Skip to main content

කිලෝග‍්‍රෑමයේ බර වෙනස් වේ


N4 2කිලෝග‍්‍රෑමය යනු ස්කන්ධය පිළිබඳ ජාත්‍යන්තර ඒකකය බව ඔබ දනියි. රාත්තල යනු ස්කන්ධය පිළිබඳ බි‍්‍රතාන්‍ය ඒකකයයි එය අපේ පැරැුණි ස්කන්ධ ඒකකයි කිලෝග‍්‍රෑමයක් යනු රාත්තල් 2.2 කි. රාත්තලක් යනු ග‍්‍රෑම් 453.56 කි. (ආසන්න ලෙස ග‍්‍රෑම් 454 කි.)
 
 කිලෝග‍්‍රෑමය නම් ඒකකයේ ආදර්ශය (prototype kilogram) ඇත්තේ ප‍්‍රංශයේ සෙව්රස්හි පිහිටි කිරුම් මිණුම් කාර්යාංශයේ ය. එය ප්ලැටිනම් - ඉරිඩියම් මිශ‍්‍ර ලෝහයෙන් නිමවා ඇත. මෙම ස්කන්ධයට හරියටම සමාන අනු පිටපත් 6 ක් ද සුරක්‍ෂිතාගාරයේ ඇත. මෙම අනුපිටපත් 6 හි අනුරූප 36 ක් ද ලෝකයේ රටවල් කීපයක ආරක්‍ෂිතව තබා ඇත.
 
 
 
 ප‍්‍රංශයේ සෙව්රස් හි කිරුම් මිණුම් කාර්යාංශයෙහි තබා තිබෙන ආදර්ශ කිලෝග‍්‍රෑමය සම්මත කරන ලද්දේ 1899 දී ය. එය ප‍්‍රංශයේ සෙව්රස් හී කිරුම් මිණුම් කාර්යාංශයේ බිම් මහලේ පිහිටි විශේෂ කුටියක ඝණ්ඨාසරා 3 කින් වට කර සුරක්‍ෂිතව තබා ඇති අතර, හැම අවුරුදු 50 කට වරක් එම ස්ථානයෙන් ඉවතට ගෙන එහි අනුරූ 6 සමග සංසන්දනය කරනු ලැබේ. මෙම සුරක්‍ෂිතාගාරය විවෘත කළ හැකි යතුරු 3 ක් වගකිවයුතු තිදෙනකු ළඟ තබාගෙන ඇත. අවසන් වරට මෙසේ ආදර්ශ කිලෝග‍්‍රෑමය අනුරූ සමග සංසන්දනය කරද්දී දක්නට ලැබුණේ බලාපාරොත්තු නොවූ ප‍්‍රතිඵලයකි. එනම් සම්මත ආදර්ශ කිලෝග‍්‍රෑමය මයික්‍රෝග‍්‍රෑම් 50 කින් අඩුවී ඇති බවය.
 
N4 3ආදර්ශ කිලෝග‍්‍රෑමයේ සිදුවී තිබෙන මෙම ස්කන්ධ අඩුවීම ඒ හා සම්බන්ධ බොහෝ මිණුම්වලට ද බලපාන බැවින් ආදර්ශ කිලෝග‍්‍රෑමය හැමවිටම නොවෙනස්ව තිබිය යුතු එකකි.
 
 භෞතික වස්තුවක් සම්මතය සේ ගත් විට එහි ස්කන්ධයේ වෙනස්කම් සිදුවිය හැකිය. එබැවින් ස්කන්ධය සඳහා වෙනත් සම්මතයක් කරා යෑමට ලෝකයේ ප‍්‍රධාන පෙළේ විද්‍යාඥයෝ ඒකමතිකව තීරණය කළහ. එහි ප‍්‍රතිඵලය වූයේ 2018 නොවැම්බර් 16 වැනිදා ලෝකයේ ප‍්‍රධාන පෙළේ විද්‍යාඥයන්ගේ සහභාගීත්වයෙන් ප‍්‍රංශයේදී පැවැත්වුණු මහා සමුළුවකදී අවුරුදු 129 ක් පැරණි ආදර්ශ කිලෝග‍්‍රෑමය වෙනුවට එම ස්කන්ධයට සමාන නියත ස්කන්ධයක් ගැන කියැවෙන භෞතික විද්‍යා සර්ව නියතයක් ආදර්ශ කිලෝග‍්‍රෑමය ලෙස සම්මත කර ගැනීමයි. මෙම සම්මතය මෙම වර්ෂයේ (2019) මැයි 20 වැනි දින පටන් මුළු ලෝකය පුරා ව්‍යවහාරයට පත් විය. කිලෝග‍්‍රෑමයේ අලූත් සම්මතයට පදනම වන්නේ තරංග යාන්ත‍්‍ර විද්‍යාවේ භාවිත වන සාර්වත‍්‍ර නියතයක් වන ප්ලෑන්ක් නියතයයි. එය කිසිදා වෙනස් නොවන්නකි. මෙම සම්මතය විද්‍යාවේ පමණක් නොව දර්ශනයේ ද විජයග‍්‍රහණයක් බව විද්‍යාඥයෝ පවසති.
 
 මෙහි පහත දක්වා තිබෙන්නේ ප්ලෑන්ක් නියතයයි. කාල ඒකකය තත්පර :s) හා දිග ඒකකය මීටර :m) වන අතර ස්කන්ධය ඒකකය kg වන්නේය. ඒ සියල්ල ම මෙම නියතයට හසු වේ. මෙය තේරුම් කිරීමට ඉතා අපහසු සංකීර්ණ ගණිතමය ප‍්‍රකාශනයකි.
 
 ප්ලෑන්ක් නියතය :
 
 6.62607004x10-34 m2kg/s
 
 එබැවින් එය මෙසේ ප‍්‍රකාශනයක් සේ දක්වනු විනා විග‍්‍රහ කිරීමට කල්පනා නොකරමි.
 

Comments

Popular posts from this blog

7 Riveting Facts about the Kandos Man – Upali Wijewardene

Source:  abpic.co.uk  Written by – Ranuli at Omebiz Philip Upali Wijewardene, better known as Upali Wijewardene was one of the most flamboyant and prominent businessman with an empire that not only dominated the Sri Lankan business landscape but also went global. He was Sri Lanka’s first homegrown tycoon and the founder and Chairman of Upali Group, Sri Lanka’s first multi-national business. Upali Wijewardene kick-started his career as a management trainee at Lever Brothers (now known as  Unilever ) where he managed to lock down the job simply based on his basic dining etiquette. However, due to a disagreement with the Chairman of the company, Upali left his job at Lever Brothers. Following the death of his uncle, the Late Senator Sarath Chandradasa, Upali took over  Kandos  with the substantial shares that were allocated to him. The company struggled with the lack of sales, Upali modernized the production process boosting their sales off the charts. Kando...

2වැනි කැරැල්ලේ නියඟයට වැහි වළාවක්වූ මියයන ලොවක නොමියන සිසු විරුවෝ

ආණ්ඩුවේ වෙඩි උණ්ඩයකට ගොදුරුව ප්‍රථමවරට සරසවි සිසුවෙක් මියගියේ 1976 නොවැම්බර් 12වැනිදාය. පේරාදෙණිය සරසවියේ මණ්ඩපාධිපතිවරයාගේ අත්තනෝමතික ක්‍රියා පිළිවෙතට එරෙහිව විරෝධය දැක්වීමේදී එසේ මියගියේ ඩබ්ලිව්. එම්. රෝහණ වීරසූරියයි. කුරුණෑගල උහුමීය දිළිදු ගොවි පවුලක දෙවැන්නා ලෙස උපන් රෝහණ වීරසූරියට සොහොයුරන් සිව් දෙනෙකු විය. වසර 1934දී පිහිටුවන ලද මුදුන්න මහා විද්‍යාලයෙන් සරසවි වරම් ලද ප්‍රථම ශිෂ්‍යයාද ඔහුය. සරසවි සිසුවෙකු දෙවන වරට ඝාතනයට ලක්වූයේ 1984 ජුනි 19වැනිදාය. ඒ පේරාදෙණිය සරසවියේ වෛද්‍ය පීඨයේ දෙවන වසරේ සිසුවෙකු වූ හේවබුලත්කන්දගේ පත්මසිරි අබේසේකර ශිෂ්‍යයාය. මාකස් නේවාසිකාගාරයේ නැවතී සිටි වෛද්‍ය සිසු පත්මසිරි  ඒ වනවිට වෛද්‍ය පීඨයේ දෙවන වසරේ විභාගයෙන් සහ නැවත පෙනීසිටීමේ විභාගයෙන්ද අසමත්වී සිටියද යළි විභාගයට පෙනී සිටීම සඳහා සූදානම්ව සිටි අයෙකි.  එයට පාදක වූයේ වෛද්‍ය පීඨයේ සිඩ්නි ජයරත්න(වෛද්‍යවරයෙකු වශයෙන් කටයුතු කිරීමේදී සිඩ්නි පසු කලෙක හෘදයාබාදයකින් මියගිය අතර නුවර මහාමායා විදුහලේ අධ්‍යාපනය ලත් ඔහුගේ දියණිය අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ශ්‍රී ලංකාවේ තෙවන ස්ථානයට පසුකලෙක පත්විය) ඇතුළ...

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...