Skip to main content

දරුඵල ගෙනදෙන බෙහෙත් වර්ග තුනක්

weda6 2 ප‍්‍රශ්නය :- දරුඵල නැති කාන්තාවන්ට දරුපල ලබා ගැනීම සඳහා කළ හැකි ප‍්‍රතිකාර කිහිපයක් ගැන  පසුගිය සතියේ අප මේ තීරය ඔස්සේ සාකච්ඡුා කළා. දරුපල ප‍්‍රමාදයට බලපාන තවත් හේතු තිබෙනවාද?
 
 වෛi කෞමදි කරුණාගොඩ - කාන්තාවන්ට දරුඵල ප‍්‍රමාද වීමට බලපාන ප‍්‍රමුඛ හේතුවක් තමයි ඩිම්බ නොමේරීම. නොමේරූ ඩිම්බයකට බැහැ ශුක‍්‍රාණුවක් සමඟ එක්ව නිසි පරිදි කලලයක් සාදන්න. ඩිම්බ නොමේරීමේ තත්ත්වය හඳුනාගන්නට කාන්තාවන්ටම පුළුවන්. දරු ගැබක් අපේක්‍ෂාවෙන් ඉන්න කාන්තාවකගේ මාසික ඔසප් ක‍්‍රියාවලිය නිසි පරිදි සිදු නොවේ නම් ප‍්‍රමාද වේ නම් මාසයක කාලයක් තුළ වාර කිහිපයක් පුරා සිදු වේ නම් එය ඩිම්බ නොමේරූ තත්ත්වයක් ලෙස හඳුනාගත හැකියි. මෙයට කළ යුතු හොඳම දේ තමයි වෛiවරයකු වෙත යොමු වීම.
 
 ප‍්‍රශ්නය - ඩිම්බ ශක්තිමත් කරගැනීමට සුදුසු ඖෂධීය ශාක වර්ග මොනවද?
 
 වෛi කෞමදි කරුණාගොඩ - හාතවාරිය අල ඉතාම ගුණ බවයි කියැවෙන්නේ. එම අල එළකිරි සහ එළඟිතෙල් සමඟ එකතු කර හදන දෝසි වර්ග ඉන්දියානු ආයුර්වේදය සමයේ එනවා. එසේම හාතාවාරිය චූර්ණය එළකිරි සමඟ පානය කිරීම. එළඟිතෙල් සමඟ පානය කිරීම. එළඟිතෙල් සමඟ ගැනීම යනාදියත් ඉතාම ගුණදායකයි.
 
 ඊට අමතරව සතකුප්ප ඇටවලින් හදන චූර්ණයත් ඉතාම සුදුසුයි. කලූදුරු, අශ්වගන්ධ යනාදියත් දරුපල හටගැනීමටත් ඩිම්බ මේරීමටත් පසුබිම සකස් කර දෙනවා. හැබැයි කලූදුරු පරිහරණය කළ යුත්තේ වෛi උපදෙස් අනුවයි. වැරදි මාත‍්‍රාවන් ගත්තොත් අක්මාව නරක් වෙනවා.
 
 ප‍්‍රශ්නය - පසුගිය සතියේදී අප ඔබ සමඟ කතා කළේ දරුවන් පිළිසිඳ ගැනීමට කාන්තාවන්ට ශක්තිය ලබා දෙන තල තෙල් පිළිබඳවයි. දරුවන් නැති කාන්තාවන් හා පුරුෂයන් නිසි කායික එක්වීමකට පෙර තල තෙල් සහ එළඟි තෙල් පරිහරණය කළ යුතු ආකාරය ඉකුත් සතියට පෙර සතියේ අප පැහැදිලි කර දුන්නා. අද අප ඔබෙන් අපේක්‍ෂා කරන්නේ එළඟිතෙල්වල ගුණය පිළිබඳ තොරතුරු ලබාගැනීමටයි.
 
 වෛi කෞමදි කරුණාගොඩ - කායික එක්වීමකට පෙර පුරුෂයෙක් පිරිසිදු එළඟිතෙල් තේ හැඳි 3 ක් පමණ පානය කළ විට ඔහුගේ ශුක‍්‍රාණුවල ජීව ගුණය බලවත්වන බව ආයුර්වේදයේ එනවා. එළඟිතෙල් කියන්නේ කිරිවල තිබෙන උපරිම ගුණයයි. කුසට එළඟිතෙල් ලබාදීම හරියට සමාන වෙන්නේ ආහාර weda6 3ජීර්ණය නමැති ගිනි ජාලාවට ඉන්ධන ඉසීමටයි. ශරීරයේ ශක්තිය වර්ධනය කිරීම, අභ්‍යන්තර ඉඳුරන් මෘදු බවට පත් කිරීම, ශරීරයේ ‘රස’ ගුණය තීව‍්‍ර කිරීම, වියපත් වීම හෝ වෙනයම් හේතුන් මත දුර්වල වන ශුක‍්‍ර වැඩිදියුණු කිරීම සහ ශක්තිමත් කිරීම, ප‍්‍රතිශක්තිකරණය ඉහළ දැමීම වැනි කාරණා සඳහා එළඟිතෙල් විශාල වශයෙන් බලපානවා. බුද්ධිය සහ මතකය වර්ධනය කිරීමටත් එළඟිතෙල් යොදාගත හැකි අතර ඇතැම් ඉන්දීය ආයුර්වේද වෛi විiාඥයන් කියන පරිදි ලොව හොඳම ආහාරය ලෙස එළඟි තෙල් සැලකිය හැකියි. මේ සියල්ලටම අමතරව ඉපැරණි ඉන්දියානු වෛiවරුන් තුවාල සුවපත් කිරීම සඳහා එළඟිතෙල් යොදා ගත්තා. සැත්කම් වලදී යොදන කැපුම් යළි යථා තත්ත්වයට පත් කරන රෝපණ ගුණය එළඟිතෙල්වල තිබෙනවා. බඩවැල් තුවාල සුව කිරීම සඳහාත් එළඟි තෙල් මිශ‍්‍ර ඖෂධ ලබා දුන්නා. වියපත් පුද්ගලයන් දිගු කලක් ඇඳට වී සිටින විට හටගන්නා Bed Sore නමැති තුවාල විශේෂය සුවපත් කරන්නටත් එළඟිතෙල් යොදා ගැනීම ඉපැරැණි භාරතයේ සිදුවුණා. කැඩුණ අස්ථි යළි පිරිමැද්දීමේ ක‍්‍රියාවලිය ඉක්මන් කර ගැනීමටත් සියලූ ආකාරයේ චර්ම රෝග සුවපත් කරන්නටත් එළඟි තෙල් මිශ‍්‍ර ඖෂධ යොදා ගන්නවා.

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...