මෙවර මේ 'නොනගතය' යෙදී තිබුණේ උදැසන වරුවේ නිසා වෙනත් විශේෂ වැඩක් කරන්නට එපා යෑයි කියවෙන නොනගතය පරිසරයත් සමඟ ගත කරන්නට සිතාගත් මම දියණියත් සමඟ ගෙවත්තට පිළිපන්නෙමි.
අවුරුද්ද ලැබීම සනිටුහන් කරමින් පත්තු කළ රතිඤ්Æ හඬින් බිය පත් වී දොa, වෙන දා ගෙවත්තේ උදැසන සුලබ ව දක්‌නට ලැබෙන කුරුල්ලන් දක්‌නට නො ලැබිණි. අලුත් අවුරුද්දේ පණිවිඩකාරයා ලෙස සැලකෙන කොහාගේ ගීතය ද වෙන දා උදයේ ඇසෙන මුත්, මේ අවුරුදු දා අප ගෙවත්ත අවට සිටි කොහාලාගේ ද ශබ්දයක් නොමැති විය.
අප ගෙවත්තේ දිය බඳුනෙන් දිනපතා නෑමට පුරුදු වී සිටින කොණ්‌ඩ කුරුල්ලන් (Redvented Bulbul) ජෝඩුව මඳ වෙලාවකින් අප ගෙවත්තට පැමිණි අතර, තම ප්‍රියතම වේදිකාව වූ කණුව උඩින් ලැගගත් අළු කොබෙයියා (Spotted Dove) තම උදැසන ගීය ගායනා කරන්නට පටන්ගත්තේ වෙනදාට වඩා පමා වී ය. දොළොස් දෙනකු ගෙන් පමණ සමන්විත නිතඹ-රත් වැහිලිහිණින් (Red-rumped Swallow) රංචුවක් එකිනෙකා පරයා රවුමට පියාඹන්නට වූයේ උදැසන ව්‍යායාමයට මෙනි.
අවුරුදු දා මහා රණ්‌ඩුවකට පැටලුණු හොට පටලවාගත් පොළොස් කොට්‌ටෝරුවන් (Brown-headed Barbet) දෙදෙනකු දෙපසට වූයේ, ගෙවත්තේ කාමරංකා ගසේ පහළට රූටා විත් බිමට වැටෙන්නට ඔන්න මෙන්න තියා ය. දෙන්නා දෙපසට වුවත් යළිත් කොයි මොහොතක හෝ රණ්‌ඩුව පටන්ගැනීමට මෙන් හොටය විවෘත කරගෙන එකිනෙකාට තර්ජනය කරන සෙයක් දිස් විය.
පිළිහු`ඩුවා වැසූ තැන සෙවීමට පාරට ගොස් ඒ අසලින් ගලා යන තරමක් විශාල කාණුව ද හොඳින් නිරීéණය කළත් පිළිහු`ඩුවාගේ වගක් වත් සොයාගැනීමට නොහැකි විය. විනාඩි කීපයකින් අප දෙදෙනා ම තාප්පයේ වූ තරමක් විශාල බටයකින් පිළිහු`ඩුවා මතු වූයේ අප දෙදෙනා ම පුදුමයට පත් කරමිනි. අප දෙදෙනා අතරින් විදුලි වේගයෙන් පියඹා ගිය පිළිහු`ඩුවා, අසල කම්බියේ වසා මහා හඬින් නාද කරන්නට වූයේ අපගේ පැමිණීම කරදරයක් වූ බව දන්වමිනි.
පිළිහු`ඩුවාට ඉඩ දෙමින් අප මඳක් පසුපසට විත් බලා හිඳිද්දී, තවත් සතකු අල්ලාගත් කුරුල්ලා නැවතත් පයිප්පය ඇතුළට ගියේ එතැන පිළිහු`ඩුවාගේ කැදැල්ල ඇති බව නිරාවරණය කරමිනි.
අප මේ පිළිහු`ඩු කැදැල්ල නිරීéණය කළේ අවුරුද්දේ නොනගතය වේලාවේ දී ය. නොනගතයේ දී ආහාර අනුභවයෙන් ද වැළකී සිටිය යුතු නමුත්, මේ පිළිහුඩු මාපියන්ට නම් අවුරුද්දේ වගක් වත් නො තිබුණේ, අවුරුදු චාරිත්‍රවලට වඩා තම පැටවුන් බඩගින්නේ නො තිබීමේ අභිලාෂය නිසාවෙන් මෙනි.
මේ ලිපිය ලියන අප්‍රේල් 29 වැනි දා වන විට, මේ පයිප්ප කැදැල්ල අසලට ගිය විට ඇතුළින් පිළිහු`ඩු පැටවුන්ගේ හඬ ඇසෙන අතර, තවත් නොබෝ දිනකින් ම මේ පැටවුන්ගේ 'දොරට වැඩුම' සිදු වනු ඇතැයි අපි සැවොම බලාපොරොත්තුවෙන් පසු වන්නෙමු.
Comments
Post a Comment