Skip to main content

ලිංගිකව එක්වන අය අතර වඩාත් සුලබ රෝග


 
තරුණ කාන්තාවන් අතර සුලබතම හේතුව බැක්ටීරියල් වැජිනොසිස් නමැති යෝනි මාර්ගයේ ඇතිවන ආසාදිත තත්වයයි. එත් සමගම කැන්ඩිඩා වැනි දිලිර අසාදන වගේම ලිංගාශ්‍රිත රෝග ත් සුලභව දක්නට ලැබෙනවා. ඉතාමත්කලාතුරකින් ගැබ් ගෙලේ ඇතිවන එක්ට්‍රොපියන් සහ පිළිකා ත් අසාමාන්‍ය යෝනි ශ්‍රාවයට හේතු වේ.
මේ එක් එකක් ගැන ටිකක් දැන ගනිමු.
අද අපි කතා කළා ලිංගික සෞඛ්‍ය පිලිබඳවිශේෂඥයෙක් වන වෛද්‍ය ඉරේෂ් ජයවීර මහතාට.

බැක්ටීරියල් වැජිනෝසිස්
මෙම තත්ත්වය ඇති කාන්තාවන්ගේ යෝනි මාර්ගයේ සාමාන්‍යයෙන් පවතින බැක්ටීරියා වර්ග අතර අසමතුලිතතාවයක් ඇතිවීඅහිතකර බැක්ටීරියා ගහනය වැඩිවීම හේතුවෙන් යෝනි තරලයේ රසායනය වෙනස් වීම නිසයි.
මෙය ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගයක් නොවේ.එහෙත්ලිංගික සම්බන්දතා පවත්වන අය අතර වඩාත් සුලබය.
එහෙත්ලිංගික සම්බන්ධතා කිසිදා නොපැවැත්වූ කාන්තාවන්ද, සමලිංගික සම්බන්ධතා පවත්වන කාන්තාවන් ඇතුළු ඕනෑම කාන්තාවකටද මෙම තත්ත්වය වැළඳිය හැකිය.
මෙය ගර්භණී කාන්තාවන් අතර දවැඩි වශයෙන් පවතියි
අලුත් ලිංගික සහකරුවකු සිටීම හෝ ලිංගික සහකරුවන් කිහිපදෙනෙකු සිටීම, යෝනි මාර්ගය ඇතුලත සේදීම ( ආසේක කිරීම/ Douching ) හෝ යෝනි සේදුම් ( Vaginal Wash ) හා ඩියොඩරන්ට් වර්ග භාවිතාව, දුම් පානය කිරීම සහමුඛ ලිංගික සංසර්ගය ( යෝනි විවරය මුවින් උත්තේජනය කිරීම ) මෙය සැදීමට ඇති අවදානම වැඩිකරයි.
මෙහිදී අසාමාන්‍ය යෝනි ශ්‍රාවයක් ඇතිවේ.
ශ්‍රාවය දුගඳක් සහිත විය හැකි අතර අය සාමාන්‍ය ව්‍යවහාරයේදී "මාලු පිළී" ගඳ ලෙසින් හඳුනාගත හැක.මෙම තත්ත්වය ලිංගික සංසර්ගයෙන් පසු තවත් උත්සන්න වේ.
එය තුනී ශ්‍රාවයක් වන අතර සුදු හෝ ලා අළු පැහැය ගනියි.
ප්‍රතිජිවක ඖෂධ මගින් සුව කල හැක.


කැන්ඩිඩා හෙවත්උල්ලෝගම්
කැන්ඩිඩා ආසාදනය යනු කාන්තාවන්ගේ යෝනි මාර්ගයේ "කැන්ඩිඩා" නැමති ඊස්ට්දිලීරයකින් හට ගන්නා ඉතා සුලබ තත්ත්වයකි.
මෙම තත්ත්වය ලිංගික සංසර්ගයකදී බෝවිය හැකි නමුත් එය ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගයක් ලෙස හඳුන්වන්නේ නැත.
මෙහිදී කිරි මෙන් ඉතා උකු, කැදළි සහිත යෝනි ශ්‍රාවයක් පිටවීම සිදුවිය හැක.තවද යෝනි විවරය, යෝනි මාර්ගය සහ ගුද මාර්ගය වටාකැසීම, දැවිල්ල, ඉරි තැලීම සහ රතුවීම ඇතිවේ.

ලිංගාශ්‍රිත රෝග
ගැබ් ගෙලේ ප්‍රදාහය ඇති කරන ගොනොරියාව සහ ක්ලැමිඩියා වැනි බැක්ටීරියා රෝග, ට්‍රයිකොමෝනොසියාව වැනිප්‍රෝටසෝවා ආසාදන සුලබ වඅසාමාන්‍ය යෝනි ශ්‍රාව ඇතිකරයි.මිට අමතරව ශ්‍රෝණි ප්‍රදාහය ,ලිංගික ඉන්නන් සහ ලිංගික හර්පීස් දදායක විය හැක.

ලිංගාශ්‍රිත රෝග අවදානමතියෙන්නේ කාටද?
සමාජයේ සිටින ලිංගිකව සක්‍රිය සියලු දෙනාටම.
බොහෝමයක් මේ රෝගීන්ට තමාගේ සහකරුගෙන් මේ රෝග සෑදී ඇත.

ගොනොරියාව, සහ ක්ලැමිඩියා වැනි බැක්ටීරියා රෝග සහට්‍රයිකොමෝනොසියාවේ ලක්ෂණ
කාන්තාවන්ගේ යෝනි මාර්ගයෙන් අසාමාන්‍යශ්‍රාවයක් පිටවීම, මුත්‍රා දැවිල්ල, සහ යටි බඩෙහි කැක්කුම මුත්‍රා දැවිල්ල,වැනි රෝග ලක්ෂණ ඇතිවිය හැකිය.
නිසි ප්‍රතිකාර ලබා නොගතහොත් කාන්තාවන්ගේ ගර්භාශය හා පැලෝපීය නාල ඔස්සේබැක්ටීරියා වර්ධනය වීපැලෝපීය නාලවල අවහිරතා ඇතිවේ.එමගින් ගර්භාශයට පිටත සිදුවන දරු පිළිසිඳ ගැනීම්( එක්ටොපික් ) සහ වඳ භාවයට පත්වීම සිදුවිය හැක.

ශ්‍රෝණි ප්‍රදාහයේ රෝග ලක්ෂණ රෝග ලක්ෂණ
  1. ශ්‍රෝණි ප්‍රදාහයේ රෝග ලක්ෂණ අනුවඑමතත්ත්වය හඳුනා ගැනීම එක්වරම අපහසු විය හැක.එහෙත් පහත ලක්ෂණ එහි අනතුරු හඟවන ලක්ෂණ වේ.
  2. උදරයේ පහළ කොටසේ වේදනාව
  3. ලිංගික සංසර්ගයේදී ඇතුලතින් ගැඹුරු ලෙස දැනෙන අපහසුතාව හා වේදනාව
  4. ඔසප්වීම් දෙකක් අතර කාලයේදී හා ලිංගික සංසර්ගයෙන් පසු යෝනි මාර්ගයෙන් රුධිරය වහනය වීම
  5. විශේෂයෙන් කහ හෝ කොළ පැහැයට හුරු අසාමාන්‍යය යෝනි ශ්‍රාවයක් ඇතිවීම

උණ සහ වමනය
ඉහතලිංගාශ්‍රිත රෝග පරික්ෂා කරනිසි ප්‍රතිකාර කිරීමෙන් සුව කල හැක.
ඒනමුත් ප්‍රතිකාර නොගැනීම මගින්
1.මෙම රෝග ප්‍රජනක පද්ධතිය පුරා පැතිරීම,මඳසරු බව හා වෙනත් දරු උපත් හා ආශ්‍රිත සංකූලතා,පිළිකා වැනි සංකූලතා
2.මෙම රෝග ලිංගික සහකරුවන්ට පැතිරී යාම
3.ගර්භනී අවස්ථාවේ දී මවගෙන් දරුවාට පැතිරීම
වැනි සංකුලතා ඇතිවිය හැක.

ගැබ් ගෙල පිළිකා
ශ්‍රී ලංකා වේ කාන්තාවන් අතර දෙවැනියට සුලබම පිළිකාව මෙයයි. ඉතා දුඟද ඇති යෝනි ශ්‍රාවයක් වශයෙන් පැමිණිය හැක.ගැබ්ගෙල(පැප්) පරික්ෂා ව මගින් මෙය කලින් හඳුනා ගත හැක.

මේ රෝග වලට ප්‍රතිකාර ගන්නේ කොහොමද?
රජයේලිංගාශ්‍රිත රෝග සායනයක ටඔබ පැමිණීමෙන් පරික්ෂා කරගෙන ප්‍රතිකාර නොමිලේ ලබාගත හැකියි. එයට කිසිදු යොමු කිරීමක් අවශ්‍ය නැ. ඕනෑම සතියේ දිනක 8-4 අතර හෝසෙනෙසුරදා උදේ පැමිණිය හැකියි. සැම දිස්ත්‍රික්කයකම සායන ඇත. ඔබේ තොරතුරු වල රහසිගත බව රැකේ.
රජයේ රෝහලකදී නම් බාහිර රෝගී අංශය හරහා ප්‍රසව හා නාරි වේද සායනයකට යොමු වීම කළ හැකි යි.
පුද්ගලික අංශයේ දී නම් ප්‍රසව හා නාරි වේද හෝ ලිංගාශ්‍රිත රෝග හා සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙකු මුණ ගැසීම සුදුසු යි.

ලිංගික ප්‍රදේශය පිරිසිදුකරන්නේ කොහොමද?
යෝනි මාර්ගයේ සම ඉතා සංවේදීය. සැර සබන් වර්ග කිසිසේත් බාවිතා නොකළ යුතුය.
ලිංගික සම්බන්දතාවයකින් පසුව වුවත් යෝනි මාර්ගය ඇතුලත සේදීම ( ආසේක කිරීම/ Douching ) නොකළ යුතුය.
මුත්‍රා කිරීමෙන් පසු ජලයෙන් සෝදා වියලි ව තබාගන්න.
කිසිවිටෙක විශ්බිජනාශක දියර දාන්න එපා.

අනෙකුත් වැදගත් කරුණු...
  1. වගකීමෙන් යුතු ලිංගික හැසිරීම්.
  2. අනාරක්ෂිත ලිංගික සම්බන්දතා තිබුන නම් රෝග පරික්ෂාවක් කරගන්න. බොහොමයක් රෝග මුල් අවස්ථාවේ කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වයි.
  3. පිරිසිදු කපු යට ඇඳුම් භාවිතය.
  4. යට ඇඳුම් හොදින් සෝදා තද අව්වේ වේලාගන්න.
  5. ඉතා තද යට ඇඳුම් භාවිතයෙන් වැලකීම.

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...