Skip to main content

බජාජ් ඔටෝ බලන්න ගිය ගමන

ඬේවිඞ් පීරිස් මෝටර් කම්පැනි ප‍්‍රයිවෙට් ලෙමිටඞ් සහ බජාජ් ඔටෝ ලිමිටඞ් ඉන්දියා අනුග‍්‍රහයෙන්, ඉන්දියාවේ බජාජ් ඔටෝ සමාගමේ නිෂ්පාදන සංකීර්ණ දෙකක නිරීක්ෂණ චාරිකාවක යෙදීමට ශී‍්‍ර ලංකා මාධ්‍යවේදීන් කණ්ඩායමකට පසුගිය දා අවස්ථාව උදා විය.
ශී‍්‍ර ලාංකීක මාධ්‍ය කණ්ඩායමක් බජාජ් නිෂ්පාදන සංකීර්ණයක නිරීක්ෂණයක යෙදුණු පළමු අවස්ථාව එයයි. එපමණක් නොවෙයි, එය සැබැවින්ම අපූරු අත්දැකීමක් ද විය. රොබෝ අත්වලින් නිර්මාණය කෙරෙන, බජාජ් ඔටෝ සමාගමේ සුවිශේෂී කියුට් කොඩි‍්‍රසයිකල් රථය නිපදවන අයුරු දකින්න ලැබීම ඒ අතරින් කැපී පෙනෙයි.
අපූරු අත්දැකීමක්
බජාජ් ඔටෝ ප‍්‍රධාන නිෂ්පාදන සංකීර්ණ තුනකි. එයින් දෙකක් ඉන්දියාවේ මහාරාෂ්ට‍්‍ර ප‍්‍රාන්තයේ ඖරන්ගාබාද් සහ පූනේ නගර කේන්ද්‍රකොට ගනිමින් පිහිටුවා ඇත. තෙවැනි නිෂ්පාදන සංකීර්ණය ඇත්තේ ඉන්දියාවේ උත්තරකාන්ද් ප‍්‍රාන්තයේය. අප මාධ්‍යවේදීන් කණ්ඩායමට ඖරන්ගාබාද් නගරයේ වලූජ් නිෂ්පාදන සංකීර්ණයටත්, පූනේ නගරයේ චකන් නිෂ්පාදන සංකීර්ණයටත් යෑමට අවස්ථාව උදාවිය. ඉන්දියාවේ ප‍්‍රධාන ව්‍යාපාර සමාගම් 10 අතර කැපී පෙනෙන ස්ථානයක රැඳී සිටින්නේ බජාජ් ඔටෝ බව අමුතුවෙන් කිවයුතු නොවේ. මෝටර් සයිකල්, තී‍්‍ර රෝද රථ පමණක් නොව, බජාජ් ඔටෝ සමාගමේ නවතම රෝද හතරේ පෙරැුළිය බජාජ් කෙඩි‍්‍රසයිකල් රථ ද නිපදවෙන අයුරු සහ ඒවා නියමිත ප‍්‍රමිතියට අනුකූලව අත්හදා බැලීම් සිදු කරමින් පසුව වෙළෙඳපොළට නිකුත් කිරීම දක්වා සිදුවන ඒ හරි අපූරු මෙන්ම සංකීර්ණ කි‍්‍රයාවලිය දැක බලා ගැනීමට ද මාධ්‍ය කණ්ඩායමට ඉඩ සලසා දීමට බජාජ් ඔටෝ සමාගම කටයුතු කළේය.
වලූජ් සහ චකන්
හෙක්ටෙයාර 362 ක් පුරා පැතිරුණු වලූජ් නිෂ්පාදන සංකීර්ණය පිහිටුවා ඇත්තේ 1984 දීය. බජාජ් ඩිස්කවර්, ප්ලැටිනා, සීටී 100 සහ බොක්සර් මෝටර් සයිකල්, තී‍්‍රරෝද රථ සහ බජාජ් කියුට් කොඩි‍්‍රසයිකල් මෙහිදී නිපදවීම සිදුවෙයි. අයි.එස්. ඕ. 9001, අයි.එස්. ඕ. 14001 සහ  ඕ.එච්.එස්.ඒ.එස්. 18001 යන තත්ත්ව සහතිකවලින් පිදුම්ලත් මෙම නිෂ්පාදන පරිශ‍්‍රය තුළ වසරකට මෝටර් සයිකල් මිලියන 2.4 ක් සහ තී‍්‍රරෝද රථ මිලියන 0.9 ක් නිපදවෙයි. පූනේ නුවර චකන් නිෂ්පාදන සංකීර්ණය පිහිටුවනු ලැබ ඇත්තේ 1998 වසරේදීය. මෙය හෙක්ටයර 80 ක භූමි ප‍්‍රදේශයක පැතිරී ඇත. බජාජ් පල්සර්, ඇවෙන්ජර් සහ කේටීඑම් මෝටර් සයිකල් මෙම පරිශ‍්‍රයේ නිපදවෙයි. අයි.එස්. ඕ. 9001, අයි.එස්. ඕ. 14001 සහ  ඕ.එච්.එස්.ඒ.එස්. 18001 යන තත්ත්ව සහතිකවලින් පිදුම්ලත් මෙම නිෂ්පාදන පරිශ‍්‍රය තුළ වසරකට මෝටර් සයිකල් මිලියන 1.2 ක් නිපදවීම සිදුවෙයි.
බජාජ් සමූහ ව්‍යාපාරය
ඉන්දියාවේ විශාලතම මෙන්ම ප‍්‍රධානතම ව්‍යාපාර 10 අතර කැපී පෙනන ස්ථානයක් හිමිකර ගනිමින් පෙරමුණේ සිටින්නේ බජාජ් සමූහ ව්‍යාපාරය යැයි කීවොත් එය නිවැරදිය. බජාජ් සමූහ ව්‍යාපාරය ආරම්භ කරන ලද්දේ 1926 වසරේදීය. මෝටර් සයිකල්, තී‍්‍රරෝද රථ සහ රෝද හතරේ නවතම පෙරැළිය ලෙස සැලකෙන බජාජ් කොඩි‍්‍රසයිකල් රථය ලොවට හඳුන්වා දීම සිදු කළේ බජාජ් ඔටෝමොබයිල් සමාගමය.  බජාජ් සමූහ ව්‍යාපාරය තී‍්‍රවීල්, යතුරු පැදි සහ කියුට් රථ නිපදවීමට පමණක් සීමා වී නැත. ගෘහ උපකරණ, විදුලි උපකරණ, යකඩ, වානේ නිෂ්පාදන සමාගමක් ලෙසත්, සංචාරක, මූල්‍ය සහ රක්ෂණ සමාගමක් ලෙසත් බජාජ් සමූහ ව්‍යාපාරය නමක් දිනාගෙන ඇත. බජාජ් ඔටෝ ලොව අංක එකේ තී‍්‍රරෝද රථ නිෂ්පාදන සමාගම වන අතර, ලොව තෙවැනි ස්ථානයට පත් මෝටර් සයිකල් නිෂ්පාදන සමාගම වෙයි. විශ්වාසනීයත්වය රැුගත් බජාජ් නාමය ලතින් ඇමෙරිකා, අපි‍්‍රකා, මැදපෙරදිග සහ දකුණු ආසියාවේ ප‍්‍රචලිතය. අද වනවිට බජාජ් සමූහ ව්‍යාපාරයේ අධිපති ලෙස කටයුතු කරන්නේ රාහුල් බජාජ් ය.
යෝධයකුගේ ආරම්භය
බජාජ් සමාගම පිහිටුවූයේ 1926 වසරේදීය. ඒ, බි‍්‍රතාන්‍ය යටත් විජිතයක්ව පැවැති ඉන්දියාව නිදහස ලැබීමට සමගාමීවය. බජාජ් සමාගම පිහිටුවීමෙහිලා පුරෝගාමියා වන්නේ ජම්නන්ලාල් බජාජ්ය. ජම්නන්ලාල් බජාජ් මහතා, හැදී වැඩුණේත් පන්නරය ලැබුවේත් ඉන්දීය නිදහස් අරගලයේ නියමුවා මෙන්ම අහිංසාවාදයේ පියා ද යන ගෞරව නාමය හිමි මහත්මා ගාන්ධිතුමා යටතේය. ජම්නන්ලාල් බජාජ් මහතාගේ අරමුණ ලාබ ලැබීම නොව, ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් සහ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම වෙනුවෙන් හොඳ සේවාවක් ලබා දීමය. බජාජ් සමාගම සමඟ අත්වැල් බැඳගෙන සිටින අප ඬේවිඞ් පීරිස් මෝටර් රථ සමාගමේ අධිපති ඬේවිඞ් පීරිස් මහතාගේ ද සංකල්පය එයයි. එකමුතුව, කැපවීම, සම්පත්වලින් අනූනවීම සහ අධිෂ්ඨානයෙන් ඉදිරියට යෑම යන සංකල්ප හරහා බජාජ් සමාගම අද අංශ සහ ක්ෂේත‍්‍ර ගණනාවකින් ප‍්‍රමුඛ ස්ථානයට පත් වී අවසන්ය.
විශේෂ මාධ්‍ය හමුවක්
ලාංකීක මාධ්‍ය කණ්ඩායම පූනේ නුවර අකුර්දිහි පිහිටි බජාජ් ඔටෝ ලිමිටඞ් ප‍්‍රධාන කාර්යාලයේ සහ වලූජ් සහ චකන් නිෂ්පාදන සංකීර්ණවල සංචාරයක නිරත වුණු අවස්ථාවේදී විශේෂ මාධ්‍ය හමුවක් ද පැවැත්විණි. ඊට බජාජ් ඔටෝ ලිමිටඞ් ඉන්දියා උප සභාපති - අලෙවි මිලින්ද් බාදේ, ජාත්‍යන්තර වෙළෙඳ, බජාජ් ඔටෝ ලිමිටඞ් ඉන්දියා ජ්‍යෙෂ්ඨ උප සභාපති කේ. එස්. ග‍්‍රිහපති, ඬේවිඞ් පීරිස් මෝටර් කම්පැනි ප‍්‍රයිවට් ලිමිටඞ් හි වාහන විකුණුම් අධ්‍යක්ෂ ශානක ජයවීර, බජාජ් ඔටෝ ලිමිටඞ් ඉන්දියා දකුණු ආසියා සහ මැද පෙරදිග උප සභාපති ලෙස කටයුතු කරන මනීෂ් සිං රතෝ යන මහත්වරු සහභාගී වූහ.
වැඩි අවධානයක්
එම මාධ්‍ය හමුවේදී බජාජ් කියුට් කොඩි‍්‍රසයිකල් රථය කෙරෙහි වැඩි අවධානයක් යොමු වුණු අතර, බජාජ් ඔටෝ ලිමිටඞ් හි ජ්‍යේෂ්ඨ උප සභාපති (ජාත්‍යන්තර වෙළෙඳ) කේ. එස්. ග‍්‍රිහපති මහතා පෙන්වා දුන්නේ කියුට් රථය මිලදී ගත් පාරිභෝගිකයන්ගෙන් දිනෙන් දින ඉහළ ප‍්‍රතිචාර ලැබෙමින් පවතින බවය. කියුට් කොඩි‍්‍රසයිකල් රථය ඉන්දියාවේ අලෙවිය සඳහා පසුගිය ජුනි මාසයේ දී ඉන්දීය මධ්‍යම රජයේ අනුමැතිය හිමිවිය. මේ වනවිට ඉන්දියාවේ ප‍්‍රාන්ත 18 ක ප‍්‍රවාහන අධිකාරිය ද එය අනුමත කර තිබේ. ඒ අනුව කේරල සහ රාජස්ථාන් ප‍්‍රාන්තවල කියුට් රථ අලෙවිය මේ වනවිටත් ආරම්භ කර ඇති බව බජාජ් ඔටෝ ලිමිටඞ්හි ජ්‍යේෂ්ඨ උප සභාපති (ජාත්‍යන්තර වෙළෙඳ) කේ. එස්. ග‍්‍රිහපති මහතා එම මාධ්‍ය හමුවේදී වැඩි දුරටත් පැහැදිලි කළේය.
විශේෂ ස්තුතියක්
”බජාජ් කියුට් රථයේ ආගමනය සමග පරිසර හිතකාමී, ආරක්ෂිත මෙන්ම සුව පහසු නව ප‍්‍රවාහන මාධ්‍යයක් පාරිභෝගිකයන්ට ලබා දීමට අපට හැකියාව ලැබී තිබෙනවා. අප කියුට් රථය රටවල් 30 කට අපනයනය කරන අතර මේ වන විට කියුට් රථ 7,000ක් පමණ එම රටවල්වලට අළෙවි කර තිබෙනවා. ඒ හැම රටකම පාරිභෝගිකයන් කියුට් රථයට විශාල ආකර්ෂණයක් දක්වනවා. කියන්න සතුටුයි, ශ‍්‍රී ලංකාවේ මේ වන විට කියුට් රථ 650ක් පමණ අලෙවි කර ඇති බව. එසේම පාරිභෝගිකයන්ගේ ආදරය සම`ගින් එම සංඛ්‍යාව තවදුරටත් ඉහළ නැංවීමට අප බලාපොරොත්තු වනවා. බජාජ් කියුට් ශ‍්‍රී ලංකාවට හඳුන්වා දුන්නේ ‘මගේ පවුලේ වාහනය’ යන සංකල්පය යටතේ. කියුට් රථ මිලදී ගත් සහ ඒවා පරිහරණය කරන සැමට ස්තුති කිරීමට ද මම මෙය අවස්ථාවක් කර ගන්නවා. ස්තුතියි.” යැයි ග‍්‍රිහපති මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 
කියුට් කොඩි‍්‍රසයිකල්
‘බජාජ් කියුට්’ සැබැවින්ම හුරුබුහුටි රථයකි. මෝටර් කාර් එකක් ලෙස සැලකිය නොහැකි වුවත්, බජාජ් කියුට් සැබැවින්ම අපූරු නිර්මාණයකි. ‘බජාජ් කියුට්’ පරිසර හිතකාමීය. ඉන්ධන කාර්යක්ෂමතාව වැඩිය.  ප‍්‍රමාණය, බර, වියදම සහ වේගයෙන් උපරිම ප‍්‍රතිලාභ ලැබිය හැකි අයුරින් අඩු වියදමකින් යුතූ, පොදු ප‍්‍රවාහන සේවයක පභසුව ලබාගැනීම තෙක් හෝ පොදු ප‍්‍රවාහන සේවයක් නොමැති විටක ගමනාගමනය සලසා ගැනීමට හෙවත් ඔබේ ප‍්‍රවාහන අවශ්‍යතාවට පහසුම විසඳුමක් ලබා දෙමින් බජාජ් කියුට් රථය නිර්මාණය කර ඇත.
බජාජ් කියුට් රථය පරිසරි හිතකාමී මෙන්ම ඉන්ධන පිරිමැසුම්දායක, බජාජ් වාහනවලටම ආවේණික වූ ඞීටීඑස්අයි තාක්ෂණයෙන් යුත් එන්ජිමකින් සමන්විත වන අතර ප‍්‍රමාණය සහ හැසිරවීම අතින් අග තැන්පත්, ඉහළ ආරක්ෂාවක් ලැබෙන පරිදි සියලූ කොටස් එක්ව නිමවන ලද මොනොකොක් බඳ සහිත, ගමන් මලූ ඇසිරීමේ පහසුවද සම`ගින් එන මනා ඉඩකඩ සහිත ඇතුළත බජාජ් කියුට් රථයේ විශ්වසනීයත්වය තවදුරටත් වැඩි කරයි.
216 සීසී කාණ්ඩයේ ද්‍රව සිසිල් ඞීටීඑස්අයි එන්ජිමෙන් 9.7 කේ.වී. බලයක් 5500 ආර්.පී.එම්. හිදී සහ 18.9 එන්.එම්. ව්‍යවර්ත බලයක් 4000 ආර්.පී.එම්. හිදී ලබාදෙන කියුට් රථය ෆෝ ස්ට්‍රෝක්, ට්වින් ස්පාර්ක්, සින්ගල් සිලින්ඩර් යන විශේෂාංග සම`ගින් නිපදවා ඇත. එසේම බජාජ් කියුට් රථයේ 66 ජීඑම්/කි.මී.  අවම කාබන් විමෝචනය නිසා පරිසර හිතකාමී බවෙන් ඉහළය.

Comments

Popular posts from this blog

7 Riveting Facts about the Kandos Man – Upali Wijewardene

Source:  abpic.co.uk  Written by – Ranuli at Omebiz Philip Upali Wijewardene, better known as Upali Wijewardene was one of the most flamboyant and prominent businessman with an empire that not only dominated the Sri Lankan business landscape but also went global. He was Sri Lanka’s first homegrown tycoon and the founder and Chairman of Upali Group, Sri Lanka’s first multi-national business. Upali Wijewardene kick-started his career as a management trainee at Lever Brothers (now known as  Unilever ) where he managed to lock down the job simply based on his basic dining etiquette. However, due to a disagreement with the Chairman of the company, Upali left his job at Lever Brothers. Following the death of his uncle, the Late Senator Sarath Chandradasa, Upali took over  Kandos  with the substantial shares that were allocated to him. The company struggled with the lack of sales, Upali modernized the production process boosting their sales off the charts. Kando...

2වැනි කැරැල්ලේ නියඟයට වැහි වළාවක්වූ මියයන ලොවක නොමියන සිසු විරුවෝ

ආණ්ඩුවේ වෙඩි උණ්ඩයකට ගොදුරුව ප්‍රථමවරට සරසවි සිසුවෙක් මියගියේ 1976 නොවැම්බර් 12වැනිදාය. පේරාදෙණිය සරසවියේ මණ්ඩපාධිපතිවරයාගේ අත්තනෝමතික ක්‍රියා පිළිවෙතට එරෙහිව විරෝධය දැක්වීමේදී එසේ මියගියේ ඩබ්ලිව්. එම්. රෝහණ වීරසූරියයි. කුරුණෑගල උහුමීය දිළිදු ගොවි පවුලක දෙවැන්නා ලෙස උපන් රෝහණ වීරසූරියට සොහොයුරන් සිව් දෙනෙකු විය. වසර 1934දී පිහිටුවන ලද මුදුන්න මහා විද්‍යාලයෙන් සරසවි වරම් ලද ප්‍රථම ශිෂ්‍යයාද ඔහුය. සරසවි සිසුවෙකු දෙවන වරට ඝාතනයට ලක්වූයේ 1984 ජුනි 19වැනිදාය. ඒ පේරාදෙණිය සරසවියේ වෛද්‍ය පීඨයේ දෙවන වසරේ සිසුවෙකු වූ හේවබුලත්කන්දගේ පත්මසිරි අබේසේකර ශිෂ්‍යයාය. මාකස් නේවාසිකාගාරයේ නැවතී සිටි වෛද්‍ය සිසු පත්මසිරි  ඒ වනවිට වෛද්‍ය පීඨයේ දෙවන වසරේ විභාගයෙන් සහ නැවත පෙනීසිටීමේ විභාගයෙන්ද අසමත්වී සිටියද යළි විභාගයට පෙනී සිටීම සඳහා සූදානම්ව සිටි අයෙකි.  එයට පාදක වූයේ වෛද්‍ය පීඨයේ සිඩ්නි ජයරත්න(වෛද්‍යවරයෙකු වශයෙන් කටයුතු කිරීමේදී සිඩ්නි පසු කලෙක හෘදයාබාදයකින් මියගිය අතර නුවර මහාමායා විදුහලේ අධ්‍යාපනය ලත් ඔහුගේ දියණිය අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ශ්‍රී ලංකාවේ තෙවන ස්ථානයට පසුකලෙක පත්විය) ඇතුළ...

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...