Skip to main content

නින්දෙන් ඇවිදීම

නින්දෙන් ඇවිදීම සම්බන්ධ විවිධ මත පවතී. මෙය මානසික රෝගී තත්ත්වයක් ද  නැතහොත් භූත බලවේගයන්ගේ බලපෑමක් ද යන්න සමාජයේ සුලභව පවතින ගැටලූවක් වන නමුත් මෙය නින්දේ එක් අවස්ථාවක ඇතිවන හානිකර නොවන තත්ත්වයකි.
නින්දෙන් ඇවිදීම ගැඹුරු නින්දේදී ඇතිවන තත්ත්වයකි. මෙය කුඩා ළමුන් අතර බහුලව දක්නට ලැබේ. සාමාන්‍යයෙන් මෙය ජනගහනයෙන් සියයට 1 ත් 15 ත් අතර පිරිසකට පැවතිය හැකි බව නින්ද පිළිබඳ ජාත්‍යන්තර පදනම මගින් පෙන්වා දේ.
මෙය බහුලව දක්නට ලැබෙන්නේ වයස අවුරුදු 4 - 8 ත් අතර දරුවන් අතරය. කුඩා අවධියේදී නින්දෙන් ඇවිදීම සිදුකල අයෙකුට වැඩිහිටි විය තෙක්ම එම තත්ත්වය පැවතිය හැකි අවස්ථා ද වේ. නමුත් බොහෝ විට වැඩිවියට පැමිනෙත්ම මෙය මග හැරීයයි. නින්දෙන් ඇවිදීම කෙරෙහි බලපාන හේතු පහත පරිදි වේ.
x  අධික තෙහෙට්ටුව,
x  ප‍්‍රමාණයවත් හා ගුණාත්මක නින්දක් නොලැබීම, 
x  අධික ලෙස නිදිමැරීම.
x රාත‍්‍රී නින්දට නිතර නිතර බාධාවීම.
x උණ සහ අනෙකුත් ශාරීරික රෝගී තත්ත්වයන්.
x මානසික ආතතිය හා බිය.
x නිදා ගන්නා පරිසරය වෙනස්වීම. 
x මත්පැන් පානය හා වෙනත් ඖෂධ වර්ගද ගැනීම.
මෙය පරම්පරාගත ලෙසද ඇතිවිය හැක. නින්දෙන් ඇවිදින ඇතැමුන් ඇවිදීමට අමතරව සිදුකරන තවත් ක‍්‍රියාවන් පවතී
x    ඇද මත හිද ගැනීම
x    නින්දෙන් කියවීම
x    ඇඳමත වාඩි වී ඇස්පිස දැමීම හා ඇඳුමෙන් ඇදීම
x     කථා කල විට ප‍්‍රතිචාර නොදැක්වීම
x     කෑ ගැසීම
x     නුසුදුසු ස්ථානවල මූත‍්‍රා කිරීම
x    ඇතැම් පුද්ගලයන් නිවසෙන් පිටව ගොස් වාහනයක් පැදවූ අවස්ථාද ඇත.
නින්දෙන් ඇවිදින දරුවා බොහෝ විට ඇස් ඇරගෙන සිටියත් ඔවුන් නින්දේ ගැඹුරු අවස්ථාවේ පසුවන නිසා අවදි කිරිම තරමක් අපහසු වේ.
ප‍්‍රතිකාර
නින්දේ ගුණාත්මකභාවය හා සනීපාරක්ෂාව දියුණු කිරීමෙන් නින්දෙන් ඇවිදීම ඉබේ මගහරවා  ගැනීමට හැක. සමහර අවස්ථාවලදී ඖෂධ ප‍්‍රතිකාර භාවිතා කිරීමටද සිදුවේ.
මෙහි බරපතලම කාරණය වන්නේ අනතුරු ඇතිවීමට ඇති හැකියාවයි.  එම නිසා නින්දෙන් ඇවිදින දරුවන් හා වැඩිහිටියන් සිටින නිවසක ආරක්ෂාව ඉතා වැදගත්ය. නින්දෙන් ඇවිදින දරුවන් තට්ටු ඇදන්වල උඩ ඇදේ නිදිකිරීම ඉතා අනතුරුදායකය. එමෙන්ම ඇද අවට ඇති බිදෙන සුළු දේවල් ඉවත් කිරීම හා තියුණු ආයුධ ඉවත් කිරීමට වග බලා ගත යුතුය.  දරුවා අවදි වූ බව දැන ගැනීමට සීනුවක් හෝ වෙනත් සංඥා උපකරණයක් යොදා ගැනීම ද වැදගත් වේ.
දරුවා නින්දෙන් ඇවිදින මොහොතේදී ඔහුව අවදි කිරීමට උත්සාහ කිරීම එතරම් නුවණට හුරුනොවන අතර නැවත  ඇඳ වෙත යොමු කිරීම වඩාත් ආරක්ෂාකාරීය. 

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...