Skip to main content

නොසලකා හැරීමෙන් බරපතළ වෙන හිසරදය

හිසරදයට ගොදුරු නොවූ කිසිවකු මිනිස් සමාජයේ නොසිටිය හැකිය. හිසරදය විවිධ ආකාරයට සෑදෙයි. මෙය බොහෝවිට ඉතාම අපහසුතා ගෙන දෙයි. හිසරදය තිබෙන විට කිසිවකුට එම අපහසුතාවයත් සමග රාජකාරියේ හෝ වෙනත් වැඩක නිරත විය නොහැකිය. මේ නිසා මෙම රෝගී තත්ත්වය වටිනා මිනිස් පැය අකාලයේ විනාශ කර දැමීමට හේතු වූ රෝගී තත්ත්වයක් ලෙස සඳහන් කළ හැකිය.

හිසරදය ඇති වූ විට එය අඩු කර ගැනීමට සිතනවා මිස එය කුමන හේතුවක් නිසා ඇතිවන්නක්දැයි බොහෝදෙනා නොසිතති. හිසරදය සුළු කොට තැකුවද එය බරපතළ රෝගයක මූලික ලක්ෂණයක් විය හැකිය. ඒ නිසා හිසරදය සෑදෙන්නේ නම් ඒ කුමක් නිසා ඇතිවන තත්ත්වයක්දැයි සැලකිලිමත් විය යුතුය.
හිසරදය යනු රෝගයක් නොවේ. එය ශරීරයේ ඕනෑම ස්ථානයක ඇතිවන රෝගයක මූලික ලක්ෂණයකි. එසේම හිසරදයේ වර්ග දහතුනකි. ඒ අතරින් නිතර අපට දක්නට ලැබෙන හිසරදය වර්ග පහකි.

1. ආතතිජන්‍ය හිසරදය (Tension)
2. නිතර සෑදෙන හිසරදය (Cluster)
3. ඉරුවාරදය (Migraine)
4. සයිනස් හිසරදය (Sinus)
5. ආපසු සෑදෙන හිසරදය (Rebound)

වැඩිපුරම හැදෙන සයිනස් හිසරදය
ඉහත හිසරද තත්ත්ව අතරින් සයිනස් තත්ත්වය වඩාත්ම දක්නට ලැබේ. මෙම හිසරදය ඇතිවන්නේ නාසයේ ශ්ලේෂ්මල පටල හා කුහරවල (නළල් සහ ඇස් කුහරවල* සෙම නිපදවීමෙනි. ස්වාභාවිකව ගලන සෙම අවහිර වී මේවායේ එකතු වේ. එසේ එකතු වී වෛරසයක් බැක්ටීරියාවක් හෝ දිලීරයක් ඒ හා එකතු විය හැකිය. එයින් හිසරදය ඇති වේ. මෙම රෝගී තත්ත්වය ඇතිවන්නේ නළලේ සහ මුහුණේ අස්ථි කුහර ආශ‍්‍රිතව ය. සයිනස් හිසරදය බහුලවම දක්නට ලැබෙන රෝගී තත්ත්වයකි.

රෝග ලක්ෂණ
  • රෝගියාට නළල දෙපසින් වේදනා ගෙන දෙයි. මෙම වේදනාව ඇතිවිට හිස පහත් කිරීමට නොහැකිය. බරක් උස්සන විට මෙම වේදනාව ඇතිවිය හැකිය.
  • හිසරදය ඇතිවිට විශේෂයෙන් හිස දෙපස කම්මුල් දෙපස දැඩි වේදනා ගෙන දෙයි.
  • වේදනාව ඇතිවිට එම ස්ථාන අතින් තද කළ විට දැඩි වේදනා ගෙන දෙයි.
  • සමහරුන්ට හිස දෙපස හා හිස පිටුපසින්ද වේදනා ඇති වෙයි.
  • රෝගී අවස්ථාවේදී නාසය, ඇස් දෙපස රත්පැහැ ගනී.
  • මෙවැනි රෝගීන්ට නිතර සෙම පැටලෙන ගතියක් ඇති වේ.
  • නළල දෙපසින් හෝ මැදින් දවස පුරාම වේදනා ඇති වේ.
  • නාසයට නිතර සෙම් සිරවෙන ගතිය දැනේ.
  • නිතර වියළි කැස්ස
  • උගුර නිතර කටුවකින් සූරනවා මෙන් දැනේ.
  • රෝගියාට ගඳ සුවඳ නොදැනේ.
  • ආහාර අරුචිය ඇති විය හැකිය.
  • ඉහත රෝග ලක්ෂණ ඇත්නම් වෛද්‍ය උපදෙස් ගත යුතුය. වෛද්‍යවරයකුට මෙම රෝගය නිශ්චිතවම හඳුනාගත හැකි ලක්ෂණ තිබේ. ඒ මෙසේය.
  • ශ්වසන මාර්ගයේ ආසාදන ගතියක් හෝ ඊට වැඩි කාලයක් සුව නොවී පවතින එය මේ සඳහා පවතින රෝග ලක්ෂණයකි.
  • රෝගියාට තදින් උණ සෑදෙයි. සමහරවිට ගැහි ගැහී උණ සෑදෙයි.
  • කහ පාටින් සෙම පිටවීමට පටන් ගනී.
  • දත් නරක් වූ රෝගියකුට මෙම තත්ත්වය ඇති වේ. මෙය මාස තුනක් හෝ ඊට වැඩි කාලයක් පවතී නම් නිදන්ගත තත්ත්වයට පත් වේ.
  • හදිසි අනතුරකින් පසුව ඇතිවන අස්ථි බි`දීමකදී හෝ මුහුණේ බරපතළ ලෙස ඇතිවන තුවාලයක් නිසා මේ තත්ත්වය ඇතිවිය හැකිය.
  • වරක් මෙම රෝගය සෑදුනොත් නැවත නැවත සෑදීමේ හැකියාව වැඩිය.

අතුරු ආබාධ තිබෙනවාද?
නිතර සයිනස් හිසරදයට ගොදුරුවන කෙනෙකුට ඒ නිසාම අතුරු ආබාධ හට ගැනීමට ඉඩ තිබේ. එනම්,
එක දෙක මෙන් නිතර පෙනීමට පටන් ගනී.
වේදනා දෙන පැත්තේ ඇස එළියට එයි.
මෙම රෝගී තත්ත්වය බරපතළ ලෙස සෑදුනොත් මොළේ ලේ කැටි සිරවීමට පවා ඉඩ තිබේ.
දරුණු ලෙස රෝගය සෑදුනොත් මොළයේ ඇති මස්තිෂ්ක පටකවලට හානි වී ජීවිතය පවා නැතිවීමට ඉඩ තිබේ.
දියවැඩියා, වකුගඩු බද්ධ කළ රෝගීන්, පිළිකා වැනි ප‍්‍රතිශක්තිය අඩු රෝගීන්ට මෙම රෝගයට දිලීරවලින් බලපෑම් ඇතිවිය හැකිය.

ප‍්‍රතිකාර මොනවාද?
මෙම රෝගයට ප‍්‍රතිජීවක ඖෂධ ලබා දිය යුතු වෙයි. එසේම නාසයට බෙහෙත් දැමීමද අවශ්‍යය. රෝගය දරුණු ලෙස පවතී නම් උගුර, කන, නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු මගින් ශල්‍යකර්ම පවා සිදු කිරීමට සිදු වේ. මේ නිසා ඔබගේ හිසරදය සුළුකොට නොසිතිය යුතුය. ඔබට සයිනස් හිසරදය ඇතැයි සැක සහිත නම් නොපමාව වෛද්‍ය උපදෙස් ගත යුතුය. ඊට හේතුව මෙම රෝගය නිදන්ගත වුවහොත් පාලනය හෝ සුව කිරීම අපහසු වන නිසාය. ඒ නිසා නිතර හිසරදය යැයි පවසමින් එය මගහරවා ගැනීමට වේදනා නාශක ඖෂධ නොගෙන පමා නොකර වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය.

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...