Skip to main content

විස හරණයට ව්‍යායාම

විසහරණය සඳහා අපේ ශරීරයේ පූර්ණ ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වයක් අවශ්‍යයි.
යම් යම් රෝගී තත්ත්ව මුල් කර ගෙන සමහර පුද්ගලයන්ගේ හෘදය වස්තුව අඩුවෙන් ක්‍රියාත්මක වේ. එසේම සමහරුන්ගේ වකුගඩු අඩුවෙනුත්, ඇතැම් පුද්ගලයන්ගේ අක්මාවද අඩුවෙන් ක්‍රියා කරයි.
ස්වසන පද්ධතියේ ක්‍රියාකාරීත්වයටද බාධා පමුණුවයි.  මෙවැනි පුද්ගලයන්ගේ ඉන්ද්‍රිය අඩුවෙන් ක්‍රියා කිරීමෙන් මුළු සිරුරම රෝගවලට ගොදුරු වේ. එයින් මිදීමට විසහරණය අවශ්‍ය වේ.
විසහරණය සිදු කිරීම උදෙසා ව්‍යායාම්වල නිරත වීම වැදගත්ය. ව්‍යායාම්වල නිරත නොවන පුද්ගලයන්ගේ සිරුරේ ඉන්ද්‍රිය අඩාල වීම තව දුරටත් ශීඝ්‍රගාමී වේ.
සාමාන්‍ය පුද්ගලයකු දිනකට විනාඩි 20ක් ඇවිදීම ඉතා සුදුසුයි. ඇවිදීමේ ව්‍යායාමයේදී දෙ අත් ඉහළට පහළට ඔසවා ඇවිදීම තව දුරටත් යෝග්‍යයි. එමෙන්ම සතියකට වතාවක් පිහිණීම විනාඩි 20ක ප්‍රමාණයක්වත් කිරීම සුදුසු වේ. පිහිණීමේදී සාමාන්‍ය ක්‍රමය භාවිත කළ යුතුය.
මුහුණ ජලය යට සුවල්ප වේලාවක් තබා ගැනීම, ස්වසන පද්ධතියට පහසු වන ලෙස ජලය යට සිට හුස්ම ගැනීම සුදුසු ව්‍යායාම ක්‍රමයකි. එතුළින් තම ස්වසනය සඳහා ඔක්සිජන් රඳවා තබා ගැනීම ස්වසන ඉන්ද්‍රිය ශක්තිය වැඩි දියුණු කිරීම සිදුවේ. 
ඔබ දිවීමේ ක්‍රියාවක නිරත වූ අයෙක් නම් එක සැණින්ම දිවීමේ ප්‍රමාණ  වෙනස් කිරීමට නොයන්න. එය ඔබට සුදුසු නොවන අතර , ක්‍රම ක්‍රමයෙන් වේගයෙන් ඇවිදින ගමන් සෙමින් සෙමින් දිවීමත් , දවසකට විනාඩි 05 බැගින් දිනපතා විනාඩියෙන් විනාඩිය දිගු කරමින් ව්‍යායාම්වල නිරත වීම යෝග්‍යයි. කොලෙස්ට්‍රෝල්, තරබාරු පුද්ගලයන්ට ව්‍යායාම්වල නිරත වීම යහපත්ය. ඔවුන්ට ඇවිදීමේ ව්‍යායාම යහපත්ය.
සාමූහික ක්‍රියාකාරකම්වල නිරත වන්නේ නම් පාපන්දු, නෙට්බෝල්, පැසිපන්දු, වැනි ක්‍රීඩාවල පැයක් හෝ දෙකක් නිරත වීම සුදුසුය. වයස් මට්ටමින් සඳහන් කළොත් අවුරුදු 40ත් 50ත් අතර අයට නිවස ඇතුළේ සිට කරන ව්‍යායාම් උදාහරණ ලෙසට අත, පය, විසුරුවා කෙරෙන ව්‍යායාම්  සුදුසුය. එවිට මාංශ පේශීවල රිදුම් සමනය වේ. ස්නායු පද්ධතියේ ඇති ස්නායු ගත රෝගාදිය  අඩු වේ.
අප ව්‍යායම් පටන් ගත යුත්තේ රිද්මයානුකූලව කෙටි කාලයක් ඇතුළතයි. දිගින් දිගටම සිදු කරනවා වෙනුවට දිනකට විනාඩි 45ක් දක්වා එම කාලය වැඩි කර ගත හැකිය.

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...