Skip to main content

ලන්තෑරුම් එළියෙන් කටු මැටි ගෙපැලක දවස් ගෙවුණු හැටි

1977 වසරේ පැවති මහමැතිවරණයෙන් අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්වූයේ ජේ. ආර්. ජයවර්ධන මහතාය. ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිවරයා ලෙස 1978 වසරේ දිවුරුම් දුන් ජේ. ආර්. 1982 ජනාධිපතිවරණයේදී දෙවැනි වරටත් විධායක ජනාධිපතිවරයා ලෙස පත්විය.


ජේ. ආර්. ජයවර්ධන මහතා දේශපාලනයට මුලින්ම පිවිසියේ 1940 වසරේ කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයකු ලෙස තේරී පත් වෙමිනි. නාගරික මන්ත්‍රීවරයෙකු ලෙස දේශපාලන පිටියට පිවිසි ජේ. ආර්. අවසානයේ නැවතුණේ ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිවරයා ලෙස අභිෂේක ලබමින්ය.

ජේ. ආර්. ගේ පියා ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය කාරවරයෙකු ලෙස සේවය කර තිබේ.

කොළඹ රාජකීය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ ජේ. ආර්. යුනිවර්සිටි කොලිජියෙන් හා නීති විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා නීතිය පිළිබඳ හසළ දැනුමක් ලබාගත් අතර ඔහු අධිනීතිඥවරයෙක් විය.

හලාවත කොළඹ දුම්රිය මාර්ගයට යාබදව මාදම්පේ නගරයට නුදුරින් ජේ. ආර්ට පරම්පරාවෙන් උරුමවූ අක්කර 40 ක පමණ සරුසාර පොල් ඉඩමක්ද තිබුණේය.

මෙම වත්තේ කාලයක් වතු අධිකාරිවරයාව කටයුතු කළේ වින්සන් ජයමහ මහත්තයාය.

මෙරට විධායක ජනාධිපතිවරයාට අයත් වත්තක වතුපාලකවරයා ලෙස සේවය කළත් වින්සන් ජයමහ මහතා ප්‍රදේශයේ කොයිකා එක්කත් සමීපව ඇසුරු කළ ජනප්‍රිය පුද්ගලයකුව සිටියේය. ජේ. ආර්. ජයවර්ධන මහතා විධායක ජනාධිපති ධූරය දරන වකවානුවේ පවා විවේක සුවයෙන් නිදහසේ ගත කිරීමට අවශ්‍යවූ විට පැමිණෙන්නේ මාදම්පේ පිහිටි ඔහුගේ මේ වත්තටය.

මැටි ගසා බිමට ගොම අතුරා පොල් අතු සෙවිලි කළ නිවසක් හා සිමෙන්ති ගඩොලින් බැඳ පොල් අතු සෙවිලිකර නිවසක්ද ජේ. ආර්ට අයිති මේ වත්තේ තනා තිබිණි.

ජේ. ආර්. නිදහසේ කාලය ගත කිරීමට වසරකට අඩුම වශයෙන් දෙවරක්වත් වත්තට පැමිණ ඇති අතර එසේ පැමිණි අවස්ථාවල දින දෙක තුනක්ම වත්තේ ගත කිරීමට පුරුදුව සිටියේය.

වත්තට පැමිණි අවස්ථාවල ජේ. ආර්. වැඩියෙන්ම ගත කිරීමට කැමැත්තක් දක්වා ඇත්තේ පොල් අතු සෙවිලි කර මැටි ගසා බිමට ගොම අතුරා තිබූ පුංචි නිවසේය.

එලීනා ජයවර්ධන ආර්යාවද වැඩි කැමැත්තක් ආශාවක් දක්වා ඇත්තේ මේ නිවසේ ගත කිරීමටය. ජේ. ආර්. ජයවර්ධන මහතා සහ එලීනා ජයවර්ධන ආර්යාව පැමිණිවිට ඔවුන්ට විසීමට තනා තිබූ නිවාස දෙකේම තිබී ඇත්තේ සුඛෝපභෝගී බඩු බාහිරාදිය නම් නොවේ.

නිදාගැනීමට තිබුණ ඇඳටද දමා තිබී ඇත්තේ සුවපහසු මෙට්ට වෙනුවට සාමාන්‍ය මෙට්ටය.

නිවාස වලට රෑට ආලෝකය සපයා ගෙන ඇත්තේ ලන්තෑරුම් එළියෙනි.

මේ වත්තේ එක් කෙළවරකට මායිම්වී තිබුණේ තිනිපිටි වැවය.

තිනිපිටි වැව් කොමළියගේ පහස විඳීමටත් වැව් කොමළිය සිප හමා එන සිහින් සුළං රැළිවල සුවය ලබාගැනීමටත් ජේ. ආර්. දක්වා ඇත්තේ නොමද ආශාවකි.

ජේ. ආර්. හා ආර්යාව තිනිපිටි වැව ආසන්නයට සන්ධ්‍යා කාලයේ පැමිණ පැය කිහිපයක් ගත කිරීමටද අමතක නොකළේ ඒ නිසාමය. පොල් අතු සෙවිලි කළ නිවසක ලන්තෑරුම් එළියෙන් සිටීමට ජේ. ආර් තුළ තිබී ඇත්තේ ලොකු කැමැත්තකි. එය ඔහුගේ සරල චාම් ගතිපැවතුම් වලට හොඳම උදාහරණයකි.

ජේ. ආර්. ගේ වත්තේ ගස්ලබු සහ අඹ වැනි විවිධ වර්ගයේ පලතුරුද ඒ කාලයේ යහමින් වවා තිබූ අතර ඔහු පලතුරු කෑමටද මහත් රුචියක් දක්වා ඇත.

විදේශයන්හි සංචාරය කළ අවස්ථාවල රාජ්‍ය නායකයින්ගෙන් ලැබුණු වටිනා ගස් ජේ. ආර්. මාදම්පේ වත්තේද රෝපණය කර තිබිණි. ජේ. ආර්ගේ වත්තේ වතු පාලකවරයාව සිටි වින්සන් ජයමහ මහතා යම් යම් අවශ්‍යතා සඳහා ජේ. ආර්. හමුවීමට කොළඹ වෝඞ් පෙදෙසට යන සමහර අවස්ථාවන්වල ගොස් ඇත්තේ මහවැව පදිංචි ඔහුගේ හොඳම මිතුරෙකු වන ව්‍යාපාරික උපාලි රත්නායක මහතාට අයත් ඩබල් කැබ් රථයෙනි.

“ජේ. ආර්. ජයවර්ධන මහත්තයාට පලතුරු, පොල් වගේ දේවල් අරගෙන යන අවස්ථාවල වින්සන් ජයමහ මහත්තයා ඒවා අරගෙන යන්න මටයි කතා කළේ. මම ඔහුත් එක්ක කිහිපවතාවක්ම වෝඞ් ප්ලේස් එකේ තියන ජේ. ආර්. මහත්තයාගේ නිවසට ගොස් තිබෙනවා.

ජයමහ මහත්තයා ගෙන යන පළතුරු පෙට්ටි බාරදෙන්න ගියාම අපිට තේපැන් සංග්‍රහයක්ද නොවරදවාම ලබාදෙන්න අමතක කළේ නැහැ” යැයි පැවසුවේ උපාලි රත්නායක මහතාය.

මාදම්පේ ප්‍රදේශයේ කා අතරත් ජනප්‍රිය චරිතයක්ව සිටි ජේ. ආර්.ගේ මාදම්පේ වත්තේ පාලකයා මිය ගොස් මේ වනවිට වසර කිහිපයක් ගොස් ඇත.

ජේ. ආර් ගේ ජීවිතය හා බැඳුණු තවත් අප්‍රසිද්ධ කතා බොහොමයක් ඇත.
ඒ කතා ඉදිරියේ කියවමු.

Comments

Popular posts from this blog

7 Riveting Facts about the Kandos Man – Upali Wijewardene

Source:  abpic.co.uk  Written by – Ranuli at Omebiz Philip Upali Wijewardene, better known as Upali Wijewardene was one of the most flamboyant and prominent businessman with an empire that not only dominated the Sri Lankan business landscape but also went global. He was Sri Lanka’s first homegrown tycoon and the founder and Chairman of Upali Group, Sri Lanka’s first multi-national business. Upali Wijewardene kick-started his career as a management trainee at Lever Brothers (now known as  Unilever ) where he managed to lock down the job simply based on his basic dining etiquette. However, due to a disagreement with the Chairman of the company, Upali left his job at Lever Brothers. Following the death of his uncle, the Late Senator Sarath Chandradasa, Upali took over  Kandos  with the substantial shares that were allocated to him. The company struggled with the lack of sales, Upali modernized the production process boosting their sales off the charts. Kando...

2වැනි කැරැල්ලේ නියඟයට වැහි වළාවක්වූ මියයන ලොවක නොමියන සිසු විරුවෝ

ආණ්ඩුවේ වෙඩි උණ්ඩයකට ගොදුරුව ප්‍රථමවරට සරසවි සිසුවෙක් මියගියේ 1976 නොවැම්බර් 12වැනිදාය. පේරාදෙණිය සරසවියේ මණ්ඩපාධිපතිවරයාගේ අත්තනෝමතික ක්‍රියා පිළිවෙතට එරෙහිව විරෝධය දැක්වීමේදී එසේ මියගියේ ඩබ්ලිව්. එම්. රෝහණ වීරසූරියයි. කුරුණෑගල උහුමීය දිළිදු ගොවි පවුලක දෙවැන්නා ලෙස උපන් රෝහණ වීරසූරියට සොහොයුරන් සිව් දෙනෙකු විය. වසර 1934දී පිහිටුවන ලද මුදුන්න මහා විද්‍යාලයෙන් සරසවි වරම් ලද ප්‍රථම ශිෂ්‍යයාද ඔහුය. සරසවි සිසුවෙකු දෙවන වරට ඝාතනයට ලක්වූයේ 1984 ජුනි 19වැනිදාය. ඒ පේරාදෙණිය සරසවියේ වෛද්‍ය පීඨයේ දෙවන වසරේ සිසුවෙකු වූ හේවබුලත්කන්දගේ පත්මසිරි අබේසේකර ශිෂ්‍යයාය. මාකස් නේවාසිකාගාරයේ නැවතී සිටි වෛද්‍ය සිසු පත්මසිරි  ඒ වනවිට වෛද්‍ය පීඨයේ දෙවන වසරේ විභාගයෙන් සහ නැවත පෙනීසිටීමේ විභාගයෙන්ද අසමත්වී සිටියද යළි විභාගයට පෙනී සිටීම සඳහා සූදානම්ව සිටි අයෙකි.  එයට පාදක වූයේ වෛද්‍ය පීඨයේ සිඩ්නි ජයරත්න(වෛද්‍යවරයෙකු වශයෙන් කටයුතු කිරීමේදී සිඩ්නි පසු කලෙක හෘදයාබාදයකින් මියගිය අතර නුවර මහාමායා විදුහලේ අධ්‍යාපනය ලත් ඔහුගේ දියණිය අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ශ්‍රී ලංකාවේ තෙවන ස්ථානයට පසුකලෙක පත්විය) ඇතුළ...

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...