාද වීමට බලපාන ප‍්‍රමුඛ හේතුවක් තමයි ඩිම්බ නොමේරීම. නොමේරූ ඩිම්බයකට බැහැ ශුක‍්‍රාණුවක් සමඟ එක්ව නිසි පරිදි කලලයක් සාදන්න. ඩිම්බ නොමේරීමේ තත්ත්වය හඳුනාගන්නට කාන්තාවන්ටම පුළුවන්. දරු ගැබක් අපේක්‍ෂාවෙන් ඉන්න කාන්තාවකගේ මාසික ඔසප් ක‍්‍රියාවලිය නිසි පරිදි සිදු නොවේ නම් ප‍්‍රමාද වේ නම් මාසයක කාලයක් තුළ වාර කිහිපයක් පුරා සිදු වේ නම් එය ඩිම්බ නොමේරූ තත්ත්වයක් ලෙස හඳුනාගත හැකියි. මෙයට කළ යුතු හොඳම දේ තමයි වෛiවරයකු වෙත යොමු වීම.
ප‍්‍රශ්නය - ඩිම්බ ශක්තිමත් කරගැනීමට සුදුසු ඖෂධීය ශාක වර්ග මොනවද?
වෛi කෞමදි කරුණාගොඩ - හාතවාරිය අල ඉතාම ගුණ බවයි කියැවෙන්නේ. එම අල එළකිරි සහ එළඟිතෙල් සමඟ එකතු කර හදන දෝසි වර්ග ඉන්දියානු ආයුර්වේදය සමයේ එනවා. එසේම හාතාවාරිය චූර්ණය එළකිරි සමඟ පානය කිරීම. එළඟිතෙල් සමඟ පානය කිරීම. එළඟිතෙල් සමඟ ගැනීම යනාදියත් ඉතාම ගුණදායකයි.
ඊට අමතරව සතකුප්ප ඇටවලින් හදන චූර්ණයත් ඉතාම සුදුසුයි. කලූදුරු, අශ්වගන්ධ යනාදියත් දරුපල හටගැනීමටත් ඩිම්බ මේරීමටත් පසුබිම සකස් කර දෙනවා. හැබැයි කලූදුරු පරිහරණය කළ යුත්තේ වෛi උපදෙස් අනුවයි. වැරදි මාත‍්‍රාවන් ගත්තොත් අක්මාව නරක් වෙනවා.
ප‍්‍රශ්නය - පසුගිය සතියේදී අප ඔබ සමඟ කතා කළේ දරුවන් පිළිසිඳ ගැනීමට කාන්තාවන්ට ශක්තිය ලබා දෙන තල තෙල් පිළිබඳවයි. දරුවන් නැති කාන්තාවන් හා පුරුෂයන් නිසි කායික එක්වීමකට පෙර තල තෙල් සහ එළඟි තෙල් පරිහරණය කළ යුතු ආකාරය ඉකුත් සතියට පෙර සතියේ අප පැහැදිලි කර දුන්නා. අද අප ඔබෙන් අපේක්‍ෂා කරන්නේ එළඟිතෙල්වල ගුණය පිළිබඳ තොරතුරු ලබාගැනීමටයි.
වෛi කෞමදි කරුණාගොඩ - කායික එක්වීමකට පෙර පුරුෂයෙක් පිරිසිදු එළඟිතෙල් තේ හැඳි 3 ක් පමණ පානය කළ විට ඔහුගේ ශුක‍්‍රාණුවල ජීව ගුණය බලවත්වන බව ආයුර්වේදයේ එනවා. එළඟිතෙල් කියන්නේ කිරිවල තිබෙන උපරිම ගුණයයි. කුසට එළඟිතෙල් ලබාදීම හරියට සමාන වෙන්නේ ආහාර
Comments
Post a Comment