දැනට මේ ශාකයේ ප්‍රභේද ලෙස හීන් අක්‌මැල්ල (Spilanthes iabadicensis), අක්‌මැල්ල (Spilanthes paniculata) හා මහ අක්‌මැල්ල (Acmella oleracea) ලංකාවේ දක්‌නට ලැබේ. එම අක්‌මැල්ල ශාක අතරින් කැපී පෙනෙන විශේෂයක් වන මහ අක්‌මැල්ල ශාකය එයට ම ආවේණික වූ රන් කහ පැහැති (goldenyellow) පුෂ්ප මංජරිය හා එහි රත් පැහැ (red tip) පුෂ්පාග්‍රයෙන් අනෙකුත් විශේෂවලින් වෙන් කර හඳුනාගත හැකි ය.
බ්‍රසීලය වැනි බටහිර රටවල ආහාර රසගැන්වීම සඳහා යොදාගන්නා මේ ශාකයේ වියළි කොළවල ප්‍රෝටීන 24.01%ක් ද, ලිපිඩ 1.54%ක් ද, කාබොහයිඩේ්‍රට 63.38%ක් ද, තන්තු 62.61% හා ඛනිජ ලවණ 10.92%ක් ඇති බව සොයාගෙන ඇත. මේ ශාකයේ සුවිශේෂී මල් පාරම්පරික ව, ගැමි ජනතාව අතර දත් කැක්‌කුම සඳහා පිළියම් ලෙස භාවිත කර තිබේ. මේ පුෂ්ප කොටස් දත් කැක්‌කුම් ඇති විට දී, මුව තුළ දී හැපූ විට, හිරිවැටීමක් වැනි සංවේදනයක් සමඟ මුළුමනින් ම වේදනා මඟහැරීමට සමත් විස්‌මයජනක හැකියාවක් පවතී. මෙයට හේතුව වන්නේ මේ පැළෑටියේ අඩංගු සක්‍රිය සංඝටකයක් වන ස්‌පිලැන්තෝල් (Spilanthol) නම් රසායනයට ආවේණික, වේදනා නාශක (analgesic) ගුණයක් මඟින් දත් හිරිවැටීමකට (numb) ලක් වීමයි.
දැනට ශ්‍රී ලංකාවේ, ඌව, මධ්‍යම, බස්‌නාහිර හා වයඹ පළාත්වල ව්‍යාප්ත ව පවතින මේ ශාකය, හුදෙක් අත්හරින ලද ගොවිබිම්වල, ඇළ මාර්ග ආශ්‍රිත තෙත්බිම්වල හා ගෙවතුවල දක්‌නට ලැබෙන්නකි. විවිධ අක්‌මැල්ල ප්‍රභේද තුළ පෙර සඳහන් කරන ලද ජෛව ක්‍රියාකාරීත්වයන් අඩු-වැඩි වශයෙන් පැවතුණත්, මහ අක්‌මැල්ල ශාකයේ ඇති ගුණ ඉහළ බව සැලකේ. අක්‌මැල්ල ශාකයේ විවිධ ප්‍රභේද අප රටේ තිබුණ ද බොහෝ දෙනා හඳුනා නො ගත්, ඉතා සුළු ජන කොටසක් අතර ප්‍රචලිත, දත් කැක්‌කුමට පිළියම් ලෙස භාවිත වන අනගි ඔසු පැළයකි. මෙය අප රට තුළ හුදෙක් ආයුර්වේදයට පමණක් සීමා වුවත්, ලොව පුරා රටවල ආහාර සඳහා යොදාගන්නා සුවිශේෂී පැළයකි.
රූප සටහන 1 ( ලංකාවේ දක්‌නට ලැබෙන අක්‌මැල්ල විශේෂයන්, (a). හීන් අක්‌මැල්ල (Spilanthes iabadicensis), (ඉ). අක්‌මැල්ල (Spilanthes paniculata) (ජ). මහ අක්‌මැල්ල (Acmella oleracea) හා (d). මහ අක්‌මැල්ල ශාකයේ කහ පැහැති පුෂ්ප මංජරිය
Comments
Post a Comment