Skip to main content

නිතර ගබ්සාවීමෙන් දරු ඵල අහිමි වෙනවාද



මවක්වීමට බලාපොරොත්තුව සිටින කාන්තාවකට ගර්භිණීබව මහත් ආශිර්වාදයකි. ගැබ්ගත්බව දැනගත් විට එය ආරක්ෂා කර ගැනීමට සෑම කාන්තාවක්ම විශේෂ සැලකිල්ලක් දක්වයි. එහෙත් නොසිතූ ලෙස දරු ගැබ අහිමිවන අවස්ථා තිබේ. ඒ බව කාන්තාවක දැනගන්නේ රුධිර වහනයෙනි. මේ නිසා ගර්භිණියකට රුධිර වහනයක් ඇතිවීම බියට හා ආතතියට පත් කරවන තත්ත්වයක් වේ. එනිසාම ගර්භිණී මුල් සමයේ සිදුවන රුධිර වහනය හා ඉන් ඇතිවිය හැකි ගැටලූ සම්බන්ධව මෙම ලිපියෙන් පැහැදිලි කෙරේ.
ගර්භිණී සමයේ පළමු තෙමස ඇතුළත මවුවරුන්ගෙන් සියයට තිහකට පමණ රුධිර වහනයක් ඇති වේ. එහෙත් ඉන් ගබ්සාවක් වන්නේ අඩක් පමණි. බොහෝ මවුවරුන් මෙම අත්දැකීමට මුහුණ දෙන්නේ ගැබ්ගෙන සති 6-12 අතර කාලයේදීය. මෙවන් ගැටලූවකට මුහුණ දුන් විට හැකි විගස ප‍්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයකුගේ උපදෙස් ලබා ගැනීම වැදගත්ය. ඒ, තමන්ට ගබ්සාවක පෙර නිමිත්තක් දැයි තහවුරු කර ගැනීම සඳහාය.

තද්ධිත ගබ්සාවක්ද?
රුධිරය පහවන කාන්තාවකට යෝනි මාර්ග පරීක්ෂාවක් හා ස්කෑන් පරීක්ෂාවක් සිදු කර ගබ්සාවක් ද, එහි ස්වභාවය කෙසේ දැයි පරීක්ෂා කරනු ලැබේ. රුධිර වහනයකින් දරුවාට අනතුරක් විය හැකිය. එනිසා එය පරික්ෂා කරයි. සාමාන්‍යයෙන් ගර්භාෂයෙන් පිටත ගැබ්ගෙන තිබිය හැකි බැවින් එවැනි තත්ත්වයක් ද යන්නත් පරික්ෂා කරයි. සාමාන්‍යයෙන් ගර්භාෂයෙන් පිටත දරුවකු ජීවත්වීමට හැකියාව තිබෙන අවම ගැබ් කාලය සති 28 ක් ලෙස සලකනු ලැබේ. එහෙත් සති 28 ට පෙර රුධිර වහනයක් සිදු වුවහොත් එය තද්ධිත ගබ්සාවක් (Threatetened miscarreiage) ලෙසට හඳුන්වයි. මෙහිදීද රුධිරය පහ වෙයි. මේ හැර ජානමය හේතු මත ද කලලය ගබ්සා විය හැකිය. එවැනි දෑ බොහෝවිට වළක්වා ගැනීම අපහසු වේ.

ගැබ්ගෙලේ ගැටලූවක්ද?
එසේම කලලය හා එය දරා සිටින පටලවලින් ආවරණය වූ බෑගය හා සම්බන්ධයක් නැති ගැබ්ගෙල ආශ‍්‍රිත ආසාදන, ඉදිමීම්, තුවාල ගැටිති (Polyps) හේතුවෙන්ද, යෝනි මාර්ගයෙන් රුධිරය වහනය විය හැකිය. එයින් දරුවාට බලපෑමක් නැත. මවට අර්ශස් වැනි ගුද මාර්ගයෙන් සිදුවන රුධිර වහනයක් ද යන්නත් හොඳින් බලා නිවැරදි කරගත යුතුය. එසේම ගර්භිණීවීමෙන් පසු මග හැරෙන පළමු මාස් ශුද්ධිය සිදුවීමට නියමිත කාලයේ දී බොහෝ කාන්තාවනට රෝස හෝ දුඹුරු පැහැති රුධිරය ඉතා සුළු ප‍්‍රමාණයක් පහ වේ. එනිසා එම තත්ත්වය දැයි වෛද්‍ය පරීක්ෂාවෙන් දැන ගත හැකිය. එසේම කලලය ගර්භාෂ කුහරයේ තැන්පත්වීම සිදුවන ක‍්‍රියාවලිය හා සම්බන්ධ සිදුවීමකි. එවිට ද සුළු රුධිර වහනයක් සිදු වුවත් කලලයට අනතුරක් නොකරයි.

ගබ්සාවට ප‍්‍රතිකාර තිබෙනවාද?
තද්ධිත ගබ්සාවක් සිදුව ඇත්නම් කලලයේ ඉදිරි වර්ධනය තහවුරු කළ හැක්කේ ඊළඟට එළැඹෙන සති කිහිපය ගතවීමෙන් පසුවය. මෙම කාල සීමාව සඳහා ඔබේ වෛද්‍යවරයා විසින් හෝමෝන ඌනතාවක් හේතුවෙන් රුධිර වහනය සිදුවන්නේ යැයි අනුමාන කොට ‘ප්‍රොජෙස්ටරෝන්’ (Progesterone) හෝමෝන ප‍්‍රතිකාර නියම කරනු ඇත. මෙවැනි තත්ත්වයක දී මව ඇඳ විවේකයෙන් සිටිය යුතුය. එසේම ලිංගික සබඳතාවලින්ද වැළකී සිටීම අවශ්‍යය. මේ හැර ගබ්සාවට මූලික හේතුව ජානමය බලපෑමක් නම් එය කිසිසේත්ම වළක්වා ගැනීමට නොහැකි වනු ඇත. මෙසේ වන්නේ ස්වභාව ධර්මය විසින් අසම්පූර්ණ දරුවකු බිහි කිරීම වැළැක්වීමට ගන්නා ප‍්‍රතිඵලයක් ලෙසටය. ජානමය හේතු නොවන ගබ්සාවෙන් වැළකීමට නම් ගැබ්ගත්බව දැනගත් මුල් අවස්ථාවේදීම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතාම අවශ්‍යය. ඉන් බොහෝදුරට ජානමය නොවන හේතු මත සිදුවන ගබ්සා වළක්වා ගැනීමට පුළුවන. ගර්භිණීත්වය සමග බොහෝවිට ඇතිවෙන වමනය හා ඔක්කාරය ආදී ලක්ෂණ දිගටම පැවතීම එම කලලය තවදුරටත් වර්ධනය වන බවට සාක්ෂියක් වේ.

නැවත නැවත ගබ්සා වුණොත් මොකද කරන්නෙ?
කාන්තාවකට පළමු තෙමස තුළ සිදුවන ගබ්සාවලින් 80% ක් පමණ අසමතුලිත ජාන පිහිටීම නිසා සිදු වේ. කාන්තාවකට නැවත නැවත ගබ්සා සිදු වේ නම් ඊට හේතු විය හැකි කරුණු සොයා බැලීම ජානවල යම්කිසි විකෘතිතාවක් තිබේ දැයි සොයා බැලීමට (Pareutal
Karyotyping) නම් වර්ණදේහ පරික්ෂාවක් සිදු කළ යුතුය. තම ශරීරයේ පටකවලට තම ශරීරය විසින්ම හානි කරන රෝග තත්ත්වයක් තිබේ දැයි සොයා බැලීමට සුවිශේෂී වූ ලේ පරීක්ෂාවක් සිදු කළ යුතුය. නැවත ගබ්සාවීම වළක්වා ගැනීමට සුවිශේෂී ප‍්‍රතිකාර ගර්භිණිතාව තහවුරු කළ වහාම ආරම්භ කිරීමට ඔබේ වෛද්‍යවරයා නිර්දේශ කරනු ඇත. ප‍්‍රතිකාර නිසි ලෙස පිළිපැදීමෙන් එක දිගට ගබ්සා ගණනාවක් සිදු වූ මවුවරුන්ට නියමිත ප‍්‍රතිකාර මගින් දරු සම්පත් ලබා ගත හැකිය. දරුවකු බලාපොරොත්තුව සිටින කාන්තාවකට දියවැඩියාව, තයිරොක්සීන් ඌනතාව වැනි රෝග තත්ත්ව හඳුනා ගැනීමත් ඉතා වැදගත්ය. එවැනි රෝග නිසි ලෙස පාලනය කිරීම මගින් නැවත නැවත ගබ්සාවීම වළක්වා ගත හැකි වේ. කාන්තාවකගේ ගැබ්ගෙල දුර්වලවීමත් විශේෂයෙන් තරමක් වර්ධනය වූ දරුවකු ගබ්සාවීමට හේතු වේ. එසේම ගර්භාෂ කුහරයේ උපතින්ම ඇති වූ අසාමාන්‍යතා ද යම්තාක් දුරට ගබ්සාවකට මුල්විය හැකිය. එනිසා කිහිපවරක් ගබ්සා වුවහොත් ඒ කාන්තාවට ඊට හේතුව සොයා ගත යුතුය. ඒ සඳහා අද බෙහෙවින් නවීන විද්‍යාත්මක ඖෂධ තිබේ. ඉන් එවැනි ගැටලූ වළක්වා සාර්ථකව දරුවකු බිහි කිරීමට මවුවරුන්ට හැකියාව තිබේ. ඒ ගැන මීළඟ ලිපියෙන් පැහැදිලි කර ගනිමු.

Comments

Popular posts from this blog

ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු...

ඔබයි ඖෂධයි - 2 ලිපියෙන් අපි, ඖෂධ නිවසේ දී නිවැරදි ව ගබඩා කරන ආකාරය සහ එහි වැදගත්කම ගැන සාකච්ඡා කළෙමු. අද ලිපියෙන් අපි, ඖෂධ භාවිතයට පෙර සහ ඖෂධ භාවිතයේ දී සැලකිය යුතු කරුණු පිළිබඳ විස්‌තර කිරීමට බලාපොරොත්තු වන්නෙමු. මේ ලිපියෙහි ප්‍රධාන අරමුණු වන්නේ, 1. නොසැලකිලිමත්කම නිසා සිදු වන ඖෂධ සම්බන්ධ අනතුරු ප්‍රමාණය අවම කිරීම. 2. භාවිත කරන ඖෂධයේ අපේක්ෂිත සාන්ද්‍රණය ම ලබාගැනීමට දැනුවත් කිරීම. 3. භාවිතයට නුසුදුසු ඖෂධ හඳුනාගැනීමට මාර්ගෝපදේශනයක්‌ ලබා දීම. 4. කුඩා දරුවන්ට ඖෂධ ලබා දීමේ දී වඩා සැලකිලිමත් වීමට මහජනයා පෙලඹවීමයි. ඖෂධ යනු මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ හෝ රෝග, අසාමාන්‍ය කායික තත්ත්ව හෝ ඒවායේ ලක්ෂණ විනිශ්චය කිරීම, ඒවාට ප්‍රතිකාර කිරීම, ඒවා හීන කිරීම හෝ වැළැක්‌වීම සහ මනුෂ්‍යයකුගේ හෝ සතකුගේ ඵෙන්ද්‍රීය ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම, නිවැරැදි කිරීම හෝ වෙනස්‌ කිරීම සඳහා භාවිත කරන ද්‍රව්‍යයක්‌ හෝ ද්‍රව්‍යයවල සම්මිශ්‍රණයක්‌ බව අපි දැන් දනිමු. එසේ ම මේ ඖෂධ, පැළෑටි සාරයෙන්, ජෛව විද්‍යාත්මක ක්‍රම තුළින්, රසායනික ක්‍රියාවලි මඟින් හෝ වෙනත් ජීවී පටකවලින් නිස්‌සාරණය කිරීම මඟින් නිෂ්පාදනය කරනු ලබන බවත්,...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්...

රේඩියෝ සිලෝන් එකෙන් ගුවන් විදුලියට ගමනක්... f Share   * හඬ නළුව සමග නිහඬව ගෙවුන අඩ සියවසක්...     සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් ලෙස 1969 මාර්තු මාසයේ සැන්දෑවක ගුවන් විදුලි සංස්ථාවේ මැදිරියක පටිගත කෙරුණ සැන්දෑ සාදය මට සිහිපත් කළ හැක. මගේ මුල්ම ගුවන් විදුලි නාට්‍ය රචනයය. ඊට පෙර මා රඟමඬල සඳහා යටත් පිරිසෙයින් එක පිටපතක් වත් ලියා තිබුණ බවට කුකුසක් මගේ සිතෙහි නලියන නමුත් එය මතකයෙන් මතු කර ගැනීම අපහසුය. සැන්දෑ සාදය සමාහිත වූ සැන්දෑව සිහිපත් වීමට ද හේතු වන්නේ පෞද්ගලික කරුණක. ඒ හැරත් එදා එය පටිගත කෙරෙමින් තිබියදී සුගත් ගේ මෙන්ම මගේත් මිතුරන් වූ සිරිල් බී. පෙරේරා සහ ජී. ඩබ්. සුරේන්‍ද්‍ර දෙදෙනා අනපේක්‍ෂිත පරිදි මැදිරියට කඩා වැදුනහ. අපේ කට්ටියේ පතාකයන් වූ ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කළ අපි බොහෝ දෙනා එවකට බි‍්‍රතාන්‍යයේ මතු වී තිබුණු Angry Youngmen” සාහිත්‍ය රැල්ල. කොලින් විල්සන් නම් ලේඛකයාගේ'The Outsider"  කෘතියෙන් ඉදිරිපත් කෙරුණු පිටස්තරයා පිළිබඳ මතවාද සහ අස්තික්ව වාදය කෙරෙහි ද විශේෂ උනන්දුවක් දැක්වීමු. එමෙන්ම ලෝක සාහිත්‍යයෙහි සුවිශේෂ කෘතීන් කියවා රස විඳීමේ නොතිත්ත ආ...

හදවත ලෙඩ නම් ඔලුව අවුල්

හදවත ලෙඩ නම් ඔලුව අවුල්   13 සැත්තැම්බර් 2019 07:37 am   378 Views  Facebook    Twitter    Google+ හදවත් රෝග පසුකාලීනව මානසික සෞඛ්‍ය කෙරෙහි දීර්ඝකාලීනව බලපෑම් කරන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී ඇත. ‘ඇමෙරිකන් කොලේජ් ඔෆ් කාඩියෝලොජි’ ජර්නලයේ නව සොයාගැනීම් සහිත එම අධ්‍යයනයේ ප්‍රතිඵල පළ කර තිබේ. හදවත් රෝග සහ ඒවාට කෙරෙන ප්‍රතිකාර හේතුවෙන් පසුකාලීනව වාචික මතකය එසේත් නැතිනම් වචන මතක තබාගැනීමට ඇති හැකියාව සහ කාලය, පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳ අවබෝධය සහ මතකය අඩුවන බව මෙම අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. “මොළය සහ හදවත එකට ක්‍රියාත්මක වන ආකාරය අපට හොඳින් පෙනි ගියා. මෙම අධ්‍යයනයේදී මොළය සහ හදවත එකට ක්‍රියා කරන ආකාරය ගැන කරුණු ගොඩක් අනාවරණය වෙලා තියෙනවා” යැයි ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි පර්යේෂණ අධ්‍යක්ෂ සහ එම මොළයේ සහ ඒ සම්බන්ධ ස්නායු වෛද්‍ය ආචාර්ය නීලම් ටී. අග්‍රවාල් සඳහන් කළාය. ඇය ‘රෂ් හාට් සෙන්ටර් ෆෝ වුමෙන්’ හි හෘදය සහ මනස සම්බන්ධ ස්නායු වෛද්‍යවරියක් ලෙස ද කටයුතු කරන්නීය. කෙසේ නමුත් ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ වී නැත. මෙම අධ්‍යයනය කර ඇත්තේ ඇමෙරිකා එක්...