Skip to main content

''මේ හැමදේම මගේ තාත්තා.

''මේ හැමදේම මගේ තාත්තා. මගේ මාස්ටර් තාත්තා. ලැජ්ජ බය ඇති කළේ අම්මා නම් ඉතුරු සියල්ල තාත්තා. මගේ ඇක්ටර් තාත්තා. ඒ ජීවිතේ මාර ලස්සනයි. අර්ථාන්විතයි. තාත්තා තමයි මගේ හැඩය දුන්නේ. මං පුංචි කාලේදි තාත්තා මාව ළඟට අරගෙන කියනවා 'උඹගේ ඉස්කෝලේ උත්සවයකට උඹට එන්න කිව්වොත් උඹ ගිහින් ඉඳගන්නෙ කොහෙද?' මම ඉතින් සුපුරුදු පරිදි කියනවා 'ඉස්සරහ ම' කියලා. තාත්තා කියනවා 'නෑ, උඹ ගිහින් ඉඳගන්න ඕනෑ පිටිපස්සේ ම පේළියේ පිටිපස්සේ ම අසුනේ' කියලා. 'එතැනින් එහා පුටු තියෙන්න විදිහක් නෑ. මම එහෙම කියන්නේ එතකොට කවුරුත් උඹව නැගිට්ටවන්නේ නෑ. මතක තියාගනින් තැනකට ගියාම කවුරුවත් නැගිට්ටවන්නේ නැති තැනක පුටුවක් තෝරාගන්න.'
මගේ තාත්තා එහෙම කෙනෙක්. මට ජීවිතය කියලා දුන්නේ ඔහු. ඒ මගේ මාස්ටර්. ඔහු ගුරුවරයෙක් නෙමෙයි. ඒත් මගේ ගුරුවරයා. ඒකයි මාස්ටර් කියන්නේ. 'මල් හිටවනවා නම් හැම මල් ගහකටම එක විදිහට වතුර දාපන්. එක විදිහට වතුර දාන්න පුළුවන් විදිහට ඒවා හිටවපං.' එහෙමයි තාත්තා කිව්වේ. 'තරු ගහ ගත්ත කෙනෙක් ගාව කතා කරනවා නම් පරෙස්සම් වෙයන්. මොකද උඹට තරු නෑ. එයාට තරු තියෙනවා. උඹ පරෙස්සම් නොවුණොත් උඹේ තරු විසිවෙයි' කියලා මට තාත්තා කිව්වා. මගේ තාත්තා තමයි මගේ චරිතේ. මගේ වීරයා. මගේ මාස්ටර්. එයා නොහිටින්න අද මම මෙතන නෑ.
තාත්තා නොහිටින්න මට පාර නො පෙන්වන්න මම අද මෙතන නෑ. මගේ මව්පියන් දෙපළට ම ගරු කරනවා. ඒ අය නොහිටින්න. මම එක්කෝ හොඳ පොලු පාරක් කාලා. එක්කෝ පොල්ගහෙන් වැටිලා. එක්කෝ එපා කියපු අත්තක කෙළවරට ම ගිහිල්ලා අත්ත කඩන් වැටිලා. කොටින් ම එහෙම නැත්නම් සෙල්ෆියක් ගන්න ගිහින් කෝච්චියකට හරි අහුවෙලා. ඒ නැතත් අනවශ්‍ය තැනක නටලා. එතැන මඩවෙලා. ඒ මඩගොඩේ වැටිලා. අනෙක්වුන් මාව පාග පාගා නටලා. මම මඩේ එරිලා පොළොව යට.
ඒ කිසිවක් නොවුණේ මගේ මාස්ටර් තාත්තා වුණු හින්දා. මට මේක මෙච්චර කියන්න, මගේ දැනුමේ හැටියට මේ සමාජවල ආණ්ඩුවල වරදක් නෙමෙයි තියෙන්නේ. පවුල්වල වරදක්. පවුලේ අම්මා තාත්තා මාස්ටර්ලා නම් දරුවෝ ඉගෙන ගත්තත් නැතත් හිඟා නොකා කාටවත් කරදරයක් නොවී රටට බරක් නොවී ඉන්නවා. මාස්ටර් දෙපළ අවුල් වුණොත් ඒ ළමයිනුත් අවුල්. හොඳ මාපියන් ගේ ළමයි කොහොමත් හොඳයි. මාපිය දෙපළ තමයි හොඳ වෙන්න ඕනෑ. එතකොට ආණ්ඩුවට ප්‍රශ්න අඩුයි. ඒ පාරේ මමත් ගියා. මගේ දරුවන් ගේ මාස්ටර් මම කියලා මම දන්නවා. මගේ තාත්තා මාස්ටර් වුණු නිසා මට බුදුසරණ නිතරම තිබුණා. මට කවදාවත් වැරදුණේ නෑ. දැන් කොහොමත් වරදින්නේත් නෑ. මේ ප්‍රශ්නයෙන් පිට පැනලා කියවන්නේ, මව්පියෝ හොඳ වෙන්න නම් ඒ අය ළමයින්ගේ මාස්ටර් වෙන්න. ආයේ කිසි අඩුවක් නෑ.''

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...