Skip to main content

දත් පුරවනවා වෙනුවට එනමලය වගා කිරීම


Dath1

අධික ලෙස පැණිරස අනුභවය කිරීම නිසා දතේ පිටතින් පිහිටි එනමලය දිරාපත් වන විට දත්වල සිදුරු ඇති වීම නිසා එයට විකල්ප විසඳුම් ලෙසින් දත් පිරවීමසිදු කරනවා. දිරාපත් වීමේ ලකුණු පහල වුණ විට ඒ සඳහා විකල්ප ලෙසින් දන්ත ශල්‍ය වෛද්‍යවරුන් විසින් සිමෙන්ති (cement) හෝ resin පිරවුමක් භාවිතයෙන් කුහරය පුරවනු ලැබුණත්, දතට ඇති වන ආසාදනයන් හෝ කාලය සමග මෙම පිරවුම ගැලවීම හෝ තව දුරටත් දතේ දිරාපත් වීම සිදු වෙන්න පුලූවනි. දන්ත එනමලය මිනිස් සිරුරේ අමාරුම කොටස වන අතර අලූත්වැඩියා කිරීමටත් අපහසු වගේම දත් රෝග අතර එනමලයේ දිරාපත් වීමේ රෝග තත්වය ඉතා බහුලයි. මේ වෙනුවෙන් දන්ත වෛද්‍යවරුන් විසින් ලබා දෙන උපදෙස වන්නේ ප‍්‍රධාන ආහාර වේලකින් පසු සහ පැණිරස භාවිතයෙන් පසුව දත් මැදීම, සීීනි ආහාර අඩු කිරීම සහ ෆ්ලොරයිඞ් අඩංගු දන්තාලේප භාවිතා කිරීමයි.

Dath2ඉදිරියේදී දතක් පුරවනවා වෙනුවට එනමලය ස්වභාවයෙන්ම වර්ධනය කිරීමට හැකි නවතම තාක්ෂණයක් හෙවත් අලූත් ප‍්‍රතිකාර ක‍්‍රමයක් දන්ත ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳ පර්යේෂකයන් විසින් සොයා ගෙන තිබෙනවා. මෙම තාක්ෂණය ඔවුන් හඳුන්වා දෙන්නේ ‘holy grail’ යනුවෙනුයි. මෙම තාක්ෂණයේ පවතින අපහසුතාවයන් ලෙසින් පර්යේෂකයන් පෙන්වා දෙන්නේ නිවැරදි ව්‍යුහයක් නොතිබීම නිසා එය ඉතා මෘදු තත්වයක පැවැතීමයි. එමෙන්ම මේ නව තාක්ෂණය මුඛයේ සතුරු බැක්ටීරියාවන් සමග කි‍්‍රයාකාරීත්වය පිළිබඳවත් තව දුරටත් අධ්‍යයනය කිරීම අවශ්‍ය බවයි.

මෙම අධ්‍යයනයේ සම කර්තෘ චීනයේ ෂෙජියැන්ග් විශ්වවිද්‍යාලයේ ‘‘ෂාමි ලියුං” සඳහන් කරන්නේ අපගේ අලූත් එනමලයට දේශීය එනමලයට සමාන ව්‍යුහයක් පවතින බවයි. සම්පූර්ණයෙන්ම වෙනස් ද්‍රව්‍ය අඩංගු පිරවුම් භාවිතා නොකොට දත් එනමලය ස්වභාවිකව නැවත වර්ධනය වන මේ තාක්ෂණය සාර්ථක වුණොත් ඉදිරි වසර දෙකක් වැනි කාලයකදී මිනිසුන් වෙනුවෙන් ආදේශ කිරීමට හැකියාව ලැබෙනවා.

බි‍්‍රතාන්‍ය දන්ත වෛද්‍ය සංගමයේ විද්‍යාත්මක උපදේශක මහාචාර්ය ‘‘ඬේමියන් වොල්ම්ස්ලි ’’ සඳහන් කරන්නේ මෙම ප‍්‍රතිකාරය දැනට දන්ත වෛද්‍ය විද්‍යාවේ දත් පිරවුම් සඳහා භාවිතා කරන තාක්ෂණය තරම් සංකීර්ණ නොවන බවයි.

විද්‍යුත් දත් බුරුසුවක් පාවිච්චි කිරීම ගැන

දන්තාලේප දත් බුරුසුව මත තබන්න.

බුරුසුව අංශක 45ක කෝණයට තබා ගන්න.

විදුලි බුරුසුව සකි‍්‍රය කර දතෙන් දතට ගෙන යන්න.

එක් එක් දතෙහි ඉදිරිපස, පිටුපස හා මතුපිට දිගේ බුරුසුව ගෙන යන්න.

සෑම දතකම පෘෂ්ඨයට යටින් බුරුසුව තත්පර කීපයක් රඳවා ගන්න.

අධික පීඩනයක් හෝ ස්ක‍්‍රබ් කිරීම එපා.

සෑම දතක්ම පිරිසිදු බව සහතික කිරීමට මිනිත්තු දෙකක් පමණ යොදවන්න.

අවසානයේ බුරුසු හිස සෝදා වියලීමට තබන්න.

Science Advance මගින් ප‍්‍රකාශයට පත්ව ඇති මෙම අධ්‍යයනයේදී පර්යේෂකයගේ අවධානය යොමුව තිබෙන්නේ මිනිස් දත්, අස්ථිවල ප‍්‍රධාන සංඝටකය වන කෘතිම කැල්සියම් පොස්පේට් භාවිතයෙන් එනමලය ප‍්‍රතිජනනය කිරීම පමණක් නොවේ. දන්ත එනමලයේ නිවැරදි ව්‍යුහය හෙවතැ 'fish-scale’සකස් කිරීම සඳහා කැල්සියම් පොස්පේට්වල කුඩා පොකුරු භාවිතා කිරීමටත් ඔවුන්ගේ අවධානය යොමු වී තිබෙනවා. මෙම පොකුරු පැය කීපයක් තුළ එනමලය බවට පත් වෙනවා.

මිනිස් දත මත මෙය සිදු කිරීමත් සමග ඔවුන්ට පෙනී ගියේ නැවත ඉස්මතු වූ එනමලය හා සාමාන්‍ය දත් එනමලය අතර වෙනස පවා හඳුනාගත නොහැකි තරම් සමීප බවයි. දින දෙකක් පුරා එය මයික්‍රොමීටර් තුනකට ආසන්නව වර්ධනය වූ අතර ඒ තත්වය මිනිස් හිසකෙස්වල

ගණකමෙන් තුනෙන් එකක් පමණ වේ.

ප්‍රෝටීන් matrix භාවිතා කරමින් දන්ත එනමලයේ වර්ධනය මුල් කර ගත් රසායනාගාර පරීක්ෂණයේ යෙදෙන ලන්නයේ ක්වීන් මේරි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ‘‘ඇල්වරෝ මාතා” සඳහන් කරන්නේ තවමත් රසායනාගාර අත්හදා බැලීම් මත පවතින මෙම තාක්ෂණය ඉදිරි වසර කීපයේදී මිනිස් මුඛය අලලා අත්හදා බැලීමේ කටයුතු වෙනුවෙන් සම්බන්ධ කර ගැනීමට අවස්ථාව පවතින බවයි

Comments

Popular posts from this blog

7 Riveting Facts about the Kandos Man – Upali Wijewardene

Source:  abpic.co.uk  Written by – Ranuli at Omebiz Philip Upali Wijewardene, better known as Upali Wijewardene was one of the most flamboyant and prominent businessman with an empire that not only dominated the Sri Lankan business landscape but also went global. He was Sri Lanka’s first homegrown tycoon and the founder and Chairman of Upali Group, Sri Lanka’s first multi-national business. Upali Wijewardene kick-started his career as a management trainee at Lever Brothers (now known as  Unilever ) where he managed to lock down the job simply based on his basic dining etiquette. However, due to a disagreement with the Chairman of the company, Upali left his job at Lever Brothers. Following the death of his uncle, the Late Senator Sarath Chandradasa, Upali took over  Kandos  with the substantial shares that were allocated to him. The company struggled with the lack of sales, Upali modernized the production process boosting their sales off the charts. Kando...

2වැනි කැරැල්ලේ නියඟයට වැහි වළාවක්වූ මියයන ලොවක නොමියන සිසු විරුවෝ

ආණ්ඩුවේ වෙඩි උණ්ඩයකට ගොදුරුව ප්‍රථමවරට සරසවි සිසුවෙක් මියගියේ 1976 නොවැම්බර් 12වැනිදාය. පේරාදෙණිය සරසවියේ මණ්ඩපාධිපතිවරයාගේ අත්තනෝමතික ක්‍රියා පිළිවෙතට එරෙහිව විරෝධය දැක්වීමේදී එසේ මියගියේ ඩබ්ලිව්. එම්. රෝහණ වීරසූරියයි. කුරුණෑගල උහුමීය දිළිදු ගොවි පවුලක දෙවැන්නා ලෙස උපන් රෝහණ වීරසූරියට සොහොයුරන් සිව් දෙනෙකු විය. වසර 1934දී පිහිටුවන ලද මුදුන්න මහා විද්‍යාලයෙන් සරසවි වරම් ලද ප්‍රථම ශිෂ්‍යයාද ඔහුය. සරසවි සිසුවෙකු දෙවන වරට ඝාතනයට ලක්වූයේ 1984 ජුනි 19වැනිදාය. ඒ පේරාදෙණිය සරසවියේ වෛද්‍ය පීඨයේ දෙවන වසරේ සිසුවෙකු වූ හේවබුලත්කන්දගේ පත්මසිරි අබේසේකර ශිෂ්‍යයාය. මාකස් නේවාසිකාගාරයේ නැවතී සිටි වෛද්‍ය සිසු පත්මසිරි  ඒ වනවිට වෛද්‍ය පීඨයේ දෙවන වසරේ විභාගයෙන් සහ නැවත පෙනීසිටීමේ විභාගයෙන්ද අසමත්වී සිටියද යළි විභාගයට පෙනී සිටීම සඳහා සූදානම්ව සිටි අයෙකි.  එයට පාදක වූයේ වෛද්‍ය පීඨයේ සිඩ්නි ජයරත්න(වෛද්‍යවරයෙකු වශයෙන් කටයුතු කිරීමේදී සිඩ්නි පසු කලෙක හෘදයාබාදයකින් මියගිය අතර නුවර මහාමායා විදුහලේ අධ්‍යාපනය ලත් ඔහුගේ දියණිය අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ශ්‍රී ලංකාවේ තෙවන ස්ථානයට පසුකලෙක පත්විය) ඇතුළ...

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...