Skip to main content

නොනගතයේ කුරුලු නැරඹුම අලුත් අවුරුදු නැකැත් මායිම් නොකළ පිළිහුඩු මාපියෝ



පසුගිය දා සැමරූ අප්‍රේල් අලුත් අවුරුද්ද අපේ ඉහළ ම සංස්‌කෘතික උත්සවයයි. අලුත් අවුරුදු උදාව, ආහාර පීසිම, ආහාර අනුභවය, වැඩ ඇල්ලීම ආදි දේ නියමිත වෙලාවකට නැත හොත් නැකැතකට සිදු කිරීම අලුත් අවුරුද්දේ දී පිළිපදින සාම්ප්‍රදායික චාරිත්‍ර වන අතර, 'නොනගතය' නැත හොත් සුබ නැකැත් නොමැති කාලයේ දී ආහාර ගැනීම ඇතුළු සියලු වැඩවලින් ඉවත් වී සිටිය යුතු බව දැක්‌වේ.

මෙවර මේ 'නොනගතය' යෙදී තිබුණේ උදැසන වරුවේ නිසා වෙනත් විශේෂ වැඩක්‌ කරන්නට එපා යෑයි කියවෙන නොනගතය පරිසරයත් සමඟ ගත කරන්නට සිතාගත් මම දියණියත් සමඟ ගෙවත්තට පිළිපන්නෙමි.

අවුරුද්ද ලැබීම සනිටුහන් කරමින් පත්තු කළ රතිඤ්Æ හඬින් බිය පත් වී දොa, වෙන දා ගෙවත්තේ උදැසන සුලබ ව දක්‌නට ලැබෙන කුරුල්ලන් දක්‌නට නො ලැබිණි. අලුත් අවුරුද්දේ පණිවිඩකාරයා ලෙස සැලකෙන කොහාගේ ගීතය ද වෙන දා උදයේ ඇසෙන මුත්, මේ අවුරුදු දා අප ගෙවත්ත අවට සිටි කොහාලාගේ ද ශබ්දයක්‌ නොමැති විය.

එක්‌ වන ම අහසින් සුදු පුළුන් ගුලි දෙකක්‌ පාත් වනවා මෙන්, අප ගෙවත්ත අසල තිබූ උස පොල් ගසට පියඹා විත් වැසුවේ සුදු මහ-කොකුන් (Great Egret) යුවළකි. මින් පෙර කිසි දාක සුදු මහා-කොකා අප ගෙවත්ත අසලින් වාර්තා වී නො තිබුණු නිසා, මෙය විශේෂ නිරීéණයක්‌ විය. සමහර විට අසල තෙත්බිමක සිටි මේ සුදු මහා-කොකුන් රතිඤ්Æ හඬින් බියපත් වී අප ගෙවත්ත අසලට ආවා වන්නට පුළුවන.

අප ගෙවත්තේ දිය බඳුනෙන් දිනපතා නෑමට පුරුදු වී සිටින කොණ්‌ඩ කුරුල්ලන් (Redvented Bulbul) ජෝඩුව මඳ වෙලාවකින් අප ගෙවත්තට පැමිණි අතර, තම ප්‍රියතම වේදිකාව වූ කණුව උඩින් ලැගගත් අළු කොබෙයියා (Spotted Dove) තම උදැසන ගීය ගායනා කරන්නට පටන්ගත්තේ වෙනදාට වඩා පමා වී ය. දොළොස්‌ දෙනකු ගෙන් පමණ සමන්විත නිතඹ-රත් වැහිලිහිණින් (Red-rumped Swallow) රංචුවක්‌ එකිනෙකා පරයා රවුමට පියාඹන්නට වූයේ උදැසන ව්‍යායාමයට මෙනි.

අවුරුදු දා මහා රණ්‌ඩුවකට පැටලුණු හොට පටලවාගත් පොළොස්‌ කොට්‌ටෝරුවන් (Brown-headed Barbet) දෙදෙනකු දෙපසට වූයේ, ගෙවත්තේ කාමරංකා ගසේ පහළට රූටා විත් බිමට වැටෙන්නට ඔන්න මෙන්න තියා ය. දෙන්නා දෙපසට වුවත් යළිත් කොයි මොහොතක හෝ රණ්‌ඩුව පටන්ගැනීමට මෙන් හොටය විවෘත කරගෙන එකිනෙකාට තර්ජනය කරන සෙයක්‌ දිස්‌ විය.

අප මේ සියල්ල නිසොල්මනේ බලා හිඳිද්දී මහා හඬින් කෑගසමින් විත් අප ඉහළින් ම තිබූ කම්බියේ ලැගගත්තේ ළය-සුදු පිළිහු`ඩුවෙකි (White-throated Kingfisher). අප ගැන කිසි තැකීමක්‌ නො කළ පිළිහු`ඩුවා හිස අමුතු ඇළයකට කරකවමින් නිරීéණය කළේ ගොදුරක්‌ බව දැන සිටියත්, කුරුල්ලාගේ ඉලක්‌කය අප මිදුලේ තිබූ තරමක්‌ විශාල මානෙල් මල් වගා කළ සිමෙන්ති බේසමේ දමා සිටි ගප්පි මාළුවකු බව තේරුම් යන විට පමා වැඩි විය. එක්‌ éණයකින් පහළට පියඹා ආ පිළිහු`ඩුවාට මාළුවා ඩැහැගැනීමට ගත වූයේ තත්පරයකටත් අඩු කාලයකි. මාළුවා අඩපණ කිරීමට කම්බියේ දෙපැත්තේ කිහිප වරක්‌ ගැසූ පිළිහු`ඩුවා එක්‌වර ම නැවතත් ගෙදර පාර දෙසින් බිමට බැස්‌සේ මාළුවා ද හොටයේ සිර කරගෙන ම ය.

පිළිහු`ඩුවා වැසූ තැන සෙවීමට පාරට ගොස්‌ ඒ අසලින් ගලා යන තරමක්‌ විශාල කාණුව ද හොඳින් නිරීéණය කළත් පිළිහු`ඩුවාගේ වගක්‌ වත් සොයාගැනීමට නොහැකි විය. විනාඩි කීපයකින් අප දෙදෙනා ම තාප්පයේ වූ තරමක්‌ විශාල බටයකින් පිළිහු`ඩුවා මතු වූයේ අප දෙදෙනා ම පුදුමයට පත් කරමිනි. අප දෙදෙනා අතරින් විදුලි වේගයෙන් පියඹා ගිය පිළිහු`ඩුවා, අසල කම්බියේ වසා මහා හඬින් නාද කරන්නට වූයේ අපගේ පැමිණීම කරදරයක්‌ වූ බව දන්වමිනි.

පිළිහු`ඩුවාට ඉඩ දෙමින් අප මඳක්‌ පසුපසට විත් බලා හිඳිද්දී, තවත් සතකු අල්ලාගත් කුරුල්ලා නැවතත් පයිප්පය ඇතුළට ගියේ එතැන පිළිහු`ඩුවාගේ කැදැල්ල ඇති බව නිරාවරණය කරමිනි.

පිළිහු`ඩුවා සාමාන්‍යයෙන් ළිං ඉවුරක හෝ ජලය ආශ්‍රිත ව ඉවුරක උමඟක්‌ සාදා එහි කෙළවර කැදැල්ල ලෙස යොදාගනී. හාරාගැනීමට සුදුසු පසක්‌ සහිත ස්‌වාභාවික ඉවුරක්‌ නො තිබූ අප ගෙවත්ත අසල ජීවත් වූ මේ පිළිහු`ඩු යුවළ ඒ වෙනුවට යොදාගත් විකල්පය නිර්මාණාත්මකයි නේ ද...? විශේෂයෙන් ම මේ පයිප්පය පිහිටියේ තරමක්‌ උසින් නිසා, විලෝපීයකුට වත් ඒ වෙත ළඟා වීම අපහසු ය.

අප මේ පිළිහු`ඩු කැදැල්ල නිරීéණය කළේ අවුරුද්දේ නොනගතය වේලාවේ දී ය. නොනගතයේ දී ආහාර අනුභවයෙන් ද වැළකී සිටිය යුතු නමුත්, මේ පිළිහුඩු මාපියන්ට නම් අවුරුද්දේ වගක්‌ වත් නො තිබුණේ, අවුරුදු චාරිත්‍රවලට වඩා තම පැටවුන් බඩගින්නේ නො තිබීමේ අභිලාෂය නිසාවෙන් මෙනි.

වෙනත් කොහෙන් දොa අල්ලාගත් තවත් කුඩා මාළුන් කීප දෙනකු, ගැඩවිලුන්, කටුසු පැටවකු, හූනකු මෙන් ම කුඩා තලගොයි පැටවකු ද අල්ලාගෙන කැදැල්ල වෙත මේ පිළිහු`ඩු මාපියන් එන අයුරු, 'නොනගත කුරුලු නැරඹුමේ' දී නිරීéණය කළෙමු.

මේ ලිපිය ලියන අප්‍රේල් 29 වැනි දා වන විට, මේ පයිප්ප කැදැල්ල අසලට ගිය විට ඇතුළින් පිළිහු`ඩු පැටවුන්ගේ හඬ ඇසෙන අතර, තවත් නොබෝ දිනකින් ම මේ පැටවුන්ගේ 'දොරට වැඩුම' සිදු වනු ඇතැයි අපි සැවොම බලාපොරොත්තුවෙන් පසු වන්නෙමු.

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...