Skip to main content

පෙණහලු ලෙඩ නොකර මේ ආහාර ඔබත් ගන්න

ආචාර්ය චන්දිමා විජේගුණවර්ධන
අප ගන්නා ආහාර සෘජුවේම පෙණහලු කෙරෙහි බලපාන්නේ නැත. ඒවා වක්‍රාකාරයෙන් ශරීරයේ විස හරණය සහ පෝෂණය යන කාරණා 02 මත බලපැවැත්වේ. ඉතා ගණ මේදය සහිත ආහාර ගැනීමෙන් පිළිකා රෝග හටගන්නා නිසා අප ඒවා බැහැර කළ යුතු වේ.
නිරෝගී පෙණහලු යුවළක් පවත්වා ගැනීම සඳහා පෝෂණීය එළවළු, පලතුරු ආහාරයට ගත යුතුයි.

පෝෂණීය එළවළු, පලතුරු පෙණහලුවලට බලපාන්නේ කොහොමද?
මේවාවල ඇති සිරුරට අවැසි එන්සයිම, විටමින්,ඛනිජ වර්ග විස හරණ ක්‍රියාවලියට දායක වේ.   මෙවැනි වාතාවරණයකදී මනාව ආස්වාස ප්‍රාශ්වාස කළ හැකිය.

පෙණහලුවල නිරෝගීතාව සුරකින එළවළු
ඔබ දැනටමත් පෙණහලු රෝගයකට ගොදුරු වූ අයෙක්ද? එසේනම මේ ආහාර ඔබත් දෛනිකව එකතු කර ගන්න. 


  • සුදු ලූනු සහ ලූනු
සිරුරේ නිතරම ඇතිවන විසබීජ, බැක්ටීරියාවලට එරෙහිව සටන් කරයි. එබැවින් පෙණහලු මෙන්ම හෘදයවස්තුවේ ක්‍රියාකාරීත්වයටද උපකාර වේ.

  • ඉඟුරු
පෙණහලුවල ඇති අපද්‍රව්‍ය පිටතට ගෙන යාම සඳහා උදව් වේ.

  • මිරිස්
මේවායෙහි 'කැප්සයික් ඉන්' නැමැති ද්‍රව්‍ය අඩංගුය. විසහරණ ක්‍රියාවලියට උපකාර වේ. පෙණහලුවලට හොඳ රුධිර ගමනාගමනයක් ලබා දේ. 

  • ගෝවා, මල් ගෝවා, බ්‍රොකෝලි
පෙණහලුවල ඇති වන පිළිකා සෛල වර්ධනය වීම වළක්වයි. කෝරෆිල් අඩංගු වන නිසා රුධිරය පිරිසුදු කරවයි. 

  •  දෙලුම්
දෙලුම් යුෂ පානයෙන් පෙණහලුවල ඇතිවන ගෙඩි මර්දනය කරයි. දෙලුම්වල අන්තර්ගත 'එලෆික් ඇසිඩ් ' නිසා පිළිකා වර්ධනය අවම කරයි.

  • කහ
පෙණහලුවල ඇති වන පිළිකා සෛල මර්දනය කරමින් මනා රුධිර ගමනාගමනයක් පවත්වා දෙයි.

  • ජලය
පෙණහලුවල සමතුලිතතාව රැක දීමට මෙන්ම විස හරණ ක්‍රියාවලිය සවිමත් කිරීම සඳහාද ජලය අවශ්‍ය වේ.
  • ඇපල්
ෆ්ලෙවනොයිඩ්, විටමින් 'ඊ', විටමින් 'සී' අඩංගු නිසා ඒවා පෙණහලුවල ක්‍රියාකාරීත්වය තීව්‍ර කරවයි. හොඳ පෙණහලු යුගලක් සඳහා අඩුම තරමේ සතියතට ඇපල් ගෙඩි 02ක්වත් ආහාරයට ගත යුතුය.

  • ග්‍රේප් පෘට්
දුම්පානයට ඇබ්බැහිවී එය නතර කළ පුද්ගලයන්ට සුදුසු වේ.පෙණහලු පිරිසුදු කරන හොඳ පලතුරකි.

  • බෝංචි , ඇට වර්ග, වියළි ඇට වර්ග
ඇට වර්ගවල මැග්නීසියම් ඇත. එය පෙණහලුවල පැවැත්මට උපකාරවේ. 
  • කැරට්
වැඩි වශයෙන් විටමින් 'ඒ' ඇත. විටමින් 'සී' ද ඇතුළත් නිසා පෙණහලුවල පිළිකා ඇති කිරීම අඩු කිරීම මෙන්ම හොඳ කාර්යක්ෂම පෙණහලු යුවළක් ලබා දේ.

  • දොඩම්
මේවායෙහි මූලිකවම විටමින් 'සී' සහ විටමින් 'බී'-6 ඇත. පෙණහලුවලින් ඔක්සිජන් ශරීර අභ්‍යන්තරයට මුදා හැරීමට මෙකී එන්සයිම උපකාර වේ.
  • වට්ටක්කා
පෙණහලුවල පිළිකා අවධානම පහත හෙළමින් හොඳ පෙණහලු යුවළක් ලබා දේ.

නිරෝගී දිවියකට කාර්යක්ෂම පෙනහලු යුවළක් තිබීමේ වැදගත්කම කොතෙක්ද යන්න දැන් ඔබට වැටහෙනවා නේද?

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...