Skip to main content

කිලෝග‍්‍රෑමයේ බර වෙනස් වේ


N4 2කිලෝග‍්‍රෑමය යනු ස්කන්ධය පිළිබඳ ජාත්‍යන්තර ඒකකය බව ඔබ දනියි. රාත්තල යනු ස්කන්ධය පිළිබඳ බි‍්‍රතාන්‍ය ඒකකයයි එය අපේ පැරැුණි ස්කන්ධ ඒකකයි කිලෝග‍්‍රෑමයක් යනු රාත්තල් 2.2 කි. රාත්තලක් යනු ග‍්‍රෑම් 453.56 කි. (ආසන්න ලෙස ග‍්‍රෑම් 454 කි.)
 
 කිලෝග‍්‍රෑමය නම් ඒකකයේ ආදර්ශය (prototype kilogram) ඇත්තේ ප‍්‍රංශයේ සෙව්රස්හි පිහිටි කිරුම් මිණුම් කාර්යාංශයේ ය. එය ප්ලැටිනම් - ඉරිඩියම් මිශ‍්‍ර ලෝහයෙන් නිමවා ඇත. මෙම ස්කන්ධයට හරියටම සමාන අනු පිටපත් 6 ක් ද සුරක්‍ෂිතාගාරයේ ඇත. මෙම අනුපිටපත් 6 හි අනුරූප 36 ක් ද ලෝකයේ රටවල් කීපයක ආරක්‍ෂිතව තබා ඇත.
 
 
 
 ප‍්‍රංශයේ සෙව්රස් හි කිරුම් මිණුම් කාර්යාංශයෙහි තබා තිබෙන ආදර්ශ කිලෝග‍්‍රෑමය සම්මත කරන ලද්දේ 1899 දී ය. එය ප‍්‍රංශයේ සෙව්රස් හී කිරුම් මිණුම් කාර්යාංශයේ බිම් මහලේ පිහිටි විශේෂ කුටියක ඝණ්ඨාසරා 3 කින් වට කර සුරක්‍ෂිතව තබා ඇති අතර, හැම අවුරුදු 50 කට වරක් එම ස්ථානයෙන් ඉවතට ගෙන එහි අනුරූ 6 සමග සංසන්දනය කරනු ලැබේ. මෙම සුරක්‍ෂිතාගාරය විවෘත කළ හැකි යතුරු 3 ක් වගකිවයුතු තිදෙනකු ළඟ තබාගෙන ඇත. අවසන් වරට මෙසේ ආදර්ශ කිලෝග‍්‍රෑමය අනුරූ සමග සංසන්දනය කරද්දී දක්නට ලැබුණේ බලාපාරොත්තු නොවූ ප‍්‍රතිඵලයකි. එනම් සම්මත ආදර්ශ කිලෝග‍්‍රෑමය මයික්‍රෝග‍්‍රෑම් 50 කින් අඩුවී ඇති බවය.
 
N4 3ආදර්ශ කිලෝග‍්‍රෑමයේ සිදුවී තිබෙන මෙම ස්කන්ධ අඩුවීම ඒ හා සම්බන්ධ බොහෝ මිණුම්වලට ද බලපාන බැවින් ආදර්ශ කිලෝග‍්‍රෑමය හැමවිටම නොවෙනස්ව තිබිය යුතු එකකි.
 
 භෞතික වස්තුවක් සම්මතය සේ ගත් විට එහි ස්කන්ධයේ වෙනස්කම් සිදුවිය හැකිය. එබැවින් ස්කන්ධය සඳහා වෙනත් සම්මතයක් කරා යෑමට ලෝකයේ ප‍්‍රධාන පෙළේ විද්‍යාඥයෝ ඒකමතිකව තීරණය කළහ. එහි ප‍්‍රතිඵලය වූයේ 2018 නොවැම්බර් 16 වැනිදා ලෝකයේ ප‍්‍රධාන පෙළේ විද්‍යාඥයන්ගේ සහභාගීත්වයෙන් ප‍්‍රංශයේදී පැවැත්වුණු මහා සමුළුවකදී අවුරුදු 129 ක් පැරණි ආදර්ශ කිලෝග‍්‍රෑමය වෙනුවට එම ස්කන්ධයට සමාන නියත ස්කන්ධයක් ගැන කියැවෙන භෞතික විද්‍යා සර්ව නියතයක් ආදර්ශ කිලෝග‍්‍රෑමය ලෙස සම්මත කර ගැනීමයි. මෙම සම්මතය මෙම වර්ෂයේ (2019) මැයි 20 වැනි දින පටන් මුළු ලෝකය පුරා ව්‍යවහාරයට පත් විය. කිලෝග‍්‍රෑමයේ අලූත් සම්මතයට පදනම වන්නේ තරංග යාන්ත‍්‍ර විද්‍යාවේ භාවිත වන සාර්වත‍්‍ර නියතයක් වන ප්ලෑන්ක් නියතයයි. එය කිසිදා වෙනස් නොවන්නකි. මෙම සම්මතය විද්‍යාවේ පමණක් නොව දර්ශනයේ ද විජයග‍්‍රහණයක් බව විද්‍යාඥයෝ පවසති.
 
 මෙහි පහත දක්වා තිබෙන්නේ ප්ලෑන්ක් නියතයයි. කාල ඒකකය තත්පර :s) හා දිග ඒකකය මීටර :m) වන අතර ස්කන්ධය ඒකකය kg වන්නේය. ඒ සියල්ල ම මෙම නියතයට හසු වේ. මෙය තේරුම් කිරීමට ඉතා අපහසු සංකීර්ණ ගණිතමය ප‍්‍රකාශනයකි.
 
 ප්ලෑන්ක් නියතය :
 
 6.62607004x10-34 m2kg/s
 
 එබැවින් එය මෙසේ ප‍්‍රකාශනයක් සේ දක්වනු විනා විග‍්‍රහ කිරීමට කල්පනා නොකරමි.
 

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...