Skip to main content

චමත්කාට නැවතත් නිරුවත් දර්ශන ඇතුළත් චරිතයක්

chamathka4
සරුංගල් චිත‍්‍රපටයෙන් සිනමා නිළියක ලෙස දොරට වැඩි චමත්කා ලක්මිණි යළිත් ‘හුස්ම’ සමග පේ‍්‍රක්ෂකයන් හමුවට ඇවිදින්. මියගිය ළඳකගෙ චරිතයක් වුවත් හුස්මක් තරම්ම උණුසුම් හුස්ම හි ප‍්‍රධාන කාන්තා භූමිකාවට ගැනත්, ඉන් එහා හා මෙහා ඇති හැම දෙයක් ගැනමත් චමත්කා අප හා කතාබහකට එළඹුණා.
 
 chamathka1
 
 ඔබේ පළමු චිත‍්‍රපටය වන සරුංගල් හි ඉදිරිපත් කළ රංගනයට වඩා හුස්ම තුළ ඔබ බොහෝ ඉදිරියට ගොස් ඇති වග හැෙඟනව.?
 
 ඇත්තටම සරුංගල් චිත‍්‍රපටයේ රංගනයට වඩා හුස්ම හි මගේ රංගනයේ ගුණාත්මක බවින් වර්ධනයක් පෙන්නුම් කරන අවස්ථාවක්. මේ චිත‍්‍රපටයේ අඩකටත් වඩා මම ඉන්නෙ මෘත ශරීරයක් විදිහට ට්‍රොලියක් මත. ඒක හරියට චිත‍්‍රපටයේ රඟපෑමක් නැතිව රඟපානව වගේ දෙයක්. ඒක හරිම අමාරු වැඩක්.

chamathka2
 
 ඔබ පවසන්නෙ ඔබ කළේ විශේෂ කාර්යයක් බවද?
 
 ඇත්තටම මේ චරිතය වෙන කව්රුත් කරයි කියල මම හිතන්නෙ නැහැ. මම මේ චරිතය නොකළ නම් සුදේශ් අයියට පහසු වෙන්නෙ නැහැ මේ චරිතය කරන්න වෙනත්් නිළියක් හොයාගන්න. ලංකාවේ වාණිජ සිනමාවට බර නිළියො පඳුරක් ගානෙ ඕන තරම් ඉන්නව. නමුත් මෙවැනි චරිතයක් කරන්න ඒ කව්රුත් ඉදිරිපත් වෙයි කියල මම හිතන්නෙ නැහැ.
 
 ඔබ මුහුණ දී ඇත්තෙ විසල් අභියෝගයකට වගෙයි?
 
 අනිවාර්යයෙන්ම. මේ චිත‍්‍රපටය බලද්දි පේ‍්‍රක්ෂකයන්ට තේරෙයි මේක මොනතරම් අභියෝගයක්ද කියල. මේක වැඩිහිටින්ට පමණක් සිමාවුණ චිත‍්‍රපටයක්. මේකෙ තියෙන සමහර දර්ශන රඟපෑම ඉතාමත් අපහසුයි. මේ චිත‍්‍රපටයේ අනෙක් රංගන ශිල්පීන් තිදෙනා වන පුබුදු, දසුන්, ඉසුරු යන අයගෙ සහයෝගය නොලැබුණා නම් සමහර දර්ශන මට කරන්න බැරිවෙනව. මේ නිර්මාණය නිසා මගේ රංගන පරාසය විදහාපාන්න හැකිවුවා සේම මට කලාත්මක සිනමාවට ප‍්‍රවේශ වෙන්නත් අවස්ථාව ලැබණා.

chamathka3
 
 චමත්කාට රංගනයේ සිමාවක් නැතිද? නිළියක් තමන් වටා කොටුවක් හදාගෙන ඉන්නව නම් එයාට කවදාවත් චරිතාංග නිළියක් වෙන්න බැහැනෙ. චරිතාංග නිළියක් වෙන්න නම් ඔහුට හෝ ඇයට හැම චරිතයක්ම නිරූපණය කරන්න පුළුවන් වෙන්න ඕන. තමන්ට ලැබෙන හැම චරිතයක්ම
 
 අභියෝගාත්මක විදිහට භාරඅරගෙන ඉදිරිපත් කරන්න ඕන. මෑත කාලයේ ආපු පරම්පරාවෙන් ඒ විදිහට අභියෝගාත්මකව රංගන කාර්ය භාරගත් අවස්ථා මම දුටුවේ නැහැ. අපේ පරම්පරාවේ හැදෑරීම නැතිව රංගනයට පිවිසෙන අය බොහෝමයි. එහෙම අයට මෙවැනි චරිත ඇත්තටම කරන්න බැහැ. එහෙම අය තමයි තමන් වටේ සීමාවන්
 
 හදාගෙන මම අර චරිත කරන්නෙ නෑ මේ චරිත කරන්නෙ නැහැ කියල කියන්නෙ.
 
 ඔබ රංගනය හදාරලාද ඇවිත් ඉන්නෙ?
 
 මම මගේ පළමු චිත‍්‍රපටය රඟපාද්දි එවැනි හැදෑරීමක් කරලා තිබුණෙ නැහැ. නමුත් එයින් පස්සෙ මට හැඟුණා මෙය හැදෑරිය යුතුයි කියල. මේ වෙද්්දි මම ශ‍්‍රී ලංකා සිනමා පාසලෙහි මගේ උපාධිය හදාරමින් ඉන්නව.
 
 ලිංගික චරිත රඟපෑම නිසා නිළියන් සාමාන්‍ය දිවියේ අපහසුවට පත්වෙන වග ඇතැම් නිළියන්ගේ මතය වනවා?
 
 ඒක මම දන්නෙ නැහැ. මම පවුල් ජීවිතයක් ගෙනියන විවාහක කාන්තාවක්. මට මගේ පවුලෙන් ලැබෙන සහයත් එක්ක මට මෙවැනි චරිත කරන්න පුළුවන්. මගේ අම්ම තාත්ත හෝ මගේ සැමියා මට මෙවැනි චරිත රඟපාන්න එපා කියල නැහැ. ඔවුන් දන්නව මගේ රැුකියාව වගේම මගේ විනෝදාංශයත් මේ කලාව කියල. ඒ නිසා මට ඒ සඳහා ඔවුන් නිදහස දිල තියෙනව. ඒ නිදහසෙන් අයුතු ප‍්‍රයෝජන ගන්නෙ නැතිව හරි දේට හරි විදිහට යොමුවෙන්න මම දැනගත යුතුයි.
 
 තිරයේ නිරුවත් දර්ශන ගැන ඔබගේ පුද්ගලික අදහස මොකක්ද?
 
 පුද්ගලික ජීවිතයයි රංගනයයි දෙකක්. මේ දිහා වැරදි කෝණවලින් බලන අය ඉන්න පුළුවන්. පාරෙ යද්දි ගල් ගහන්න පුළුවන්. ඇත්තටම කලාත්මක සිනමාව කියන දේ දිහා කලාකරුවෙක්ගෙ ඇහින් බැලූවොත් මේක ඇතුළෙ කලාව මිස වල්කමක් නැහැ.
 
 නමුත් ලිංගිකත්වය උලූප්පමින් පේ‍්‍රක්ෂකයා සිනමා ශාලාවලට ඇදගන්න වෑයම් කරන සිනමා පට නැතිවා නෙවෙයි?
 
 ඒක එක එක සිනමාකරුවා මත පදනම් වෙන දෙයක්. හැබැයි කලාත්මක නිර්මාණයක් කරන සිනමාකරුවෙක් දන්නව කවදාවත් මේ නිර්මාණය කරල ලොකුවට මුදල් උපයන්න බැහැ කියල. සමහර අයට සම්භාව්‍ය කියන දේ නොතේරෙන නිසා ඔවුන් මේ නිර්මාණ බලන්න යන්නෙ නැහැ. නිරුවත් දර්ශනවලට බණිනව. නමුත් ඔවුන් දන්නෙ නැහැ දෙයක් ගන්න තියෙන්නෙ මේ කලාත්මක නිර්මාණවලින් කියල.
 
 මේක ඔබගේ වෘත්තිය බව පවසන ඔබම යළිත් සිනමාවෙන් මුදල් උපයන්නෙ නැති බව පවසනවා?
 
 මම විවාහ වෙන්න කලින් බොහෝ වෙළෙඳ දැන්වීම් හා මෝස්තර නිරූපණ කටයුතු කළා. ඒ විදිහට මම වැඩ කළේ ස්ථාවරයකට එනකම්. දැන් මම
 
 ස්ථාවරයකට ඇවිත් ඉන්නව. මගේ සැමියා ඉන්නව මගේ හයියට. ඔහු කියන්නෙ ඔයා නිර්මාණවලට සම්බන්ධ නොවී ඉන්න එපා, හොඳ නිර්මාණවලට යන්න කියලයි.
 
 චමත්කාට නැවතත් නිරුවත් දර්ශන ඇතුළත් චරිතයක් ලැබුණොත් බාරගන්නවද?
 
 මගේ ඊළඟ චිත‍්‍රපටයේදි මම කිසිසේත්ම නිරුවත් දර්ශන බාර නොගෙන ඉන්න පුළුවන්. ඊළඟ නිර්මාණයේ නැවත නිරුවත් දර්ශන කරන්නත් පුළුවන්. මොකද මම කැමති චරිතාංග නිළියක් විදිහට එළියට එන්න මිස එකම විදිහේ චරිතවලට කොටුවී සිටින්න නෙවෙයි.
 
 මේ හැම කැපකිරීමක්ම අභියෝගයක්ම පසුපස සම්මාන පිළිබඳ බලාපොරොත්තු තියෙනවද?
 
 ඇත්තටම මම රංගනය ගැන හදාරන්න කලින් ඔය සම්මාන ගැන මට දැඩි කෑදරකමක් තිබුණා. හැබැයි මේක හදාරද්දි මම තේරුම් ගත්තා මම සම්මාන එකතු කරල වැඩක් නැහැ, ඊට වඩා මේකෙ එකතු කරන්න බොහෝ දේවල් තියනව කියල.
 
 හුස්මට ලබාදී ඇති දායකත්වය ගැන සීමාව ඉක්මවා යන තරමේ සෑහීමක සිටිනවා වගෙයි?
 
 නිර්මාණ කරන අතරතුර මට සෑහීමකට පත්වෙන්න පුළුවන් විදිහට මම රඟපානව. මගේ කාර්ය රඟපෑම. එතනදි මම හැකි උපරිම සීමාවකට මුදාහරින්න මම බලනව. සිනමා කෘතිය අවසානයේ මම චිත‍්‍රපට ශාලාවකට ගිහින් ඒ නිර්මාණය නරඹද්දි මගේ ලොමු
 
 දැහැගැන්වෙනව නම්, මම මෙහෙම රඟපාලද කියල මටම හිතෙනව නම් මම හිතනව මම ඒක හරියටම කරල කියල. මේ කාරණා සලකද්දි මගේ හුස්ම නවතින තරමට මම හුස්මට මගේ රංගනය දීලා තියෙනව කියල මට දැනෙනව.
 

Comments

Popular posts from this blog

7 Riveting Facts about the Kandos Man – Upali Wijewardene

Source:  abpic.co.uk  Written by – Ranuli at Omebiz Philip Upali Wijewardene, better known as Upali Wijewardene was one of the most flamboyant and prominent businessman with an empire that not only dominated the Sri Lankan business landscape but also went global. He was Sri Lanka’s first homegrown tycoon and the founder and Chairman of Upali Group, Sri Lanka’s first multi-national business. Upali Wijewardene kick-started his career as a management trainee at Lever Brothers (now known as  Unilever ) where he managed to lock down the job simply based on his basic dining etiquette. However, due to a disagreement with the Chairman of the company, Upali left his job at Lever Brothers. Following the death of his uncle, the Late Senator Sarath Chandradasa, Upali took over  Kandos  with the substantial shares that were allocated to him. The company struggled with the lack of sales, Upali modernized the production process boosting their sales off the charts. Kando...

2වැනි කැරැල්ලේ නියඟයට වැහි වළාවක්වූ මියයන ලොවක නොමියන සිසු විරුවෝ

ආණ්ඩුවේ වෙඩි උණ්ඩයකට ගොදුරුව ප්‍රථමවරට සරසවි සිසුවෙක් මියගියේ 1976 නොවැම්බර් 12වැනිදාය. පේරාදෙණිය සරසවියේ මණ්ඩපාධිපතිවරයාගේ අත්තනෝමතික ක්‍රියා පිළිවෙතට එරෙහිව විරෝධය දැක්වීමේදී එසේ මියගියේ ඩබ්ලිව්. එම්. රෝහණ වීරසූරියයි. කුරුණෑගල උහුමීය දිළිදු ගොවි පවුලක දෙවැන්නා ලෙස උපන් රෝහණ වීරසූරියට සොහොයුරන් සිව් දෙනෙකු විය. වසර 1934දී පිහිටුවන ලද මුදුන්න මහා විද්‍යාලයෙන් සරසවි වරම් ලද ප්‍රථම ශිෂ්‍යයාද ඔහුය. සරසවි සිසුවෙකු දෙවන වරට ඝාතනයට ලක්වූයේ 1984 ජුනි 19වැනිදාය. ඒ පේරාදෙණිය සරසවියේ වෛද්‍ය පීඨයේ දෙවන වසරේ සිසුවෙකු වූ හේවබුලත්කන්දගේ පත්මසිරි අබේසේකර ශිෂ්‍යයාය. මාකස් නේවාසිකාගාරයේ නැවතී සිටි වෛද්‍ය සිසු පත්මසිරි  ඒ වනවිට වෛද්‍ය පීඨයේ දෙවන වසරේ විභාගයෙන් සහ නැවත පෙනීසිටීමේ විභාගයෙන්ද අසමත්වී සිටියද යළි විභාගයට පෙනී සිටීම සඳහා සූදානම්ව සිටි අයෙකි.  එයට පාදක වූයේ වෛද්‍ය පීඨයේ සිඩ්නි ජයරත්න(වෛද්‍යවරයෙකු වශයෙන් කටයුතු කිරීමේදී සිඩ්නි පසු කලෙක හෘදයාබාදයකින් මියගිය අතර නුවර මහාමායා විදුහලේ අධ්‍යාපනය ලත් ඔහුගේ දියණිය අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ශ්‍රී ලංකාවේ තෙවන ස්ථානයට පසුකලෙක පත්විය) ඇතුළ...

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...