Skip to main content

චමත්කාට නැවතත් නිරුවත් දර්ශන ඇතුළත් චරිතයක්

chamathka4
සරුංගල් චිත‍්‍රපටයෙන් සිනමා නිළියක ලෙස දොරට වැඩි චමත්කා ලක්මිණි යළිත් ‘හුස්ම’ සමග පේ‍්‍රක්ෂකයන් හමුවට ඇවිදින්. මියගිය ළඳකගෙ චරිතයක් වුවත් හුස්මක් තරම්ම උණුසුම් හුස්ම හි ප‍්‍රධාන කාන්තා භූමිකාවට ගැනත්, ඉන් එහා හා මෙහා ඇති හැම දෙයක් ගැනමත් චමත්කා අප හා කතාබහකට එළඹුණා.
 
 chamathka1
 
 ඔබේ පළමු චිත‍්‍රපටය වන සරුංගල් හි ඉදිරිපත් කළ රංගනයට වඩා හුස්ම තුළ ඔබ බොහෝ ඉදිරියට ගොස් ඇති වග හැෙඟනව.?
 
 ඇත්තටම සරුංගල් චිත‍්‍රපටයේ රංගනයට වඩා හුස්ම හි මගේ රංගනයේ ගුණාත්මක බවින් වර්ධනයක් පෙන්නුම් කරන අවස්ථාවක්. මේ චිත‍්‍රපටයේ අඩකටත් වඩා මම ඉන්නෙ මෘත ශරීරයක් විදිහට ට්‍රොලියක් මත. ඒක හරියට චිත‍්‍රපටයේ රඟපෑමක් නැතිව රඟපානව වගේ දෙයක්. ඒක හරිම අමාරු වැඩක්.

chamathka2
 
 ඔබ පවසන්නෙ ඔබ කළේ විශේෂ කාර්යයක් බවද?
 
 ඇත්තටම මේ චරිතය වෙන කව්රුත් කරයි කියල මම හිතන්නෙ නැහැ. මම මේ චරිතය නොකළ නම් සුදේශ් අයියට පහසු වෙන්නෙ නැහැ මේ චරිතය කරන්න වෙනත්් නිළියක් හොයාගන්න. ලංකාවේ වාණිජ සිනමාවට බර නිළියො පඳුරක් ගානෙ ඕන තරම් ඉන්නව. නමුත් මෙවැනි චරිතයක් කරන්න ඒ කව්රුත් ඉදිරිපත් වෙයි කියල මම හිතන්නෙ නැහැ.
 
 ඔබ මුහුණ දී ඇත්තෙ විසල් අභියෝගයකට වගෙයි?
 
 අනිවාර්යයෙන්ම. මේ චිත‍්‍රපටය බලද්දි පේ‍්‍රක්ෂකයන්ට තේරෙයි මේක මොනතරම් අභියෝගයක්ද කියල. මේක වැඩිහිටින්ට පමණක් සිමාවුණ චිත‍්‍රපටයක්. මේකෙ තියෙන සමහර දර්ශන රඟපෑම ඉතාමත් අපහසුයි. මේ චිත‍්‍රපටයේ අනෙක් රංගන ශිල්පීන් තිදෙනා වන පුබුදු, දසුන්, ඉසුරු යන අයගෙ සහයෝගය නොලැබුණා නම් සමහර දර්ශන මට කරන්න බැරිවෙනව. මේ නිර්මාණය නිසා මගේ රංගන පරාසය විදහාපාන්න හැකිවුවා සේම මට කලාත්මක සිනමාවට ප‍්‍රවේශ වෙන්නත් අවස්ථාව ලැබණා.

chamathka3
 
 චමත්කාට රංගනයේ සිමාවක් නැතිද? නිළියක් තමන් වටා කොටුවක් හදාගෙන ඉන්නව නම් එයාට කවදාවත් චරිතාංග නිළියක් වෙන්න බැහැනෙ. චරිතාංග නිළියක් වෙන්න නම් ඔහුට හෝ ඇයට හැම චරිතයක්ම නිරූපණය කරන්න පුළුවන් වෙන්න ඕන. තමන්ට ලැබෙන හැම චරිතයක්ම
 
 අභියෝගාත්මක විදිහට භාරඅරගෙන ඉදිරිපත් කරන්න ඕන. මෑත කාලයේ ආපු පරම්පරාවෙන් ඒ විදිහට අභියෝගාත්මකව රංගන කාර්ය භාරගත් අවස්ථා මම දුටුවේ නැහැ. අපේ පරම්පරාවේ හැදෑරීම නැතිව රංගනයට පිවිසෙන අය බොහෝමයි. එහෙම අයට මෙවැනි චරිත ඇත්තටම කරන්න බැහැ. එහෙම අය තමයි තමන් වටේ සීමාවන්
 
 හදාගෙන මම අර චරිත කරන්නෙ නෑ මේ චරිත කරන්නෙ නැහැ කියල කියන්නෙ.
 
 ඔබ රංගනය හදාරලාද ඇවිත් ඉන්නෙ?
 
 මම මගේ පළමු චිත‍්‍රපටය රඟපාද්දි එවැනි හැදෑරීමක් කරලා තිබුණෙ නැහැ. නමුත් එයින් පස්සෙ මට හැඟුණා මෙය හැදෑරිය යුතුයි කියල. මේ වෙද්්දි මම ශ‍්‍රී ලංකා සිනමා පාසලෙහි මගේ උපාධිය හදාරමින් ඉන්නව.
 
 ලිංගික චරිත රඟපෑම නිසා නිළියන් සාමාන්‍ය දිවියේ අපහසුවට පත්වෙන වග ඇතැම් නිළියන්ගේ මතය වනවා?
 
 ඒක මම දන්නෙ නැහැ. මම පවුල් ජීවිතයක් ගෙනියන විවාහක කාන්තාවක්. මට මගේ පවුලෙන් ලැබෙන සහයත් එක්ක මට මෙවැනි චරිත කරන්න පුළුවන්. මගේ අම්ම තාත්ත හෝ මගේ සැමියා මට මෙවැනි චරිත රඟපාන්න එපා කියල නැහැ. ඔවුන් දන්නව මගේ රැුකියාව වගේම මගේ විනෝදාංශයත් මේ කලාව කියල. ඒ නිසා මට ඒ සඳහා ඔවුන් නිදහස දිල තියෙනව. ඒ නිදහසෙන් අයුතු ප‍්‍රයෝජන ගන්නෙ නැතිව හරි දේට හරි විදිහට යොමුවෙන්න මම දැනගත යුතුයි.
 
 තිරයේ නිරුවත් දර්ශන ගැන ඔබගේ පුද්ගලික අදහස මොකක්ද?
 
 පුද්ගලික ජීවිතයයි රංගනයයි දෙකක්. මේ දිහා වැරදි කෝණවලින් බලන අය ඉන්න පුළුවන්. පාරෙ යද්දි ගල් ගහන්න පුළුවන්. ඇත්තටම කලාත්මක සිනමාව කියන දේ දිහා කලාකරුවෙක්ගෙ ඇහින් බැලූවොත් මේක ඇතුළෙ කලාව මිස වල්කමක් නැහැ.
 
 නමුත් ලිංගිකත්වය උලූප්පමින් පේ‍්‍රක්ෂකයා සිනමා ශාලාවලට ඇදගන්න වෑයම් කරන සිනමා පට නැතිවා නෙවෙයි?
 
 ඒක එක එක සිනමාකරුවා මත පදනම් වෙන දෙයක්. හැබැයි කලාත්මක නිර්මාණයක් කරන සිනමාකරුවෙක් දන්නව කවදාවත් මේ නිර්මාණය කරල ලොකුවට මුදල් උපයන්න බැහැ කියල. සමහර අයට සම්භාව්‍ය කියන දේ නොතේරෙන නිසා ඔවුන් මේ නිර්මාණ බලන්න යන්නෙ නැහැ. නිරුවත් දර්ශනවලට බණිනව. නමුත් ඔවුන් දන්නෙ නැහැ දෙයක් ගන්න තියෙන්නෙ මේ කලාත්මක නිර්මාණවලින් කියල.
 
 මේක ඔබගේ වෘත්තිය බව පවසන ඔබම යළිත් සිනමාවෙන් මුදල් උපයන්නෙ නැති බව පවසනවා?
 
 මම විවාහ වෙන්න කලින් බොහෝ වෙළෙඳ දැන්වීම් හා මෝස්තර නිරූපණ කටයුතු කළා. ඒ විදිහට මම වැඩ කළේ ස්ථාවරයකට එනකම්. දැන් මම
 
 ස්ථාවරයකට ඇවිත් ඉන්නව. මගේ සැමියා ඉන්නව මගේ හයියට. ඔහු කියන්නෙ ඔයා නිර්මාණවලට සම්බන්ධ නොවී ඉන්න එපා, හොඳ නිර්මාණවලට යන්න කියලයි.
 
 චමත්කාට නැවතත් නිරුවත් දර්ශන ඇතුළත් චරිතයක් ලැබුණොත් බාරගන්නවද?
 
 මගේ ඊළඟ චිත‍්‍රපටයේදි මම කිසිසේත්ම නිරුවත් දර්ශන බාර නොගෙන ඉන්න පුළුවන්. ඊළඟ නිර්මාණයේ නැවත නිරුවත් දර්ශන කරන්නත් පුළුවන්. මොකද මම කැමති චරිතාංග නිළියක් විදිහට එළියට එන්න මිස එකම විදිහේ චරිතවලට කොටුවී සිටින්න නෙවෙයි.
 
 මේ හැම කැපකිරීමක්ම අභියෝගයක්ම පසුපස සම්මාන පිළිබඳ බලාපොරොත්තු තියෙනවද?
 
 ඇත්තටම මම රංගනය ගැන හදාරන්න කලින් ඔය සම්මාන ගැන මට දැඩි කෑදරකමක් තිබුණා. හැබැයි මේක හදාරද්දි මම තේරුම් ගත්තා මම සම්මාන එකතු කරල වැඩක් නැහැ, ඊට වඩා මේකෙ එකතු කරන්න බොහෝ දේවල් තියනව කියල.
 
 හුස්මට ලබාදී ඇති දායකත්වය ගැන සීමාව ඉක්මවා යන තරමේ සෑහීමක සිටිනවා වගෙයි?
 
 නිර්මාණ කරන අතරතුර මට සෑහීමකට පත්වෙන්න පුළුවන් විදිහට මම රඟපානව. මගේ කාර්ය රඟපෑම. එතනදි මම හැකි උපරිම සීමාවකට මුදාහරින්න මම බලනව. සිනමා කෘතිය අවසානයේ මම චිත‍්‍රපට ශාලාවකට ගිහින් ඒ නිර්මාණය නරඹද්දි මගේ ලොමු
 
 දැහැගැන්වෙනව නම්, මම මෙහෙම රඟපාලද කියල මටම හිතෙනව නම් මම හිතනව මම ඒක හරියටම කරල කියල. මේ කාරණා සලකද්දි මගේ හුස්ම නවතින තරමට මම හුස්මට මගේ රංගනය දීලා තියෙනව කියල මට දැනෙනව.
 

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...