Skip to main content

රහස් සැඟවුණු කළු පෙට්ටිය

පුද්ගලයන් 157 දෙනකු සමඟ පසුගිය දා, ඉතියෝපියානු ගුවන් සේවයට අයත් ගුවන් යානයක් කඩා වැටුණි. යානය ඉතියෝපියාවේ අඩිස් අබාබා අගනුවර සිට කෙන්යාවේ නයිරෝබි නගරය තෙක් පියාසර කිරීමට නියමිතව තිබුණි.
කඩා වැටුණේ බෝයිං ගුවන් සමාගම නිෂ්පාදනය කළ බෝයිං 737 මැක්ස් වර්ගයේ නවතම ගුවන් යානයකි. ඉතියෝපියා ගුවන් සේවයට මෙම ගුවන් යානය එක් කර ඇත්තේ පසුගිය 2018 දීය. යානය නිපදවා ඇත්තේ 2017 දීය. යානය කඩා වැටුණේ ඇයිදැයි යන්න පිළිබඳ රහස් අනාවරණය කර ගැනීමට හැකිවූයේ යනයේ පියසැරි දත්ත ඇතුළත් කළු පෙට්ටියේ ආධාරයෙනි. ගුවන් යානයක් අනතුරට ලක්වුණැයි කී සැණින් අපට මතක් වෙන්නේ ‘කළු පෙට්ටිය’ එසේත් නැතිනම් බ්ලැක් බොක්ස් ය. ගුවන් අනතුරකදී කළු පෙට්ටිය සොයා ගැනීම සහ එයින්  අනතුර සිදුවණේ කෙසේදැයි තහවුරු කර ගැනීම ඉතා වැදගත්. ඉතියෝපියා ගුවන් යානා අනතුරට හේතුව බෝයිං මැක්ස් ගුවන් යානයේ යැයි තහවුරු වූයේ ද කළු පෙට්ටියේ දත්ත අනුවය. ඇමෙරිකාවේ බෝයිං ගුවන් සේවය මැක්ස් වර්ගයේ ඔවුන්ගේ ගුවන් යානා තාවකාලිකව තහනම් කිරීමට පියවර ගත්තේ ලැබුණු දත්ත අනුවය. පසුගිය වසරේ ඉන්දුනීසියාවේ ලයන් එයාර් ගුවන් සේවයේ යානයක් මූදට කඩා වැටුණි. එම යානය ද බෝයිං 737 මැක්ස් යානයකි.
කළු පෙට්ටිය යන නමින් හැඳින්වුවත්, පියසැරි දත්ත ගබඩා කෙරෙන මෙම උපංගය කළු පැහැයක් නොගනී. ගුවන් ගමන් මුල් කාලයේදී, ගුවන්යානාවල ඉලෙක්ට්‍රොනික උපාංග සියල්ලම හැදින්වීමට බ්ලැක් බොක්ස් යන නම භාවිත කෙරුණි. ඒ, ඒවායේ ක්‍රියාකාරිත්වය ගැන වැඩි දෙනාට අවබෝධයක් නොතිබුණු නිසාය. බ්ලැක් බොක්ස් යන නමින් හැඳින්වුවත්, මෙම උපාංගය දීප්තිමත් (ලුමිනස් වර්ගයේ) තද තැඹිලි වර්ණයකින් වර්ණ ගන්වා ඇත. ඒ, ගුවන් අනතුර කොතැන සිදුවුණත්, පහසුවෙන් දැක ගැනීමටත් සොයා ගැනීමටත් හැකි ලෙසය.
ගුවන් යානා ඉතිහාසයේ මුල් දශක 5ක පමණ කාලයේ සිදු වූ අනතුරු වලට හේතු සෙවීම ඉතාමත් අපහසු කාර්යයක් විය. ඇසින් දුටු සාක්ෂි ලැබුනත් ඒවා ප්‍රමාණවත් නොවිණි. 1950 දශකයේ සිද්ධ වුනු ගුවන් අනතුරු හේතුවෙන්, ඕස්ටේ්‍රලියානු ජාතික ඬේවිඞ් වොරන්, ගුවන් නියමු කුටියේ සිදුවන කතාබහ පටිගත කිරීමට සහ ගුවන් යානයේ සියලු යාන්ත්‍රික කටයුතු අධීක්ෂණයට උපාංගයක් නිර්මාණය කළේය. කළු පෙට්ටියේ ආරම්භය එයයි. 1960 දී පළමු වරට ඕස්ටේ්‍රලියාව ඔවුන්ගේ සියලුම වාණිජ ගුවන් යානා සඳහා කළු පෙට්ටිය සහිත පද්ධතිය අනිවාර්ය කළේය.  වර්තමානය වන විට සියලුම වාණිජ ගුවන් යානා සඳහ කළුපෙට්ටිය අනිවාර්ය වෙයි. සාමාන්‍ය මගී ගුවන් යානයක කළු පෙට්ටියක ප්‍රධාන කොටස් දෙකකි. ඒවායේ කාර්යයන් එකිනෙකට වෙනස්ය.
ෆ්ලයිට් ඬේටා රෙකොඩරය - මෙහි කාර්ය වෙන්නේ ගුවන් යානයේ එන්ජිමේ ක්‍රියාකාරීත්වය, යානය ගමන් කරන උස, වේගය, දිශාව ආදී දත්ත ගුවන් ගමන ආරම්භයේ සිට අවසානය දක්වා ගබඩා කර ගැනීමය. මුල් යුගයේදී දත්ත පටිගත කෙරුණේ චුම්භක පට (කැසට් ටේප් වැනි ) වලය. අද වනවිට ඩිජිටල් තාක්ෂණයේ දියුණුව හේතුවෙන් ඒ සියල්ල වෙනස් වී තිබේ. අනතුරකට පසුව මෙහි ඇති දත්ත විශ්ලේෂණයෙන් අදාළ ගුවන් ගමන පරිගණක ආධාරයෙන් නැවතත් ප්‍රතිනිර්මාණය කළ හැකි වෙයි. මේ නිසා ඉතාමත් පහසුවෙන් ගුවන් යානය අනතුරට ලක් වුණේ ඇයිදැයි දැනගත හැකිය.
මෙහි කාර්ය වෙන්නේ ගුවන් නියමු කුටිය තුල සිදුවන කතාබහ (නියමුවන් නියමුව් අතරේත්, නියමුවන් කාර්ය මණ්ඩලය අතරේත්, මගීන් අතරේත්, නියමුවන් සහ ගුවන් තොටුපොළ බලධාරීන් අතරේත්) පටිගත කිරීමය. කලින් කී අයුරින් නියමුවන් සහ ගුවන් ගමන් පාලන මධ්‍යස්ථාන සමග සිදුවන සංවාද, නියමුවන් සහ අනෙකුත් කාර්ය මණ්ඩලය සමග සිදුවන සංවාද ආදිය මීට ඇතුලත්. එපමණක් නොවේ, එංජින් වලින් නැගෙන ශබ්දය, ගුවන් යානයේ රෝද පහලට, ඉහලට එසවීම් වැනි ශබ්ද වැනි දේ ද පටිගත කෙරේ. ඉතා කුඩා ශබ්දයකට වුවත්, ගුවන් යානා අනතුරකදී ඉතා විශාල කාර්යක් ඉටු කළ හැකි යැයි පැවැසෙයි.
බොහෝ ගුවන් යානාවල කළු පෙට්ටිය ස්ථාන ගත කර ඇත්තේ යානයේ පිටුපස කොටසේය. ඒ අනතුරකදී අවම හානියක් වෙන්නේ පසුපසට නිසාය. යාකය මූදට කඩාගෙන වැටුනොත් කළු පෙට්ටිය සොයා ගැනීම කරන්නේ, එයින් නිකුත් වන සංඥාවකිනි. මෙය හැඳින්වෙන්නේ බීකන් යනුවෙනි. ජලයට වැටුණොත් ස්වයංක්‍රීයව මෙම බීකන් එක සක්‍රීය වී සංඥා නිකුත් කිරීම කරයි. ඒ අනුව කළු පෙට්ටිය ඇති තැන සොයා ගැනීම කළ හැකිය. අඩි 14000ක තරම් ගැඹුරකදී වුවත් සංඥා නිකුත් වෙයි. කළු පෙට්ටියේ ඇත්තේ විශේෂ බැටරියකි. එහි ආයු කාලය සක්‍රිය වී දින 30 කි. සංඥා නිකුත් වීම දින 30 ක් දක්වා සිදුවෙයි. එහෙයින්, යානයක් අනතුර ලක් වුණොත් දින 30 ක් ඇතුළතදී එය සොයා ගැනීම කළ යුතුවෙයි.
කළු පෙට්ටිය නිර්මාණය කර තිබෙන්නේ ඕනෑම තත්ත්වයකට ඔරොත්තු දෙන ආකාරයටය. එයට කිසිදු හානියක් වෙන්නේ ද නැත. පිපිරීම්වලට පවා ඔරොත්තු දෙයි. කළු පෙට්ටියේ පිටත ආවරණය ඉතා ශක්තිමත්ය. වානේ සහ ටයිටේනියම් මිශ්‍රණයකින් එය සාදා ඇත. අධික උෂ්ණත්වයකටත්, මුහුදේ අධික පීඩනයටත් ඔරොත්තු දීමේ හැකියාව කළු පෙට්ටියට ඇත. දැඩි කම්පනයකට ඔරොත්තු දීමට ද කළු පෙට්ටියට පුළුවනි. සාමාන්‍ය මගී ගුවන් යානාවල පමණක් නොව, හමුදා ගුවන් යානා, ප්‍රහාරක යානා ඇතුළු සෑම යානයකම කළු පෙට්ටියක් ඇත. අනතුරු වෙනවාට වඩා අනතුරු වළක්වා ගැනීම වැදගත්ය. එහෙයින් ගුවන් යානාවල ආරක්ෂාව වෙනුවෙන් කළු පෙට්ටියෙන් කෙරෙන කාර්යය අතිමහත්ය

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...