Skip to main content

ජනපති ජේ.ආර්. සමග ඡායාරූප ගන්න ගිය හිටපු කැබිනට් ඇමැති ගස් බඳිති

 
jjjjjj222දේශපාලනඥයකු විදේශගත වූ විට අදාළ රටේ දී ඔවුන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් එම රටේ ආරක්‍ෂක අංශ දක්වන්නේ සුවිශේෂී කැපවීමකි. අදාළ රාජ්‍ය නායකයාට එම රටේදී කිසියම් අනතුරක් සිදුවුවහොත් ඉන් ඇතිවන ජාත්‍යන්තර අපකීර්තිය බොහෝය.
 
 මෙලෙස හිටපු ජනාධිපතිවරයකු වූ ජේ. ආර්. ජයවර්ධන මහතාගේ ආරක්‍ෂාව වෙනුවෙන් වරක් ඉන්දීය ආරක්‍ෂක අංශ දැක්වූ කැපවීම සහ ඉන් අපහසුතාවට පත් වූ තවත් අප රටේ කන්ද උඩරට පළාත නියෝජනය කළ එක්සත් ජාතික පක්‍ෂයේ කැබිනට් ඇමැතිවරයෙක් ගැන සිදුවීමක් පැල්පොල විපස්සි හිමියෝ සිහිපත් කළහ.
 
 අසූ ගණන්වල ජයවර්ධන ජනාධිපතිතුමා බුද්ධගයාවේ පැවැති උත්සවයක ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වුණා.
 
 ජනාධිපතිතුමා මටත් ආරාධනා කළා උත්සවයේ වැඩ කටයුතු සංවිධානය කරන්න.
 
 බුද්ධගයාවේදී ජනාධිපතිතුමාට මල් වට්ටිය දෙන්න තෝරාගෙන තිබුණේ දැනට වසර කිහිපයකට පෙර කැබිනට් ඇමැතිවරයෙක් වූ කන්ද උඩරට පළාත නියෝජනය කළ එජාප මන්ත‍්‍රීවරයෙක්ට. එතකොට එයා පාර්ලිමේන්තුවට තේරී පත් වී තිබුණේ නැහැ.
 
 ඉතිං සූදානම් කරගත් විදිහට ජනාධිපතිතුමා බුද්ධගයා විහාරයට පැමිණි පසු අර පසුකාලීන දේශපාලන නියෝජිතයා මල් වට්ටිය දුන්නා.
 
 ජනාධිපතිතුමාගේ ආරක්‍ෂාවට ඉන්දීය රජය දැඩි ආරක්‍ෂක රැකවරණ යොදා තිබුණා.
 
 අර දේශපාලනඥයා මල් වට්ටිය දී ජනාධිපතිතුමා ළඟින් ඉවතට ගියේ නැහැ. එයා ජනාධිපතිතුමා ගාවම හිටියා. මේක බලන් හිටිය ඉන්දීය ආරක්‍ෂක අංශයේ ප‍්‍රධානියෙක් වහාම ඒ දේශපාලනඥයාව අල්ලාගෙන උත්සව සභාවෙන් ඉවතට රැගෙන ගියා.
 
 ජනාධිපතිතුමා බුද්ධගයා විහාරය වැඳ පුදාගෙන උත්සවය පැවැති ශාලාවට ආවා.
 
 ටික වේලාවකින් අපේ සංවිධායක මහත්තයෙක් මට ඇවිත් කිව්වා හාමුදුරුවනේ අර මල් මට්ටිය දුන්න මහත්තයව බුද්ධගයා විහාර භූමිය වත්තේ ගස් බැඳලා කියලා.
 
 ඒක අහලා මම එක පාරටම ඔහුගෙන් ඇහැව්වා ඒ මොන වරදක් කළාටද කියලා.
 
 ජනාධිපතිතුමාට ආරක්‍ෂාව දෙන ඉන්දීය ජාතික ආරක්‍ෂක ප‍්‍රධානියාගේ නියෝගයක් කියලා කියනවා කියා සංවිධායකවරයා මට කිව්වා.
 
 මම වහාම මේ ගැන ජනාධිපතිතුමා දැනුවත් කළා.
 
 ජනාධිපතිතුමා වහාම ආරක්‍ෂක ප‍්‍රධානියාගෙන් මේ ගැන ඇහැව්වා.
 
 එතකොට ඔහු ජනාධිපතිතුමාට පවසා තියෙන්නේ එම පුද්ගලයා මල් වට්ටිය දීලා ජනාධිපතිතුමා ළඟින් ඉවත් විය යුතු බවට උපදෙස් දී තිබුණත් ඔහු ජනාධිපතිතුමා ළඟම ඉන්න උත්සාහ කළ නිසා උත්සව භූමියෙන් ඉවතට රැගෙන ගොස් මෙසේ ගස් බැඳි බවයි.
 
 ජනාධිපතිතුමා එතකොට කියලා, ඔහු එජාප සාමාජිකයකු බවත් තමා දන්න කෙනෙක් බවත් එනිසා ඔහු නිදහස් කරන ලෙස ඉල්ලා සිටින බවට.
 
 නමුත් ආරක්‍ෂක ප‍්‍රධානියා පවසා ඇත්තේ බය වෙන්න එපා ඔබතුමා උත්සවය අවසන් වී පිටව ගිය පසු ඔහු නිදහස් කරන බවයි.
 
 උත්සවය පැයක් විතර තිබුණා. ජනාධිපතිතුමා උත්සව භූමියෙන් පිටව යන ගමන් මට කතා කරලා කිව්වා අනේ හාමුදුරුවනේ අර අපේ මනුස්සයා ගැන බලන්න. එයාව ඉක්මනට ඔය ගස් බැඳලා තියෙන තැනින් ඉවත් කර ගන්න කියලා.
 
 ඉතිං මමත් ජනාධිපතිතුමා උත්සව භූමියෙන් පිටව යන්නට මෝටර් රථයට ගොඩ වූ ගමන් ඉක්මනට ගොස් අපේ කෙනාව නිදහස් කර ගත්තා.
 
 ඉන්දීය ආරක්‍ෂක නිලධාරීන් මට පැවසුවේ හාමුදුරුවනේ ඔබ වහන්සේලාගේ ජනාධිපතිතුමාට අපේ රටේදී කුමක් හෝ කරදරයක් වුණොත් ඒක අපේ රටේ ආරක්‍ෂක අංශයට කැලැලක්. ඒ නිසා අපි අපට සැක හිතෙන අප කියන දේ අහන්නේ නැති ඕනෑම කෙනෙක් තරාතිරම නොබලා ඉවත් කරනවා කියලා. ඒ හින්දා වරදවා වටහා ගන්න එපා. ඒක අපේ රාජකාරිය කියලා ඔවුන් කිව්වා.
 
 මමත් ඒ අයගේ කීම පිළිඅරගෙන අපේ පසු කාලයේදී කැබිනට් ඇමැතිවරයෙක් වූ දේශපාලඥතුමාව නිදහස් කරගෙන ආවා.
 
 අපේ දේශපාලනඥතුමා මට කියනවා හාමුදුරුවනේ මම පැයක් විතර ගස් බැඳලා හිටියා. මේක නම් ජීවිතේට අමතක වෙන්නේ නැහැ.
 
 මම ජනාධිපතිතුමා ළඟ හිටියේ ෆොටෝ කිහිපයකට පෙනී සිටින්නයි. ඒක මගේ අනාගත දේශපාලනයට වටින නිසා කියලා එතුමා තම බලාපොරොත්තුව පැවසුවා පැල්පොල විපස්සි හිමියෝ එම සිදුවීම හෙළි කරමින් පැවසූහ.
 

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...