Skip to main content

වැඩිදුර විද්‍යාත්මක අවධානයක්‌ යොමු විය යුතු ඖෂධීය 'අක්‌මැල්ල'...



'අක්‌මැල්ල'... ඔබට මේ නම නුහුරු වනවාට සැකයක්‌ නැත. එහෙත්, ඈත අතීතයේ සිට දේශීය වෛද්‍යවරුන් විසින් නොයෙක්‌ බෙහෙත් වට්‌ටෝරු (වගුව 1) සඳහා භාවිත කරන ලද ඖෂධීය පැළෑටියකි මෙය. මෙහි භාවිත ගුණ නිසා ම දත් කැක්‌කුමට ගන්නා පැළෑටිය (toothache plant) ලෙසින් ද මෙය හඳුන්වයි. ඊට ම ආවේණික වූ, කහ පැහැති (goldenyellow) මල් පෙති රහිත පුෂ්ප මංජරියෙන් (flower pod) හා කොළ පැහැති පත්‍රවලින් යුත් කුඩා (20 - 25 cm) ඒකවාර්ෂික පැළයකි. ඇස්‌ටරේසියේ (Asteraceae) කුලයට අයත් අක්‌මැල්ල ශාකය, විශේෂ 30කින් හා අතිරේක අන්තර් විශේෂ 9කින් යුත් ඖෂධීය පැළෑටියකි. මෙය දකුණු ඇමෙරිකාවට ආවේණික පැළෑටියක්‌ ලෙස සැලකුණත්, ලංකාව, ඉන්දියාව, නේපාලය, චීනය හා තායිවානය යන ආසියාතික රටවලත් මෙක්‌සිකෝව, බ්‍රසීලය හා බොලීවියාව යන බටහිර රටවලත් ව්‍යාප්ත ව ඇත. තව ද Jambu" Sichuan buttons" Buzzbuttons" Ting flowers" Eye ballplant" Electric daisy සහ Paracress ආදි නොයෙකුත් නම්වලින් ද මෙය හඳුන්වනු ලබයි.

මේ ශාකය ලොව පුරා බහුල ලෙස වගා කිරීම් කටයුතු සිදු කෙරෙන අතර එහි ප්‍රධාන භාවිතයන් ලෙස, වෛද්‍ය කටයුතු, ආහාර සඳහා කුළුබඩු ලෙස, කෘමිනාශක ආදිය නිපදවීමට අමුද්‍රව්‍ය ලෙස හා උද්‍යාන අලංකරණය සඳහා භාවිතය දැක්‌විය හැකි ය. ඊට අමතර ව අක්‌මැල්ල ශාකයේ විවිධ කොටස්‌ මඟින්, බැක්‌ටීරියා නාශක, දිලීර නාශක, ප්‍රතිඔක්‌සිකාරක, වේදනා නාශක, නිර්වින්දක, රස තීව්‍රකාරක, උදරාශ්‍රිත රෝග සඳහා පිළියම් ලෙස, දේහ බර පාලනය හා ප්‍රතිශක්‌තිකරණ ආදි නානාවිධ ජෛව ක්‍රියාකාරීත්වයන් ගෙන් යුත් සුවිශේෂී පැළෑටියක්‌ බවට දෙස්‌ විදෙස්‌ පර්යේෂණ මඟින් තහවුරු වී ඇත.

දැනට මේ ශාකයේ ප්‍රභේද ලෙස හීන් අක්‌මැල්ල (Spilanthes iabadicensis), අක්‌මැල්ල (Spilanthes paniculata) හා මහ අක්‌මැල්ල (Acmella oleracea) ලංකාවේ දක්‌නට ලැබේ. එම අක්‌මැල්ල ශාක අතරින් කැපී පෙනෙන විශේෂයක්‌ වන මහ අක්‌මැල්ල ශාකය එයට ම ආවේණික වූ රන් කහ පැහැති (goldenyellow) පුෂ්ප මංජරිය හා එහි රත් පැහැ (red tip) පුෂ්පාග්‍රයෙන් අනෙකුත් විශේෂවලින් වෙන් කර හඳුනාගත හැකි ය.

මේ ශාකයේ පුෂ්ප වියළුණු පසු ඉන් ලැබෙන බීජ ව්‍යාප්තියෙන් නව පැළ හටගැනීම සිදු වේ. මෙය දාස්‌පෙතියා මල් ව්‍යාප්තියට බොහෝ සෙයින් සමාන ය. රූප සටහන මඟින් හීන් අක්‌මැල්ල (Spilanthes iabadicensis), අක්‌මැල්ල (Spilanthes paniculata) හා මහ අක්‌මැල්ල (Acmella oleracea) ශාක හඳුනාගත හැකි ය.

 

බ්‍රසීලය වැනි බටහිර රටවල ආහාර රසගැන්වීම සඳහා යොදාගන්නා මේ ශාකයේ වියළි කොළවල ප්‍රෝටීන 24.01%ක්‌ ද, ලිපිඩ 1.54%ක්‌ ද, කාබොහයිඩේ්‍රට 63.38%ක්‌ ද, තන්තු 62.61% හා ඛනිජ ලවණ 10.92%ක්‌ ඇති බව සොයාගෙන ඇත. මේ ශාකයේ සුවිශේෂී මල් පාරම්පරික ව, ගැමි ජනතාව අතර දත් කැක්‌කුම සඳහා පිළියම් ලෙස භාවිත කර තිබේ. මේ පුෂ්ප කොටස්‌ දත් කැක්‌කුම් ඇති විට දී, මුව තුළ දී හැපූ විට, හිරිවැටීමක්‌ වැනි සංවේදනයක්‌ සමඟ මුළුමනින් ම වේදනා මඟහැරීමට සමත් විස්‌මයජනක හැකියාවක්‌ පවතී. මෙයට හේතුව වන්නේ මේ පැළෑටියේ අඩංගු සක්‍රිය සංඝටකයක්‌ වන ස්‌පිලැන්තෝල් (Spilanthol) නම් රසායනයට ආවේණික, වේදනා නාශක (analgesic) ගුණයක්‌ මඟින් දත් හිරිවැටීමකට (numb) ලක්‌ වීමයි.

දැනට ලොව පුරා නොයෙක්‌ විද්‍යාඥයන් විසින් කරන ලද පර්යේෂණවලින් අක්‌මැල්ල පැළෑටියේ පත්‍ර, කඳ, පුෂ්පවල සුවිශේෂී ජෛව ක්‍රියාකාරීත්වයන් අධ්‍යයනය සඳහා යොමු වීමක්‌ පවතින බව වාර්තා මඟින් තහවුරු වෙයි. මේ අතර ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ, ව්‍යවහාරික විද්‍යා පීඨයේ, ආහාර විද්‍යාව හා තාක්ෂණ අධ්‍යයනංශයේ මහාචාර්ය එස්‌. බී. නවරත්න මහතා ඇතුළු කණ්‌ඩායමක්‌ විසින් මෑතක දී කරන ලද පර්යේෂණ කටයුතු මඟින් තහවුරු වී ඇත්තේ, ආහාර මඟින් පැතිරෙන බෝ වන රෝගකාරක බැක්‌ටීරියා විශේෂ මේ ශාකයේ පුෂ්පයෙන් ලබාගන්නා නිස්‌සාරක මඟින් සක්‍රිය ව මර්දනය කළ හැකි බවයි. එමඟින් අනාගතයේ විෂබීජ නාශක නිසා ඇති විය හැකි අර්බුදවලට පිළියම් ලෙස අක්‌මැල්ල ශාකයේ ජලීය නිස්‌සාරක භාවිත කළ හැකි වීමේ සුබ පෙරනිමිති පහළ වී ඇත.

දැනට ශ්‍රී ලංකාවේ, ඌව, මධ්‍යම, බස්‌නාහිර හා වයඹ පළාත්වල ව්‍යාප්ත ව පවතින මේ ශාකය, හුදෙක්‌ අත්හරින ලද ගොවිබිම්වල, ඇළ මාර්ග ආශ්‍රිත තෙත්බිම්වල හා ගෙවතුවල දක්‌නට ලැබෙන්නකි. විවිධ අක්‌මැල්ල ප්‍රභේද තුළ පෙර සඳහන් කරන ලද ජෛව ක්‍රියාකාරීත්වයන් අඩු-වැඩි වශයෙන් පැවතුණත්, මහ අක්‌මැල්ල ශාකයේ ඇති ගුණ ඉහළ බව සැලකේ. අක්‌මැල්ල ශාකයේ විවිධ ප්‍රභේද අප රටේ තිබුණ ද බොහෝ දෙනා හඳුනා නො ගත්, ඉතා සුළු ජන කොටසක්‌ අතර ප්‍රචලිත, දත් කැක්‌කුමට පිළියම් ලෙස භාවිත වන අනගි ඔසු පැළයකි. මෙය අප රට තුළ හුදෙක්‌ ආයුර්වේදයට පමණක්‌ සීමා වුවත්, ලොව පුරා රටවල ආහාර සඳහා යොදාගන්නා සුවිශේෂී පැළයකි.

එසේ හෙයින්, ඉතා සුළු පිරිසක්‌ අතර ප්‍රචලිත මේ ශාකය, ගෙවත්තේ වගා කරගැනීමෙන් ඔබට ද එහි වටිනා ඖෂධීය ගුණ මෙන් ම අනෙකුත් වාසි අත්විඳිය හැකි වනු ඇත.

රූප සටහන 1 ( ලංකාවේ දක්‌නට ලැබෙන අක්‌මැල්ල විශේෂයන්, (a). හීන් අක්‌මැල්ල (Spilanthes iabadicensis), (ඉ). අක්‌මැල්ල (Spilanthes paniculata) (ජ). මහ අක්‌මැල්ල (Acmella oleracea) හා (d). මහ අක්‌මැල්ල ශාකයේ කහ පැහැති පුෂ්ප මංජරිය

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...