Skip to main content

අධික ලිංගික ආශාව රෝගයක්ද

කෙනෙකුට ලජ්ජා බය නැතිව සමාජය ඉදිරියේ සිය නිරුවත පෙන්වීමට හැකි නම් හෝ කායික සබඳතා සඳහා ඉදිරිපත් වේ නම් මොවුන් රෝගීන්ය. එනම් මේනියා රෝගයෙන් පෙළෙන බව කිව යුතුවේ.



ඕනෑම කෙනෙක් නව යොවුන් වියට පා තබයි. මෙම වයසට පැමිණි බොහෝ දෙනා තමන් කරන කියන දේ නිවැරදි යයි සිතති. එමෙන්ම තව කෙනෙකුගේ අදහස්, පිළිගැනීමට අකමැතිය. මේ නිසාම අමාරුවේ වැටෙන පිරිස් සිටිති. නව යොවුන් වියේදී බොහෝ දෙනාට ඇතිවන ආශාවන් වැඩිය. මෙම ආශාවන් අතර ලිංගික ආශාවන් ද වැඩි බව පැහැදිලි කරුණකි. මේ නිසා යොවුන් ආදරයට පැට ලෙන පිරිස වැඩිය. එමෙන්ම මෙම ආශාවන් නිසා දැරියන් බොහෝ විට විවිධ ගැටලූ වලට මුහුණ දෙති. එනිසාම මේ ගැන දැනුවත් වීම ඉතාම වැදගත්ය.
දැරියකගේ වයස අවුරුදු 15 යනු හෝමෝන ක‍්‍රියාකාරිත්වයේ වඩාත් අධිකව පිබිදීමක් සිදුවන කාලයයි. මේ කාලයේදී ස්ත‍්‍රී x පුරුෂ දෙපාර්ශවයේම ද්විතියක ලිංගික ලක්ෂණ පහළ වේ. එහෙත් මිනිස් හැගීම් තිබෙන අප එම වයසට පත් වූවා කියා එම හැඟීම් වලට ඉඩ දී ජීවත් වන්නේ නැත. එම හැඟීම් මනසින් පාලනය කර අවශ්‍ය විටක පමණක් සපුරා ගත යුතුවේ. සාමාන්‍යයෙන් ලිංගිකත්වය පිළිබඳ හැඟීම් යටපත් කර ගෙන හිදීම මිනිස් ස්වභාවයයි. එහෙත් සමහරුන්ට ඉතා අඩු වයසෙන් පාලනය කර ගැනීමට අපහසු තරමට අනුරාගී හැ`ගීම් ඇතිවේ. එසේ වන්නේ අධික හෝමෝන ක‍්‍රියාකාරිත්වයක බලපෑම් නිසාය. මෙසේ ඔබේ දුව හෝ පුතා අසාමාන්‍ය ලෙස තම හැඟීම් වලට ඉඩ දී සබඳතා වල පැටලෙන්නේ නම් ඊට දඬුවම් කිරීම නොව වෛද්‍ය උපදෙස් ගත යුතුය. එවැනි දරුවෙකව අන්තරාසර්ඝ ග‍්‍රන්ථි විශේෂඥ වෛද්‍යවරයෙකු පෙන්වීම ඉතාම අවශ්‍යය. (Endocrinologist)
අපගේ ලිංගික හෝමෝන ශ‍්‍රාවය වන්නේ පිටියුටරි ග‍්‍රන්ථිය ආශ‍්‍රිත ප‍්‍රදේශයෙනි. ඒ අනුව පිටියුටරි ග‍්‍රන්ථියේ පිළිකාවක් හෝ ගෙඩියක් හටගත්තොත් එම ග‍්‍රන්ථියෙන් වැඩිපුර හෝමෝන ශ‍්‍රාවය වේ. මේ නිසා ද එවැනි රෝගියෙකුට නොදැනුවත්වම අසාමාන්‍ය ලෙස ලිංගික ආශාවන් ඇතිවේ. එවිට රෝගියා නොදැනුවත්වම ඒ සම්බන්ධ හැසිරීම් පළ කරයි. එනිසා යොවුන් හෝ ඕනෑම වයසක කෙනෙකු අසාමාන්‍ය ලෙස ලිංගික ආශාවන් ගෙන් පෙළේ නම් හෝමෝන පරීක්ෂණයක් (Hormone Profile test) කර බැලීම ඉතාම වැදගත්ය. ඉන් ඉහත සඳහන් රෝගී තත්ත්වයකින් පෙළෙන්නේ දැයි හඳුනා ගත හැකිය.
එහෙත් ඉහත පරීක්ෂණයකින් පසු කෙනෙකුට අධික ලිංගික ආශාවන්ට හේතුව රෝගී තත්ත්වයක් නොවේ නම් එම දැරිය හෝ දරුවා මානසික වෛද්‍යවරෙයකුට පෙන්වීම ඉතාම සුදුසුය.
සාමාන්‍යයෙන් කාන්තාවකට අධික ලිංගික ආශාවන් හා හැසිරීම් ඇති වීමට හේතුව ‘නිම්ෆොමේනියා’ නම් රෝගයයි. පිරිමින්ට අධික ලිංගික ආශාවන් හා හැසිරීම් ඇතිවන්නේ ‘සැටරයිසිස්’ (Satyrisis) නම් රෝගී තත්ත්වය නිසාය.
මෙම අධික ලිංගික ආශාවන් ඇතිවන මානසික රෝග ද තිබේ. ඒ මෙසේය.
මේනියා රෝගය මෙම රෝගය1,2 වශයෙන් අංශ දෙකකින් සඳහන් කළ හැකිය. එනම් විශාදය සහ මේනියා රෝගය ලෙසටය. මේ හැර විශාදය සහ හයිපෝමේනියා තත්ත්වය ලෙසටත් හ`දුන්වයි.
අන්ත රෝග දෙකක් පැවතීම නිසා මෙම මානසික රෝගියා සමහර කාලවලට විශාදයෙන් පෙළේ. එනම් කාලයකට මේනියා ලක්ෂණ පෙන්වයි. නැතහොත් විශාදය සහ හයිපොමේනියා ලක්ෂණ පෙන්වයි.
විශාදය ලක්ෂණ පහළ වන කාලයට රෝගියා නිතර දුකෙන්, කේන්තියෙන්, නොසන්සුන් අයුරින් හැසිරෙයි. නැතහොත් දුක්මුසුව පැත්තකට වී සිටී. ඒ කාලයට ලිංගික ආශාවන් පිළිබඳ ආශාවන් නැත. හයිපොමේනියා තත්ත්වයේදී රෝගියාගෙන් දකින්නේ මීට විරුද්ධ පැත්තය. එනම් අධික සතුටෙන් හැසිරෙන ලිංගික හැසිරීම් ගැන දැඩි සේ උනන්දු වේ. එහෙත් ඒවා පාලනය කර ගැනීමටත් හැකියාව තිබේ.
හයිපෝමේනියා තත්ත්වයට ගොදුරු වූ රෝගියෙකුට රෝහලක නතර කර ප‍්‍රතිකාර ගත යුතු නැත. ඔවුන්ට සාමාන්‍ය ජීවිතයක් ගත කළ හැකිය. මෙම රෝගී තත්ත්වය මේනියා තරමටම වර්ධනය නොවු තත්ත්වයකි.
අද සමාජයේ ඕනෑ තරම් ඉහත සඳහන් මානසික රෝග වලින් පෙළෙන අය සිටිති. ඔවුනට ප‍්‍රතිකාර අවශ්‍ය නැත. එහෙත් ලිංගික ආශාවන් පාලනය කර ගැනීමට නොහැකි තරමට පහළ වුවහොත් පමණක් ඖෂධ ප‍්‍රතිකාර ගත යුතුවේ.
එහෙත් මේනියා තත්ත්වයෙන් පෙළෙන කාන්තාවකට හෝ පිරිමියෙකුට අධික ලිංගික ආශාවන් පහළ වේ. ඔවුන් ඒවා සපුරා ගැනීමට උත්සාහ ගනී. ඉන් විවිධ බරපතළ ගැටලූ පවා ඇතිවන අවස්ථා ඇත. සාමාන්‍යයෙන් පුද්ගලයෙකුට අධිකව ලිංගික ආශාවන් පහල වුවත් එය අවස්ථානුකූලව පාලනය කර ගනි. මේනියා රෝගියාට එසේ හැඟීම් පාලනය කර ගැනීම අපහසුය. ඔවුහු ඕනෑම කෙනෙකු ඉදිරියේ බියක් සැකක් නැතිව ලිංගික හැසිරීමක යෙදීමට සැරසෙති. මෙම රෝග තත්ත්වය ඇති කාන්තාවකට වුවත් එවැනි හැසිරීමකට ලැජ්ජා බය නැතිව ඕනෑම තැනක ඇඳුම් ගැලවීමට පවා ඉදිරිපත් විය හැකිය. එහෙත් මේ අය ගණිකා වෘත්තිකයන් නොවේ. කෙනෙකුට ලජ්ජා බය නැතිව සමාජය ඉදිරියේ සිය නිරුවත පෙන්වීමට හැකි නම් හෝ කායික සබඳතා සඳහා ඉදිරිපත් වේ නම් මොවුන් රෝගීන්ය. එනම් මේනියා රෝගයෙන් පෙළෙන බව කිව යුතුවේ. මෙසේ වන්නේ මේනියා රෝගය නිසා සිය ආශාවන් පාලනය කර ගැනීමට නොහැකි වීමයි. එහෙත් අධික ලිංගික ආශාවන් ඇති එවැනි හැසිරීම් සඳහා ඉදිරිපත් වන සැවොම මේනියා රෝගීන් නොවේ. ඔවුන් තම ආශාවන්ට අනවශ්‍ය ලෙස ලොල් වීමත් මේ සඳහාතවත් එක් ප‍්‍රධාන හේතුවකි. මේ නිසා ඉහත සඳහන් අය ගැන එකහෙළා වැරදි ලෙසට නොපැවසිය යුතුය. ඔවුන් මේ කුමන තත්ත්වයේ අය දැයි පරීක්ෂා කර තේරුම්ගත යුතුවේ

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...