Skip to main content

ලන්තෑරුම් එළියෙන් කටු මැටි ගෙපැලක දවස් ගෙවුණු හැටි

1977 වසරේ පැවති මහමැතිවරණයෙන් අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්වූයේ ජේ. ආර්. ජයවර්ධන මහතාය. ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිවරයා ලෙස 1978 වසරේ දිවුරුම් දුන් ජේ. ආර්. 1982 ජනාධිපතිවරණයේදී දෙවැනි වරටත් විධායක ජනාධිපතිවරයා ලෙස පත්විය.


ජේ. ආර්. ජයවර්ධන මහතා දේශපාලනයට මුලින්ම පිවිසියේ 1940 වසරේ කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයකු ලෙස තේරී පත් වෙමිනි. නාගරික මන්ත්‍රීවරයෙකු ලෙස දේශපාලන පිටියට පිවිසි ජේ. ආර්. අවසානයේ නැවතුණේ ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිවරයා ලෙස අභිෂේක ලබමින්ය.

ජේ. ආර්. ගේ පියා ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය කාරවරයෙකු ලෙස සේවය කර තිබේ.

කොළඹ රාජකීය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ ජේ. ආර්. යුනිවර්සිටි කොලිජියෙන් හා නීති විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා නීතිය පිළිබඳ හසළ දැනුමක් ලබාගත් අතර ඔහු අධිනීතිඥවරයෙක් විය.

හලාවත කොළඹ දුම්රිය මාර්ගයට යාබදව මාදම්පේ නගරයට නුදුරින් ජේ. ආර්ට පරම්පරාවෙන් උරුමවූ අක්කර 40 ක පමණ සරුසාර පොල් ඉඩමක්ද තිබුණේය.

මෙම වත්තේ කාලයක් වතු අධිකාරිවරයාව කටයුතු කළේ වින්සන් ජයමහ මහත්තයාය.

මෙරට විධායක ජනාධිපතිවරයාට අයත් වත්තක වතුපාලකවරයා ලෙස සේවය කළත් වින්සන් ජයමහ මහතා ප්‍රදේශයේ කොයිකා එක්කත් සමීපව ඇසුරු කළ ජනප්‍රිය පුද්ගලයකුව සිටියේය. ජේ. ආර්. ජයවර්ධන මහතා විධායක ජනාධිපති ධූරය දරන වකවානුවේ පවා විවේක සුවයෙන් නිදහසේ ගත කිරීමට අවශ්‍යවූ විට පැමිණෙන්නේ මාදම්පේ පිහිටි ඔහුගේ මේ වත්තටය.

මැටි ගසා බිමට ගොම අතුරා පොල් අතු සෙවිලි කළ නිවසක් හා සිමෙන්ති ගඩොලින් බැඳ පොල් අතු සෙවිලිකර නිවසක්ද ජේ. ආර්ට අයිති මේ වත්තේ තනා තිබිණි.

ජේ. ආර්. නිදහසේ කාලය ගත කිරීමට වසරකට අඩුම වශයෙන් දෙවරක්වත් වත්තට පැමිණ ඇති අතර එසේ පැමිණි අවස්ථාවල දින දෙක තුනක්ම වත්තේ ගත කිරීමට පුරුදුව සිටියේය.

වත්තට පැමිණි අවස්ථාවල ජේ. ආර්. වැඩියෙන්ම ගත කිරීමට කැමැත්තක් දක්වා ඇත්තේ පොල් අතු සෙවිලි කර මැටි ගසා බිමට ගොම අතුරා තිබූ පුංචි නිවසේය.

එලීනා ජයවර්ධන ආර්යාවද වැඩි කැමැත්තක් ආශාවක් දක්වා ඇත්තේ මේ නිවසේ ගත කිරීමටය. ජේ. ආර්. ජයවර්ධන මහතා සහ එලීනා ජයවර්ධන ආර්යාව පැමිණිවිට ඔවුන්ට විසීමට තනා තිබූ නිවාස දෙකේම තිබී ඇත්තේ සුඛෝපභෝගී බඩු බාහිරාදිය නම් නොවේ.

නිදාගැනීමට තිබුණ ඇඳටද දමා තිබී ඇත්තේ සුවපහසු මෙට්ට වෙනුවට සාමාන්‍ය මෙට්ටය.

නිවාස වලට රෑට ආලෝකය සපයා ගෙන ඇත්තේ ලන්තෑරුම් එළියෙනි.

මේ වත්තේ එක් කෙළවරකට මායිම්වී තිබුණේ තිනිපිටි වැවය.

තිනිපිටි වැව් කොමළියගේ පහස විඳීමටත් වැව් කොමළිය සිප හමා එන සිහින් සුළං රැළිවල සුවය ලබාගැනීමටත් ජේ. ආර්. දක්වා ඇත්තේ නොමද ආශාවකි.

ජේ. ආර්. හා ආර්යාව තිනිපිටි වැව ආසන්නයට සන්ධ්‍යා කාලයේ පැමිණ පැය කිහිපයක් ගත කිරීමටද අමතක නොකළේ ඒ නිසාමය. පොල් අතු සෙවිලි කළ නිවසක ලන්තෑරුම් එළියෙන් සිටීමට ජේ. ආර් තුළ තිබී ඇත්තේ ලොකු කැමැත්තකි. එය ඔහුගේ සරල චාම් ගතිපැවතුම් වලට හොඳම උදාහරණයකි.

ජේ. ආර්. ගේ වත්තේ ගස්ලබු සහ අඹ වැනි විවිධ වර්ගයේ පලතුරුද ඒ කාලයේ යහමින් වවා තිබූ අතර ඔහු පලතුරු කෑමටද මහත් රුචියක් දක්වා ඇත.

විදේශයන්හි සංචාරය කළ අවස්ථාවල රාජ්‍ය නායකයින්ගෙන් ලැබුණු වටිනා ගස් ජේ. ආර්. මාදම්පේ වත්තේද රෝපණය කර තිබිණි. ජේ. ආර්ගේ වත්තේ වතු පාලකවරයාව සිටි වින්සන් ජයමහ මහතා යම් යම් අවශ්‍යතා සඳහා ජේ. ආර්. හමුවීමට කොළඹ වෝඞ් පෙදෙසට යන සමහර අවස්ථාවන්වල ගොස් ඇත්තේ මහවැව පදිංචි ඔහුගේ හොඳම මිතුරෙකු වන ව්‍යාපාරික උපාලි රත්නායක මහතාට අයත් ඩබල් කැබ් රථයෙනි.

“ජේ. ආර්. ජයවර්ධන මහත්තයාට පලතුරු, පොල් වගේ දේවල් අරගෙන යන අවස්ථාවල වින්සන් ජයමහ මහත්තයා ඒවා අරගෙන යන්න මටයි කතා කළේ. මම ඔහුත් එක්ක කිහිපවතාවක්ම වෝඞ් ප්ලේස් එකේ තියන ජේ. ආර්. මහත්තයාගේ නිවසට ගොස් තිබෙනවා.

ජයමහ මහත්තයා ගෙන යන පළතුරු පෙට්ටි බාරදෙන්න ගියාම අපිට තේපැන් සංග්‍රහයක්ද නොවරදවාම ලබාදෙන්න අමතක කළේ නැහැ” යැයි පැවසුවේ උපාලි රත්නායක මහතාය.

මාදම්පේ ප්‍රදේශයේ කා අතරත් ජනප්‍රිය චරිතයක්ව සිටි ජේ. ආර්.ගේ මාදම්පේ වත්තේ පාලකයා මිය ගොස් මේ වනවිට වසර කිහිපයක් ගොස් ඇත.

ජේ. ආර් ගේ ජීවිතය හා බැඳුණු තවත් අප්‍රසිද්ධ කතා බොහොමයක් ඇත.
ඒ කතා ඉදිරියේ කියවමු.

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...