Skip to main content

දරුවාගේ ඇස් හොඳට පෙනෙනවාද





 

 හැසිරීමෙන් හොයාගන්න හැටි


කුඩා දරුවන් ‘තම දෙනෙත් මෙනැ’යි යන කියමනක් තිබේ. එය සත්‍යයකි. දරුවා මවට මිල කළ නොහැකිය. දෙනෙත් නැතිව ජීවිතයෙන් පලක් නැත. එනිසා දෙනෙත්ද එසේමය. එහෙයින් මවු ගුණයෙන් පිරි මවකට තම දරුවන් දෙනෙත් වැනිය. එනිසාම දරුවන් සේම දෙනෙත්ද රැුක ගත යුතු වේ. එහෙත් කුඩා දරුවන් කායිකව වර්ධනය වීමත් සමග ඔවුන් පරිසරයට හුරුවන්නේ දෙනෙත්වල උපකාරයෙනි. මේ නිසා නිරෝගී දෑසක් උරුමවීම අලූත උපන් දරුවාට කියවීම, ලිවීම හා අනෙකුත් ක‍්‍රියාකාරකම් සඳහා අවශ්‍ය ය. නිරෝගී දෙනෙතින් අපට ඈත ඇති දේ සහ ළඟ ඇති දේ හොඳින් පැහැදිලිව නිරීක්ෂණය කිරීමට හැකිය. එහෙත් දෑසින් දැකිය හැක්කේ එපමණක් නොවේ.

දරුවා පොතක් හෝ යමක් කියවන විට ෙඡ්දයේ හෝ පරිච්ෙඡ්දයේ කොටස් වරදින අවස්ථා තිබිය හැකිය. මවුපියෝ මෙවැනි දෑ නොසලකා හරිති. සමහරු ද`ඩුවම් කරති. එහෙත් මෙසේ වීමට හේතුව ගැන විමසිය යුතු වේ. මෙය නිතර සිදුවන්නේ නම් පෙනීමේ දුර්වලතාවක් නිසා සිදුවන්නේද යන්න ගැන අවධානය යොමු කළ යුතු වේ.

නිරෝගී දෑසින් එක සමාන අක්ෂර සහ සංඛ්‍යා නිවැරදිව හ`දුනා ගැනීමට සහ ඒවා මතකයේ තබා ගැනීමට ද උපකාරී වේ. උදාහරණ ලෙස අංක 6, 9 වැනි අංක සේම 'b' 'd' වැනි අක්ෂර නිරීක්ෂණය කිරීමෙන් පසුව ඒවා මතකයෙන් හඳුනා ගැනීමට උපකාරී වේ.
යම් දරුවකුගේ පෙනීමේ යම් දුබලතාවක් තිබේ නම් එමගින් ඉගෙනීමට බාධා ඇති වේ. මේ නිසා මුල් වර්ධන අවදියේ හෝ පූර්ව ළමාවියේදී දරුවාගේ බුද්ධි වර්ධනයේ හෝ අනෙකුත් ක‍්‍රියාකාරකම්වල යම් වෙනසක් පෙනේ නම් අනෙකුත් දරුවන්ට වඩා එය පැහැදිලි වුවහොත් මවුපියන් ඒ ගැන අවධානය යොමු කළ යුතුය. මීට හේතුව දරුවාගේ පෙනීමේ දුබලතාවක් තිබේ දැයි මවුපියන් නොපමාව කටයුතු කළ යුතුය යන්නය.

කියවන විට වැරදෙනවාද?
දරුවා පොතක් හෝ යමක් කියවන විට ෙඡ්දයේ හෝ පරිච්ෙඡ්දයේ කොටස් වරදින අවස්ථා තිබිය හැකිය. මවුපියෝ මෙවැනි දෑ නොසලකා හරිති. සමහරු ද`ඩුවම් කරති. එහෙත් මෙසේ වීමට හේතුව ගැන විමසිය යුතු වේ. මෙය නිතර සිදුවන්නේ නම් පෙනීමේ දුර්වලතාවක් නිසා සිදුවන්නේද යන්න ගැන අවධානය යොමු කළ යුතු වේ. මේ හැර දරුවාට ඉගෙනීමේ කටයුතුවලදී කියවීම මඟහරිනවා නම්, ඒ ගැන උද්යෝගය අඩු නම් එයට ඇතැම් විට පෙනීමේ දුර්වලතාවක් හෝ එහි පෙර නිමිත්තක් විය හැකිය. එනිසා මෙවැනි දෙයට ද`ඩුවම් කිරීම සුදුසු නොවේ. ඒ සඳහා දරුවාට ආදරයෙන් විමසිය යුතුය. පෙනීමේ යම් දුබලතාවක් තිබේ යැයි හැෙ`ග් නම් පමා නොකර අක්ෂි වෛද්‍යවරයකුගේ උපදෙස් ලබා ගැනීම වැදගත්ය.

අවධානයෙන් ඉන්න ඕනෑ අවස්ථා
දරුවාගේ ඇස්වල දුබලතා තිබෙන බව බොහෝ කාලයක් යනතුරු හ`දුනාගත නොහැකි වන අවස්ථා තිබේ. එහෙත් පහත සඳහන් නිරීක්ෂණ පෙන්වයි නම් වහාම ඒ සඳහා අවධානය යොමු කළ යුතුය.

දරුවා නිතර ඇස් දෙක පොඩි කරමින් හෝ දෙඇස් නිතර අතින් පිරිමදින්නේ නම් දරුවාගේ දෑස් නිරීක්ෂණය කිරීමේදී වපරයක් දක්නට ලැබේ නම්
දරුවා අසාමාන්‍ය ලෙස ඇසිපිය ගසන්නේ නම්
දරුවා නිතර හිසරදය ගැන හෝ යම් දෙයක් දෙස බැලීමෙන් පසුව හෝ කියවීමෙන් පසුව හිසරදය ගැන පවසන්නේ නම්
දරුවාගේ හිස එක් පැත්තකට ඇල කර බැලීමට පුරුදු වුවහොත්
සමහර දරුවන් දුර හෝ ළඟ ඇති වස්තුවක් දෙස බලන්නේ නම්
බොහෝ සමීපයට ගෙන පොත් කියවයි නම්

මෙම ඉහතින් දැක් වූ ලක්ෂණ බොහෝවිට දරුවාගේ පෙනීමේ හෝ පෙනීමට අදාළ ස්නායු පද්ධතියේ යම් වෙනස්කමක් නිසා සිදුවන අසාමාන්‍යතා විය හැකිය. මෙම ගැටලූ තිබේ නම් ඒ සඳහා සුදුසුකම් ලත් අක්ෂි වෛද්‍යවරයකුගේ උපදෙස් ලබා ගැනීම ඉතාම වැදගත්ය.

ඇස අභ්‍යන්තරයේ ගැටලූවක්ද?
දරුවාගේ ඇස් දෙස බැලීමේදී පහත සඳහන් වෙනස්කම් පෙනේ නම් එය දරුවාගේ පෙනීමේ යම් වෙනස්කමක් හෝ ඇස අභ්‍යන්තරයේ යම් ගැටලූ නිසා ඇතිවිය හැකි ගැටලූ බැවින් ඒ ගැන විශේෂ අවධානය යොමු කිරීම වැදගත් වේ.

දරුවාගේ දෑස් සාමාන්‍ය පිහිටිය යුතු ප‍්‍රමාණයට වඩා ඉදිරියට නෙරා ඇත්නම්
ඇස් පියන විට සම්පූර්ණයෙන් හෝ බාගෙට නොවැසී පෙනෙන්නේ නම්
නිතර ඇස් රතු පැහැ ගැන්වී තිබේ නම්
ඇසේ කුනීතයේ දුඹුරු පැහැගැන්වීමක් හෝ අවපැහැගැන්වී දිලිසෙන ගතිය අඩුව දිස්වේ නම්
ඇස්වලින් නිතර කබ හෝ කහ පැහැති ශ‍්‍රාවයක් පිටවන්නේ නම්
දරුවාගේ ඇස් ඉතා වේගයෙන් ඉහළ පහළ හෝ පැත්තෙන් පැත්තට වන චලනයන් දිස්වේ නම්
දරුවාගේ දෑස්වලින් නිතර කඳුළු හෝ පැහැයක් නැති ශ‍්‍රාවයක් ගලන්නේ නම්
දරුවාගේ ඡුායාරූපයක් ගත් විට දෑස් මධ්‍යයේ කරණිකාව සුදු පැහැයට දිස් වේ නම්

ඉහත ස`දහන් ලක්ෂණ දරුවාගේ ඇස්වල හෝ පෙනීමේ යම් ගැටලූ නිසා ඇතිවන බවට ඉ`ගියකි. මෙවැනි යම් වෙනස්කමක් දිස් වේ නම් මවුපියන් පමා නොකර සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගේ උපදෙස් ගත යුතුය.
ඇතැම් විට මවුපියෝ දරුවාගේ ඉහත සඳහන් ලක්ෂණ ගැන එතරම් සැලකිලිමත් නොවෙති.එහෙත් දරුවාගේ පෙනීමේ යම් දුබලතාවක් නිරීක්ෂණය නොවුණද වර්ධනයත් සමග දරුවාගේ ඇස්වල වේදනා, පෙනුම බොඳවීම හෝ කසන සුලූ ගතියක් ගැන පැවසිය හැකිය. එසේ පවතිනවා නම් ඒ ගැන නොසලකා හැරිය යුතු නොවේ. ඉතා ඉක්මනින් අක්ෂි වෛද්‍යවරයකුගේ උපදෙස් ලබා ගැනීම ඉතාම වැදගත්ය.

Comments

Popular posts from this blog

7 Riveting Facts about the Kandos Man – Upali Wijewardene

Source:  abpic.co.uk  Written by – Ranuli at Omebiz Philip Upali Wijewardene, better known as Upali Wijewardene was one of the most flamboyant and prominent businessman with an empire that not only dominated the Sri Lankan business landscape but also went global. He was Sri Lanka’s first homegrown tycoon and the founder and Chairman of Upali Group, Sri Lanka’s first multi-national business. Upali Wijewardene kick-started his career as a management trainee at Lever Brothers (now known as  Unilever ) where he managed to lock down the job simply based on his basic dining etiquette. However, due to a disagreement with the Chairman of the company, Upali left his job at Lever Brothers. Following the death of his uncle, the Late Senator Sarath Chandradasa, Upali took over  Kandos  with the substantial shares that were allocated to him. The company struggled with the lack of sales, Upali modernized the production process boosting their sales off the charts. Kando...

2වැනි කැරැල්ලේ නියඟයට වැහි වළාවක්වූ මියයන ලොවක නොමියන සිසු විරුවෝ

ආණ්ඩුවේ වෙඩි උණ්ඩයකට ගොදුරුව ප්‍රථමවරට සරසවි සිසුවෙක් මියගියේ 1976 නොවැම්බර් 12වැනිදාය. පේරාදෙණිය සරසවියේ මණ්ඩපාධිපතිවරයාගේ අත්තනෝමතික ක්‍රියා පිළිවෙතට එරෙහිව විරෝධය දැක්වීමේදී එසේ මියගියේ ඩබ්ලිව්. එම්. රෝහණ වීරසූරියයි. කුරුණෑගල උහුමීය දිළිදු ගොවි පවුලක දෙවැන්නා ලෙස උපන් රෝහණ වීරසූරියට සොහොයුරන් සිව් දෙනෙකු විය. වසර 1934දී පිහිටුවන ලද මුදුන්න මහා විද්‍යාලයෙන් සරසවි වරම් ලද ප්‍රථම ශිෂ්‍යයාද ඔහුය. සරසවි සිසුවෙකු දෙවන වරට ඝාතනයට ලක්වූයේ 1984 ජුනි 19වැනිදාය. ඒ පේරාදෙණිය සරසවියේ වෛද්‍ය පීඨයේ දෙවන වසරේ සිසුවෙකු වූ හේවබුලත්කන්දගේ පත්මසිරි අබේසේකර ශිෂ්‍යයාය. මාකස් නේවාසිකාගාරයේ නැවතී සිටි වෛද්‍ය සිසු පත්මසිරි  ඒ වනවිට වෛද්‍ය පීඨයේ දෙවන වසරේ විභාගයෙන් සහ නැවත පෙනීසිටීමේ විභාගයෙන්ද අසමත්වී සිටියද යළි විභාගයට පෙනී සිටීම සඳහා සූදානම්ව සිටි අයෙකි.  එයට පාදක වූයේ වෛද්‍ය පීඨයේ සිඩ්නි ජයරත්න(වෛද්‍යවරයෙකු වශයෙන් කටයුතු කිරීමේදී සිඩ්නි පසු කලෙක හෘදයාබාදයකින් මියගිය අතර නුවර මහාමායා විදුහලේ අධ්‍යාපනය ලත් ඔහුගේ දියණිය අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ශ්‍රී ලංකාවේ තෙවන ස්ථානයට පසුකලෙක පත්විය) ඇතුළ...

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...