Skip to main content

අනුන්ගේ කැදැලිවල බිත්තර දමන, අවුරුදු නැතත් තවමත් ගී ගයන කොහා...




අප්‍රේල් අවුරුදු පසු වී තෙමසක්‌ ගත වී මේ වන විට ජූලි මාසය ද එළඹී අවසාන ය. එහෙත් අවුරුද්දේ පණිවිඩකරු ලෙස සැලකෙන කොහා නම් තවමත් පෙර පරිදි ම තම ගීතය ගායනා කරනු අඛණ්‌ඩ ව ඇසේ. ඔබේ ප්‍රදේශයේත් එසේ ම ද...?

අපේ ගෙවත්ත අවට ප්‍රදේශයේ දී නම් අලුයම් කාලයේ දී කොහා තම ගීත ගායනය අරඹයි. ගෙවත්ත අවට කීප දිශාවකින් ම කොහාලා 4-5 දෙනකු පමණ එකිනෙකා පරයා ගීත ගයනවා ඇසීම අවුරුදු සමයේ ලෙසට ම තීව්‍රතාවෙන් තවමත් සිදු වේ. සැබැවින් ම ජූනි මාසයේ අවසාන සෙනසුරාදා උදැසනක මේ ලිපිය ලියන්නේ ද කොහාලා තිදෙනකු ගෙන් පමණ ගීතවත් වූ උදැසනක දී ය.

මීට පෙර කීප වතාවක්‌ ම ගෙවත්තේ ජෛව විවිධත්වයෙහි සටහන් කළ පරිදි ම, මේ කන්කලු ගීතය තම සුවැදි සමයේ දී (Breeding season) පිරිමි කොහා විසින් සහකාරිය දිනාගැනීමට ගනු ලබන උත්සාහයකි. කොහාගේ සුවැදි සමය අප්‍රේල් සිට අගෝස්‌තු දක්‌වා වන බව කුරුලු පතපොතෙහි දැක්‌වෙන බවත් මීට පෙර ලිපියක අපි සටහන් කළෙමු. එමෙන් ම මාර්තු සිට ජූනි මාසවල දී කොහාගේ ගීතවත් නාදය ඇසෙන බව මහාචාර්ය සරත් කොටගමගේ නවතම කුරුලු අත්පොතේ ද සටහන් වේ.

කෝකිල කුලයට (Cuculidae) අයත් වන කොහා එහි අනෙකුත් සාමාජිකයන් බොහොමයක්‌ මෙන් ම අන් පéSන්ගේ කැදැලිවල බිත්තර දමන පරපුටු පésයෙකි. කොහා (Asian Koel) බිත්තර දැමීමට ප්‍රධාන වශයෙන් ම යොදාගන්නේ කපුටන්ගේ කැදැලි ය.

කොහාගේ බිත්තරත් කාක්‌කාගේ බිත්තරත් හැඩයෙන් යම් තාක්‌ දුරකට සමාන වන අතර, පැටවුන් බිහි කිරීමේ කාල සීමාව ද එක සමාන ය. කෙවිලිය, කපුටු කූඩුවේ බිත්තර දැමීමට ගන්නා උපක්‍රමය ද රසවත් වේ. කපුටු කැදැල්ලක්‌ මුලින් නිරීéණය කළ පසු, පිරිමි කොහා ඒ කැදැල්ල පෙනෙන මානයේ සිට නාද කරන්නට පටන්ගනී. මෙයින් කලබල වන කපුටු මාපියෝ, කොහාට කොටා එළවා දමන්නට උගේ පසුපස පන්නති. පිරිමි කොහා උපක්‍රමශීලී ව කපුටු කැදැල්ලෙන් පුළුවන් තරම් ඈතට කපුටන් ඉවත් කරගන්නා අතර, කෙවිලිය ඉක්‌මනින් කපුටු කැදැල්ල වෙත පියඹා විත් තම බිත්තර එකක්‌ හෝ දෙකක්‌ හෝ දමා ඉක්‌මනින් ඉවත් වේ. නැවතත් කැදැල්ල වෙත එන කපුටු මවුපියන්ට තම කැදැල්ලේ වෙනස ගැන අවබෝධයක්‌ නොමැති අතර ඔවුහු පෙර පරිදි ම බිත්තර රැකීමේ කාර්යයේ නිරත වෙති.

පහතින් පිහිටි සහ පලතුරු ගස්‌වලට ආසන්නයෙන් ඇති කපුටු කූඩුවල කෙවිලිය බිත්තර දැමීමට වඩා කැමැති බව දැක්‌වේ. කාක්‌කා, බිත්තර දමා දවස්‌ එක හමාරකට පමණ පසු සාමාන්‍යයෙන් කෙවිලිය බිත්තරය දමන බව තවත් නිරීéණයන් ඇසුරින් කුරුලු නිරීéකයෝ සඳහන් කරති. වැඩි වූ බිත්තරයක්‌ ගැන මෙහි දී සැකයක්‌ ඇති වීම වැළැක්‌වීමට කෙවිලිය කපුටු කූඩුවේ තිබෙන බිත්තරයක්‌ බිමට තල්ලු කර දමන බව ද සඳහන් වේ. බිත්තරවලින් දවස්‌ 12ක්‌ 14ක්‌ වැනි කාලයක දී පැටවු එළියට එති. වෙනත් රටවල කෝකිල කුලයේ සමහර සාමාජිකයන්ගේ පැටවුන්, ඉක්‌මනින් බිත්තරයෙන් එළියට විත්, කැදැල්ලේ ඇති අනෙකුත් බිත්තර එළියට තල්ලු කරනවා නිරීéණය කර ඇතත්, ලංකාවේ කොහා නම් එසේ නො කරන බව සඳහන් වේ.

මේ සාමාන්‍යයෙන් කාක්‌ බිත්තරවලින් පැටවුන් එළියට ඒමට දින තුනකට පමණ පෙර ය. මුල් කාලයේ දී මේ පැටවුන් කාක්‌ පැටවුන්ට බොහෝ සෙයින් සමාන වේ. කාක්‌ මාපියන් විසින් ගෙනු ලබන එන කෑම කා ඉක්‌මනින් ම වර්ධනය වන මේ පරපුටු පැටවා කැදැල්ලේ දින 20ක්‌ - 28ක්‌ පමණ ඇතිදැඩි කරන කාක්‌ මාපියන් ගෙනෙන කෑම කමින් වර්ධනය වේ. මේ පටලැවිල්ල ගැන සැක සිතීමට පෙර කොහා පැටවුන් කැදැල්ලෙන් ඉවත් විය යුතු ය. ඇතිදැඩි කළ මාපියන් මේ පටලැවිල්ල සොයාගෙන කොටන්නට එන විට ඈතට පියඹා යැමට කොවුල් පැටවු බොහෝ විට සමත් වෙති.

රැකුම් පරපෝෂිතවාදය (Brood Parasitism) කෝකිල කුලයේ (Cuculidae) සාමාජිකයන්ගේ බොහෝ විට පොදු ලéණයක්‌ වනුයේ මේ කුලයේ කුරුල්ලන් ගෙන් කැදැලි තනනුයේ අතළොස්‌සක්‌ බැවිනි. ලංකාවේ වෙසෙන කෝකිල කුලයේ බොහොමයකට ම මෙය පොදු වන අතර සමහර කෝකිලයන් බිත්තර දැමීමට තෝරාගන්නේ දෙමළිච්චන් වැනි ශරීර ප්‍රමාණයෙන් කුඩා කුරුල්ලකුගේ කැදැල්ලකි. මෙවන් අවස්‌ථාවන්හි දී තමන්ටත් වඩා ශරීර ප්‍රමාණයෙන් විශාල පැටවුන්ට ආහාර කවන ඇතිදැඩි කළ මාපියන් දැකගැනීමට පිළිවන.

මෙවන් සංසිද්ධීන් අධ්‍යයනය පිණිස වනාන්තරයකට ගොස්‌ දින ගණන් කල් ගත කරනවා වෙනුවට සමහර විට ඔබගේ ගෙවත්තේ සිට ම නිරීක්‌ෂණයක්‌ සිදු කරගැනීමට ඔබටත් අවස්‌ථාවක්‌ තිබෙනවා වන්නට පිළිවන් බව මේ ලිපිය සමඟ පළ වන උකුසු කොහා (Hawk cuckoo) පැටවකුට ආහාර ලබා දෙන දෙමළිච්චා මාපියන් සමඟ ගත් ඡායාරූප පසක්‌ කරනවා නො වේ ද? තලවතුගොඩ තම ගෙවත්තේ දී ලබාගත් මේ අසාමාන්‍ය ඡායාරූප බෙදා හදාගන්නා ලද්දේ කෙයි කරූ (Kay Karu) මහතා විසිනි. මැයි මාසයේ දිනක දෙමළිච්චන් සමඟ ම ගැවසුණු වෙනත්, තරමෙන් විශාල කුරුල්ලකු දුටු කරු මහතා ඒ කුරුල්ලන් රංචුව උනන්දුවෙන් නිරීéණය කළ අතර, මඳ වෙලාවකින් ආහාර සොයාගෙන ආ දෙමළිච්ච්කු මේ කුරුලු පැටවාට කවනවා දැක වැඩිදුර නිරීéණයේ දී ය මේ රැකුම් පරපෝෂිතවාද සංසිද්ධියක්‌ බව පසක්‌ වී තිබෙන්නේ.

මෙවන් නිරීéණයන් කිහිපයක දී ගත් ඡායාරූප පසුගිය කාලයේ සමාජ ජාලවල පළ වූයේ, හොඳින් නිරීéණය කළොත්, අප ගෙවතු හා ඒ අවටත් මෙවැනි අපූරු සංසිද්ධීන් දැකගත හැකි බව පසක්‌ කරමිනි. කෙතරම් ජනාකීර්ණ පරිසරයක ජීවත් වුවත්, අප ගෙවතු අවට කෝකිලයන් හා කපුටන් බොහෝ විට දැකගත හැකි ය. කොහාගේ සුවැදි සමයේ අවසානය ගෙවෙන මේ කාලයේ දී 'ගෙවත්තේ ජෛව විවිධත්වය' ගැන සෙවිල්ලෙන් සිටිය හොත් සමහර විට ඔබටත් එවැනි නිරීéණයන් සිදු කළ හැකි වනු ඇත.

තරමක නිහැඬියාවකින් පසු අප්‍රේල් මාසය ආසන්නයේ දී කොහා තම ගීත ගායනය ඇරඹීම බොහෝ දෙනාට දැනුණත්, අප්‍රේල් අවුරුදු සමය අවසන් වූ පසුත් කොහාගේ ගායනය අවසන් නො වන බව නම් දැනෙන්නේ නැත. අප බොහෝ දෙනාට මෙය දැනෙන්නේ නැත්තේ, කාර්යබහුලත්වය හෝ වෙනත් හේතු නිසා අප අවට පරිසරයේ සිදුවීම්වලට අවධානය යොමු නො වීම නිසා ය. මේ අවුරුදු සමයේ කොහාගේ ගීතය මුලින් ම මගේ කන වැකුණේ මාර්තු මාසයේ 14 වැනි දා ය. එදා සිට අප ගෙවත්ත අවට සහ මා සංචාරය කළ බොහෝ ප්‍රදේශවල දී කොහාගේ ගීතය අසන්නට ලැබිණි. සැම සතියක ම කොහාගේ ගීතය ඇසේ දැයි සටහනක්‌ කරගැනීම පුරුද්දක්‌ ලෙස මේ දිනවල දී මා සිදු කරනුයේ, එවිට මේ කාර්තුවේ දී කොහාගේ ගීතවත් නද අවසන් වරට ඇසෙන සතිය නිරීéණය කිරීමේ හැකියාව ඇති නිසා ය. මේ දත්ත පරෙස්‌සමෙන් තබාගෙන, නැවත මීළඟ අවුරුද්දේ ද එසේ සටහන් කරගැනීමෙන්, අවුරුදු පතා කොහා ගීත ගයන කාලය සොයාගැනීමටත්, අවුරුද්දෙන් අවුරුද්ද මේ කාලය වෙනස්‌ වේ දැයි සොයාගැනීමටත් උපකාරී කරගැනීම මේ සටහන් තබාගැනීමේ අරමුණයි. 'ගෙවත්තේ ජෛවවිවිධත්වය' කියවන ඔබටත් අද ම ඔබේ ප්‍රදේශයෙනුත් තවමත් කොහාගේ ගී ගායනය ඇසේ දැයි සවන් යොමා බලා ඔබගේ නිරීéණයනුත් ලියා එවන්න. පරිසර නියමු වැඩසටහන්වලට සම්බන්ධ වී සිටින සිසුන්ට මෙන් ම උසස්‌ පෙළ ව්‍යාපෘතියක්‌ ලෙස ද මෙවැනි සුළු නිරීéණයක්‌ පවා වැදගත් විය හැකි ය.

සතියේ දිනක දී එම නිරීéණය, එනම් කොහාගේ ගීතය ඇසෙනවා ද නැති ද යන්න සටහන් කරගන්න. මේ සටහන පරෙස්‌සම් කර තබාගෙන නැවත ලබන අවුරුද්දේ දී කොහා තම ගීතය ගයන්නට පටන්ගන්නා දින සටහන් කරගන්න. අවුරුදු කිහිපයක දී මේ නිරීéණයන් උපකාරයෙන් ඔබටත් කොහා ගී ගයන්නට පටන්ගන්නා කාලයත්, එය අවසන් කරන කාර්තුවත් පිළිබඳ අනාවැකි කීමට ඔබට හැකි වනු ඇත. එමෙන් ම විවිධ හේතු නිසා මේ කාලයන් වෙනස්‌ වීමට හැකි අතර, මෙවැනි දත්ත ඔබ ළඟ තිබුණ හොත්, එවැනි වෙනස්‌කම් ද විශ්ලේෂණය කිරීමට ඔබට හැකි වේ.

පටන්ගැනීමක්‌ ලෙස ඔබත් අද ම ගෙවත්තට පියමැන ඔබ ප්‍රදේශයේත් කොහාගේ ගී ගායනය තවමත් ඇසේ දැයි සවන් යොමා බලන්න.

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...