Skip to main content

වකුගඩු ලෙඩ වෙන හැටි

වකුගඩු අකර්මණ්‍යතාව යනුවෙන් හැඳින්වෙන්නේ කුමක්ද?
වකුගඩුවේ ක්‍රියාකාරීත්වය මාස හෝ අවුරුදු කිහිපයක් මුළුල්ලේ සිට ක්‍රමයෙන් අඩු වීම මේ නමින් හැඳින්වේ. රසායනාගාර පරීක්ෂණ මගින් මෙය අනාවරණය කර ගත හැකි වනුයේ තත්ත්වය උග්‍ර වූ පසුවයි. සෑම පුද්ගලයන් 10 දෙනකුගෙන් 01 අයෙක් මේ තත්ත්වයට ගොදුරු වන අතර ඕනෑම වයසකදී වැළඳිය හැකිය. 

රෝගී ලක්ෂණ -
මහන්සිය, උග්‍ර රක්තහීනතාව, සිරුර - දෙපා ඉදිමීම, ඇඟ කැසීම, කෑම අරුචිය, වමනය, ස්වසන සංකූලතා, දෙපා හිරිවැටීම්
වකුගඩුවල ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කිරීම

මේ සඳහා යොදා ගැනෙන්නේ 'සීරිම් ක්‍රියැටිනැන්' පරීක්ෂණයයි. නිරෝගි පුද්ගලයකුගේ වකුගඩුවෙන් රුධිරය පෙරෙන ප්‍රමාණය 90 ත් 120ත් අතර වේ. එය 90 ට වඩා අඩු නම් අවධානම් තත්ත්වයකි. 60 ට වඩා අඩු නම් වකුගඩු රෝගීන් ලෙසත් 10 ට වඩා අඩු නම් රුධිර කාන්දුකරණය ලබා දේ. 

වකුගඩු අකර්මණ්‍යතාවට හේතු -
අධි රුධිර පීඩනය සහ දියවැඩියාව වකුගඩු අකර්මණ්‍යතාවට හේතු වේ. ලොව පුරා වකුගඩු අකර්මණ්‍යතා අතුරින්  1/4 ට අධි රුධිර පීඩනයද, 1/3 ට දියවැඩියාවද වේ. 
මීට අමතරව වකුගඩුවේ නිතර ඇතිවන ප්‍රදාහ, නිරන්තරයෙන් සෑදෙන වකුගඩු ආසාදන, ඇතැම්   නිදන්ගත රෝග, ( පොලිසිස්ටික් වකුගඩු)  දීර්ඝකාලීනව  ඇතිවන මුත්‍ර ගල්, මුත්‍ර මාර්ගයේ විවිධ අවහිරතාද හේතු ලෙස දැක්වේ. 
එසේම ඇතැම් වේදනා නාශක ඖෂධ දිගු කලක් පුරා කිසිදු වෛද්‍ය උපදෙසකින් තොරව භාවිත තිරීමද  වකුගඩුවලට බලපෑම් කළ හැකි තත්ත්වයකි. 

කාලීන සහ තීව්‍ර වකුගඩු අකරණිය -
වකුගඩු අකර්මණ්‍යතාව කාලීන සහ තීව්‍ර වකුගඩු අකරණිය ලෙස කොටස් 02කි. කාලීන වකුගඩු අකර්ණිය යනු  පරීක්ෂණවලින් සනාථ වූ ඉහත රෝගී තත්ත්වය මත වකුගඩු රෝගය වැළඳීමයි. 
තීව්‍ර වකුගඩු අකර්ණිය යනු මී උණ සහ වෙනත් ආසාදන, සර්ප දෂ්ටනය වැනි හේතු මත තාවකාලිකව වකුගඩුවට බලපෑම් ඇති වීමයි.

ප්‍රතිකාර -
වකුගඩු අකර්මණ්‍යතාව සුව කළ නොහැකි රෝගයකි. එහෙත් එය උත්සන්න වීම සහ ඇතිවන සංකූලතා පහසුවෙන් මග හරවා ගත හැකියි. මුල් අවදියේම ඖෂධ ගැනීම, ආහාර පාලනය සහ ජීවන රටාව වෙනස් කර ගැනීමෙන් ශරීරයේ සමතුලිතතාව රැක ගත හැකියි. පසුකාලීනව රුධිර කාන්දුකරණය හෝ වකුගඩු බද්ධ කිරීම මගින් ජීවිත රැක ගත හැකියි.

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...