Skip to main content

රෑ ගිරවා අනතුරේ



පැන්ඩාවන්, සුදු රයිනෝ සතුන්, කඳුකර ගෝරිල්ලන් වැනි සතුන්ගේ පැටවුන් බෝ වීම හරිම දුර්භලයි. ඒත් සියල්ලට ම වඩා වර්ගයා බෝ කිරීමට අලස සතෙක් නවසීලන්තයේ ඉන්නවා. ඇත්තටම නම් ඒ කුරුල්ලෙක්, ගිරවෙක්. නම කාකාපෝ. එහි තේරුම ‘රෑ ගිරවා’ යන්නයි. මහත සිරුරක් ඇති මේ කුරුල්ලාට ඉගිල්ලෙන්න බැහැ. ඌ වර්ගයා බෝ කිරීමට කෙතරම් අලස ද කීවොත් මේ කුරුල්ලන් මේ වන විට මුළු නවසීලන්තයටම ඉන්නේ 124 දෙනයි. ගැහැනු සතාගේ ලිංගික උදාසීනකමට අමතරව පිරිමි සතාටත් තමන් ගොදුරු කර ගන්නට එන විලෝපික සතුරාත් ‘වැළඳ ගන්න’ එන මිතුරියත් වෙන් කර හඳුනා ගන්න අමාරුයි. අන්තිමේ ඌත් නොදැනුවත්වම විලෝපිකයාට ගොදුරු වෙනවා.
ඒ වගේ ම අනතුරක් එළඹි වහාම ඌ ගහකට නැග්ගත් තමන්ට ඉගිල්ලෙන්න බැරි බව අමතක වීම නිසා එහි මුදුනේ දී ඉගිල්ලෙන්න හදනවා. පිහාටු ශක්තිමත් නැති නිසා සිද්ධවෙන්නේ ගහෙන් මුණින් අතට වැටෙන එකයි. අවාසනාවකට කාකාපෝගේ වර්ගයා බෝ වීමට ස්වාභාවික වරණයත් බාධාවක් වෙලා. කලින් මේ දූපත්වල විලෝපිකයන් නොවූ නිසා උගේ ඉගිල යාමේ අවශ්‍යතාව නැති වුණා. ඒත් මේ දූපත්වලට ආ විදේශිකයන් විලෝපිකයන් මේ දූපත්වලට හඳුන්වා දුන් නිසා උන් දැන් අනතුරේ වැටිලා.
ඌ බොහෝ විට අවුරුදු 90ක් විතර ජීවත් වෙනවා. ලෝකයේ වැඩිම කාලයක් ජීවත්වන කුරුල්ලා කාකාපෝයි. බරින් වැඩිම ගිරවාත් ඌයි. ඔවුන් ආහාරයට ගන්නේ එකම එක දෙයයි. ඒ රිමු කියන ගහේ පලතුරුයි. මේ ගහේ ගෙඩි හැදෙන්නේ අවුරුදු හතරකට වරක් පමණයි. ඔවුන්ට මේ එකක්වත් ගැටලුවක් වුණේ නෑ, විදේශිකයන් ආ නැව්වලින් ගෙනා මීයන්, පැසිපොව්වන්, ස්ටෝට් මුගටියන්, බළලුන් වැනි විලෝපිකයන් රාශිය තමයි ඔවුන්ගේ ගහනයට තර්ජනයක් වුණේ. අවුරුදු සිය ගණනක් ඇතුළත මේ ආක්‍රමණකාරීන් කාකාපෝ ගහනය හොඳටම අඩු කළා. දශකයකට උඩදි හිටියෙ 30 දෙනකු විතරයි.
ඔවුන් බෝ කරන්න ගත්ත උත්සාහය කිසියම් ප්‍රමාණයකට හරි ගිහිල්ලා. ඒත් ඒකටත් බාධාව වෙලා තියෙන්නෙ කාකාපෝමයි. හොඳින් වැඩුණාම රාත්තල් 8ක් පමණ වන මේ කුරුල්ලකුගේ සිරුර දීප්තිමත් හරිත පැහැයෙන් යුක්ත වෙනවා. මෙය කොළ පැහැති පඳුරු අතර සැඟවිලා සතුරන්ගෙන් ගැලවීමට උදව් වෙනවා. සතුරන් ගෙන් ගැලවීමට බොහෝ විට කරන්නේ ගල් ගැසී සිටීමයි. එහෙම නොකළොත් ඊළඟට කරන්නේ දුවල ගිහින් ගහකට නගින එකයි. ඌ ගස් නගින්න දක්ෂයි. අනික් අතට ඌ හරිම හීලෑයි. මිනිසකු දුටුවොත් නොබියව ළඟට එනවා. ගහක් උඩට නැග්ග වහාම ඌ ඈතට ඉගිලී යන්න කල්පනා කරනවා. ඒත් අවාසනාවකට කුරුල්ලකු වුනත් ඉගිල්ලෙන්න පිහාටු ශක්තිමත් නැති නිසා සමහර විට ගසෙන් වැටී තුවාල කර ගන්නවා.
බොහෝ කිරිල්ලියන් වර්ගයා බෝ කිරීමට එක් වෙන්නේ දෙවසරකට එක් වතාවක් විතරයි. මේක කුරුල්ලන්ට මහා වදයක් වෙනවා. කුරුලු සංරක්ෂකයන් සොයා ගෙන තියෙනව වැඩියෙන් ආහාර දීමෙන් කිරිල්ලියන්ගේ ලිංගික උත්තේජනයක් ඇති කළ බව. ඒත් මොවුන්ගේ චර්යාවල ස්වභාවය නිසා ලොකු ප්‍රතිඵල ලබා ගත නොහැකියි. තවත් ගැටලුවක් වන්නේ වැඩිපුරම උපදින්නේ පිරිමි සතුන් වීමයි.
පිරිමි සතුන් ගැහැනු සතුන්ගේ අවධානය ගන්න මහ හඬින් හැඬලුවත් ඔවුන් ජීවත් වන කඳුකරයේ ඝන කැලෑව නිසා ඒ හඬ දෝංකාරය දෙනවා. හඬ හැම තැනින්ම ඇහෙන නිසා එල්ලය සොයා ගැනීම කිරිල්ලියට අසීරු වෙනවා. ඒ වගේ ම කිරිල්ලියක් අමාරුවෙන් හඬ සොයා ගියත් ඒ හඬට එන අනිත් කිරිල්ලියන් අතරින් නිශ්චිතවම කුරුල්ලා හඳුනා ගැනීමට ඇයට නොහැකි වෙනවා. කොහොම වුනත් වඳවී යාමේ තර්ජනයෙන් මේ දුර්ලභ කුරුල්ලා බේරා ගන්න කුරුලු සංරක්ෂකයන් දැනටමත් විශාල සටනක් ගෙන යනවා.

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...