Skip to main content

ගෝඨාභය ගැන මේ කරුණු දැන සිටියාද?

ගෝඨාභය රාජපක්ෂImage copyrightGETTY IMAGES

ගෝඨාභය රාජපක්ෂ ගැන

ගෝඨාභය රාජපක්ෂ යනු ශ්‍රී ලංකාවේ මෑත කාලීන දේශපාලනය තුළ ප්‍රබල චරිතයකි.
  • ශ්‍රී ලංකා යුද හමුදාව සහ එල්ටීටීඊ සංවිධානය අතර පැවති යුද්ධයේ අවසාන අදියරයේ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ ඔහු විශ්‍රාමික හමුදා නිලධාරියෙකි.
  • 2009 වසරේ මැයි 18 වෙනිදා එල්ටීටීඊ සංවිධානය යුදමය වශයෙන් පරාජයට පත් කිරීමත් සමග ගෝඨාභය රාජපක්ෂ දකුණේ යුද ජයග්‍රහණයේ කැපී පෙනෙන පුද්ගලයෙකු බවට පත් විය.
  • යුද්ධයෙන් අනතුරුව ආරක්ෂක අමාත්‍යංශය යටතට ගැනුණු නාගරික සංවර්ධන අධිකාරිය හරහා නගර අලංකරණ ව්‍යාපෘති දියත් කෙරුණේ ද ඔහුගේ මූලිකත්වයෙනි.
  • කොළඹ නගරය පවිත්‍රව තබා ගැනීම ද ඇතුළුව ගෝඨාභය "යම් විනයක්" පවත්වාගෙන යා හැකි නායකයෙකු බවට ඇතැම් බෞද්ධ භික්ෂූන් සහ දකුණේ ජනයා අතර යම් මතයක් නිර්මාණය විය.
  • 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සිය සොහොයුරු මහින්ද රාජපක්ෂට යළි ජනාධිපතිවරණය සඳහා තරග කිරීමේ අවස්ථාව ඇහිරී ඇති වාතාවරණයක ඒ සඳහා ගෝඨාභයගේ නම යෝජනා විය.
  • ගෝඨාභය රාජපක්ෂ සිය ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බවට මාධ්‍ය වාර්තා පළ වන්නේ එවැනි වාතාවරණයකදීය.
  • 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව වෙනත් රටක පුරවැසිභාවය හිමි අයෙකුට ජනාධිපතිවරණය සඳහා තරග කළ නොහැක.

ඇමෙරිකාවේදී පවරන ලදැයි පැවසෙන නඩු මොනවාද?

ඇමරිකාවේ සංචාරයක නිරත ගෝඨාභය රාජපක්ෂට එරෙහිව එරටදී නඩු පවරා ඇතැයි සඳුදා (අප්‍රේල් 08) වාර්තා විය.
එකී වාර්තාවලට අනුව:
  • සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු ප්‍රධාන කතෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනයට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වගකිවයුතු යැයි චෝදනා කරමින් ලසන්ත වික්‍රමතුංගගේ දියණිය අහිම්සා වික්‍රමතුංග ඇමෙරිකාවේ අධිකරණයක සිවිල් නඩුවක් ගොනු කර ඇත.
  • දෙමළ ජාතික තරුණයෙකු වධ හිංසාවට ලක්කිරීමේ චෝදනා මත ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ජාත්‍යන්තර සත්‍ය හා සාධාරණය ව්‍යාපෘතිය (ITJP) ද කැලිෆෝනියාවේ අධිකරණයක සිවිල් නඩුවක් පවරා තිබේ.

අදාළ නඩු සම්බන්ධයෙන් ගෝඨාභය පාර්ශ්වයේ ප්‍රතිචාරය

අදාළ නඩුකර සම්බන්ධයෙන් පරස්පර අදහස් සහ මාධ්‍ය වාර්තා පළ විය.
  • දැනට ඇමරිකාවේ සංචාරයක නිරතව සිටින ගෝඨාභය රාජපක්ෂ ඒ සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රතිචාරයක් පළ කර නොමැත.
  • නඩුකරවලට අදාළ නෛතික කැඳවීම් (Notice) ගෝඨාභය රාජපක්ෂ වෙත ඇමරිකාවේදී පෞද්ගලිකව ම භාර දුන් බව ජාත්‍යන්තර සත්‍ය හා සාධාරණය ව්‍යාපෘතිය (ITJP) සඳුදා (අප්‍රේල් 08) පැවසීය.
  • ඒ සමග ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කර තිබුණේ "අප දන්නා පරිදි ගෝඨාභය රාජපක්ෂ වෙත කිසිදු ආකාරයක කැඳවීමක් (Summon) ලැබී නොමැති" බවය.
  • මේ අතර ගෝඨාභය රාජපක්ෂට අදාළ නෛතික කැඳවීම් භාර දුන් අවස්ථාව යැයි හැඟවෙන ඡායාරූපයක් ප්‍රීමියර් ඉන්ටර්නැෂනල් ගෘප් නමැති පෞද්ගලික විමර්ශන කණ්ඩායම විසින් අඟහරුවාදා (අප්‍රේල් 09) ට්විටර් සමාජ ජාලයට එක් කළේය.
  • ප්‍රීමියර් ඉන්ටර්නැෂනල් ගෘප් ආයතනය පසුව අදාළ ඡායාරූපය සිය ට්විටර් පිටුවෙන් ඉවත් කර ගෙන ඇත.
  • එය ව්‍යාජ ඡායාරූපයක් බව ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ ඇතැම් සාමාජිකයන් මෙන්ම සමහරක් මාධ්‍ය ද පවසා තිබිණි.
ගෝඨාභයImage copyrightTWITTER
Image captionප්‍රීමියර් ඉන්ටර්නැෂනල් ගෘප් නමැති පෞද්ගලික විමර්ශන කණ්ඩායම පළ කර තිබූ ට්විටර් පණිවුඩය
දේශපාලන බලපෑම
ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් නඩුකරයක් පවරා ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීම වැලක්වීමේ අරමුණින් බව ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම පවසන අතර ලොව කොතනකින් හෝ "යුක්තිය ඉටුවිය යුතු" බව ඇතැම් සිවිල් ක්‍රියාකාරීහු සඳහන් කති.
  • අදාළ නඩුකර මගින් ගෝඨාභය රාජපක්ෂට ඇමරිකාවෙන් බැහැර යාමට හෝ ඇමරිකානු පුරවැසිකම අතහැරීමේ ක්‍රියාදාමයට බාධාවක් නොවන බව ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම කියා සිටියේය.
  • හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සිදුකර ඇති අපරාධවලට ශ්‍රී ලංකාවේ අධිකරණයකින් නිසි ක්‍රියාමාර්ග නොගන්නේ නම් ලොව වෙනත් අධිකරණයකින් හෝ එය සිදුවිය යුතු බව සාධාරණ සමාජයක් උදෙසා වූ ජාතික ව්‍යාපාරයේ විධායක කමිටු සාමාජික ගාමිණී වියන්ගොඩ සඳුදා (අප්‍රේල් 08) පැවසීය.

ගෝඨාභයට එරෙහි වෙනත් චෝදනා මොනවාද?

Sri Lanka's former defence ministry chief Gotabhaya Rajapaksa (L), the brother of the former strongman leader Mahinda Rajapaksa, looks on from a court detention cell at the magistrate court in Colombo on September 30, 2016. Gotabhata and six others were granted bail following corruption charges made against them by the anti-graft commission over an alleged illegal operation over a floating armoury.Image copyrightGETTY IMAGES
Image captionඅධිකරණ සිර කුටියක සිටින ගෝඨාභය රාජපක්ෂ: පාවෙන අවි ගබඩාව මුල් කර ගනිමින් දූෂණ චෝදනා යටතේ පවරන ලද නඩුවෙන් ඔහු ඇතුළු සය දෙනෙකු ඇප පිට මුදා හැරුනේ 2016 වසරේදීය
මානව හිමිකම් කඩ කිරීම් මෙන්ම මහජන මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් ද ගෝඨාභය රාජපක්ෂට එරෙහිව චෝදනා එල්ල වේ.
  • ගෝඨාභය ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ යුද්ධයේ අවසාන අදියරයේ සිදු වූ බව පැවසෙන යුද අපරාධ මෙන්ම මාධ්‍යවේදීන් ඝාතන හා 'සුදු වෑන්' භාවිත කෙරුණු පැහැර ගැනීම් ගැනීම් මානව හිමිකම් සම්බන්ධ චෝදනා අතර වේ. එම චෝදනා ප්‍රතික්ෂේප කරන ගෝඨාභය රාජපක්ෂ පවසන්නේ දේශපාලන උවමනාවන් මත තමන්ට එරෙහිව නඩු පවරා ඇති බවය.
  • මතභේදයට තුඩු දී තිබෙන මිග් යානා ගනුදෙනුවඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාවඩී.ඒ රාජපක්ෂ කෞතුකාගාරය ඔහුට එරෙහිව එල්ල වන මුල්‍ය චෝදනා අතර වේ. ඔහු එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.
  • (BBC)

Comments

Popular posts from this blog

7 Riveting Facts about the Kandos Man – Upali Wijewardene

Source:  abpic.co.uk  Written by – Ranuli at Omebiz Philip Upali Wijewardene, better known as Upali Wijewardene was one of the most flamboyant and prominent businessman with an empire that not only dominated the Sri Lankan business landscape but also went global. He was Sri Lanka’s first homegrown tycoon and the founder and Chairman of Upali Group, Sri Lanka’s first multi-national business. Upali Wijewardene kick-started his career as a management trainee at Lever Brothers (now known as  Unilever ) where he managed to lock down the job simply based on his basic dining etiquette. However, due to a disagreement with the Chairman of the company, Upali left his job at Lever Brothers. Following the death of his uncle, the Late Senator Sarath Chandradasa, Upali took over  Kandos  with the substantial shares that were allocated to him. The company struggled with the lack of sales, Upali modernized the production process boosting their sales off the charts. Kando...

2වැනි කැරැල්ලේ නියඟයට වැහි වළාවක්වූ මියයන ලොවක නොමියන සිසු විරුවෝ

ආණ්ඩුවේ වෙඩි උණ්ඩයකට ගොදුරුව ප්‍රථමවරට සරසවි සිසුවෙක් මියගියේ 1976 නොවැම්බර් 12වැනිදාය. පේරාදෙණිය සරසවියේ මණ්ඩපාධිපතිවරයාගේ අත්තනෝමතික ක්‍රියා පිළිවෙතට එරෙහිව විරෝධය දැක්වීමේදී එසේ මියගියේ ඩබ්ලිව්. එම්. රෝහණ වීරසූරියයි. කුරුණෑගල උහුමීය දිළිදු ගොවි පවුලක දෙවැන්නා ලෙස උපන් රෝහණ වීරසූරියට සොහොයුරන් සිව් දෙනෙකු විය. වසර 1934දී පිහිටුවන ලද මුදුන්න මහා විද්‍යාලයෙන් සරසවි වරම් ලද ප්‍රථම ශිෂ්‍යයාද ඔහුය. සරසවි සිසුවෙකු දෙවන වරට ඝාතනයට ලක්වූයේ 1984 ජුනි 19වැනිදාය. ඒ පේරාදෙණිය සරසවියේ වෛද්‍ය පීඨයේ දෙවන වසරේ සිසුවෙකු වූ හේවබුලත්කන්දගේ පත්මසිරි අබේසේකර ශිෂ්‍යයාය. මාකස් නේවාසිකාගාරයේ නැවතී සිටි වෛද්‍ය සිසු පත්මසිරි  ඒ වනවිට වෛද්‍ය පීඨයේ දෙවන වසරේ විභාගයෙන් සහ නැවත පෙනීසිටීමේ විභාගයෙන්ද අසමත්වී සිටියද යළි විභාගයට පෙනී සිටීම සඳහා සූදානම්ව සිටි අයෙකි.  එයට පාදක වූයේ වෛද්‍ය පීඨයේ සිඩ්නි ජයරත්න(වෛද්‍යවරයෙකු වශයෙන් කටයුතු කිරීමේදී සිඩ්නි පසු කලෙක හෘදයාබාදයකින් මියගිය අතර නුවර මහාමායා විදුහලේ අධ්‍යාපනය ලත් ඔහුගේ දියණිය අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ශ්‍රී ලංකාවේ තෙවන ස්ථානයට පසුකලෙක පත්විය) ඇතුළ...

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...