Skip to main content

කෘෂි රසායනයන්ට ගොදුරු වී ඇති ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය...!



අපූරු වූ චමත්කාරයකින් සිත් සතන් වෙළාගන්නා මේ සදාහරිත පරිසරයේ උරුමකරුවා ඔබ අප ජීවත් වන ශ්‍රී ලංකාව නම් ඔබේත් අපෙත් මාතෘ භූමියයි. නොඉඳුල් සදාහරිත වනාන්තර, නැවුම් දිය වෑහෙන උල්පත්, ඇළ-දොළ, ගංගා, දිය ඇලි, පෝෂණය සපිරූ සරු පස, සොබාදහම ශ්‍රී ලාංකීය රට වැසියන්ට ලබා දී ඇති මහ අනර්ඝ දායාදයකි. ශ්‍රී ලංකාව කෘෂිකාර්මික රටක්‌ බවට පත් කළේ මෙරට දේශගුණය සේ ම රටේ වටිනා ම සම්පත වන සාරවත් මහ පොළොවයි. අතළොස්‌සක්‌ හැර මෙරට, බොහෝ ශාක ඵල දැරූ රටකි. ඊට හේතුව ශ්‍රී ලාංකික පසේ තිබූ පෝෂණ ගුණයයි.

එහෙත් අද මේ පෝෂණය සපිරි මහ පොළොව භයානක විපතකට මුහුණ පා තිබේ. එයට හේතුව ඉවක්‌ බවක්‌ නොමැති ව හෙළන ටොන් ගණනක්‌ වූ කෘෂි රසායන ය. කෘමිනාශක, වල්නාශක හා රසායනික පොහොර ඇතුළු අහිතකර කෘෂි රසායනයන්, අද මෙරට ගොවිබිම් රැසක සාරය විනාශ කර දමා අවසාන ය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශනයන්ට අනුව හෙක්‌ටයාරයක්‌ සඳහා කෘමිනාශක හා වල්නාශක වැඩි ම ප්‍රමාණයක්‌ භාවිත කරන රට ශ්‍රී ලංකාවයි. 2012රැ2013 වර්ෂවල දී ශ්‍රී ලංකාව හෙක්‌ටයාරයක්‌ සඳහා භාවිත කර ඇති කෘෂි රසායන ප්‍රමාණය ඒකක 471කි. එය ලොව ප්‍රධාන කෘෂිකාර්මික රටවල් වන ඇමෙරිකාව, මියන්මාරය, චීනය වැනි රටවල් හෙක්‌ටයාරයක්‌ සඳහා භාවිත කරන කෘෂි රසායන ප්‍රමාණය ද ඉක්‌මවා ගිය ප්‍රතිශතයකි. මෙය කෘෂි රසායන භාවිතය තුළ ශ්‍රී ලංකාව මුහුණ පා ඇති ෙ€දවාචකයට කදිම නිදසුනකි. රසායනික පොහොර භාවිතය අතින් ද ශ්‍රී ලංකාව අද ලෝකයේ 8 වැනි තැනට පත් ව සිටින අතර ලොව සුවිශාල කෘෂිකාර්මික රටවල් පවා භාවිත නො කරන තරමේ රසායනික පොහොර ප්‍රමාණයක්‌ ශ්‍රී ලංකාව හෙක්‌ටයාරයක්‌ සඳහා භාවිත කරයි. මේ සා විශාල ප්‍රමාණයක්‌ වගාබිම් සඳහා රසායනික පොහොර භාවිතයට ශ්‍රී ලංකාව නැඹුරු වී ඇත්තේ කෘෂි රසායනික භාවිතය නිසා ම, පස නිසරු වී, වගාවන් ගෙන් සාර්ථක අස්‌වැන්නක්‌ නෙළාගැනීමට නො හැකි වී ඇති නිසා බව මේ දත්ත සනාථ කර පෙන්වයි. අපේ සරු පස රසායනික පොහොර ආක්‍රමණයට මැදි වී මැරී ගිය නිසරු පසක්‌ වී අවසාන ය. ඒ නිසා පසෙහි පළ නෙළන්නට දිගින් දිගට ම රසායනික පොහොර මත යෑපෙන්නට සිදු වී තිබීම ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය මුහුණ පා ඇති සදාතනික ගැටලුවකි.

ශ්‍රී ලංකාවේ සමස්‌ත වගාබිම් ප්‍රමාණය හෙක්‌ටයාර 2,645,000කි. මේ වගාබිම් සියල්ලට ම මෙතෙක්‌ හෙළා ඇති රසායනික පොහොර ප්‍රමාණය මෙතෙකැයි කියා නිම කරන්නට බැරි ය. එසේ ම ඉන් සිදු වූ පාරිසරික හානිය ද තක්‌සේරු කළ නොහැකි ය. ඒ වෙනුවෙන් විදේශයන්ට ඇදී ගිය ජාතික ධනය රුපියල් බිලියන ලක්ෂ ගණනකි. මේ සා විශාල මුදල් සම්භාරයක්‌ වැය කර අප මහ පොළොව මත හෙළන රසායනික පොහොර නිසා සිදු වූ විනාශයේ ඵල මේ වන විටත් අප භූක්‌ති විඳින්නට පටන්ගෙන ය. එහෙත් ඒ ෙ€දනීය ප්‍රතිඵලවල දරුණුතම විපාක විඳීමට සිදු වන්නේ ඔබේත් මගේත් අසරණ දරුවන්ට මෙන් ම දරුවන්ගේත් දරුවන්ට ය.

වගාබිම් සඳහා රසායනික පොහොර දිගින් දිගට ම යෙදීමේ ප්‍රතිඵලය වන්නේ, ඵලදාව අඩු වීම, ශාක රෝගී වීම මෙන් ම, ස්‌වාභාවිකත්වයෙන් තොර ඵලදාවක අනිටු විපාකවලට අපට මුහුණ පෑමට සිදු වීමයි. මේ විනාශය අන් කිසිවකුත් නො ව අපි අපට ම කරගත් විනාශයකි. රසායනික පොහොරවලින් සිදු වන ප්‍රධානතම හානියක්‌ වන්නේ ජල මූලාශ්‍ර හරහා ඒවායේ ඇති විෂ රසායන මිනිස්‌ සිරුරට ඇතුළු වීමයි. මේ වන විටත් ජලයට මුසු වී ඇති Arzenic, Cadmium වැනි බැර ලෝහ නිසා දහස්‌ ගණනක්‌ ශ්‍රී ලාංකිකයන් රෝගීන් බවට පත් කර ඇත. මිනිසුන් පොළොවට හෙළුE රසායනික පොහොර ටොන් කීයක්‌ ජලයට දිය වී මේ වන විට ඔබ දිය බොන ළිඳට, නාන ඇළට, ජල නළ ඔස්‌සේ නිවසට එන ජලයට මුසු ව ඇත් දැයි සිතා බැලුවොත් ඔබ අවට ජීවත් වන කී දෙනෙකු සොයාගත හැකි හා සොයාගත නො හැකි ලෙඩ රෝගවලට ගොදුරු වී ඇත් දැයි පරීක්ෂා කළ හොත් එම බොහෝ ප්‍රශ්නවලට හේතුව අප පොළොවට හෙළු මාරාන්තික රසායන බව ඔබට ම තහවුරු කරගත හැකි ය.

එසේ ම මාරාන්තික රෝග ගණනාවකට අනාගතයේ දී ද ඔබේ දරුවා ගොදුරු කරගන්නට මේ රසායනික පොහොර තවදුරටත් සූදානම් ය. ඔබ වී ගොවිතැන කළත්, අල, ලූනු, එළවළු හෝ පලතුරු වගාවේ නියෑළුණත්, තේ, පොල්, රබර් වැනි අපනයන බෝග වගා කළත්, මල් වගා කළත් ශ්‍රී ලංකාව මුහුණ දී ඇති රසායනික පොහොර ෙ€දවාචකයේ ගොදුරක්‌ බවට ඔබ පත් ව සිටින බව නිසැක ය. මුළුමනින් ම රසායනික පොහොර මත යෑපෙන කුමන බෝගයක්‌ වගා කළත් රසායනික බෝග භාවිතයේ අනිටු විපාකවලට ඔබ දැනටමත් මුහුණ පා ඇත. ශ්‍රී ලංකාවේ වගාබිම් සියල්ල එදා අතිශය සශ්‍රීක ඉඩම් වේ. එහෙත් දිගින් දිගට ම මේ සශ්‍රීක ඉඩම්වලට රසායනික පොහොර මිශ්‍ර කිරීමේ ප්‍රතිඵලය වී ඇත්තේ පසෙහි ආම්ලිකතාව වැඩි වී එහි සමතුලිත බව බිඳ වැටී 100%ක්‌ ම කෘත්‍රිම පොහොර මත යෑපෙන්නට සිදු වන මට්‌ටමකට පස නිසරු වීමයි. අද, ගසට වැඩෙන්නට සිදු වී ඇත්තේ සරු පසක්‌ මත නො ව රසායනික පොහොර තට්‌ටුවක්‌ මත ය. මහ පොළොවට හෙළීම සඳහා අද ශ්‍රී ලංකාව වාර්ෂික ව ආනයනය කරන රසායනික පොහොර ප්‍රමාණය මෙටි්‍රක්‌ ටොන් 700,000 ඉක්‌මවයි. ඒ සඳහා වසරකට විදේශයන්ට ඇදී යන මුදල රුපියල් බිලියන 60 ඉක්‌මවයි. ඒ අතරින් පොහොර සහනාධාරය ලෙස රජයට වාර්ෂික ව දැරීමට සිදු වන වියදම රුපියල් බිලියන 40 ද පසු කර ඇත. මේ දත්ත මඟින් හෙළි වන්නේ මෙරට කෘෂිකර්මාන්තය කෙතරම් දරුණු ලෙස රසායනික පොහොර භාවිතයේ ගොදුරක්‌ බවට පත් ව ඇත් ද යන්නයි. එසේ නම් රටට ආදරය ඇති සැබෑ ශ්‍රී ලාංකිකයන් ලෙස මේ ෙ€දවාචකයෙන් මිදීම සඳහා දැන් තීරණයක්‌ ගත යුතු කාලය එළැඹ තිබේ. තවදුරටත් මේ විනාශකාරී රසායන එලෙසින් ම භාවිත කොට වගාවේ අනාගතයත්, රටේ ආර්ථිකයත්, රටේ අනාගතයත් විනාශ කිරීමට හවුල් වනවා ද? එසේත් නැත්නම් බුද්ධිමත් ව සිතා බලා මේ අර්බුදයෙන් ගොඩ ඒම සඳහා පිළියමක්‌ සොයනවා ද යන්න ඔබ මත පැටවී තිබේ. අපගේ ඓතිහාසික ජීවන වෘත්තිය වූ කෘෂිකර්මය, විදේශිකයන් විසින් රසායනික පොහොර ආක්‍රමණයන්ට හසු කරගනු ලැබ ඒ හරහා රටේ ආර්ථිකය ම හැසිරවීමේ බලය තමන් සතු කරගෙන අවසන් ය. එහෙත් ඒ බලය යළිත් අප සතු කරගන්නට තවමත් ප්‍රමාද නැත. විසඳුම දැන් ඔබ හමුවේ ඇත. අවශ්‍ය වන්නේ බුද්ධිමත් ව රට ගැන සිතා තීරණයක්‌ ගැනීම පමණි.

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...