Skip to main content

සරුංගල් නූල් 'මාරයන්' ගෙවතු අසලින් ඉවත් කරමු





අහස ජයගන්නට නොතිත් ආසාවෙන් පෙළෙන දරුවන්ගේ සහ ගැටවරයන්ගේ ප්‍රමුඛතම දේ සරුංගලයයි. එහෙත් සමහර විට මේ සරුංගල් අහසේ හැසිරෙන කුරුල්ලන්ට අනතුරු ඇති කිරීමට ඉඩ තිබේ. මෙවර ගෙවත්තේ ජෛව විවිධත්වය තුළින් ඉදිරිපත් කරනුයේ අප ගෙවතු ආශ්‍රිත ව අපට නො දැනීම කුරුල්ලන්ට මෙන් ම අනෙකුත් සතුන්ටත් කරදරයක්‌ විය හැකි අතහැර දමා තිබෙන සරුංගල් නූල් පිළිබඳවයි.

හොඳින් සුළං ඇති මේ කාලය සරුංගල් සමයයි. පෙර තරමට ම නැතත්, ගෙවත්තට බැස අහස නිරීéණය කළ විට, විවිධ වර්ණවලින්, ප්‍රමාණවලින් සහ හැඩයෙන් අහසේ පා වෙමින් තිබෙන සරුංගල් කීපයක්‌ හෝ දැකගැනීමට බොහෝ ප්‍රදේශවල දී මේ දිනවල දී හැකි වේ. ඉරටු හෝ බට පතුරු එකට ගැටගසා, කොළ අලවා සකසාගන්නා මේ සරුංගල්, අහස බලා උඩ යවන්නේ නූලක ආධාරයෙනි. එහෙත් මෙතරම් අසීරුවෙන් අහසට යවන සරුංගල් විවිධ හේතු නිසා නූලෙන් කැඩී ඉවතට පා වන අවස්‌ථා ද බොහොමයකි. මෙවන් අවස්‌ථාවන්හි දී බොහෝ විට සරුංගලය ඈතට ගසාගෙන යයි. සමහර විට නැවතත් ලෙහෙසියෙන් ළං විය නො හැකි උසක හෝ ළඟා විය නො හැකි තැනක හෝ රැඳුණ විට, සරුංගලය නැවත ලබාගත නො හැකි වේ.

සව්කොළවලින්, බටපතුරුවලින් සෑදු සරුංගල්, වැස්‌සට හසු වී දිය වී යන අතර පොලිතින් ඇලවූ සරුංගල් ඊට වඩා කාලයක්‌ ගස්‌වල, උස කණුවල පැද්දි පැද්දී තිබෙනු ඔබත් සමහර විට දැක ඇතැයි සිතමි. එහෙත් මේ සරුංගල් උඩ යෑවීමට භාවිත කළ නූල් ද මෙසේ අතු-ඉති අතර පැටලී තිබෙනු ඔබට නිරීéණය නො වීමට ඉඩ ඇත්තේ ඒවා ඉතා ම සිහින් නිසා ය. සිහින් වුවත්, මේ නූල් බොහෝ විට නයිලෝන් නූල් වීම නිසා ශක්‌තිමත් වන අතර, දිරා යැමට ද කාලයක්‌ ගත වේ. මේවායෙන් හානියක්‌ නො වෙතැයි අප සිතුවත්, මේ නූල්වල කුරුල්ලන්ගේ අත්තටු පැටලෙන අවස්‌ථා මේ කාලයේ දී නිතර වාර්තා වේ.

මෙහි පළමු ඡායාරූපයෙන් දැක්‌වෙනුයේ එසේ අතහැර දැමූ සරුංගලයක නූලක පැටලී අවාසනාවන්ත ලෙස මිය ගිය සුදු ඇලි කොකෙකි (ඡායාරූප අංක 01 බලන්න). අත්තටු පැටලී පියඹාගත නො හැකි ව මේ කුරුල්ලන් වෙත එන, සෙමින් ළඟා වන මරණය ඉතා වේදනාකාරී ඉරණමකි. කරවැල් කොකුන් වැනි ප්‍රමාණයෙන් විශාල කුරුල්ලන් පවා මෙසේ අතහැර දමන ලද නූල්වල පැටලෙන අවස්‌ථා ඇති බව මීළඟ ඡායාරූපයෙන් පැහැදිලි වනු ඇත.

සරුංගල් නූල් නිසා කුරුල්ලන්ට හානි සිදු වන ප්‍රශ්නයට ç ලංකාවටත් වඩා දරුණු ලෙස ඉන්දියාව, පකිස්‌තානය වැනි රටවල් මුහුණ දෙන බව සඳහන් වේ. අවුරුදු පතා ඉන්දියාවේ සරුංගල් තරග පවත්වන අතර මේවායේ දී බොහෝ කුරුල්ලන් අනතුරට ලක්‌ වන බව සඳහන් වේ. ඉතා ම තරගකාරී වූ මේ සරුංගල් තරගවල දී කැපෙනසුලු නූලක්‌ භාවිත කරන නිසා ඉන්දියාවේ සරුංගල් උත්සව අතරතුර සිය ගණනක්‌ කුරුල්ලන් අනතුරට පත් වන බව සඳහන් වේ.

තත්ත්වය ඒ තරම් ම දරුණු නො වුණත්, ç ලංකාවේ ද සරුංගල් සමයේ දී කුරුල්ලන් අනතුරට ලක්‌ වීම සුලබ වේ. වනජීවී දෙපාර්තමේන්තුව අත්තිඩියේ පිහිටුවා ඇති වන සතුන් මුදවාගැනීමේ සහ පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්‌ථානය මෙවන් අනතුරට ලක්‌ වූ ජීවීන්ට උපකාර වන ප්‍රමුඛතම ආයතනයයි. මෙහි පශු වෛද්‍ය සුහද ජයවර්ධන අප හා පැවසූයේ, මේ සරුංගල් සමයේ ද නූල්වල පැටලුණු කුරුල්ලන් කිහිප දෙනකු ම අත්තිඩියේ මධ්‍යස්‌ථානය වෙත ප්‍රතිකාර සඳහා ගෙන ආ බවයි. මෙසේ කරදරයට පත් වූ කුරුල්ලන් අතර කපුටන්, බටගොයන්, පරෙවියන් මෙන් ම පොළොස්‌ කොට්‌ටෝරුවන් සිටි බව පශු වෛද්‍ය ජයවර්ධන අප හා පැවසී ය. මින් සමහර තුවාල දරුණු බවත්, ඒවායෙන් එම සතුන් මිය යන අවස්‌ථා වැඩි බවත් පශු වෛද්‍යවරයා පෙන්වා දුන්නේ ය.

කුරුල්ලන් පමණක්‌ නො ව, සරුංගල් නූල්වල පැටලී කකුල තුවාල වුණු වඳුරු පැටවකු ද මේ වනජීවි ප්‍රතිකාර මධ්‍යස්‌ථානය වෙත පසුගිය දා ගෙනැවිත් තිබිණි. කුරුල්ලන් බහුල ප්‍රදේශවල ඉතිරි ව තිබෙන මෙවැනි නූල්වලින් වන හානිය වැඩි ය.

මෙයින් පැහැදිලි වනුයේ අතහැර දමා තිබෙන සරුංගල් නූල්වලින් අප අවට වෙසෙන සතුන්ට, විශේෂයෙන් ම කුරුල්ලන්ට කරදර විය හැකි බව ය. සරුංගල් යෑවීම විනෝදජනක ක්‍රියාවකි. එහෙත් සරුංගලයක්‌ කඩාගෙන ගිය විට ඉතිරි වන නූල් ඉවත් කිරීමට උත්සුක වනවා නම් මෙසේ නිස්‌කාරණයේ වේදනා විඳින අවස්‌ථාවලින් සතුන්/කුරුල්ලන් බේරාගැනීමට පුළුවන. ඒ නිසා ඔබ ප්‍රදේශයේත් මෙවැනි අතහැර දමා තිබෙන නූල් නිරීéණය කළ හොත් ඒවා, කුරුල්ලන් නිතර ගැවසෙන ස්‌ථානයක පිහිටා තිබුණ හොත්, හැකියාවක්‌ ඇතොත් ඒවා ඉවත් කිරීමට කටයුතු කරන්න. සමහර නූල්, විදුලි රැහැන්වලත් පැටලී තිබීමට හැකි නිසා මෙවැනි දෙයක්‌ කිරීමට පෙර ඔබගේ ආරක්ෂාව ද තහවුරු කරගෙන කටයුතු කිරීමට අමතක නො කරන්න.

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...