Skip to main content

රහස් සැඟවුණු කළු පෙට්ටිය

පුද්ගලයන් 157 දෙනකු සමඟ පසුගිය දා, ඉතියෝපියානු ගුවන් සේවයට අයත් ගුවන් යානයක් කඩා වැටුණි. යානය ඉතියෝපියාවේ අඩිස් අබාබා අගනුවර සිට කෙන්යාවේ නයිරෝබි නගරය තෙක් පියාසර කිරීමට නියමිතව තිබුණි.
කඩා වැටුණේ බෝයිං ගුවන් සමාගම නිෂ්පාදනය කළ බෝයිං 737 මැක්ස් වර්ගයේ නවතම ගුවන් යානයකි. ඉතියෝපියා ගුවන් සේවයට මෙම ගුවන් යානය එක් කර ඇත්තේ පසුගිය 2018 දීය. යානය නිපදවා ඇත්තේ 2017 දීය. යානය කඩා වැටුණේ ඇයිදැයි යන්න පිළිබඳ රහස් අනාවරණය කර ගැනීමට හැකිවූයේ යනයේ පියසැරි දත්ත ඇතුළත් කළු පෙට්ටියේ ආධාරයෙනි. ගුවන් යානයක් අනතුරට ලක්වුණැයි කී සැණින් අපට මතක් වෙන්නේ ‘කළු පෙට්ටිය’ එසේත් නැතිනම් බ්ලැක් බොක්ස් ය. ගුවන් අනතුරකදී කළු පෙට්ටිය සොයා ගැනීම සහ එයින්  අනතුර සිදුවණේ කෙසේදැයි තහවුරු කර ගැනීම ඉතා වැදගත්. ඉතියෝපියා ගුවන් යානා අනතුරට හේතුව බෝයිං මැක්ස් ගුවන් යානයේ යැයි තහවුරු වූයේ ද කළු පෙට්ටියේ දත්ත අනුවය. ඇමෙරිකාවේ බෝයිං ගුවන් සේවය මැක්ස් වර්ගයේ ඔවුන්ගේ ගුවන් යානා තාවකාලිකව තහනම් කිරීමට පියවර ගත්තේ ලැබුණු දත්ත අනුවය. පසුගිය වසරේ ඉන්දුනීසියාවේ ලයන් එයාර් ගුවන් සේවයේ යානයක් මූදට කඩා වැටුණි. එම යානය ද බෝයිං 737 මැක්ස් යානයකි.
කළු පෙට්ටිය යන නමින් හැඳින්වුවත්, පියසැරි දත්ත ගබඩා කෙරෙන මෙම උපංගය කළු පැහැයක් නොගනී. ගුවන් ගමන් මුල් කාලයේදී, ගුවන්යානාවල ඉලෙක්ට්‍රොනික උපාංග සියල්ලම හැදින්වීමට බ්ලැක් බොක්ස් යන නම භාවිත කෙරුණි. ඒ, ඒවායේ ක්‍රියාකාරිත්වය ගැන වැඩි දෙනාට අවබෝධයක් නොතිබුණු නිසාය. බ්ලැක් බොක්ස් යන නමින් හැඳින්වුවත්, මෙම උපාංගය දීප්තිමත් (ලුමිනස් වර්ගයේ) තද තැඹිලි වර්ණයකින් වර්ණ ගන්වා ඇත. ඒ, ගුවන් අනතුර කොතැන සිදුවුණත්, පහසුවෙන් දැක ගැනීමටත් සොයා ගැනීමටත් හැකි ලෙසය.
ගුවන් යානා ඉතිහාසයේ මුල් දශක 5ක පමණ කාලයේ සිදු වූ අනතුරු වලට හේතු සෙවීම ඉතාමත් අපහසු කාර්යයක් විය. ඇසින් දුටු සාක්ෂි ලැබුනත් ඒවා ප්‍රමාණවත් නොවිණි. 1950 දශකයේ සිද්ධ වුනු ගුවන් අනතුරු හේතුවෙන්, ඕස්ටේ්‍රලියානු ජාතික ඬේවිඞ් වොරන්, ගුවන් නියමු කුටියේ සිදුවන කතාබහ පටිගත කිරීමට සහ ගුවන් යානයේ සියලු යාන්ත්‍රික කටයුතු අධීක්ෂණයට උපාංගයක් නිර්මාණය කළේය. කළු පෙට්ටියේ ආරම්භය එයයි. 1960 දී පළමු වරට ඕස්ටේ්‍රලියාව ඔවුන්ගේ සියලුම වාණිජ ගුවන් යානා සඳහා කළු පෙට්ටිය සහිත පද්ධතිය අනිවාර්ය කළේය.  වර්තමානය වන විට සියලුම වාණිජ ගුවන් යානා සඳහ කළුපෙට්ටිය අනිවාර්ය වෙයි. සාමාන්‍ය මගී ගුවන් යානයක කළු පෙට්ටියක ප්‍රධාන කොටස් දෙකකි. ඒවායේ කාර්යයන් එකිනෙකට වෙනස්ය.
ෆ්ලයිට් ඬේටා රෙකොඩරය - මෙහි කාර්ය වෙන්නේ ගුවන් යානයේ එන්ජිමේ ක්‍රියාකාරීත්වය, යානය ගමන් කරන උස, වේගය, දිශාව ආදී දත්ත ගුවන් ගමන ආරම්භයේ සිට අවසානය දක්වා ගබඩා කර ගැනීමය. මුල් යුගයේදී දත්ත පටිගත කෙරුණේ චුම්භක පට (කැසට් ටේප් වැනි ) වලය. අද වනවිට ඩිජිටල් තාක්ෂණයේ දියුණුව හේතුවෙන් ඒ සියල්ල වෙනස් වී තිබේ. අනතුරකට පසුව මෙහි ඇති දත්ත විශ්ලේෂණයෙන් අදාළ ගුවන් ගමන පරිගණක ආධාරයෙන් නැවතත් ප්‍රතිනිර්මාණය කළ හැකි වෙයි. මේ නිසා ඉතාමත් පහසුවෙන් ගුවන් යානය අනතුරට ලක් වුණේ ඇයිදැයි දැනගත හැකිය.
මෙහි කාර්ය වෙන්නේ ගුවන් නියමු කුටිය තුල සිදුවන කතාබහ (නියමුවන් නියමුව් අතරේත්, නියමුවන් කාර්ය මණ්ඩලය අතරේත්, මගීන් අතරේත්, නියමුවන් සහ ගුවන් තොටුපොළ බලධාරීන් අතරේත්) පටිගත කිරීමය. කලින් කී අයුරින් නියමුවන් සහ ගුවන් ගමන් පාලන මධ්‍යස්ථාන සමග සිදුවන සංවාද, නියමුවන් සහ අනෙකුත් කාර්ය මණ්ඩලය සමග සිදුවන සංවාද ආදිය මීට ඇතුලත්. එපමණක් නොවේ, එංජින් වලින් නැගෙන ශබ්දය, ගුවන් යානයේ රෝද පහලට, ඉහලට එසවීම් වැනි ශබ්ද වැනි දේ ද පටිගත කෙරේ. ඉතා කුඩා ශබ්දයකට වුවත්, ගුවන් යානා අනතුරකදී ඉතා විශාල කාර්යක් ඉටු කළ හැකි යැයි පැවැසෙයි.
බොහෝ ගුවන් යානාවල කළු පෙට්ටිය ස්ථාන ගත කර ඇත්තේ යානයේ පිටුපස කොටසේය. ඒ අනතුරකදී අවම හානියක් වෙන්නේ පසුපසට නිසාය. යාකය මූදට කඩාගෙන වැටුනොත් කළු පෙට්ටිය සොයා ගැනීම කරන්නේ, එයින් නිකුත් වන සංඥාවකිනි. මෙය හැඳින්වෙන්නේ බීකන් යනුවෙනි. ජලයට වැටුණොත් ස්වයංක්‍රීයව මෙම බීකන් එක සක්‍රීය වී සංඥා නිකුත් කිරීම කරයි. ඒ අනුව කළු පෙට්ටිය ඇති තැන සොයා ගැනීම කළ හැකිය. අඩි 14000ක තරම් ගැඹුරකදී වුවත් සංඥා නිකුත් වෙයි. කළු පෙට්ටියේ ඇත්තේ විශේෂ බැටරියකි. එහි ආයු කාලය සක්‍රිය වී දින 30 කි. සංඥා නිකුත් වීම දින 30 ක් දක්වා සිදුවෙයි. එහෙයින්, යානයක් අනතුර ලක් වුණොත් දින 30 ක් ඇතුළතදී එය සොයා ගැනීම කළ යුතුවෙයි.
කළු පෙට්ටිය නිර්මාණය කර තිබෙන්නේ ඕනෑම තත්ත්වයකට ඔරොත්තු දෙන ආකාරයටය. එයට කිසිදු හානියක් වෙන්නේ ද නැත. පිපිරීම්වලට පවා ඔරොත්තු දෙයි. කළු පෙට්ටියේ පිටත ආවරණය ඉතා ශක්තිමත්ය. වානේ සහ ටයිටේනියම් මිශ්‍රණයකින් එය සාදා ඇත. අධික උෂ්ණත්වයකටත්, මුහුදේ අධික පීඩනයටත් ඔරොත්තු දීමේ හැකියාව කළු පෙට්ටියට ඇත. දැඩි කම්පනයකට ඔරොත්තු දීමට ද කළු පෙට්ටියට පුළුවනි. සාමාන්‍ය මගී ගුවන් යානාවල පමණක් නොව, හමුදා ගුවන් යානා, ප්‍රහාරක යානා ඇතුළු සෑම යානයකම කළු පෙට්ටියක් ඇත. අනතුරු වෙනවාට වඩා අනතුරු වළක්වා ගැනීම වැදගත්ය. එහෙයින් ගුවන් යානාවල ආරක්ෂාව වෙනුවෙන් කළු පෙට්ටියෙන් කෙරෙන කාර්යය අතිමහත්ය

Comments

Popular posts from this blog

7 Riveting Facts about the Kandos Man – Upali Wijewardene

Source:  abpic.co.uk  Written by – Ranuli at Omebiz Philip Upali Wijewardene, better known as Upali Wijewardene was one of the most flamboyant and prominent businessman with an empire that not only dominated the Sri Lankan business landscape but also went global. He was Sri Lanka’s first homegrown tycoon and the founder and Chairman of Upali Group, Sri Lanka’s first multi-national business. Upali Wijewardene kick-started his career as a management trainee at Lever Brothers (now known as  Unilever ) where he managed to lock down the job simply based on his basic dining etiquette. However, due to a disagreement with the Chairman of the company, Upali left his job at Lever Brothers. Following the death of his uncle, the Late Senator Sarath Chandradasa, Upali took over  Kandos  with the substantial shares that were allocated to him. The company struggled with the lack of sales, Upali modernized the production process boosting their sales off the charts. Kando...

2වැනි කැරැල්ලේ නියඟයට වැහි වළාවක්වූ මියයන ලොවක නොමියන සිසු විරුවෝ

ආණ්ඩුවේ වෙඩි උණ්ඩයකට ගොදුරුව ප්‍රථමවරට සරසවි සිසුවෙක් මියගියේ 1976 නොවැම්බර් 12වැනිදාය. පේරාදෙණිය සරසවියේ මණ්ඩපාධිපතිවරයාගේ අත්තනෝමතික ක්‍රියා පිළිවෙතට එරෙහිව විරෝධය දැක්වීමේදී එසේ මියගියේ ඩබ්ලිව්. එම්. රෝහණ වීරසූරියයි. කුරුණෑගල උහුමීය දිළිදු ගොවි පවුලක දෙවැන්නා ලෙස උපන් රෝහණ වීරසූරියට සොහොයුරන් සිව් දෙනෙකු විය. වසර 1934දී පිහිටුවන ලද මුදුන්න මහා විද්‍යාලයෙන් සරසවි වරම් ලද ප්‍රථම ශිෂ්‍යයාද ඔහුය. සරසවි සිසුවෙකු දෙවන වරට ඝාතනයට ලක්වූයේ 1984 ජුනි 19වැනිදාය. ඒ පේරාදෙණිය සරසවියේ වෛද්‍ය පීඨයේ දෙවන වසරේ සිසුවෙකු වූ හේවබුලත්කන්දගේ පත්මසිරි අබේසේකර ශිෂ්‍යයාය. මාකස් නේවාසිකාගාරයේ නැවතී සිටි වෛද්‍ය සිසු පත්මසිරි  ඒ වනවිට වෛද්‍ය පීඨයේ දෙවන වසරේ විභාගයෙන් සහ නැවත පෙනීසිටීමේ විභාගයෙන්ද අසමත්වී සිටියද යළි විභාගයට පෙනී සිටීම සඳහා සූදානම්ව සිටි අයෙකි.  එයට පාදක වූයේ වෛද්‍ය පීඨයේ සිඩ්නි ජයරත්න(වෛද්‍යවරයෙකු වශයෙන් කටයුතු කිරීමේදී සිඩ්නි පසු කලෙක හෘදයාබාදයකින් මියගිය අතර නුවර මහාමායා විදුහලේ අධ්‍යාපනය ලත් ඔහුගේ දියණිය අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ශ්‍රී ලංකාවේ තෙවන ස්ථානයට පසුකලෙක පත්විය) ඇතුළ...

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...