Skip to main content

ලෙඩ හැදෙන කෑම පුරුදු වෙනස් කරමු

අලූත් අවුරුදු උත්සවය ගෙවී අවසන් ය. ගෙවී ගිය අලූත් අවුරුද්දේදී අප කා බී සතුටු වුවත් ඒ බොහොමයක් ආහාරවල සිරුරට අහිතකර තෙල්, සීනි, පිටි, රසකාරක ආදිය අඩංගුව තිබිණි. ඒවා සිරුරට මෙන්ම මනසට ද අහිතකර විය හැකිය.
වෛවර්ණ කොළයක් අතට ගත් කුඩා දියණියක් ‘‘මෙන්න පිට්සා ප‍්‍රමෝෂන් එකක්, අවුරුද්දට අපිට අඩුවට පිට්සා කන්න පුළුවනි’’ යැයි පවසන වෙළෙඳ දැන්වීමක් පසුගිය දිනවල මාධ්‍යවල ප‍්‍රචාරය විණි. ඇය ඒ ගැන පැවසුවේ මහත් උද්යෝගයකිනි. එය නව වසර වෙනුවෙන් සැකසූ වෙළෙඳ දැන්වීමකි. අලූත් අවුරුද්ද ගෙවී ගියත් පිට්සා, බිස්කට් වර්ග, කේක්, කෝඩියල් වර්ග ආදී සැකසූ ආහාරවලින් සිරුරට සිදුවන හානිය පෙන්වාදීමට මෙම ලිපිය සැකසෙයි.
දිනපතා, හැමවිටම රූපවාහිනී තිරය පුරා දිග හැරෙන්නේ නා නා ප‍්‍රකාර නිෂ්පාදන අවුරුද්දට නෑගම් යන්නට යොදා ගනිමු යයි පවසන දැන්වීම්ය. මෙහිදී විවිධ බිස්කට් වර්ග, කේක්, කෝඩියල් වර්ග ආදිය විශේෂයෙන් නෑගම් යාමට සුදුසුබව නිතර නිතර අපගේ කනට වැටිණි. සම්ප‍්‍රදායක කැවිලි, පෙවිලි ගෙන නෑගම් ගිය අපි කාලයත් සමග මෙසේ ඔවුන් යෝජනා කරන දේ රැුගෙන යන්නට පෙලඹී ඇත්තේ කාර්යබහුලකම නිසා විය හැකිය. එහෙත් මොහොතක් සිතන්න. ඔබ, ඔබගේ ඥාතියාට, මිතුරාට ගෙන ගියේ විවිධ ලෙඩ රෝග සඳහා හේතුවන කුණු ගොඩක් නොවේද? එනම් ශරීරයට ඉතා අහිතකර ට‍්‍රාන්ස් මේදය අධික බිස්කට්, කේක් වැනි ආහාර නොවේද? ඔබේ මුදල් පසුම්බිය වැය කළේ තවත් කෙනෙකුගේ ජීවිතය සුළුවෙන් හෝ කෙටි කිරීමට නොවේද? එනිසාම අප ගන්නා මේ රස කැවිලි, ක්‍ෂණික කෑම ගැන මඳක් දැනුවත් වෙමු.

ට‍්‍රාන්ස් මේදය යනු මොනවාද?
මාගරින් වැනි ද්‍රව්‍ය නිපදවීමේ ක‍්‍රියාවලියේදී මෙම මේදය නිපදවෙයි. එසේම කේක්, බිස්කට් වැනි පැණි රස ආහාර නිපදවීමේදී මේදය අධික තාපය යටතේ රත් කරයි. නැතහොත් බේක් කරයි. එවිට තවත් ට‍්‍රාන්ස් මේදය වැඩි වේ. මෙම ට‍්‍රාන්ස් මේදය ශරීරය තුළ ක‍්‍රියාත්මක වන ආකාරය ඉතාම භයානකය. එබැවින් මෙය නරක මේදය හෙවත් ඊ්ා ත්‍්එ යන නමින් ද හඳුන්වයි. කැනඩාව, ඇමරිකාව වැනි රටවල නීතිය අනුව ආහාරයක ට‍්‍රාන්ස් මේදය අඩංගු නම් එම ප‍්‍රමාණය ලේබල්වල සඳහන් කිරීම අත්‍යවශ්‍ය වේ. ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයට අනුව පුද්ගලයකු දිනකට ලබාගත යුතු ට‍්‍රාන්ස් මේද ප‍්‍රමාණය දෛනික ශක්ති ප‍්‍රමාණයෙන් 1% වඩා අඩු විය යුතුය. ට‍්‍රාන්ස් මේදය මගින් පැහැදිලිවම ඛෘඛ කොලෙස්ටරෝල් ඉහළ නංවයි. එවිට හොඳ කොලෙස්ටරෝල් ලෙස හඳුන්වන ්‍යෘඛ කොලෙස්ටරෝල් මට්ටම පහත දමයි. මේ නිසා ට‍්‍රාන්ස් මේදය මගින් කෙනෙකුට හෘද රෝග ඇතිවීමේ අවදානම ඉහළ නංවන බවත් කිව යුතුය.

ට‍්‍රයිග්ලිසරයිඞ් සෑදීම වැඩි කරයි
ට‍්‍රාන්ස් මේදය මගින් ට‍්‍රයිග්ලිසරයිඞ් සෑදීමත් වැඩි කරයි. මීට අමතරව පිළිකා ඇති කිරීමට මෙන්ම ස්ථුලතාවට පත්වීමට ද ට‍්‍රාන්ස් මේදය හේතු විය හැකිය. බිස්කට්, කේක් වැනි ආහාරවල මීට අමතරව සීනි මෙන්ම සංතෘප්ත මේදය ද සුලබය. එමගින් ද බෝ නොවන රෝග අවදානම වැඩි කරයි. එනිසා මෙවැනි සිරුරට අහිතකර ආහාරවලින් අප හැකිතරම් ඈත් විය යුතුය. එසේ නම් ඒ වෙනුවට විකල්ප සොයා ගත යුතුය. ඒ මොනවාද?

ස්වාභාවික ආහාරපාන ගන්න
කුඩා කාලයේ පටන් දරුවාට හැකි තරම් ස්වාභාවික ආහාරපාන ගැනීමට හුරු කළ යුතුය. එසේම සොබාදහම හා සංස්කෘතිය සමග යා විය යුතුය. ලෙඩ රෝග ඇති කරන ආහාරවලින් හැකි පමණ ඈත් විය යුතුය. මේ නිසා යහළු මිත‍්‍රාදීන් හෝ විශේෂ ගමනකදී අප රැුගෙන යා යුත්තේ ස්වාභාවික පලතුරුය. මෙහිදී අපේ රටේ වැවෙන පලතුරු රැුගෙන යාම වඩාත් සුදුසුය. පිටරටින් ගෙන්වන මාස ගණන් පරණ ඇපල්, දොඩම් වෙනුවට අපේ රටේ සෑදෙන අඹ, අන්නාසි, පැපොල්, කෙසෙල් වැනි පලතුරුවලට මුල් තැන දිය යුතුය. සිංහල අවුරුද්ද යනු අපේ කුඩා දරුවන්ට හොඳ පුරුදු සහ සංස්කෘතික වටිනාකම් පහදා දෙන සමයකි. එනිසා ඔබ රැුගෙන යන දෙය දෙස දරුවා බලා සිටින බවත්, එය ඔබ කුඩා දරුවාට නිහඬව උගන්වන පාඩමක්බවත් මතක තබාගන්න. පලතුරු දීමේදී විටමින් හා ඛනිජ ලවණවලින් සරු දේශීය පලතුරු ආහාරයට එක් කරන්න. මෙවැනි දෑ ගැන දැනුම්වත් වීමෙන් අපි නොදැනුවත්වම නිරෝගී පරපුරක් රටට දායාද කරනබවත්, එය අපේ ආර්ථිකයට ද මහත් පිටිවහලක් වන බවත් මතක් කරමු.

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...