Skip to main content

අපට පිරිසිදු නළ ජලය ලැබෙන්නේ කෙසේ ද?



නිවසේ කරාමයක්‌ විවර කළ විට පහසුවෙන් ලැබෙන නළ ජලය එම තත්ත්වයෙන් ඔබ වෙත ලබා දීම එතරම් පහසු කටයුත්තක්‌ නො වේ. ජල මූලාශ්‍රයෙන් ලබාගන්නා ජලය, පානය සඳහා සැකසීමේ ක්‍රියාවලිය තාක්‌ෂණ අංග රැසකින් පිරුණු එකක්‌ වන අතර, ඒ සඳහා අධික පිරිවැයක්‌ දැරීමට ද සිදු වේ. ජලය ඔබ වෙත ගෙන එන එම ක්‍රියාවලිය (1 වැනි රූපය) සරල ලෙස පැහැදිලි කරගැනීම මේ ලිපියෙහි අරමුණයි.

මේ ක්‍රියාවලියෙහි පළමු පියවර වන්නේ සුදුසු ජල මූලාශ්‍රයක්‌ හඳුනාගැනීමයි. අප රට තුළ දී බොහෝ විට එය ගඟක්‌, වැවක්‌ වැනි පොළොව මතුපිට ඇති මූලාශ්‍රයක්‌ වන අතර, භූගත ජල මූලාශ්‍රයක්‌ වුව ද ඒ සඳහා භාවිත කළ හැකි ය. මූලාශ්‍රයක්‌ තොරාගැනීමේ දී ප්‍රධාන වශයෙන් කරුණු දෙකක්‌ ගැන සැලකිලිමත් විය යුතු ය.

1. එම මූලාශ්‍රයෙන් වසර පුරා අවශ්‍ය තරම් ජලය ලබාගැනීමේ හැකියාව (Quantity)

2. එම මූලාශ්‍රයෙහි ජලයෙහි ගුණාත්මක බව (Quality)

මූලාශ්‍රයෙන් ජලය පිරිපහදුව වෙත ලබාගැනීමට සුදුසු ඉංංජිනේරුමය ඉදි කිරීම් සකසාගත යුතු වන අතර, එය මූලාශ්‍රයෙහි ස්‌වභාවය සහ ඉන් ලබාගත යුතු ජල ප්‍රමාණය අනුව තීරණය කළ යුතු ය. මුලාශ්‍රයයෙන් ජලය ලබාගත් පසු පිරිපහදුවේ හමු වන පළමු අංගය වන්නේ ප්‍රාථමික පෙරහණයි (primary screening). මෙම`ගින් ජලයෙහි ඇති විශාල ප්‍රමාණයේ අපද්‍රව්‍ය (උදා: ශාක පත්‍ර/අතු ඉති, පොලිතින් මලු, රෙදි කැබැලි) ඉවත් කරනු ලබයි. මෙම`ගින් පිරිපහදුවේ ඇති ජල පොම්ප ආදියෙහි ආරක්‌ෂාව ද තහවුරු කරනු ලබයි. ප්‍රාථමික පෙරහණට පසුව හමු වන්නේ වාතනය (aeration) සිදු කිරීමයි. මෙහි දී ජලය හොඳින් වාතය සමග මුසු වීමට ඉඩ ලබා දීම සිදු කරනු ලබයි. එම`ගින් ජලයෙහි දියවී ඇති ඔක්‌සිජන් ප්‍රමාණය ඉහළ නංවාගැනීමත්, අනවශ්‍ය වායු ඉවත් කරගැනීමත් (උදා: ඇමෝනියා, කාබන් ඩයොක්‌සයිඩ්), සමහර අයන වර්ග ඔක්‌සිකරණය කර ඉවත් කරගැනීමත් (උදා: යකඩ, මැන්ගනීස්‌) සිදු කරනු ලබයි.

මේ දක්‌වා පිරිසිදු වූ ජලය, ඉන් පසු යොමු කරනුයේ ප්‍රාථමික තැන්පත් කරවීමේ ටැංකිය (pre-settling tank) වෙත ය. මෙහි දී ගුරුත්වය යටතේ ටැංකියේ පතුලට තැන්පත් කරවිය හැකි ඝන ද්‍රව්‍ය (settleable solids) වෙන් කරවීම සිදු කරයි. කෙසේ නමුත්, එසේ ගුරුත්වය යටතේ තැන්පත් නො වන ඝන ද්‍රව්‍ය (suspended solids) පවතී (උදා: කලීල). එම ද්‍රව්‍ය තැන්පත් කරවාගැනීම සඳහා රසායන ද්‍රව්‍ය එක්‌ කිරීම ම`ගින් කැටිති ගැස්‌වීම සිදු කරනු ලබයි.

 
මේ අවලම්බිත ඝන ද්‍රව්‍ය ඒවායේ මතුපිට ආරෝපණ නිසා ඉතා ම ස්‌ථායි වන අතර, රසායන ද්‍රව්‍ය එක්‌ කොට වේගයෙන් මිශ්‍ර කිරීම ම`ගින් (coagulation and rapid mixing) උදාසීන කිරීම පළමුව සිදු කරයි. ඉන්පසු, අඩු වේගයෙන් මිශ්‍ර කරමින් උදාසීන කළ ඝන ද්‍රව්‍ය එකිනෙකා හා එක්‌ කොට සම්පිණ්‌ඩනය (flocculation) කිරීම සිදු කරයි. එසේ සම්පිණ්‌ඩනය වූ පසු, ගුරුත්වය යටතේ එම අවලම්බිත ඝන ද්‍රව්‍ය ටැංකියක පතුලේ තැන්පත් කරවීම (sedimentation) සිදු කළ හැකි ය.

සෛද්ධාන්තික ව, මේ වන විට සියලු ඝන ද්‍රව්‍ය ජලයෙන් ඉවත් ව තිබිය යුතු ය. එහෙත්, කිසිදු උපකරණයක්‌ සියයට සියයක්‌ කාර්යක්‌ෂම නො වන බැවින්, ඉවත් නො වූ ඝන ද්‍රව්‍ය ජලයෙහි තවත් රැ`දී තිබේ. එබැවින්, මීළඟට තවත් පෙරහණක්‌ ජල පිරිපහදුවෙහි දැකගත හැකි ය. දිනකට නිපදවිය යුතු ජල ප්‍රමාණය අනුව මන්දගාමී හෝ ශීඝ්‍ර වැලි පෙරහණක්‌ (slow sand filter or rapid sand filter) භාවිත කරනු ලබයි. අධික දෛනික ඉල්ලුමක්‌ ඇති ජල පිරිපහදුවල ශීඝ්‍ර වැලි පෙරහණ දැකිය හැකි වන අතර, ඉලලුම අඩු ජල පිරිපහදුවල දී මන්දගාමී වැලි පෙරහණ දැකිය හැකි ය. මෙහි දී තව දුරටත් ඉතිරි වී ඇති ඝන ද්‍රව්‍ය, අවක්‌ෂේප වූ අයන ආදිය ඉවත් කරගනු ලබයි.

ජල පිරිපහදුවේ අවසාන අංගය වන්නේ ශරීරයට අහිතකර ක්‌ෂුද්‍රජීවීන් ඉවත් කරගැනීමේ ක්‍රියාවලියයි (disinfection). සාමාන්‍යයෙන් මෙහි දී ක්‌ලෝරීන් අඩංගු රසායන එක්‌ කිරීමක්‌ සිදු කරනු ලබයි. ක්‌ලෝරීන්හි විෂබීජ නාශන හැකියාව ප්‍රතික්‍රියාකාරකයෙන් ඔබ්බට ද පවතින බැවින් (residual disinfection capacity), බෙදාහැරීමේ ක්‍රියාවලියේ දී සිදු විය හැකි ජෛවීය දූෂණය පාලනය කරගැනීමේ හැකියාව පවතී. නළ පද්ධතිය කෙළවරෙහි ඇති නිවෙසක්‌ දක්‌වා ම එසේ ආරක්‌ෂි තව ජලය සැපයීමට අවශ්‍ය ක්‌ලොරීන් ප්‍රමාණය සම්මත තත්ත්වයන්ට යටත් ව එක්‌ කිරීම සිදු කරනු ලබයි.

මීට අමතරව, අවශ්‍යතාවට අනුව, ඉහළ තාක්‌ෂණයෙන් යුතු තවත් පිරිසිදු කිරීමේ අංග පිරිපහදුවට එක කරගැනීමේ හැකියාව පවතී.

මෙසේ පිරිසිදු කළ ජලය නළ මාර්ගයෙන් අපේ නිවෙස්‌වලට ලබා දීම සිදු කරයි. මේ ක්‍රියාවලිය වියදම් අධික එකක්‌ වන අතර ඔබ ජලය සඳහා ගෙවන මුදල ඊට වඩා බෙහෙවින් අඩු අගයක්‌ ගනී. එසේ ම, පිරිසිදු කර ලබා දීමට සුදුසු ජල මුලාශ්‍ර හිඟ බව ද සිහි තබාගත යුතු ය. එබැවින්, මුදල් ගෙවුවත් ජලය අපතේ යෑවීමට අයිතියක්‌ අපට නැත. එසේ ම ඕනෑ ම ජල මූලාශ්‍රයකින් ලැබෙන ජලය බීමට සුදුසු තත්ත්වයට පත් කළ නොහැකි බැවින් පවතින මූලාශ්‍ර රැකගැනීම ද අප සතු යුතුකමකි.

Comments

Popular posts from this blog

7 Riveting Facts about the Kandos Man – Upali Wijewardene

Source:  abpic.co.uk  Written by – Ranuli at Omebiz Philip Upali Wijewardene, better known as Upali Wijewardene was one of the most flamboyant and prominent businessman with an empire that not only dominated the Sri Lankan business landscape but also went global. He was Sri Lanka’s first homegrown tycoon and the founder and Chairman of Upali Group, Sri Lanka’s first multi-national business. Upali Wijewardene kick-started his career as a management trainee at Lever Brothers (now known as  Unilever ) where he managed to lock down the job simply based on his basic dining etiquette. However, due to a disagreement with the Chairman of the company, Upali left his job at Lever Brothers. Following the death of his uncle, the Late Senator Sarath Chandradasa, Upali took over  Kandos  with the substantial shares that were allocated to him. The company struggled with the lack of sales, Upali modernized the production process boosting their sales off the charts. Kando...

2වැනි කැරැල්ලේ නියඟයට වැහි වළාවක්වූ මියයන ලොවක නොමියන සිසු විරුවෝ

ආණ්ඩුවේ වෙඩි උණ්ඩයකට ගොදුරුව ප්‍රථමවරට සරසවි සිසුවෙක් මියගියේ 1976 නොවැම්බර් 12වැනිදාය. පේරාදෙණිය සරසවියේ මණ්ඩපාධිපතිවරයාගේ අත්තනෝමතික ක්‍රියා පිළිවෙතට එරෙහිව විරෝධය දැක්වීමේදී එසේ මියගියේ ඩබ්ලිව්. එම්. රෝහණ වීරසූරියයි. කුරුණෑගල උහුමීය දිළිදු ගොවි පවුලක දෙවැන්නා ලෙස උපන් රෝහණ වීරසූරියට සොහොයුරන් සිව් දෙනෙකු විය. වසර 1934දී පිහිටුවන ලද මුදුන්න මහා විද්‍යාලයෙන් සරසවි වරම් ලද ප්‍රථම ශිෂ්‍යයාද ඔහුය. සරසවි සිසුවෙකු දෙවන වරට ඝාතනයට ලක්වූයේ 1984 ජුනි 19වැනිදාය. ඒ පේරාදෙණිය සරසවියේ වෛද්‍ය පීඨයේ දෙවන වසරේ සිසුවෙකු වූ හේවබුලත්කන්දගේ පත්මසිරි අබේසේකර ශිෂ්‍යයාය. මාකස් නේවාසිකාගාරයේ නැවතී සිටි වෛද්‍ය සිසු පත්මසිරි  ඒ වනවිට වෛද්‍ය පීඨයේ දෙවන වසරේ විභාගයෙන් සහ නැවත පෙනීසිටීමේ විභාගයෙන්ද අසමත්වී සිටියද යළි විභාගයට පෙනී සිටීම සඳහා සූදානම්ව සිටි අයෙකි.  එයට පාදක වූයේ වෛද්‍ය පීඨයේ සිඩ්නි ජයරත්න(වෛද්‍යවරයෙකු වශයෙන් කටයුතු කිරීමේදී සිඩ්නි පසු කලෙක හෘදයාබාදයකින් මියගිය අතර නුවර මහාමායා විදුහලේ අධ්‍යාපනය ලත් ඔහුගේ දියණිය අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ශ්‍රී ලංකාවේ තෙවන ස්ථානයට පසුකලෙක පත්විය) ඇතුළ...

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...