Skip to main content

පෙරිටෝනියල් ඩයලිසිස්

වකුගඩු රෝගය කල්යත්ම උත්සන්න  වීමෙන් රෝගී පුද්ගලයා මුහුණපාන ප්‍රධාන ගැටලු රැසකි.
ඒ අතරින් රෝගී පුද්ගලයාගේ වකුගඩුවෙන් නියමිත ආකාරයට අපද්‍රව්‍ය ඉවත් නොවීම හේතුවෙන් මුත්‍ර නිපදවෙන ප්‍රමාණය අඩුවේ. කාලීන වකුගඩු අකරණිය උග්‍ර අතට පත් වූ විට රෝගියාට කුමන හෝ ක්‍රමයකින් රුධිරය පිරිසුදු කිරීම අත්‍යවශ්‍ය වන්නේ එබැවිනි. නොඑසේනම් අපද්‍රව්‍ය ඇතැම් ලවණ වර්ග සහ රුධිරයේ ආම්ලිකතාව ඉහළ යෑමෙන් ශරීරයේ සමතුලිතතාවට බාධා පමුණුවා ජීවිතය අනතුරුදායක තලයකට ගෙන යාමට ඇති අවකාසය නිසයි.
වකුගඩු රෝගීන්ගේ රුධිරය පිරිසුදු කිරීම සඳහා වර්තමානයේදී ලොව සෙසු රටවලත් ප්‍රධාන ක්‍රම 02ක් භාවිත නෙරේ. එනම් රුධිර කාන්දුකරණය ( hemodialysis ) සහ  පෙරිටෝනියල් ඩයලිසිස් ( peritoneal dialysis ) හෙවත් පරිතාන කුහරය හරහා කෙරෙන රුධිර පිරිසුදු කිරීමයි.
අපගේ උදර කුහරය වට කරමින් ඇති පටලයක් වන පරිතාන පටලය ආධාරයෙන් වකුගඩු අකර්මණ්‍යතාවකදී රුධිරය පිරිසුදු කිරීමේ ක්‍රමය පෙරිටෝනියල් ඩයලිසිස් නමින් හැඳින්වේ. විශේෂයෙන් නිෂ්පාදනය කරන ලද තරලයක් උදර කුහරයට ඇතුළු කර පරිතාන පටලයේ ඇති රුධිර නාල ඔස්සේ සිදුවන අපද්‍රව්‍ය හුවමාරුවෙන් රුධිරය පිරිසුදු කරනු ලැබේ.  
මෙහිදී උදර කුහරයට තරලය ඇතුළු කිරීමට නළයක් අවශ්‍ය වේ. උදර කුහරයට නළය ඇතුළු කිරීම සඳහා කුඩා සැත්කමක් කළ යුතු අතර එයාකාරයෙන්ම මෙය එහි රඳවා තබා ගැනුමට පුළුවන. සාමාන්‍යයෙන් සැත්කමින් සති 4ක් 6ක් අතර කාලයකින් නළය උදර කුහරයේ බිත්තිවලට සවිවේ. රුධිරය පිරිසුදු කිරීම ඇරැඹෙන්නේ ඉන් පසුවයි. ඉහත දැක්වූ කාලයට ප්‍රථමයෙන් නළය භාවිත කළොත් සිදු වන්නේ තරලය උදර කුහරයෙන් එළියට කාන්දු වීමයි.
නළය භාවිත කළ හැකි අවස්ථාවේ  පටන් රෝගියාට නිවසේදීම මෙය ආධාරයෙන් උදර කුහරයට තරලය ඇතුළු කිරීම, ඉවත් කිරීම මගින් රුධිරය පිරිසුදු කර ගත හැකි වේ.
මුලින්ම මෙම ක්‍රමය සම්බන්ධයෙන් රෝගියාටත්. ඔහුගේ පවුලේ පුද්ගලයකුටත් අවශ්‍ය කෙරෙන පුහුණුව ලබාදේ. මෙයාකාරයෙන් දිනකට 04 වතාවක් හෝ 05 වතාවක් මෙම හුවමාරුව සිදුවේ.
වඩාත් සුදුසු නුසුදුසු රෝගීන් කවුරුන්ද?
පෙරිටෝනියල් ඩයලිසිස් සඳහා වඩාත් සුදුසු වන්නේ විවිධ රෝගාබාධ නිසා hemodialysis ප්‍රතිකාර ක්‍රමයට නුසුදුසු වන අයයි. උදාහරණයක් ලෙස හෘද වස්තුවේ දුර්වලතා ඇති පුද්ගලයන් සඳහන් කළ හැකියි. එහෙත් ඕනෑම කෙනෙකුට මෙම ප්‍රතිකාර ක්‍රමය භාවිත කිරීමේ ගැටලුවක් නැත.
එහෙත් අප විශේෂයෙන් මතක තබා ගත යුතු පුද්ගලයෝද වෙති. එනම් උදර කුහරයේ ශල්‍යකර්මවලට භාජනය වූවන්, බඩවැල - මුත්‍ර මාර්ගය උදර කුහරය හරහා අපද්‍රව්‍ය ඉවත් කිරීමේ ශල්‍යකර්මවලට භාජනය වූවන් , ඉතා ස්ථුල පුද්ගලයන් සහ ශාරීරික දුර්වලතා හේතුවෙන් ඉහත සඳහන් කළ තරලය ඇතුළු කිරීම , ඉවත් කිරීම තමන්ට කර ගැනීමට අපහසු අයයි.

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...