Skip to main content

දත් පුරවනවා වෙනුවට එනමලය වගා කිරීම


Dath1

අධික ලෙස පැණිරස අනුභවය කිරීම නිසා දතේ පිටතින් පිහිටි එනමලය දිරාපත් වන විට දත්වල සිදුරු ඇති වීම නිසා එයට විකල්ප විසඳුම් ලෙසින් දත් පිරවීමසිදු කරනවා. දිරාපත් වීමේ ලකුණු පහල වුණ විට ඒ සඳහා විකල්ප ලෙසින් දන්ත ශල්‍ය වෛද්‍යවරුන් විසින් සිමෙන්ති (cement) හෝ resin පිරවුමක් භාවිතයෙන් කුහරය පුරවනු ලැබුණත්, දතට ඇති වන ආසාදනයන් හෝ කාලය සමග මෙම පිරවුම ගැලවීම හෝ තව දුරටත් දතේ දිරාපත් වීම සිදු වෙන්න පුලූවනි. දන්ත එනමලය මිනිස් සිරුරේ අමාරුම කොටස වන අතර අලූත්වැඩියා කිරීමටත් අපහසු වගේම දත් රෝග අතර එනමලයේ දිරාපත් වීමේ රෝග තත්වය ඉතා බහුලයි. මේ වෙනුවෙන් දන්ත වෛද්‍යවරුන් විසින් ලබා දෙන උපදෙස වන්නේ ප‍්‍රධාන ආහාර වේලකින් පසු සහ පැණිරස භාවිතයෙන් පසුව දත් මැදීම, සීීනි ආහාර අඩු කිරීම සහ ෆ්ලොරයිඞ් අඩංගු දන්තාලේප භාවිතා කිරීමයි.

Dath2ඉදිරියේදී දතක් පුරවනවා වෙනුවට එනමලය ස්වභාවයෙන්ම වර්ධනය කිරීමට හැකි නවතම තාක්ෂණයක් හෙවත් අලූත් ප‍්‍රතිකාර ක‍්‍රමයක් දන්ත ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳ පර්යේෂකයන් විසින් සොයා ගෙන තිබෙනවා. මෙම තාක්ෂණය ඔවුන් හඳුන්වා දෙන්නේ ‘holy grail’ යනුවෙනුයි. මෙම තාක්ෂණයේ පවතින අපහසුතාවයන් ලෙසින් පර්යේෂකයන් පෙන්වා දෙන්නේ නිවැරදි ව්‍යුහයක් නොතිබීම නිසා එය ඉතා මෘදු තත්වයක පැවැතීමයි. එමෙන්ම මේ නව තාක්ෂණය මුඛයේ සතුරු බැක්ටීරියාවන් සමග කි‍්‍රයාකාරීත්වය පිළිබඳවත් තව දුරටත් අධ්‍යයනය කිරීම අවශ්‍ය බවයි.

මෙම අධ්‍යයනයේ සම කර්තෘ චීනයේ ෂෙජියැන්ග් විශ්වවිද්‍යාලයේ ‘‘ෂාමි ලියුං” සඳහන් කරන්නේ අපගේ අලූත් එනමලයට දේශීය එනමලයට සමාන ව්‍යුහයක් පවතින බවයි. සම්පූර්ණයෙන්ම වෙනස් ද්‍රව්‍ය අඩංගු පිරවුම් භාවිතා නොකොට දත් එනමලය ස්වභාවිකව නැවත වර්ධනය වන මේ තාක්ෂණය සාර්ථක වුණොත් ඉදිරි වසර දෙකක් වැනි කාලයකදී මිනිසුන් වෙනුවෙන් ආදේශ කිරීමට හැකියාව ලැබෙනවා.

බි‍්‍රතාන්‍ය දන්ත වෛද්‍ය සංගමයේ විද්‍යාත්මක උපදේශක මහාචාර්ය ‘‘ඬේමියන් වොල්ම්ස්ලි ’’ සඳහන් කරන්නේ මෙම ප‍්‍රතිකාරය දැනට දන්ත වෛද්‍ය විද්‍යාවේ දත් පිරවුම් සඳහා භාවිතා කරන තාක්ෂණය තරම් සංකීර්ණ නොවන බවයි.

විද්‍යුත් දත් බුරුසුවක් පාවිච්චි කිරීම ගැන

දන්තාලේප දත් බුරුසුව මත තබන්න.

බුරුසුව අංශක 45ක කෝණයට තබා ගන්න.

විදුලි බුරුසුව සකි‍්‍රය කර දතෙන් දතට ගෙන යන්න.

එක් එක් දතෙහි ඉදිරිපස, පිටුපස හා මතුපිට දිගේ බුරුසුව ගෙන යන්න.

සෑම දතකම පෘෂ්ඨයට යටින් බුරුසුව තත්පර කීපයක් රඳවා ගන්න.

අධික පීඩනයක් හෝ ස්ක‍්‍රබ් කිරීම එපා.

සෑම දතක්ම පිරිසිදු බව සහතික කිරීමට මිනිත්තු දෙකක් පමණ යොදවන්න.

අවසානයේ බුරුසු හිස සෝදා වියලීමට තබන්න.

Science Advance මගින් ප‍්‍රකාශයට පත්ව ඇති මෙම අධ්‍යයනයේදී පර්යේෂකයගේ අවධානය යොමුව තිබෙන්නේ මිනිස් දත්, අස්ථිවල ප‍්‍රධාන සංඝටකය වන කෘතිම කැල්සියම් පොස්පේට් භාවිතයෙන් එනමලය ප‍්‍රතිජනනය කිරීම පමණක් නොවේ. දන්ත එනමලයේ නිවැරදි ව්‍යුහය හෙවතැ 'fish-scale’සකස් කිරීම සඳහා කැල්සියම් පොස්පේට්වල කුඩා පොකුරු භාවිතා කිරීමටත් ඔවුන්ගේ අවධානය යොමු වී තිබෙනවා. මෙම පොකුරු පැය කීපයක් තුළ එනමලය බවට පත් වෙනවා.

මිනිස් දත මත මෙය සිදු කිරීමත් සමග ඔවුන්ට පෙනී ගියේ නැවත ඉස්මතු වූ එනමලය හා සාමාන්‍ය දත් එනමලය අතර වෙනස පවා හඳුනාගත නොහැකි තරම් සමීප බවයි. දින දෙකක් පුරා එය මයික්‍රොමීටර් තුනකට ආසන්නව වර්ධනය වූ අතර ඒ තත්වය මිනිස් හිසකෙස්වල

ගණකමෙන් තුනෙන් එකක් පමණ වේ.

ප්‍රෝටීන් matrix භාවිතා කරමින් දන්ත එනමලයේ වර්ධනය මුල් කර ගත් රසායනාගාර පරීක්ෂණයේ යෙදෙන ලන්නයේ ක්වීන් මේරි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ‘‘ඇල්වරෝ මාතා” සඳහන් කරන්නේ තවමත් රසායනාගාර අත්හදා බැලීම් මත පවතින මෙම තාක්ෂණය ඉදිරි වසර කීපයේදී මිනිස් මුඛය අලලා අත්හදා බැලීමේ කටයුතු වෙනුවෙන් සම්බන්ධ කර ගැනීමට අවස්ථාව පවතින බවයි

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...