Skip to main content

දරුවාගේ බර අඩු - වැඩි වෙන හැටි



‘‘දැන් පුංචි පැටියාට වයස සති දෙකකි. ඉපදෙන විට බර කිලෝග‍්‍රෑම් තුනක් තිබුණු දරුපැටියාගේ බර ටිකක් අඩුවෙලා. ඒක ප‍්‍රශ්නයක් නෑ කියලා පවුල් සෞඛ්‍ය නිලධාරිනිය කීවා. ඒත් කොහොමද එහෙම වෙන්නේ. දිගටම දරුවගෙ බර අඩු වේවිද?’’
මේ අලූත් අම්මලාට ඇති වෙන ගැටලූවකි. අලූත උපදින දරුවකුගේ බර වැඩිවෙන්නෙ කොහොමද? මේ සටහන එම ගැටලූවට විසඳුම් සොයා ගැනීමටය.


අලූත උපන් නිරෝගී දරුවකුගේ උපත් බර විය යුත්තේ කිලෝග‍්‍රෑම් 3.00 - 3.5 පමණ ප‍්‍රමාණයකි. එසේම නිරෝගී දරුවෙකුගේ දිග සෙන්ටිමීටර 50 ක් පමණ වේ. හිස වට ප‍්‍රමාණය සෙන්ටිමීටර 35 ක් පමණය. සමහර මවුවරු දරුවාගේ උපත් බර කිලෝ ග‍්‍රෑම් 2.5 ක් තිබීම ප‍්‍රමාණවත් යැයි සිතති. එය අඩු වුණත්් බර සීමාවේ ප‍්‍රමාණය අනුව උපදින දරුවාගේ බර කිලෝග‍්‍රෑම් 2.6 ක් තිබුණත් එය හොඳ බරක් ලෙසට සඳහන් කළ නොහැකි ය. උපදින දරුවාගේ නිරෝගී හොඳ බර වන්නේ කිලෝ ග‍්‍රෑම් 3.0x3.5 ප‍්‍රමාණයකි. එය කිලෝ ග‍්‍රෑම් 2.7 වුවත් සාමාන්‍ය බර වේ.

බර අඩු වෙන්නෙ මෙහෙමයි
දරුවා ඉපදී පළමු සතියේ මවුකිරි බොන දරුවාගේ බර සියයට දහයක් පමණ අඩු වේ. එම අඩුවීම ඊට වඩා අඩු වුවහොත් එය වෛද්‍ය උපදෙස් ගත යුතු තත්ත්වයකි. බොහෝවිට දරුවා නිසි ලෙස කිරි උරා නොබොන්නේ නම් එසේ බර අඩුවිය හැකිය. සාමාන්‍යයෙන් උපත් බර සෑදෙන්නේ මෙසේය. උදාහරණ ලෙස සඳහන් කළොත් උපත් බර කිලෝග‍්‍රෑම් 3.00ට උපත ලද දරුවෙකුට සතියකින් බලන විට කිලෝ ග‍්‍රෑම් 2.7 වී තිබේ නම් සති දෙකෙන් බලන විට එය නැවත කිලෝග‍්‍රෑම් 3.00 වී තිබිය යුතුය. එය ස්වාභාවික තත්ත්වයයි.

දරුවාගේ වර්ධනය සිදුවන හැටි
අලූත උපත ලබන දරුවෙකුගේ වර්ධන වේගය සිදුවිය යුත්තේ මෙසේය.
දරුවෙකු උපත ලබා පළමු මාස 3 - 4 තුළ උපත් බර වැඩි වේ. එය වැඩිම වර්ධන වේගයක් දක්නට ලැබෙන මාස කිහිපයයි.
ඊළඟ මාස 4 - 8 දී බර වැඩිවන්නේ අඩු වේගයකිනි.
ඊළඟ මාස 9 - 12 බර ඊටත් අඩුවේ. වසරක් වෙන විට දරුවාගේ බර වැඩි වී තිබෙන්නේ සෙමිනි. මේ අනුව පළමු මාස හතර වනවිට බර වැඩිවන්නේ ග‍්‍රෑම් 30 ක් පමණය. ඊළඟ මාස හතරින් පසු බර වැඩි වී තිබිය හැක්කේ ග‍්‍රෑම් 20 ක් පමණය. ඊළඟ මාස හතර තුළ බර ග‍්‍රෑම් 10කින් පමණ තිබෙන බර වැඩි වී තිබෙනු දක්නට පුළුවනි. මෙසේ බලන විට සාමාන්‍ය නිරෝගී දරුවෙකුට වයස මාස පහ වනවිට උපත් බර දෙගුණයක් වී තිබිය හැකිය. ඉන්පසු වසරක් වයස ගොස් බලන විට එය වැඩි වී තිබෙන්නේ තුන් ගුණයකිනි. මෙය අලූත උපදින දරුවාගේ සාමාන්‍ය වර්ධනය සිදුවන ආකාරයයි.


බර වැඩි වෙන්න ඕනෑ කොහොමද?
සමහර දරුවන්ගේ උපත් බර මෙසේ දිගටම වැඩි හෝ අඩු වේ. එනම් වැඩි බර මාසයක් තුළ අඩු විය හැකිය. අඩු බර උපත ලබන දරුවාගේ බර මාසයක් තුළ වැඩිවිය හැකිය. එසේ බරින් වැඩි විය යුත්තේ එක සමාන්තරවය. එය ඔබට දරුවාගේ සෞඛ්‍ය වර්ධන සටහනින් මනාව හඳුනාගත හැකිය. එය අසාමාන්‍යවීම සුදුසු නොවේ.
සෞඛ්‍ය වර්ධන සටහනේ රේඛා හතක් තිබේ. ඔබේ දරුවාට මෙම රේඛාවලින් එකක බර තිබිය හැකිය. ඒ අනුව බර වැඩිවිය යුත්තේ උපත ලද බරට සමාන්තරවය. එය කහ, රතු, කොළ, යන වර්ණය කුමක් වුවත්, බර වැඩිවිය යුත්තේ ඒ අනුවය. උදාහරණ ලෙස සඳහන් කළොත් උපත ලද දරුවා රතු පාට ඉර දිගේ යන්නේ නම් එම දරුවාගේ බර කොළ පාට ඉරට ගැනීමට මවුවරු වෑයම් කරති. එය ඉතාම වැරදි අදහසකි. දරුවාගේ බර එසේ අසාමාන්‍ය ලෙස වැඩි වන්නේ නම් එය අනාගතයේ දරුවා බෝනොවන රෝග රැුසකට ගොදුරු කිරීමකි. එසේ අතිරේක ආහාර දීමට පටන් ගත් විට බෝල බබාලා කරන දරුවන් අනාගතයේ ස්ථුලතාවට, දියවැඩියාවට හෝ හදවත් රෝගවලට ගොදුරුවිය හැකිය. එනිසා තෙල්, පිටි කවා දරුවා බෝල කිරීමට උත්සාහ නොකළ යුතුය. දරුවාගේ නිරෝගී වර්ධනය වන්නේ තමාගේ උපත් බරට සමාන්තරව බර වැඩිවීමය.

බර අඩු වුණොත් මොකද වෙන්නෙ?
යම් දරුවකුගේ බර තිබිය යුතු ප‍්‍රමාණයට අඩුවෙන් තිබීම ගැටලූ රාශියකට හේතු වේ.
මිටි බවට පත්විය හැකියි.
මානසික වර්ධනය අඩාල විය හැකිය.
මේ නිසා කුඩා දරුවකු සිටින මවක් නිතර දරුවාගේ බර ගැන සැලකිලිමත් විය යුතුය. එය සායනයේදී පරීක්‍ෂා කර ගැනීමෙන් ඔබේ දරුවාගේ බර නිසි ලෙස වර්ධනය වන්නේ දැයි දැනගත හැකිය. මෙහිදී අසාමාන්‍ය අඩු වැඩිවීමක් පෙනේ නම් වෛද්‍ය උපදෙස් ගත යුතු වේ.

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...