Skip to main content

අගමැති රනිල් පොතක් ලියයි.. 'දේශපාලනය සහ ධර්මය'


 
රනිල් වික්‍රමසිංහ මහතාගේ හතළිස් තුන්  වසරක දේශපාලන පාදයාත්‍රාව මලින් බර සුවපහසු මාවතක් මත සිදුකළ එකක් නොවේ. එය නොයෙක් බාධක කම්කටොලු, නින්දා, ප්‍රශංසා, ඇණුම් - බැණුම්, සංවිධානාත්මක මඩ ප්‍රහාර, ජය පරාජ, වැටීම්, නැගිටීම් ආදියෙන් සමන්විත බෙහෙවින් දුෂ්කර මාවතක් මත ධාවනය වූ එකකි. එය ජගත් දේශපාලනික වාර්තාවක් සම කිරීමකින්ද, ශ්‍රී ලංකා වාර්තා කිහිපියකින්ද විසිතුරුය. එය උපමා කළ හැක්කේ සුවහසක් ගල්පර, බාධක මැදින් නිසලව ගලා බසින ගංඟාවක් ලෙසය.

තීරණාත්මක නිමේෂයක්...

මේ අවස්ථාවේ ඔහු සිටින්නේ තම දේශපාලන ජීවිතයේ අතිශය තීරණාත්මක හා බෙහෙවින් අභියෝගාත්මක මොහොතකය.  ඔහු අභිමුවේ ඇති පළමු අභියෝගය වන්නේ සිය ලාංකේය ජාතීන්ට පිළිගත හැකි සියලු ආගම් අදහන්නට සාධාරණය ඉටුවන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගැනීමයි. දෙවැන්න මේ රට අධික ණය බරින් නිදහස්කර ගනිමින් රටේ ආර්ථික සංවර්ධනය ස්ථාපිත කිරීමයි. ඔහු ප්‍රවිශ්ට වී සිටින දේශපාලනික තෙමංසලේ ජාතිකවාදී හා ආගම්වාදී මාවත්වල කොළ එළි දැල්වෙමින් තිබියදී තෝරාගත යුතු වන්නේ දුෂ්කර ගමන් මගක් ඔස්සේ පතිත වී ඇති ජනප්‍රිය නොවන විකල්ප මාවතයි.

සුලභ ප්‍රචාරකවාදය හඹා නොයෑමත්, ජනප්‍රිය නොවන අභියෝගාත්මක තීන්දු තීරණ ගැනීමට පසුබට නොවීමත් රනිල් වික්‍රමසිංහ චරිතයේ සුවිශේෂ ලක්ෂණයන්ය. මේ සඳහා එක් උදාහරණයක් ලෙස ගෙනහැර දැක්විය හැක්කේ 2002 වසරේ පෙබරවාරි මාසයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග සටන් විරාම ගිවිසුමකට එළැඹීමයි.


සුවිශේෂී ලක්ෂණ...

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සතුව තම ප්‍රතිරූපය ආරක්ෂා කිරීමේ හා විද්‍යානුකූලව හා උපක්‍රමශීලීව එය ඉහළ නැංවීමේ සංවිධානාත්මක ප්‍රචාරණ යාන්ත්‍රණයක් (Organizing Propaganda Machinery) නොමැති තරම්ය. ප්‍රධාන විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය තුළ ඔහු වෙනුවෙන් ක්‍රියාත්මක වීම සඳහා ස්ථානගත කළ මාධ්‍ය නියෝජිතයන් නැත. මෙය දේශපාලන නායකයකු සතු එක්තරා දුර්ලභ ලක්ෂණයකි. බොහෝ දේශපාලන විචාරකයන් මෙය දකින්නේ දුර්වලතාවයක් ලෙසය. එහෙත් එය රනිල් වික්‍රමසිංහ නම් චරිතයට ආවේණික ලක්ෂණයකි. මේ පිළිබඳ ඔහුගේ කෙටි අදහස වන්නේ නැංවිය යුත්තේ තමාගේ ප්‍රතිරූප නොව රටේ ප්‍රතිරූපය බවය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සතු සුවිශේෂී චරිත ලක්ෂණ බොහොමයක් ගොඩනැගී ඇත්තේ ඔහුගේ දැඩි පොත්පත් කියවීමේ රුචිකත්වය හා සම්භාව්‍ය කලා හා සංගීත ඇසුර නිසා යැයි කිව හැකිය. ඔහු සතු සුවිසල් පුස්තකාලය ඔහු විශ්ව දැනුමෙන් සන්නද්ධ පුද්ගලයකු බවට පත්කර තිබේ. තමා අධිනීතීඥවරයකු බවට පත් කළ නීති විෂයට පරිබාහිරව ඔහුගේ විෂයපථයන් ඉතිහාසය, පුරාවිද්‍යාව, බුද්ධ ධර්මය හා විවිධ ආගම්, දේශපාලනය චරිතාපදාන, දර්ශනය, ආර්ථික විද්‍යාව, සාහිත්‍යය වැනි පුළුල් පරාසයන් කරා විහිදී යයි.


රනිල් වික්‍රමසිංහ මහතා ග්‍රන්ථ කතුවරයෙකු බව බොහෝදෙනෙකු නොදන්නා කරුණක් විය හැකිය. ඔහු ලියා ඇති කෘති කිහිපය අතර  බෙහෙවින් සිත් ගත්තේ 'දේශපාලනය සහ ධර්මය' නමැති කුඩා කෘතියයි. දේශපාලනයත්, බුද්ධ ධර්මයත් අතර බන්ධුතාවයන් ඇති කරමින් එකිනෙකට පරස්පර වූ මේ විෂයන් දෙක අතර, විවිධ සංකථනයන් ගොඩනඟමින් මෙවැන්නක් රචනා කිරීම සඳහා බුද්ධ ධර්මය, අභිධර්මය පිළිබඳ ගැඹුරු දැනුමක් අවශ්‍ය වෙයි.


උසස් කලා රසිකත්වය...

ඔහුගේ සම්භාව්‍ය සංගීත වින්දන පරාසය සෙබස්තියන් බාක්, මොසාට්, බීතෝවන්, රවි ශංකර්ගේ සිට ඒ.ආර් රහ්මාන් දක්වාද, සංධ්වනි, සිම්පනි සිට ඔපෙරා සංගීතය දක්වාද, වේග රිද්ම බයිලා ගීයක සිට ආචාර්ය පණ්ඩිත් අමරදේව, නන්දා මාලනී දක්වාද විහිදෙයි. උසස් සිනමා කෘතිවල සිට කලාත්මක යුද චිත්‍රපටයක් දක්වා රසවිඳීමට කුඩා ගෘහස්ථ සිනමාගාරය හා සංයුක්ත තැටි ගබඩාව පොහොසත්ය. සජීවීව වේදිකා නාට්‍ය නැරඹීම කාර්යබහුලත්වය මත ඇහිරී ඇත.

එහෙත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහයන් තමාගේ උසස් රසවින්දනය හෝ කලා විෂයන් පිළිබඳව මාධ්‍ය සමග දොඩමළු නොවන තරම්ය.  ඒවා තමාගේ ප්‍රචාරක ව්‍යාපෘතීන් සඳහා ධනාත්මක උත්ප්‍රේරකයන් වුවද ඔහුගේ අදහස කලාව පිළිබඳ තමන් දරන මත පෞද්ගලික වන අතර, ඒවායින් පොදු මහජනතාවට ප්‍රයෝජනයක් නොමැති බවය. මෑතකදී ඔස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලයකින් ලැබූ ආචාර්ය උපාධි නාමය පවා ඔහු භාවිත නොකරයි. 2015 මහ මැතිවරණයේදී ලැබූ මනාප ඡන්ද වාර්තාව හෝ සිවුවරක් අගමැති තනතුර ලත් ලොව තෙවැන්න බවට පත්වීම වැනි අතිශය වැදගත් දේශපාලන ජයග්‍රහණ ගැන පවා ඔහු මුනිවත රැකීම විශ්මය උපදවයි.

දේශපාලන කරුණු මුල්කර ගනිමින් විරුද්ධවාදීන් එල්ල කරන වාග් ප්‍රහාරයන්ට එරෙහිව එල්ල කරන 'ප්‍රතිප්‍රහාර' (Counter Attacks) අවමය. 2015 මහ මැතිවරණය සඳහා කොළඹ 07, ගිල්බට් ක්‍රසන්ට් හි සිට ක්‍රියාත්මක වූ ඔහුගේ විශේෂ මැතිවරණ ප්‍රචාරක ඒකකයට ඔහු ලබාදුන් උපදෙසක් වූයේ පරිසරයට හානිකරන පෝස්ටර් හෝ පොලිතින් කිසිදු විටෙක යොදා නොගන්නා ලෙසය. පෝස්ටර් නොමැතිව මෙවැනි තීරණාත්මක සටනක් කෙසේ සිදුකරන්නේදැයි බොහෝ දෙනෙකු කසු කසු ගාද්දී එකම පෝස්ටරයක් හෝ කටවුටයක් නොමැතිව රනිල් වික්‍රමසිංහ මහතා ලංකා මැතිවරණ ඉතිහාසයේ නව වාර්තාවක් තබමින් කොළඹ දිස්ත්‍රික්කයෙන් මනාප ඡන්ද 500,556 ක් ලබා ගත්තේය.


විද්වත් දේශකයා...

දේශපාලන, නව ලිබරල්වාදී ආර්ථික දර්ශනය, ජාත්‍යන්තර සබඳතා, මානව හිමිකම්, ජාතීන් අතර සාමය, ඉතිහාසය හෝ මෙවැනි ඕනෑම විෂයක් අරඹයා ඕනෑම විද්වත් සභාවක් ඉදිරිපිට ව්‍යක්ත ඉංග්‍රීසි භාෂාවෙන් ජාත්‍යන්තර මට්ටමේ දේශනයක් කළ හැකි දේශපාලන නායකයන් අතර ඉහළම ස්ථානයක් අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට හිමි වෙයි.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, පාකිස්ථාන අගමැති නවාස් ෂරීෆ්, චීන ජනාධිපති ෂි ජින්පින්ග් වැනි පෙරදිග රාජ්‍ය නායකයන් මෙන්ම බටහිර නායකයන්ද ඔහුගේ දේශපාලන පරිණතභාවය, විචක්ෂණ බුද්ධි මහිමය හා අත්දැකීම් තුළින් පෝෂිත දැනුම් සම්භාරය ඉදිරියේ තම නිබඳ ගෞරවය රනිල් වික්‍රමසිංහ මහතා වෙත පුද කරති. ටයි, කෝට් ඇඳ පැලඳ දේශපාලන භූමිකාවේ විවිධ රංගනයන්ට සමවැදෙන මේ සංකීර්ණ දේශපාලන ප්‍රපංචය අභ්‍යන්තරයේ දක්නට ලැබෙන්නේ සරල මිනිසෙකි, නිදහස් කලා රසිකයෙකි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද පොදුවේ ශ්‍රී ලංකාවද සිටින්නේ ඉතාමත් වැදගත් හා තීරණාත්මක මොහොතකය. යහපාලන රජය වෙත නොයෙකුත් විවේචන එල්ල වන මොහොතකය. ජාතියේ හෘදසාක්ෂිය බඳු වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හා ආර්ථික ස්ථාවරයක් කරා රට රැගෙන යෑමේ පහසු නොවන ඉලක්කයක් අතර දෝලනය වන නිමේෂයකය. මේ මොහොතේ ගන්නා තීන්දු තීරණ මත ඔහුගේ දේශපාලන අනාගතය තීරණය වනු ඇත.

Comments

Popular posts from this blog

7 Riveting Facts about the Kandos Man – Upali Wijewardene

Source:  abpic.co.uk  Written by – Ranuli at Omebiz Philip Upali Wijewardene, better known as Upali Wijewardene was one of the most flamboyant and prominent businessman with an empire that not only dominated the Sri Lankan business landscape but also went global. He was Sri Lanka’s first homegrown tycoon and the founder and Chairman of Upali Group, Sri Lanka’s first multi-national business. Upali Wijewardene kick-started his career as a management trainee at Lever Brothers (now known as  Unilever ) where he managed to lock down the job simply based on his basic dining etiquette. However, due to a disagreement with the Chairman of the company, Upali left his job at Lever Brothers. Following the death of his uncle, the Late Senator Sarath Chandradasa, Upali took over  Kandos  with the substantial shares that were allocated to him. The company struggled with the lack of sales, Upali modernized the production process boosting their sales off the charts. Kando...

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

සිරුරත් මනසත් දුර්වල කරන ඩිමෙන්ෂියා

සිරුරත් මනසත් දුර්වල කරන ඩිමෙන්ෂියා   23 සැත්තැම්බර් 2019 03:05 pm   399 Views  Facebook    Twitter    Google+ මහලුවිය එළැඹීම, නැතහොත් වියපත්වීම යනු දුර්වලවීම හෝ හැකියාවන්ගෙන් තොරවීම නොවේ. බොහෝදෙනකු සිතා සිටින්නේ වියපත්වීම යනු සිරුරින් මනසින් දුර්වල රෝගියෙකු බිහිවීමට මග විවෘතවීමක් ලෙසය. එහෙයින් ඔවුන් කයින් මනසින් ඇතිවන යම් දුර්වල බවක් වයස මත පටවා ප්‍රතිකාර වෙත යොමුවීම මගහැර සිටී එයින් සිදුවන්නේ එය තීව්‍රම රෝගී තත්ත්වයක් ලෙස වැඩි දියුණු වී විශාල සමාජ ප්‍රශ්නයක් ගොඩ නැංවෙන අතර වැඩිහිටියාට ජීවිතයේ සැඳෑ සමය අසතුටින් රෝගී අයෙකු ලෙස සීමා වී ගෙවන්නට සිදුවීමය. ඩිමෙන්ෂියා නැතිනම් චිත්ත වික්ෂේපය ගැන ඔබ දැන සිටිය යුතුවන්නේ මෙවැනි පසුබිමකය. වයස අවුරුදු 60 ට වැඩි මෙන්ම ඇතැම් විට ඊට අඩුවයස් වලදීද ඩිමෙන්ෂියා රෝග ලක්ෂණ මතුකරවන්නට ඉඩ ඇති අතර කාන්තාවන් අතර තුන් ගුණයකින් බහුලය. ඩිමෙන්ෂියාවට ප්‍රතිකාර ලබානොගත හොත් මරණීය රෝගයක් දක්වා වැඩි දියුණු විය හැකිවාක් මෙන්ම විෂාදය වැනි වෙනත් මානසික රෝගවලට ද ගොදුරුවීමේ ඉඩකඩක් සලසනු ඇත. ඇතැම් විට වැඩිහිටියන් විසින් සිදුකර...