Skip to main content

අපට පිරිසිදු නළ ජලය ලැබෙන්නේ කෙසේ ද?



නිවසේ කරාමයක්‌ විවර කළ විට පහසුවෙන් ලැබෙන නළ ජලය එම තත්ත්වයෙන් ඔබ වෙත ලබා දීම එතරම් පහසු කටයුත්තක්‌ නො වේ. ජල මූලාශ්‍රයෙන් ලබාගන්නා ජලය, පානය සඳහා සැකසීමේ ක්‍රියාවලිය තාක්‌ෂණ අංග රැසකින් පිරුණු එකක්‌ වන අතර, ඒ සඳහා අධික පිරිවැයක්‌ දැරීමට ද සිදු වේ. ජලය ඔබ වෙත ගෙන එන එම ක්‍රියාවලිය (1 වැනි රූපය) සරල ලෙස පැහැදිලි කරගැනීම මේ ලිපියෙහි අරමුණයි.

මේ ක්‍රියාවලියෙහි පළමු පියවර වන්නේ සුදුසු ජල මූලාශ්‍රයක්‌ හඳුනාගැනීමයි. අප රට තුළ දී බොහෝ විට එය ගඟක්‌, වැවක්‌ වැනි පොළොව මතුපිට ඇති මූලාශ්‍රයක්‌ වන අතර, භූගත ජල මූලාශ්‍රයක්‌ වුව ද ඒ සඳහා භාවිත කළ හැකි ය. මූලාශ්‍රයක්‌ තොරාගැනීමේ දී ප්‍රධාන වශයෙන් කරුණු දෙකක්‌ ගැන සැලකිලිමත් විය යුතු ය.

1. එම මූලාශ්‍රයෙන් වසර පුරා අවශ්‍ය තරම් ජලය ලබාගැනීමේ හැකියාව (Quantity)

2. එම මූලාශ්‍රයෙහි ජලයෙහි ගුණාත්මක බව (Quality)

මූලාශ්‍රයෙන් ජලය පිරිපහදුව වෙත ලබාගැනීමට සුදුසු ඉංංජිනේරුමය ඉදි කිරීම් සකසාගත යුතු වන අතර, එය මූලාශ්‍රයෙහි ස්‌වභාවය සහ ඉන් ලබාගත යුතු ජල ප්‍රමාණය අනුව තීරණය කළ යුතු ය. මුලාශ්‍රයයෙන් ජලය ලබාගත් පසු පිරිපහදුවේ හමු වන පළමු අංගය වන්නේ ප්‍රාථමික පෙරහණයි (primary screening). මෙම`ගින් ජලයෙහි ඇති විශාල ප්‍රමාණයේ අපද්‍රව්‍ය (උදා: ශාක පත්‍ර/අතු ඉති, පොලිතින් මලු, රෙදි කැබැලි) ඉවත් කරනු ලබයි. මෙම`ගින් පිරිපහදුවේ ඇති ජල පොම්ප ආදියෙහි ආරක්‌ෂාව ද තහවුරු කරනු ලබයි. ප්‍රාථමික පෙරහණට පසුව හමු වන්නේ වාතනය (aeration) සිදු කිරීමයි. මෙහි දී ජලය හොඳින් වාතය සමග මුසු වීමට ඉඩ ලබා දීම සිදු කරනු ලබයි. එම`ගින් ජලයෙහි දියවී ඇති ඔක්‌සිජන් ප්‍රමාණය ඉහළ නංවාගැනීමත්, අනවශ්‍ය වායු ඉවත් කරගැනීමත් (උදා: ඇමෝනියා, කාබන් ඩයොක්‌සයිඩ්), සමහර අයන වර්ග ඔක්‌සිකරණය කර ඉවත් කරගැනීමත් (උදා: යකඩ, මැන්ගනීස්‌) සිදු කරනු ලබයි.

මේ දක්‌වා පිරිසිදු වූ ජලය, ඉන් පසු යොමු කරනුයේ ප්‍රාථමික තැන්පත් කරවීමේ ටැංකිය (pre-settling tank) වෙත ය. මෙහි දී ගුරුත්වය යටතේ ටැංකියේ පතුලට තැන්පත් කරවිය හැකි ඝන ද්‍රව්‍ය (settleable solids) වෙන් කරවීම සිදු කරයි. කෙසේ නමුත්, එසේ ගුරුත්වය යටතේ තැන්පත් නො වන ඝන ද්‍රව්‍ය (suspended solids) පවතී (උදා: කලීල). එම ද්‍රව්‍ය තැන්පත් කරවාගැනීම සඳහා රසායන ද්‍රව්‍ය එක්‌ කිරීම ම`ගින් කැටිති ගැස්‌වීම සිදු කරනු ලබයි.

 
මේ අවලම්බිත ඝන ද්‍රව්‍ය ඒවායේ මතුපිට ආරෝපණ නිසා ඉතා ම ස්‌ථායි වන අතර, රසායන ද්‍රව්‍ය එක්‌ කොට වේගයෙන් මිශ්‍ර කිරීම ම`ගින් (coagulation and rapid mixing) උදාසීන කිරීම පළමුව සිදු කරයි. ඉන්පසු, අඩු වේගයෙන් මිශ්‍ර කරමින් උදාසීන කළ ඝන ද්‍රව්‍ය එකිනෙකා හා එක්‌ කොට සම්පිණ්‌ඩනය (flocculation) කිරීම සිදු කරයි. එසේ සම්පිණ්‌ඩනය වූ පසු, ගුරුත්වය යටතේ එම අවලම්බිත ඝන ද්‍රව්‍ය ටැංකියක පතුලේ තැන්පත් කරවීම (sedimentation) සිදු කළ හැකි ය.

සෛද්ධාන්තික ව, මේ වන විට සියලු ඝන ද්‍රව්‍ය ජලයෙන් ඉවත් ව තිබිය යුතු ය. එහෙත්, කිසිදු උපකරණයක්‌ සියයට සියයක්‌ කාර්යක්‌ෂම නො වන බැවින්, ඉවත් නො වූ ඝන ද්‍රව්‍ය ජලයෙහි තවත් රැ`දී තිබේ. එබැවින්, මීළඟට තවත් පෙරහණක්‌ ජල පිරිපහදුවෙහි දැකගත හැකි ය. දිනකට නිපදවිය යුතු ජල ප්‍රමාණය අනුව මන්දගාමී හෝ ශීඝ්‍ර වැලි පෙරහණක්‌ (slow sand filter or rapid sand filter) භාවිත කරනු ලබයි. අධික දෛනික ඉල්ලුමක්‌ ඇති ජල පිරිපහදුවල ශීඝ්‍ර වැලි පෙරහණ දැකිය හැකි වන අතර, ඉලලුම අඩු ජල පිරිපහදුවල දී මන්දගාමී වැලි පෙරහණ දැකිය හැකි ය. මෙහි දී තව දුරටත් ඉතිරි වී ඇති ඝන ද්‍රව්‍ය, අවක්‌ෂේප වූ අයන ආදිය ඉවත් කරගනු ලබයි.

ජල පිරිපහදුවේ අවසාන අංගය වන්නේ ශරීරයට අහිතකර ක්‌ෂුද්‍රජීවීන් ඉවත් කරගැනීමේ ක්‍රියාවලියයි (disinfection). සාමාන්‍යයෙන් මෙහි දී ක්‌ලෝරීන් අඩංගු රසායන එක්‌ කිරීමක්‌ සිදු කරනු ලබයි. ක්‌ලෝරීන්හි විෂබීජ නාශන හැකියාව ප්‍රතික්‍රියාකාරකයෙන් ඔබ්බට ද පවතින බැවින් (residual disinfection capacity), බෙදාහැරීමේ ක්‍රියාවලියේ දී සිදු විය හැකි ජෛවීය දූෂණය පාලනය කරගැනීමේ හැකියාව පවතී. නළ පද්ධතිය කෙළවරෙහි ඇති නිවෙසක්‌ දක්‌වා ම එසේ ආරක්‌ෂි තව ජලය සැපයීමට අවශ්‍ය ක්‌ලොරීන් ප්‍රමාණය සම්මත තත්ත්වයන්ට යටත් ව එක්‌ කිරීම සිදු කරනු ලබයි.

මීට අමතරව, අවශ්‍යතාවට අනුව, ඉහළ තාක්‌ෂණයෙන් යුතු තවත් පිරිසිදු කිරීමේ අංග පිරිපහදුවට එක කරගැනීමේ හැකියාව පවතී.

මෙසේ පිරිසිදු කළ ජලය නළ මාර්ගයෙන් අපේ නිවෙස්‌වලට ලබා දීම සිදු කරයි. මේ ක්‍රියාවලිය වියදම් අධික එකක්‌ වන අතර ඔබ ජලය සඳහා ගෙවන මුදල ඊට වඩා බෙහෙවින් අඩු අගයක්‌ ගනී. එසේ ම, පිරිසිදු කර ලබා දීමට සුදුසු ජල මුලාශ්‍ර හිඟ බව ද සිහි තබාගත යුතු ය. එබැවින්, මුදල් ගෙවුවත් ජලය අපතේ යෑවීමට අයිතියක්‌ අපට නැත. එසේ ම ඕනෑ ම ජල මූලාශ්‍රයකින් ලැබෙන ජලය බීමට සුදුසු තත්ත්වයට පත් කළ නොහැකි බැවින් පවතින මූලාශ්‍ර රැකගැනීම ද අප සතු යුතුකමකි.

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...